Wednesday, July 23, 2014

මනුස්සකම

මේ දවස් වල කියාගන්න බෑ ඉන්න තැන වෙන දෙයක් ගැන කියන්න ඕනේ කියල හිතුනා. හොස්ටල් කියල කියනකොට මොකක්ද මතක් වෙන්නේ? ලංකාවේ නම් ඉතින් සාඩින් ටින් එකක වගේ එක රොත්තට එකම බිල්ඩින් එකක ඉන්න කට්ටියක්නේ. ගොඩක් වෙලාවට අවම පහසුකම් තමයි ඉතින් තියෙන්නේ. ඔහොම ඉන්නකොට එක්කෙනෙක්ට හෙම්බෙරිස්සාව හැදුනොත් ඇති ඉතින් දෙයියනේ කියලා ඔක්කොටම හැදිලා තමයි සනීප වෙන්නේ. ඔව්වා ඉතින් සාමාන්‍ය දේවල්නේ. මොකෝ හෙම්බිරිස්සාවක් හදුන්නති කෙනෙක් හොයාගන්න බෑ නේ බෙහෙතකටවත්. 

මට කියන්න ඕනේ හෙම්බිරිස්සාව ගැන නෙමෙයි. මේ ලඟදි මෙහෙ ළමයි ටික දෙනෙක්ට රෑෂ් එකක් ආවා හමේ. ඉතින් ඕකට එයාලා බෙහෙත් ගත්තා. කියාගන්න බෑ ඉන්න ෆ්ලෝ එකේ ළමයි ටිකක් විතර අනිත් අයගෙන් වෙනස් කියල තමයි කියන්නේ හැමෝම වගේ. වෙන එකක් නෙමෙයි එයාලා ආත්මාර්ථකාමී ලු. බැච් එකේ ඉන්න පෝසත්ම සෙට් එක ඉන්නේ මේ ෆ්ලෝ එකේ කියල වෙනම නාමෙකුත් තියෙනවා. ඉතින් ඔය ගැන ගොඩක් දේවල් අනිත් අය මාත් එක්ක කියනවා ඇත්තටම මන් වරදීමකින්ද කොහෙදලු මේ ෆ්ලෝ එකට වැටුනේ . මන් කියල මොනා කරන්නද. ඉතින් මේ ෆ්ලෝ එකේ ළමයි අර ළමයින් ඉන්න පැත්තකින් වත් යන්නේ නෑ. ඔන්න ඕකයි තත්වේ.

දවසක් අර රෑෂ් එක හදුනා ළමයෙක් ආවා මාව හම්බවෙන්න. කියාස් පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ? 

අයියෝ පුළුවන් එන්න මගේ කාමරේට 

නෑ අනේ ඔයාගේ රූමා කැමති වෙන එකක් නෑ අපි යමු එලියට 

ඔන්න ඉතින් අපි එලියට ආවා. 

කෝ ඉතින් කියමුකෝ බලන්න.

මෙන්න මේ කෙල්ලගේ ඇස් වල කඳුළු 

ඇයි මේ අඩන්නේ?

මට කියන්න කෙනෙක් නෑ කියාස් ඔයා මේ අල්ලාගෙන ඉන්න මගේ අතෙත් රෑෂ් එක තියෙනවා.

ඔව් ඉතින් ...?

ඇයි ඔයා අත අතාරින්නෙ නැත්තේ කියල මන් අහන්නේ නෑ ඒත් .... ඔයාලගේ ෆ්ලෝ එකේ ළමයි මට කරන වෙනස්කම් මට දරාගන්න බෑ කියාස්... මන් දන්නවා ඔයා වෙනස් කියල... ඇයි මට මෙහෙම කරන්නේ? මට ලාදුරු හැදිලා වගේනේ එයාලා මාව දැක්කත් අහකබලා ගන්නේ? අද මන් වොෂ් රූම් එකට මුණ හෝදන්න ගියාම හැමෝම ඈත් උනා.... මට එතනම මැරෙන්න හිතුනා කියාස්..... 

ඇය අඩන්නට විය.. 

ඇත්තටම උනේ ඕකයි............

මාත් එදා රෑ ඕක ගැන හිතුවා. ඇයි ඇත්තටම මෙයාලටත් ඕක හැදුනොත් මොකද වෙන්නේ කියල හිතන්න බැරි? ප්‍රවේසම් වෙන්න ඕනේ තමයි එත් එහෙම කෙනෙක්ව කොන් කරන එක සාධාරණද? මනුස්සකම කියල මුන් හැමතිස්සෙම කතා කරන වචන වල තේරුම කෝ? 




18 comments:

  1. මං දන්න විදියට මේක බෝවෙන රෝගයක් නෙමෙයි....මොකද මගෙ ඔෆිස් එකට අල්ලපු ඔෆිස් එකේ හිටිය මගෙ යාළුවෙකුටත් මුළු ඇග පුරාම රෑෂ් හැදිල තිබුණා..ඒත් මම උෘ හම්බෙන හැම වෙලාවකම උගෙ අතින් අල්ලලා අහනව දැන් කොහොමද සනීපද කියල....ඒක හැදෙනවනම් මටත් හැදෙන්න එපැයි.......

    ReplyDelete
    Replies
    1. මේක හැදෙන්නේ නම් පණුවෙක් නිසාලු ........ අනේමන්දා ඉතින් මොකෙන් කොහොම හැදුනත් .... එයාව මානසිකව වට්ටන එක හොඳ නෑ නේ

      Delete
  2. ගෑනු විතරයි ඔහොම.. කොල්ලෝ නම් අනිත් එකාට ඒඩ්ස් තිබුනත් වෙනද වගේ බොක්කෙන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙන්න ඇති මටනම් දැන් කෙල්ලෝ එපා වෙලා තියෙන්නේ

      Delete
    2. //ගෑනු විතරයි ඔහොම// ඒක නම් කුජිත කියමනක් ළමයා ඔහෝම විකාර ස්වරුපයේ පිරිමිත් ඉන්නවා.

      Delete
    3. //ගෑනු විතරයි ඔහොම// ඒක නම් කුජිත කියමනක් ළමයා ඔහෝම විකාර ස්වරුපයේ පිරිමිත් ඉන්නවා

      හෑ කොමේ වර්ණ ...............

      Delete
  3. කොල්ලො අතර ඔය ප්‍රශ්න නෑ බං...
    කෙල්ලො කියන්නෙ කොහොමත් එක ජාතියක සත්තු ජාතියක්නෙව..
    සමහර උං හිතං ඉන්නෙ පිටසක්කතිං බැස්ස කියල...
    ඔය ලේඩිස් කොලේජ් වලට යනඋං ඉන්නව නේද...
    උං නං පිටසක්කලං මයි බැහැල තියෙන්නෙ...

    අර ළමයින්ට හිත හැදෙන්න දෙයක් කියල උංගෙ හිත හදන එකම ඇති

    ReplyDelete
    Replies
    1. මමත් ගියේ ලේඩිස් කොලේජ් එකකට තමයි
      කෙනෙක්ගේ ස්වභාවය ගැන ගිය ඉස්කොලෙටම චෝදනා කරන්න බෑ නේ ද?
      මන් දන්නේ නෑ මොකක් හින්දා තව කෙනෙක් ගැන මෙහෙම හිතන්න පුළුවන් වෙන්නේ කොහොමද කියල
      දැන් නම් කලකිරෙනවා

      Delete
  4. කියාස් පෙන්නලා දෙන පැත්තට අමතරව මෙහෙමත් පැත්තක් තියෙනවා.

    දැන් අපි වැඩ කරන රටේ ළමයි එච්චර ලෙඩ රෝග ගනං ගන්නේ නෑ. හෙම්බිරිස්සාවක් හැදුනොත් ඕක හැම තැනම ගානවා. නහය පිහින්නෙත් අත පුරාම. බලා ඉන්න කැතයි. ඔව් පුදුමවෙන්න දෙයක් නෑ. හවසක් ඇතුලට වටේ ඉන්න ඔක්කොටම හැදිලා. ඊට පස්සෙ අර මුලින්ම හැදිච්ච, රෝග වාහකයාට සනීප වෙලා දවස් දෙක තුනකින් ආයෙම එයාට හැදෙනවා එයාගෙන් රෝගේ ලබාගත්ත වාහකයන්ගෙන්.

    ස්ටාෆ් එකෙත් ඒ වගේ. එක්කෙනුකුට හැදුනාම ඔක්කොම වගේ ලෙඩ වෙනවා මොකද ගෙදර ඉන්නේ නෑ වැඩට එන නිසා. ඉස්පිරිතාලේ ගියත් ලෝකල් එවුන් ගෙවනවා වගේ දෙගුණයක්ද තුන්ගුණයක්ද අපෙන් අය කරනවා consultation වලට විතරක්. ඉතින් මෙඩිකල් එකක් ගන්න ඉස්පිරිතාලේ යන්නම ඕනේ. දවස් දෙකයි මෙඩිකල් නැතුව ඇබ්සන්ට් වෙන්න පුලුවන්. ඉතින් හැමතිස්සෙම කවුරුහරි ලෙඩින්.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තත් ඇත්ත ඒත් මන් මේ කියන්න හැදුවේ එහෙම උන කෙනෙක්ව පැත්තකට දාන එක හරිද ?

      Delete
  5. මන්දා, මෙහේ නම් මම දන්න තරමින් ඔය දේවල් ගැන එච්චර හිතන මිනිස්සු නෑ.. මොකද මේ අය ලෙඩ ගැනයි ඒකේ ප්‍රතිකාර ගැනයි දන්න හන්දා..

    ReplyDelete
    Replies
    1. මෙහෙනම් ඉතින් ඔය ලෙඩේ ගැනයි ඒකෙ ප්‍රතිකාර ගැනයි දන්නා අය ගොඩාක් අඩුයි. වෙලාවකට එක එක ලෙඩ ගැන දරන මත ගැන ඇහුවාම හිනා යන්නත් එනවා. කරන්න දෙයක් නෑ ඉතින් කට වහන් ඉන්නේ බහුතරයක් ඒ මතේම ඉන්න නිසා. හරි දේ කියන්න ගිහින් හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා මන්

      Delete
  6. අනෙ මන්ද ඔකෙ දෙපැත්තක්ම තියෙනව නේ.මොනව කලත් අනිකගෙ මානසිකත්වය ගැන බලන්නම ඔන.පිරිමි අතින් නම් ඔහෙම වෙනව අඩුයි.අපිත් හොස්ටල් හිටියනෙ.පුලුවන්තරම් උදවුකලා මිසක් .

    ReplyDelete
    Replies
    1. මෙහෙ වෙන දේවල් වලටනම් කලකිරෙනවා. සමහරක් අය ආපු පළාත බලලා තමන්ගේ පළාතේ විතරයි නම් තමයි ඉතින් කතාබහ කරන්නෙත්.

      Delete
    2. //සමහරක් අය ආපු පළාත බලලා තමන්ගේ පළාතේ විතරයි නම් තමයි ඉතින් කතාබහ කරන්නෙත්.//
      ඔක අධ්‍යාපනෙ ලබන අය ඉන්න තැනක්ද නැත්තම් පරිවාසෙක තැනක්ද

      Delete
    3. අධ්‍යාපනේ ලබාගන්න තැනක්

      Delete
  7. hmm.....eyage paththenuth tikak hithanna ona yaluwo....

    ReplyDelete
    Replies
    1. මේ ළඟදී අපේ සර් කෙනෙක් ඕකට හොඳ කතාවක් කිව්වා අපේ සීනියර් කෙනෙක්ට." ඔයාලා මෙයාලට හරියට රැග් කරපු නැති එකේ විපාක තමයි ඔය "

      Delete