Thursday, August 14, 2014

රූමාට ලියන කවි

දයාබර රූමා වෙත....

වැඩක් නෑ රූමෝ හැමදාම වගේ කෑගහන්න බන් 


මන් මුකුත් කියන්නේ නෑ 


මට ඔව්වා ඇහෙන්නෙත් නෑ 


වෙනදා වගේ මන් මගේ ලෝකේ ඉන්නම් 


ගෙදරින් කතා කරන එකකුත් නෑ 


ඔය කට නිසා තමයි 


මොකද මගේ වචන ඇහෙන්නේ නෑ ලු 


විදුලි කොටන බෙලිකටු 

ඒ නම ඔයාගේ තමයි බව්තීස්ම කලේ මං 

ආයෙත් තියෙනවා වාසගමක් 


විනාස සාගරන් 


ඔව් ඔව් 


විනාස සාගරන් ගේ විදුලි කොටන බෙලිකටු 


කියලම වැඩක් නෑ බං 


මේ පාරත් ඉතින් අවුලක් නැතුව කෑගහපන් 

හොඳ වෙලාවට මට කොල්ලෙක් නැත්තේ 


එහෙනම් මෙලහකට පවුලත් ඉවරයි !


හිටියනම් ඉතින් ....


මල් කඩන වෙලාවටවත් කියන්න තිබුනා 


ඒ පොඩ්ඩක් හෙමින් කතා කරනවකෝ 


මාත් මල් කඩනෝ 


කියල ....


කෑගහපන් බං ඇති වෙනකම් 


මේ අවුරුදු ගානටම ..........


නිදහසේ කෑගහපන් 


මම නෙමෙයි මුකුත් කියන්නේ 


අද ඉදන් මන් බීරෙක්!