Sunday, February 21, 2016

ඉන්න තැනකට ඇහෙන්න

ඒ කාලේ හැටියට මහ මෙරක් උනා
ලෝකය පෙන්වන්න මගේ පුංචි ඇඟිල්ලෙන්
නොරිදෙන්න  අල්ලාගෙන
පියමන් කළා මතකයි තවමත්....
දුවේ නුඹ මගේ ප්‍රාණයයි
කියා මුවින් නොකීවද...
මා සිතුවෙමි එය එලෙසමැයි කියා ....
ජීවිතය මෙයයි
අවැසි මොහොතේ තේරුම් නොකර
තනිව වාරු ගෙන නැගී සිටින්නටත් නොකියාම
යන්න ගිහින්
නම වසරක් ගෙවී යයි .....
අද දිනට
ඉත සිතින් පතමි ....
සිටිනා තැනක සතුටින් දිවි ගෙවන්නට



6 comments:

  1. අපේ අතීතේ මතක් කලාට ස්තුතියි....
    ගොඩක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අපේ අතීතේ කිව්වේ ? මට ටිකක් පැහැදිලි මදි ඒකයි ඇහුවේ
      බොහොම ඉස්තුතියි

      Delete
  2. තාත්තා කියන්නේ කවදාවත් කියවන්න පුළුවන් ශිලා ලිපියක් නෙමෙයි.ඒක ලියලා තියෙන්නේ අපි දන්න අකුරුවලින් නෙමෙයි.ඒත් ඒ ආදරය කවදාවත් මැකෙන්නෙත් නෑ.ගලේ කොටපු අකුරක් වගේමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හිත හැමදාම අසරණ කරන්නේ

      Delete
  3. තාත්තා තමයි අපේ ජීවයේ ආරම්භය.

    ReplyDelete
    Replies
    1. ඔව් තාත්තා නැත්නම්.......... හ්ම්ම්ම්

      Delete