ඒ අතීතය ගෙවිලා ගිහින්, මතකයක්ම විතරක් වෙන
තරමටම... ආදරේ කරනකොට හිතුවෙවත් නැති විදිහට, හැමෝම සුන්දරයි කියන ආදරේ මටම කටුක
මතකයක් විතරක්ම වෙලා... වත්ත අයිනේ තියෙන සුදු අරලිය ගහෙන් මල් දෙක තුනක්ම වැටෙනවා
මන් බලාගෙන හිටියේ හිස් වෙච්ච හිතත් එක්ක... මේ සුදු
පාට අරලිය මල් වලට තමයි නිසල ආසම ... නිසල කියන්නේ කව්ද..? ඔව් ඒ ඔහු තමයි... මගේ
ජීවිතේට ඇවිත් මුළු ආත්මේම ආදරෙන් පුරවන්න පුළුවන් එකම හිත තිබුනේ නිසලට විතරමයි .. ඒත් ඒ හැමදේම
දැන් ඈතින් ඈතට ගිහින් ...
අපි එදා
පන්සල් ගියේ දෙන්නත් එක්කම පන්සල් යන්න හිතේ
තිබුන ආසාවට .. එදා මන් පූජ කරන්න කියලා කඩාගෙන ගියේ මේ අරලිය ගහේම මල්...
“ දන්නවද හසී....?”
“ම්ම්ම්...?”
“ මේ සුදු පාට අරලිය මල් වල තියෙනවා වෙන කිසිම
මලක නැති ලස්සනක් ... සුදු පාට මලේ මැදට වෙන්න ලා කහ පාටකුත් එක්ක ... ඒ දිහා
බලාගෙන ඉන්නකොට හිතත් සැහැල්ලු වෙන තරමටම මේ මල් ලස්සනයි ...”
“ මාත් ආසයි මේ මල් වල සුවඳට .. වෙන කිසිම මලක මේ
තරම් ආස හිතෙන සුවඳක් නෑ ... ආ එකනේ මේකට ටෙම්පල් ෆ්ලවර් කියන්නේ ..”
මන් එහෙම කියනකොට නිසල ගේ මුණට ආවේ ලස්සන හිනාවක්
...
“ ඇයි හිනා වෙන්නේ...?”
“ නෑ ඉතින් මොනවා උනත් ඔයා පණ්ඩිතයි හසී...”
“ හ්ම්..”
“ මොකෝ මේ තරහ උනාද එහෙම කිව්වට..? මන් ආසයිනේ
මගේ කෙල්ලගේ පණ්ඩිත කමට ...”
“ එතකොට මන් විතරද පණ්ඩිත? ඇයි ඔයත් එහෙමනේ ..”
මම
තරහෙන් වගේ කිව්වට හිරකරගෙන හිටපු හිනාව එලියට පැන්නේ අන්තිම ටික කියනකොට ...
“ හා හා ... මාත් පණ්ඩිත වෙන්න එපැයි ඉතින් ඒකනේ
අපි දෙන්නා ගැලපෙන්නේ .. ඒක නෙමෙයි මන් අද බාරයක් උනා මේ බෝධියට..”
“
බාරයක්...? ඒ මොකක්ද?”
“ අපි දෙන්නා බැන්දට පස්සේ ඉස්සෙල්ලම මේ පන්සලට ඇවිත්
බෝධිය නාවලා .. අරලිය මල් පූජ කරනවා කියල..”
ඒ වෙලාවේ මට කියන්න දෙයක් මතක් උනේ නැත්තේ නිසල ඒ
කියපු වචන වල තිබුණ ආදරේ මාව ගොළු කරපු නිසා. මේ තරම් ආදරයක් මන් ගැන..?
“ ඇයි මේ කතා නැත්තේ..? අඩන්න ඔන්න මෙන්න වගේ
මුණත් හදා ගෙන ..? ඔයා ආස නැද්ද එහෙම පන්සල් එන්න...?"
“ නෑ මන් ආසයි ... මට ලෝබ හිතුනා ඔයා ගැන...”
“ ඒ මොකද හසී ..?”
“ නෑ මට ඔච්චරටම ආදරේ කරනවනේ ...”
“ අනේ මගේ කෙල්ලේ...”
හ්ම්ම් ඒ අතීතේ .. අද මන් තනියම අපි දෙන්නගේ
ආදරණීය මතකයත් එක්ක තනි වෙලා.. මේ ඔක්කොම උනේ ගයනි ගේ ගෙදර තිබුන දානේ ගෙදර ගිය නිසා තමයි.. නැත්නම් මගේ ජීවිතේට නිසල
කෙනෙක් එන්නේ නෑ අපි කවදාවත් මුණ ගැහෙන්නේ නෑ... ඒත් අපි දෙන්නා මුණ ගැහෙන්න හිටිය
දෙන්නෙක්ද?.. එහෙමනම් එදා මුණගැහුනේ නැතත් කවද හරි මුණගැහෙන්න තිබුනා... ඒත් එහෙම
මුණ ගැහුනත් මාව කවද හරි තනි කරලා යයිද එයා...?
“ඇයි හසී ඔයා මේ හිතටම වද දෙන්නේ ...?” මගේ
හිතෙන්ම එහෙම අහද්දී මම කල්පනා කරන එක අතෑරලා කුස්සිය පැත්තට ගියේ වැඩට ගිහින් දවස
තිස්සේ මහන්සිවෙලා ගෙදර ඇවිල්ලත් මහන්සිවෙන
අම්මට උදව් කරන්න හිතාගෙන....