Thursday, August 6, 2015

රූමාට ලියන කවි ..........


ඒ බං මට හිතාගන්න බෑ 
මොකක්ද .... 
උඹට කියාගන්නනේ බැරිවෙලා හිටියේ 
දැන් ඒ පාර හිතාගන්නත් බැරි උනාද ?
එහෙනම් ඉතින් අබ සරණයි 
නෑ මං කියන්න හැදුවේ මගේ රූමා ගැන බං 
ආ අර සක්කරවට්ටමද ?
හ්ම්ම් හ්ම්ම් 
ඇයි දැන් ඒ පාර කාත් එක්කද යාලු?
අනේ මේ යාලු මාළු වැඩක් නෑ බං මට 
එහෙනම්?
මට දැන් මාර ආදරයක්නේ තියෙන්නේ .....
අඩේ.... ඒ කියන්නේ අර කොල්ලෝ අමතක කරලා එකී උඹට ආදරේ කරනවද ?
ශික් විතරක්... 
උඹට පිස්සුද ?
නෑ ඉතින් කියන්න බෑ නේ උඹගේ රූමානෙ බං 
නෑ නෑ යන දවසේ මාව බදාගෙන ඇඩුවා බං 
අප්පටසිරි!!! ඉතිං ....?!?!
දැන් ඉතින් එකටමනේ වැඩ කරන්නෙත් 
සිරාවට ඕකනම් පතාගෙන එකක් පුතෝ ....!
හනේමන්දා බන්...
ඉතින් මොකෝ උනේ කියාන්කෝ...
අද බත්කනකොට එක පාරටම මෙන්න මෙය මන් දිහා බලලා කිව්වා...
කියාස්.... 
මන් ඉතින් එයා දිහා බැලුවා ...
කෝ පොඩ්ඩක් මේ පැත්ත බලන්න ....
එහෙම කියල අත දික් කරලා .....
ඉතින් කියපන්කො රස කරන්නැතුව.....
අත දික් කරලා මගේ කටේ පැත්තකින් තිබ්බ බත් ඇටයක් අයින් කළා බන් ...
හප්පේ ... ඉතින් ?
ඉතින් මොකක්ද රූමා යනකම් ඉදලා එහා පැත්තේ එවුන් කියපි....
මොකක්ද?
ආයේ බැලුවලු කබි අල්විදා නා කෙහෙනා....
සිරාවට ඔව්මනේ...
අනේ පල කෙහෙනා නෙමෙයි ඌ කෙහෙතා ....