Tuesday, February 23, 2016

බැඳීමට එහා ගිය අපේ බැඳීම

කියාගන්න බෑ කිය කිය හැමදේම කියන මටම  වෙච්චි සන්තෑසියක් ගැන කියන්න හිතුනා..... කාලෙකින් මේ පැත්තට ආපු නිසා කට්ටියට මතකද දන්නෙත් නෑ ඉතින්...  එත් එක්කෝ ඕනේ නෑ වගේ.. වෙන දෙයක් කියන්නම්කො

 මේකත් එක අතකට සන්තෑසියක් තමයි ඒත් ඒක සන්තෑසියක් උනේ වෙන කෙනෙක්ට... කරන්න දෙයක් නෑ බ්‍රෝ... අනුන්ට කපන වලේ තමන්ටත් වැටෙන්න වෙනවා කියන්නේ මේවගේ සමහර දේවල් වලට වෙන්ට ඇති....

හා දැන් මේක කියවගෙන යනකොට හිතෙනවා ඇති යකෝ මේ කියාස්ට මොකක් හරි වයර් ෂෝට් එකක් වෙලා කතාව මැද ඉදන් පටාන් අරන් කියල. නෑ සහෝදර වරුනි නෑ... කියාස්ට මුල මතකයි... ඔන්න කතාවේ හැදින්වීම ....

ඔන්න කියාස්ගේ මුළු ලෝකෙම වගේ ඉන්නේ කියාස්ගේ අම්මා තමයි. ඒ දෙන්නා  අතරේ කිසිම හොර වැඩක් නෑ. ( මේකයි ඉතින් කියාස් අම්මට හොරෙන් කියල දේකට කරන්නේ ගෙදරට ගෙනාපු කේක් එකෙන් හොරෙන් කෑල්ලක් කන එක වගේ හොර වැඩ තමයි....) සාමාන්‍යයෙන් කියාස්ගෙන් යාලුවෙන්න අහපු අය ගැනයි කියාස් කතාබහ කරන අය ගැනයි කියාස්ගේ මව් තොමෝ හොඳට දන්නවා.... කොටින්ම කිව්වොත් කියාස්ගේ මුණු පොතේ පාස්වර්ඩ් එක පවා. ඔන්න ඔහොමයි කියාස්ගේ අම්මයි කියාස්ගෙයි අතරේ තියෙන බැඳීම.

ඔය බැඳීම ගොඩක් අය දන්නේ නෑ ඉතින්. මොකද ගෙදරදී තමයි කියාස්ගෙයි අම්මගෙයි පිස්සු වැඩ තියෙන්නේ. පිට තැන් වලදී ප්‍රොෆෙෂනල් අම්මයි ළමයයි විදිහට දෙන්නා ඉන්නවා. ඕක නිසා ගොඩක් අය හිතන්නේ කියාස්ගේ අම්මා කියාස්ව ආණ්ඩු මට්ටු කරගෙන ඉන්නවා කියල.

හරි ඉතින් ඔහොම හිතාගෙන ඉන්න අය අතරේ කියාස් දැන් නැවතිලා ඉන්න බෝඩිමේ රූමාත් ඉන්නවා කියන එක මේ ලඟදි දවසක තමයි දැනගත්තේ.

ඔන්න ඊළඟට කියන්නේ මේකට හේතු පාදක වෙච්ච මෙව්වා එක .....

කියාස්ගෙන යාලුවෙන්න අහපු අයියෙක් හිටියා අපි එයාට කියමුකෝ වරුණ කියල.  ;) ඉතින් කියාස් එයාට බෑ කිව්වා. එකත් හරි කියමුකෝ ඉතින්... ඔය සිද්දියත් කියාස්ගේ මව් තොමෝ දැනගෙන හිටියා. 

දවසක් දා .... හැන්දෑවක .... කියාස් බෝඩිමට යමින් ඉන්න වෙලාවක මේ වරුණ අයියව නොසිතු ලෙස මුණගැහුනා.... ඉතින් මොකෝ තරහ කාරයෙක් නෙමෙයිනේ කියාස් කතා කළා යාලු ෆිට් එකට .... එතැනදී කතා කරලා එතනදීම ඉතින් යන්න ගියා එපමණයි. කියාස් බෝඩිමට ආවා. ඔන්න ඒ වෙලාවේම මව් තොමෝ කෝල් කරනවා. 

අම්මා - මොකෝ කරනේ ?

කියාස් - මන් මේ ආව විතරයි අප්පා 

අම්මා - අප්පා නෙමෙයි බං මන් අම්මා 

කියාස්  - හරි ඉතින් මගේ එක්කෙනා නේ ඔයා ^_^

අම්මා - කෑවද දවල්ට 

කියාස්- කොහේ කන්නද දැන් ආවා විතරයි නේ ආ .... මේ මට අරයව හම්බුනා නේ 

අම්මා - අරයා කව්ද? 

කියාස් - වරුණ අයියා 

අම්මා - ආ... ඉතින් ? කොහෙදිද හම්බුනේ? 

කියාස් - බස් ස්ටෑන්ඩ්  එක ලඟදි හම්බුනේ. මේ ලඟදි ඇවිත් තියෙන්නේ ලංකාවට 

අම්මා - එහෙමද ඉතින් ලඟදි ආවනම් චොක්ලට් එකක් වත් දුන්නද ( ෆිට් එකට කිව්වේ ) 

කියාස් - ඒකා යන යන තැන චොක්ලට් අරන් යයි යෑ ඉතින් 

අම්මා - මන් විහිලුවට කිව්වේ දුන්නත් ගන්නේ එහෙම නෑ කාගෙන්වත් හරිද? දැකලා කතා කලාට කමක් නෑ මනුස්ස කමට 

කියාස් - හයියෝ හරි අනේ මන් එහෙම නෑ නේ සුදූ 

අම්මා - හා හා ගිහින් ඇඟ සෝදාගෙන කන්න දාඩිය පෙරාගෙන මෙතන මටත් ගඳ එනවා 

කියාස් - අපෝ මන් යනෝ 

...............................
ඔන්න ඔහොමයි උනේ දුරකථන සංවාදේ. ඔතන ඒ වෙලාවේ රූමා හිටියා. ඒකා දනන් හිටියේ නෑ මන් කතා කලේ කවුරු එක්කද කියල. ඉතින් මන් නාන්න ගිය වෙලාවේ මූ කියාස්ගේ මව් තොමෝ ට කෝල් කරලා කියල මූ වරුණ කියල අයියා කෙනෙක් අද හම්බවෙන්න ගිහින් කියල. 

හම්මේ නේ ? 


අම්මා - ආ ඔව් පුතේ කියාස් මට කියලනේ ගියේ. ඇයි ඔයාට කියල නෙමෙයිද ගියේ ? 

කාපං පරිප්පු රූමෝ .....

රූමා - අහ්හ් ! නෑ ආන්ටි .... මන් මේ .... ආන්ටි දැනගන්න ඕනේ නිසා කිව්වේ.... කියාස් ට කියන්න එපා මන් මෙහෙම කිව්වා කියලා 

අම්මා - හරි පුතේ මන් කියාස්ට කියන්නම්කො ආයේ  කරන කියන දෙයක් මට වගේම ඔයාටත් කියල කරන්න කියල. 

ඔය වෙලාවේ මන් රෙදි හෝදන ගමන් මටත් ඇහුනා ඉතින් රහස් කතාවක් කියනවා. පස්සේ ගෙදර ආපු වෙලාවක තමයි දැනගත්තේ. 

පරිස්සම් වෙයල්ලා බන් අගේ ඉඳන් කන කන එවුන් ඉන්නේ...... රූමා මෙහෙමයි කියල දැනගත්තේ ඔය සිද්දියට පින් සිද්ද වෙන්න... 







Sunday, February 21, 2016

ඉන්න තැනකට ඇහෙන්න

ඒ කාලේ හැටියට මහ මෙරක් උනා
ලෝකය පෙන්වන්න මගේ පුංචි ඇඟිල්ලෙන්
නොරිදෙන්න  අල්ලාගෙන
පියමන් කළා මතකයි තවමත්....
දුවේ නුඹ මගේ ප්‍රාණයයි
කියා මුවින් නොකීවද...
මා සිතුවෙමි එය එලෙසමැයි කියා ....
ජීවිතය මෙයයි
අවැසි මොහොතේ තේරුම් නොකර
තනිව වාරු ගෙන නැගී සිටින්නටත් නොකියාම
යන්න ගිහින්
නම වසරක් ගෙවී යයි .....
අද දිනට
ඉත සිතින් පතමි ....
සිටිනා තැනක සතුටින් දිවි ගෙවන්නට



Tuesday, February 16, 2016

සමාවෙයන් උඹට කැමති නෑ මම ....

ජීවිතේට ලං කරගන්නේ නෑ කියලා හිතාගත්ත ඔයා....
ආයෙත් මගේ ලඟට එන්න හදනවා
මන් කැමති නෑ ඔයාට...
තවත් මාව දුර්වල කරනවට ...
මේ හිත...
හයිය නෑ කියල දැනගනියි ...
හැමෝම...
එලියට එන්න දගලන ඔයාව
හැමදාම තද කරලා
බොඳ කරන්නේ
මන් ඔයාට කැමති නැති නිසා
මේ හිත ඇතුලේ තියෙන
දුක් කන්දරාව
කාටවත් පෙන්නුවට වැඩක් නැති නිසා...
ඉතින් සමාවෙයන් මට...
මේ කියන්නේ ඔයාට,
කඳුල ....
ඈතටම යන්න