මන් ඉතින් ඔහේ ඉන්න ගමන් ගෙදරට වෙලා කල්පනා කරද්දී මතක් උනා මේ කියාස් විසින් ඉල්ලගෙන කාපු වැඩක්.
කියාස්ව තෙරුනාලු උසස් අධ්‍යාපනේ ලබාදෙන තැනකට. ඉතින් එහෙට ගිය පලවෙනි දවසේ ඉතින් කට්ටිය එක්ක අදුනගෙන කාලේ ගත කළා. දෙවෙනි දවසේ දවල්ට කන්න ගියා කියමුකෝ. ඔන්න ඉතින් පොලෝ තලේ වැලි කැට ගණන් කර කර අපි කෑවා. කාලත් ඉතින් එලියට ආවා කියමුකෝ. කියාස් වෙච්ච මම අහිංසකයා වගේ තව යාළුවො වෙච්ච දෙන්නෙකුත් එක්ක බිම බලාගෙන ගියා.
පසුබිමින්- ඒයි ඔහොම නවතිනවා
මම- ඒ මධූ අපිටද?
මධූ- දන්නෑ බන් ඇහුනේ නෑ වගේ යමු
පසුබිමින්- තොපි තුන්දෙනාට කන් ඇහෙන්නැද්ද ? නවතින්නයි කිව්වේ
ඔන්න ඒ වෙලාවෙනම් ඉබේම කකුල් ටික නැවතුනා
හා දැන් ඉතින් කියමුකෝ බලන්න පිළිවෙලට නම් ටිකයි ගමයි
අපි -( කතා නැත) පොළව තුළ ගිලෙන්නට මෙන් ඔලුව නමාගෙන
1- ඈ බන් මොකෝ නංගි වෙලා තියෙන්නේ අපි ගිලින්නේ නෑ පොඩ්ඩක් ඔලුව උස්සලා කතා කරපන් බන්
2- මුන් එකසිය ගානට බයවෙලා බන් ඔන්න ඔහේ යන්න දෙමු
3- හා හා පලයල්ලා පලයල්ලා
හප්පේ අපි ඉතින් පෙර කුසල් මතක් කර කර යන්න අඩිය තිබ්බා විතරයි ඔන්න ආයෙත්
පසුබිමින් - ඒ... පොඩ්ඩක් හෝව්... ඔය මැද ඉන්න කෙනා
ඒ මධූ ය. ඔන්න ඉතින් සුදුවට හිටපු මධූ සුදුමැලි වෙලා...
මධූ- මමද අයියේ
1- ඔව් ඔව් උඹ තමයි
2- ඈ බන් මොනවද ඔය නියපොතු වල ගාලා තියෙන්නේ ඈ?
විනාසය! මධුවා විසින් කියුටෙක්ස් ද මොකක්ද නියපොතු වල ගා ඇත. දැන් ඉතින් විනාසය
1- හා කියපන් බලන්න මොකද උනේ උඹේ නියපොතු වලට? නිල් වෙලා තියෙන්නේ? උඹ මැරිලද බන් නංගි?
මධූ- අ..අනේ නෑ.. අයියේ
2- නෑ කියන්නේ කොහොමද මේ පාට බලපන්. ඒ මේ ඔතනට වෙලා ඉන්න නංගි මෙහෙ එනවා
මලාය! ඒ පාර මම ?
මම- ඇයි අයියේ
3- උඹ කියපන් අර නියපොතු මොන පාටද?
මම- නිල් පාට
1- ආ ඇහුනා නේ නංගි ? යාලුවටත් පේනවා උඹ තමයි පාට අඳුරන්නේ නැත්තේ. හෙට එනකොට ඔවා මකාගෙන එන්න ඕනේ හරිද?
මධූ - හරි අයියේ
1- එතකොට මගේ නියපොතු මොන පාටද?
මම- හිතෙන් කියමින් ( නියපොතු පාට)
ඔන්න ඔය වෙලාවේ තමයි කියාස් ගේ මතක පොත ක්‍රියාත්මක වෙලා ඉල්ලගෙන කන්න නියමිත උනේ. ඒ කිව්වේ ඉතින් කියාස්ට එක පාරට මතක් උනා මේ නියපොතු කතාවක් කොහේ හරි බ්ලොග් මුල්ලක කියෙව්වා නේද කියල. ඔන්න ඉතින් මතකේ පීරලා බලනකොට එක පාරටම ක්ලික් උනා රත්ගමයා අයියගේ බ්ලොග් එකේ එයා තාම චුටි කෙල්ලෙක් පෝස්ට් එක.( ඔය ටික මතක් වෙන්න එච්චරම වෙලා ගියේ නෑ)
මම- රත්ගමයා ( මලා කටින්ම එහෙම කියවුනානේ)
1 - ඒ මොකක්ද කිව්වේ
මම- කව්ද මමද අයියේ ?
1- ඔව් ඔව් උඹ තමයි
මම- නෑ මුකුත් නෑ
2- ඈ බන් උඹ හිතුවද අපිට කන් ඇහෙන්නැතුව මෙහෙ ආවා කියලා ඈ?
මම- ( ගල් ගිල්ලා සේ )
1- උඹ එහෙනම් කියපු දේ කියනකම් උඹට යන්න දෙන්නේ නෑ
මදැයි ඉතින් දැන් මොකද කරන්නේ? මොකෝ ඉතින් බ්ලොග් එකක පෝස්ට් එකක් මතක් උනා කියන්නයැ ? දැන් ඉතින් ඔහොම විනාඩි 5ක් විතර ඉන්න ඇති( ඒ උනාට අවුරුදු 5ක් විතර හිටගෙන හිටියද කොහෙද). ඇයි ඉතින් මොනා කියල කියන්නද.
1- හා දැන් අපිට කියන්නේ නෑ නේද නංගි
මම- නෑ අයියේ මම මේ කිව්වේ රත්ගම කියල ("ය" යන්න කැපුවා )
1 - හා උඹ රත්ගම ද? ඇයි අපි බයවෙයි කියල හිතුවද?
හයියූ සල්ලි...
ReplyDeleteජය...!
ඒ වෙලාවේ ඔහොම කිව්වනම් තව එකක් හි හි
Deleteරත්ගම කිවුවම බයවෙනවද ? ඇයි ඒ
ReplyDeleteඅනේමන්දා ඉතින් ඒක අහන්න වෙන්නේ රත්ගම කෙනෙක්ගෙන්ම තමයි
Deleteචැක්... රත්ගමයා බ්ලොග් එක කියවන් නරකයි!!!
ReplyDeleteහැක්?! ඒ මොකෝ ඒ?
Deleteඔයාට ෙමච්චර සවුත්තුවක් වුෙණ් එ් හින්දාෙන්... ඩී ඩී ඩී!!
Deleteහිකිස් ! බලාගෙන ගියාම එකෙත් චුට්ටි අත්තක් තියේ ;)
Deleteරත්ගම ඉන්නෙ පොරවල්නෙ... ඒකයි..
ReplyDeleteහප්පේ ඔයා රත්ගම ද? :O
Deleteනෑ. අපි මාතර.. දකුණේ පාතාල යසිත් කිව්වම ඕන බලු නකුටෙක් දන්නවා
Deleteසැක් මන් ඇහුවා මාතර කෙනෙක්ගෙන්ම වැඩේ කියන්නේ එයා මගෙන් ඇහුවා ඒ කව්ද බන් ඒ කියල :පී
Deleteඑකෙන්ම යසිත්.... වැඩ පුලුවන් උනත් ගම ගාල්ලෙ මගේ...
Deleteමං කිව්වේ ඕනෑම බලු නකුටෙක්ගෙන් අහන්න කියලනේ ....
Delete@ගාලු කොල්ලා
බෙන්තර ගගෙන් මෙහා ඉතින් ඔක්කොම පොරවල් තමයි :)
රැග් කරපු අය අතරේ රත්ගමයත් හිටියා නං තමයි මරු :)
ReplyDeleteහිකිස් එයා පේරා නේ ද?
Deleteමදි.. මදි.... රැග් එක හොඳටම මදි.
ReplyDeleteහිකිස් අහිංසක ළමයින්ට එහෙම උනේ නෑ :)
Deleteබ්ලොග් අවකාශයේ කුප්පම බ්ලොගේ :D
ReplyDeleteහෑ.... මේක? ^_^
Deleteඅපේ එකේ නම් එච්චර තියා කොහොමත් රැග් එක නෑනේ. ඒ හින්දා මේ අත්දැකීම නම් නෑ. ඒ උණාට මේ තරමින් බේරිලා ආපු එක ලොකු දෙයක්
ReplyDeleteමොකක්ද හප්පේ නෑ කියලද කිව්වේ? හෑ?
Deleteඔව් ඇත්තටම නෑ රැග් එක
Deleteඉන්නකෝ මන් අරයාගෙන් අහලා බලන්න මේ ඇත්තමද කියල
Deleteබලන්න අහලා බොරුද කියලා
Deleteආ හා හා :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඋඩ එකට දාපු රිප්ලයි එක කොමෙන්ට් එකක් විදියට වැටුනා
Deleteආ අවුලක් නෑ ඒක :)
Deleteමට හිතෙන දේ කියාගන්න බෑ
ReplyDeleteමේකේ කියාගන්න බැරි තරමටම දෙයක් තියේ ද?
Deleteරත්ගම යා තාම මේ පොස්ට් එක දැකල නෑ වගේ :D
ReplyDeleteදැක්කොත් එහෙම ? මුනා වෙයි ද? :O
Deleteo.O රත්ගමයට එන්න කියලාම බලමු :D
Deleteලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteසමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්
පරක්කු වෙලා ආවත් ඉතින් එසේම වේවා ඈ අද තමයි මන් ආවේ :)
Deleteපරක්කු වෙලා ආවත් ඉතින් එසේම වේවා ඈ අද තමයි මන් ආවේ :)
Deleteහෙහ් හෙහ්, පස්සෙ දවසක ඇත්තම කියලා බලන්නකෝ.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා.
දැන් නම් බය නෑ සිනියර්ස්ලා ගියා
Deleteඉල්ලන් ටිංකිරි ගාගන්නව කියන්නේ ඒකනේ...
ReplyDeleteඇයි අයියේ....මම රත්ගම තමා කියලා ගැම්මෙන් කිව්ව නම් උඩ තියලා සලකන්නේ...
ඉල්ලගෙන නෙමෙයි ඔයා නිසා තමයි එහෙම උනේ :D
Deleteහපෝ එහෙම කියන්න වචන ආවේ නෑ කටට
බලාපන්කෝ වෙන දේවල්!
ReplyDeleteහනේ ඇත්තට ඒකනේ නේ? ;)
Deleteරත්ගම උන්ට බය උනේ ඉස්සර ය :3 දැන් ගණන් ගන්නෙත් නැද්ද කොහෙද ය ;)
ReplyDeleteහිකිස් ... ඔන්න ඉතින් රත්ගමට ගිය කල
Delete