වායුසමීකරණයෙන් එන සීතල අද වැඩි වී ඇත්දැයි ඇයට
සිතුනි ... මෙතෙක් වෙලා මේසය මත තබාගෙන සිටි අත ඇය දෙසට ගන්නට සිතුවේ කාමරය පුරා
විහිදී තිබුණු සීතලන් මිදීමට අත් දුහුල්
සාරි පොටින් මදක් වැසී ගිය පපුවට ලං කරගැනීමට මෙනි... මදක් එසවුණු අත මේසය මතටම
නැවත තැබූනේ ඔහුගේ අත ඒ මතින් තැබූ නිසාවෙන්ය...
ඇයි නංගී අපිට ලං වෙලා ඉන්න බැරි....?
අයියේ අත ගන්න ඔෆිස් එකේ කව්රුහරි දැක්කොත් අයියට
හරි නෑ නේ ...
ඇයි මන් ඩිරෙක්ට නිසාද? ඔයත් මෙතන වැඩ කරනවනේ
ඔයාටත් හොඳ නෑ ... හොර කෙල්ල මන් ගැන හිතන්නේ නෑ කිව්වට ඔය එහෙනම් මොකක්ද ...
හ්ම්ම් ....
මන් දුක් වෙනවා නංගී ... මගේ ජීවිතේ ගැන මන් අද
දුක් වෙනවා...
ඇයි එහෙම කියන්නේ ....
ඔයාට තේරෙන්නේ නැද්ද නංගියෝ ... අපි දෙන්නා පොඩි
කාලේ ඉඳන්ම අඳුරනවා .. අපේ ගෙවල් වලින් අඳුරනවා .. ඒත් අපි දෙන්නට ඒ කාලේ මදි උනා
අපි දෙන්නව තේරුම් ගන්න .. මන් ඉගෙනගන්න රෂියා ගියා
මන් ආසම තැනට මන් ආවා ඉගනීමෙන් ..
මන් එහෙදි හම්බුන කෙනෙක්ව බැන්දා .. මන් හිතුවේ මට හම්බුනේ මට ආදරේ කරන කෙනෙක්
කියලා නේද ... මන් වෙඩින් එක දවසේදීත් ඔයාට එයාව පෙන්නුවෙත් ඒ මගේ ආදරේ කියලා ...
මට මතකයි අයියේ ... අපි මේ කතාව නවත්තමු ...
නෑ නංගී මට වෙන කියන්න කෙනෙක් නෑ පොඩ්ඩක් අහන්න
....
ආදරේ කරලා බැඳලත් අපි දෙන්නට අපි දෙන්නව තේරුම්
ගන්න බැරි උනා ... ඒ හැම දේම මන් ඉවසුවා නංගී .. එයා මගෙන් ඈත් උනේ ඇයි කියන්න මන්
දන්නේ නෑ ... අපේ පුතා පවුලට ආපු දවසේ ඉඳන් වත් එයා ඒ ගැන හිතලා මාව ලං කරගත්තේ
නැත්තේ ඇයි කියන්න මන් දන්නේ නෑ ... එක අතකට මටත් ඕනෙකමක් තිබ්බේ නෑ ... ඒකයි ඇත්ත
.. එයා ඩිවෝස් එක දුන්නට පස්සේ මට නිකමටවත් කෝල් එකක් දුන්නේ නෑ.. ඔව් මටත්
ඕනෙකමක් තිබ්බේ නෑ නංගී .. මට දුක ඔයා මෙච්චර ලඟින් ඉඳලත් අඳුනගන්න බැරි උන එක ගැන
.... එදා මන් ඔයා ගැන තීරණයක් ගත්තනම් ඔයාවත් මම වත් ජීවිතේ දුක් විඳින්නේ නෑ නේ
ද....?
මට හිතාගන්න බෑ අයියේ මොනවද මම කියන්න ඕනේ කියලා ...
හ්ම්ම් ....
හිතේ බර සැහැල්ලු කරගන්නට මෙන් ඔහු හෙලූ සුසුම
ඇගේ සිත සසල කරන්නට සමත් විය යන්න මා අමුතුවෙන් කිව යුතු නොවේ .. ඒ අතීතය ඇයට නැවත
සිහිවන්නට විය ...
නංගී ....
ම්ම්ම්ම්...
ඉස්සරටවත් අපිට ලං වෙන්න බැරිද නංගී ...
හ්ම්ම්... අනේ අයියේ ඔහොම කියන්න එපා ...
ඇත්ත අද ඔයා බැඳපු කෙනෙක් .. ඒත් ඔයත් සතුටෙන්
නෙමෙයි නේද ...
වැඩක් නෑ අයියේ ... අපි හොඳ යාළුවො වගේ ඉමු ඉස්සර
හිටපු යාළුවො වගේ... නැත්නම් මේ ඔෆිස් එකේ ඉන්න වෙන්නේ නෑ ... ගින්දරයි පුළුනුයි
ලං කරන්න බෑ අයියේ....
සිතට එකඟ නොවුවත් ඇය ඔහුගේ උණුසුමට හිරවී තිබු සියුමැලි අත තමා දෙසටම ඇදගත්තාය .. ආයාසයෙන් මෙන් පුටුවෙන්
නැගිටගත් ඇය මේසය මත තිබු ෆයිල් කවරයක්ද රැගෙන කාමරයෙන් පිට වුවාය ... තවත්
හිරකරගන්නට අසමත් වූ සීතල කඳුලක් නෙතින් ගිලිහී උණුසුම් පපුව මතට වැටුණි ...