Thursday, May 27, 2021

අධ්‍යාත්මික සුවය 03

 අන්තිමට අද මං කියන්න එන්නේ අධ්‍යාත්මික සුවය ඇත්තටම හම්බුන පොකට්  සිදුවීම ගැන.. 


මෙහෙමයි ඒ දවස උනේ.... කියාස් ජොබ් එකට අමතරව ආරාධිත දේශන වගේ දේවල් වලට යනවා. ලොකුවට හිතන්න එපා කියාස් කියන්නේ හරිම පොඩි මනුස්සයෙක්. ඉතින් දවසක් ඔහොම වැඩසටහනක් මහරගම තිබුනා ඉතින් එදා හාෆ් දේ එකකුත් දාලා පිටකොටුවට ගිහින් මහරගම යන්න තමයි කියාස් ගේ ප්ලෑන් එක තිබුනේ. මොකද කියාස්ට වාහනයක් නැහැ දෙයියනේ කියල පරක්කු වෙලා යන්නත් බැහැ ඒ නිසා වෙලාවටම නැතුව  වෙලාවට කලින් යන්නම වෙනවා දන්නවනේ පොදු ප්‍රවාහන සේවය. 


ඔන්න ඉතින් ප්ලෑන් එක ක්‍රියාත්මක කරලා මහරගම යන බස් එකක් අල්ලගන්න කොටුවට ආවා. ඇවිත් නැග්ගා බස් එකට. ඉතින් ඒ එක්කම බස් එක යන්න පටන් ගත්ත නිසා කියාස්ගේ තඩි බෑග්  දෙකත් එක්ක ලඟම ශීට් එකක ඒ කියන්නේ පිටිපස්සෙම ශීට් එකේ වාඩි උනා. ඔන්න ඉතින් බෑග් දෙකත් ස්ථානගත කරගෙන හරි බරි ගැහිලා වාඩි වෙලා එහා පැත්ත නිකමට බැලුවා. අහ්..! වොලට් එකක්! 


ඒක අතට ගත්තා විතරයි තව මිනිස්සු දෙන්නෙක් බස් එකට නැගලා මං ලඟින් වාඩි උනා. ඉතින් කොහේ බලන්නද කාගේද කින්ද මන්ද කියල. කරන්න දෙයක් නැහැ එහෙම්මම බෑග් එකට දාගත්තා නැත්නම් ඕක බලන්න ගිහින් මට ප්‍රශ්නයක් දාගන්නත් බෑනේ. ඉතින් මහරගමින් බැහැලා අදාළ තැනට යනකොට මගේ දේශනේ පටන්ගන්න පැය බාගයක් විතර තිබුනා ඉතින් අදාළ කළමනා ඉක්මනට ස්ටෑන්ඩ්බයි තියලා කෑම එක කන එක පැත්තකින් තියලා ගත්තා වොලට් එක අතට. 


ඔන්න ඉතින් මිෂන් එක පටන් ගත්තා මොනවද තියෙන්නේ කියල බලන්න . හරිනේ ඉතින් ඔන්න තියෙනවා ෆැමිලි ෆොටෝ එකක් දුවයි, අම්මයි, තාත්තයි... මන් හිතන්නේ මේ ඒ තාත්තගේ තමයි වොලට් එක. තව බැලුවා මොකක් හරි ෆෝන් නම්බර් එකක් තියෙනවද කියල එතකොට ඉක්මනට බාර දෙන්න පුළුවන්නේ. ඒ අතරේදී හම්බවෙනවා සර්විස් අයිඩී එක. ශ්‍රී ලංකා යුධ හමුදාව. මේ මනුස්සයා ආමි එකේ WO I කෙනෙක් කියන්නකෝ ඉතින්. ෂුවර් එකට මොකක් හරි උවමනාවකට කෑම්ප් එකෙන් පාස් එකක් ඇවිත් එහෙම නැත්නම්  නිවාඩුවට ගෙදර යන්න එක්කෝ ගෙදර ඉඳන් කෑම්ප් එකට යන්න. ඔන්න ඔය ටික තමයි. ඉතින් ඒ අතරේ තිබීල ඉන්දියන් රුපියල් 10ක්, බෑන්ක් ස්ලිප් එකක්, රුපියල් දෙදාහක් එක්ක ඔන්න හම්බුනා පාස් එක! 


හරි දැන් වැඩේ ගොඩ දාගන්න ක්‍රමයක් හම්බුනා මොකක්ද්ද කෑම්ප් එක බැලින්නම්  SO II ගේ සීල් එක තියෙනවා දෙයියනේ කියල පැහැදිලිව යුධ අභ්‍යාස පුහුණු පාසල, ත්‍රිකුණාමලය. හප්පටසිරි මේ මනුස්සයා 1800 පැයට ට්‍රින්කෝ යන්නත් ඕනේ කාලා වරෙන්කො. දඩස් ගාලා ගත්තා මගේ බැජියෙක් ට කෝල් එකක් මොකද එතකොට කියාස් ඩිරෙක්ටරිය උස්සගෙන ඇවිත් නැහැ. ඉතින් එහෙම හොයාගත්ත නම්බර් එකෙන්  ට්‍රේනින්ග් ස්කූල් එකට ගත්තා කෝල් එකක්. 


" ගුඩ් ආෆ්ටර්නුන් ... මං --------- (කියාස්ගේ නම එක්ක නිලය කිව්වා) කතා කරන්නේ "

"ගුඩ් ආෆ්ටර්නුන් මෑම් ..."

" මට දැනගන්න ඕනේ මෙහෙම නමක් තියෙන WO I කෙනෙක් ඉන්නවද කියල...?"

"පොඩ්ඩක් ඉන්න මෑම්... "

" හරි..." 


විනාඩියක් ඉන්න උනා 


" ඔව් මැඩම් ඉන්නවා හැබැයි මේ වෙලාවේ කෑම්ප් එකේ නැහැ..."

" හරි මට එයාව කන්ටැක්ට් කරලා දෙන්න... එයාගේ වොලට්  එක කොළඹදී මට හම්බවෙලා තියෙනවා..."

"අහ් .. හරි මෑම්... මට මෑම් ගේ නම්බර් එක කියන්න මම කන්ටැක්ට් කරලා දෙන්නම්..."

" 0781251255..."


ඔන්න ඉතින් සංවාදේ ඔහොම ඉවර උනා... එහෙම වෙලා විනාඩි 3ක් 4ක් ගියේ නැහැ මෙන්න එනවා කෝල් එකක් 


" ගුඩ් ආෆ්ටර්නුන් මැඩම් මම අහවලා කතා කරන්නේ... "


හරි ඔන්න වොලට් එකේ අයිතිකාරයා කතා කරනවා.... 


"ගුඩ් ආෆ්ටර්නුන්... මට කියන්න දැන් කොහෙද ඉන්නේ...?

"මම මැඩම් කොටුව පොලිසියේ ඉන්නේ... එන්ට්රි එකක් දාන්න ආව ගමන්... පොලිසියෙන් කිව්වා පොඩ්ඩක් බලන්න සමහරක්විට පොලිසියට ගෙනල්ලා බාරදෙන වෙලාවලුත් තියෙනවා කියල.... ඉතින් එහෙම ඉන්නකොට තමයි කෑම්ප් එකෙන් කතා කරලා කිව්වේ මැඩම් කතා කළා කියල..."


"මම දැන් ඉන්නේ නම් මහරගම... හදිසි වැඩකට එනගමන් හිටපු නිසා පර්ස් එක පොලිසියට භාරදෙන්න එන්න වෙලාවක් තිබුනේ නැහැ... අතේ සල්ලි තියෙනවද?"


" ඔව් මැඩම්... රුපියල් 100ක් තියෙනවා."


" හරි.. එහෙනම් ඔතනින් 138ක නැගලා තරුණ සේවා සභාව ළඟින් බහින්න මං ගේට් එකට පණිවිඩේ කියල තියන්නම් එහෙනම් ඇවිත් කෝල් කරන්න..."


" හරි මැඩම්.."


ඔන්න ඉතින් ඒ දුරකථන සංවාදේ එහෙමයි උනේ. ඊට පස්සේ මං වැඩසටහන කරගන යනකොට ටික වෙලාවකින් මට කෝල් එකක් එනවා. ඒ කියන්නේ ඇවිත් කියන එක. මං ආන්සර් කරලා එන්න ඕනේ තැන කියල. වැඩසටහනේ අයට පොඩි වැඩකුත් දීලම එලියට ආවා. 


"තැන හොයාගන්න පුළුවන් උනා නේද...? ප්‍රශ්නයක් නෑ නේ? "

" නැහැ මැඩම්...."

" මෙන්න වොලට් එක... අදනම් 1800 පැයට කෑම්ප් එකට යන්න බැරි වෙයි... මාත් හදිස්සියෙන් ආපු ගමනක් නිසයි එහෙන් මේක පොලිසියට දෙන්න උනේ නැත්තේ "

" අනේ එහෙම නැහැ මැඩම්... ලොකු උදව්වක් කලේ.. එක අතකට පොලිසියට දෙන්නේ නැතුව මැඩම් තියාගත්ත එක හොඳයි නැත්නම් අදම ගන්න වෙන්නෙත් නැහැ... පරක්කු උනාට නම් අද ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මැඩම් කෙලින්ම කෑම්ප් එකටනේ කතා කරලා තිබුනේ.. "

" හරි හරි... බලන්න ඔකේ තිබුන දේවල් තියෙනවද කියල...."

මනුස්සයා වොලට් එක ඇරලා බැලුවේ සල්ලි නෙමෙයි එකම දෙයයි සේවා හැඳුනුම්පත... ( දන්නෝ දනිති ඕක නැති උනාම කන්න ඕනේ කට්ට) 


" අනිත් ටිකත් ඔහොම්මම බලන්න මං බලනකොට සල්ලි වලින් රුපියල් දෙදාහක් තිබුනේ...."

" ඒවා ඔක්කොම හරි මැඩම්... මට මේක තිබ්බාම ඇති... ගොඩක් පිං මැඩම්"

"හරි එහෙනම් පරිස්සමෙන් යන්න.. මාත් යනවා මං මේ අතරමගින් ආවේ... "


එහෙමයි ඒ සිදුවීම උනේ... මගේ අතට වොලට් එක ඇවිත් පැය එකහමාරක් විතර ඇතුලත මට පුළුවන් උනා අයිතිකාරයට ඒ දේ ලැබෙන්න සලස්වන්න. ඇත්තම කිව්වොත් මං වීරකමක් කළා කියනවා නෙමෙයි. තමන්ගේ දෙයක් නැති උනාම හිතට කොච්චර ගින්දරක්ද කියන එක තමන් අත් විඳලම තියෙන්න ඕනේ.. අර මනුස්සයට ඔය ඔක්කොම නැතුව කෑම්ප් එකට යන්න උනා නම් ඔලුව කොච්චර අවුල් වෙනවද? අනික රුපියල් 100ක් එක්ක කොහේ යන්නද ? එහෙමත් ගියා කියමුකෝ සේවා හැඳුනුම්පත ආයේ හදාගන්න අපි සිවිල් හැඳුනුම්පතක් හදාගන්නවා වගේ නෙමෙයි ඊට වැඩිය කට්ටක් කන්න ඕනේ. ඕවා ඔක්කොම කරගෙන ඉවරවෙනකොට වොලට් එකේ තිබුන ටික තැපෑලෙන් යවල වැඩක් නැහැ. මොකද ඒ සිද්දියෙන් ඒ මනුස්සයා විඳින්න ඕනේ උපරිම පීඩනේ විඳලා ඉවරයි...! 


මටත් තිබුනා නිවිහැනහිල්ලේ ගෙදරම ගිහින් ඕක බලන්න... මන් එදා කන්න තිබුන වෙලාව පැත්තකට දාලා මේ වැඩේට බැස්සේ... කවුරු හරි කියන්න තියෙනවා ඔච්චර ඕනේ නැහැනේ බස් එකෙන් බැහැලා පොලිසියට දීලා ආවනම් වැඩේ ඉවරනේ කියල.. මට එහෙම හිතුනට මට වෙලාව එක්ක බැලුවාම පොඩි අවුලක් තිබ්බා මගේ වැඩේට යා ගන්න බැරි උනොත් එතන මං ලොස් වෙනවා එකයි තැනට ගිහින් වෙලාව ඉතුරු කරගත්තේ... 


අනික මටත් තිබුනා වොලට් එකේ තිබුන දේවල් ටික ලස්සනට ෆොටෝ ගහලා මගේ ෆේස් බුක් එකවුන්ට් එකෙන් විස්තරෙත් එක්ක අප්ලෝඩ් කරන්න... අනේ මෙයා මේක දකිනකම් ශෙයා කරන්න කියලා. සමහරක් විට ඕක මාස ගණන් ශෙයා වෙනවා... එතකොට මොකක්ද්ද එකේ තේරුම... මට ඇත්තටම හිතාගන බැහැ ඇයි මිනිස්සු එහෙම කරන්නේ කියල. ගොඩක් දුරට වොලට් එකක් හම්බුනාම අදාළ පුද්ගලයාව හදුනාගන්න පුළුවන් දෙයක් (දුරකථන අංකයක්, සේවා හැඳුනුම්පතක්,ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය...) තියෙනවාමයි... ඉතින් ඕක ෆේස් බුක් එකේ දැම්මට කමක් නැහැ කියමුකෝ... ඒත් එහෙම නවතින්නේ නැතුව තමන්ට පුළුවන් ප්‍රමාණෙන් වැඩේ තව ටිකක් ඉක්මන් කරන්න... ඕක තමන්ට උනා නම් අපි බලන් ඉන්නවනේද කොයි වෙලාවේ හරි පණිවිඩයක් එනකම්... ? අන්න ඒ වගේ බලන්න දුරකථන අංකයක් තියෙනවනම් කෝල් කරලා ඕනෙනම් රුපියල් 10කට අඩු ගානක් යයි.. නැත්නම් සේවා හැඳුනුම්පත බලන්න... ඒකෙ දුරකථන අංකයක් නැත්නම් සර්ච් කරලා බලන්න නෙට් එකේ අදාළ ආයතනය සම්බන්ධ කරගන්න... අපිට බැරි නැහැ... කොච්චර වැඩකට නැති දේවල් කරන්න අපි සල්ලි දහස් ගානින් වියදම් කරලා ඇති නේද ඉතින් මේ වගේ දේකට අනුන්ගේ දේකට අපි මොකටද නාහිනවද කියන එකෙන් ඉන්නේ නැතුව ටිකක් මහන්සි වෙන්න. කෙනෙක්ගේ ඔලුවේ තියෙන බරක් ඉක්මනටම අඩු කරලා දෙන්න.. 


ඔය කොහොම වත් දුරකථන මාර්ගෙන් සම්බන්ධ කරගන්න බැරි උනොත්... ලියන්න ලියුමක්... වොලට් එක හම්බුනා අනන්‍යතාවය තහවුරු කරලා වොලට් එකේ තිබුන දේවල් තහරුවූ කරලා ගන්න මේ අංකයට කතා කරන්න කියලා... මන් කියන්නේ දුරකථන අංකය දාන්න කියල... එකත් තමන්ගේ අංකය නැතුව තමන්ගේ සේෆ්ටිය සඳහා තමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් අංකයක් දෙන්න පුළුවන්. කොයි වෙලාවකවත් පෞද්ගලික ලිපිනය දාන්න එපා... එකයි කෙලින්ම දුරකථන අංකයක් දෙන්න කිව්වේ... එන්න ඕනේ තැන පොදු ස්ථානයකට එන්න කියල යාලුවෙක් එක්ක ගිහින් අදාළ පුද්ගලයට ඒ දේ දෙන්න.... ඉස්සල්ලම හොඳට මතක තියාගන්න තමන්ගේ සේෆ්ටිය තමන් බලන්න ඕනේ... 


මට තියන්න ඕනේ උනේ එහෙම තමන්ගේ දෙයක් නැති උන කෙනෙක්ගේ හිතකට ඉක්මනට සහනයක් ගේන්න පුළුවන් නම් අපිට ඇත්තටම ඒක කරන්න තමන් ගැනත් හිතන්න. එතනදී මන් මෙච්චර දවසක් මන් කියාගන්න දඟලපු අධ්‍යාත්මික සුවය හම්බවෙනවා.... 






No comments:

Post a Comment