Sunday, May 23, 2021

අධ්‍යාත්මික සුවය 02

 කියාස්  ඊළඟට කියන්න යන්නේ කියාස්ට උන දෙවෙනි සිදුවීම.........


එදා සෙනසුරාදා දවසක්! 


කියාස් උදේ පාන්දරම බස් එකට නැග්ගේ කියාස්ගේ වැඩ වගේකට ඕනේ කරන ලට්ට පට්ට වගයක් ගෙන්න යන්න මහරගමට... සෙනසුරාදා කියල නැහැ බස් එකේ කට කපලා සෙනඟ දොරේ ගලනවා... කියාසුත් ඉතින් නෑ බෑ කියල හිටියේ නෑ කොහොමින් හරි රිංග ගත්තා බස් එක ඇතුලට. වෙනදා වගේ ෆුඩ් බෝර්ඩ් යන්න හිතුනත් එදා වැස්ස නිසා ඒ අදහස  අතැරලා දැම්මා. 


කලින් දවසේ පඩි හම්බුන නිසා තමයි මේ තකහනියක් අදම වැඩ ටික කරගන්න දුවන්න  හිතුවේ.නැත්නම් දන්නවනේ මොකක් හරි මරාලයක් කඩාපාත්වෙලා කරගන්න තියෙන වැඩ ඔක්කොම වැඩ නවත්තල එකට වියදම් කරන්න සෙට් වෙනවා අන්න ඒක වෙන එක නවත්තගන්න තමයි කියාස්  වැඩේට බහින්න කල්පනා කලේ.. 


දැන් ඉතින් බස් එකේ වඳුරු මුඩ් එක ඕන් කරගෙන කියාස් එල්ලිලා ඉන්නවා බස් එක පිඹගෙන යනවා... අතරේ කියාස්ගේ වම් අත පැත්තෙන් චූටි සිඟිති බටු ඇටයක් වගේ කෙල්ලෙක් ඉන්නවා ඔසරියකුත් පටලවගෙන.... කියන්නේ කෙල්ලට ශීට් එකක් අල්ලගන්නවත් ඉඩක් නැහැ... වඳුරු මුඩ් එක ඕන් කරගන්න විදිහක් නැහැ කෙල්ල කොටයි.. ඉතින් කෙල්ල හෙන ගේමක් දෙනවා පිඹගෙන යන බස් එකේ බැලන්ස් එක තියාගෙන  ඉන්න.... ඒ  බ්රේක් වලදී ශේප් එකේ කියාස්ගේ වැලමිටින් ලාවට අල්ලගෙන බැලන්ස් කරගන්නවා... කියන්නේ ටික දුරක් යනකොට ලාවට අතින් අල්ලගන්න එක පැත්තකින් තියල කෙල්ල දැන් කියස්ගේ වැලමිටින් අල්ලගෙන යන්නේ... 


ඔන්න ඔහොම යනකොට කෙල්ලට මගේ දකුණු පැත්තට එන්න උනා... තාම බස් එකේ පැකින් එක සුපිරියටම සැමන් ටින් මෙතඩ් එකෙන්ම  යනවා. ඉතින් ටික වෙලාවකින් මැද පේලියෙන් මනුස්සයෙක් අපි දෙන්නා අතරට ආවා. සෙනග වැඩියි ඉතින් කරන්න දෙයක් නැහැ   කියාස් ඉන්නවා දකුණු අත පැත්තෙන් බෑග් එකත් එල්ලගෙන ඒ පැත්තෙන්ම අර චූටි බටු ඇටෙත් හිටගෙන ඉන්නවා  බස් එක කෙළගෙන යනවා එළියෙන් විදුලිකොටන සීන් එකෙන්ම අම්බානෙකට වහිනවා . ඒ මැදින් අර මනුස්සයා හිටගෙන. තත්වේ ඔහොමයි 

ඔහොම යනකොට කියාස්ට තේරෙනවා කාගේදෝ මන්දා බෑග් එකයි අතයි  අස්සෙන් රිංගනවා.. බලන්න දෙයක් නෑ එක පාරටම ඔලුවේ ස්විච් එක වැටුනා මූ ලෑස්ති වෙන්නේ මොකටද කියල. යකෝ ඊයේ පඩි හම්බුනා විතරයි සතයක් අතට ගත්තෙත් නැහැ. මූ ලෑස්ති වෙන්නේ මගේ පඩියට කෙලින්න නේද යකෝ... 


ආයේ හිතන්න ගියේ නෑ එක දිගටම. එහෙම මනෝ පාර ගහන්න ගියොත් මටත් වෙන්නේ වෙන එකෙක්ගේ පඩියක් උස්සන්නනේ. එහෙම්මම තද කරගත්තා උගේ අත දැන් ඌට අත ගන්න විදිහක් නැහැ මගේ බෑග් එක ඇතුලේ අත. මං හැරුනා ... බැලුවා උගේ මුණ ... මේ උදේ පාන්දර මගේ මාසෙම මුස්පේන්තු කරලා දාන්න ආපු මුසලයා කවුද කියල බලාගන්න  එපැයි. 


" තමුන්ගේ මොනවා හරි මගේ බෑග් එකේ තියෙනවද.............?"

"ආ.. නැහ්!"

" එතකොට මේ අත තමුන්ගේ නෙමෙයි කියලද කියන්නේ....?"


මං ඒ වෙලාවේ තද කරගෙන හිටපු අත අරගෙන උඩට උස්සලා ඇහුවා.. පොර සරාස් ගාලා අත ඇදලා ගත්ත පාර පිටිපස්සේ මනුස්සයාගේ ඔලුවේ වැදුනා දඩිස් ගාල.. දැන් ඉතින් හරි! බස් එකේම කට්ටිය ෂෝ එක බලන ප්‍රේක්ෂකයෝ වෙලා..  ඒ අස්සේ කියාස්ගේ කේන්තිය පිපිරෙන්න තියෙන්න ගිහිකන්දක් වගේ වේගන එනවා. ඒ අස්සේ ඔලුවෙන් මැසේජ් එකක් එනවා උඹ සිංහල පාවිච්චි කලාට කමක් නැහැ හැබැයි සුද්ද සිංහල එපා බං කියල.. 


" තමුසෙලා එක දවසින් උස්සන්නේ  අපි මාසයක් කට්ට කාලා මැරිලා හොයන පඩිය යකෝ.. අත පය හයිය තියෙන එකේ වැඩක් කරලා හොයපන් සල්ලි.."


කිව්වා විතරයි මිනිහා එතනින් වාෂ්ප උනා ... අච්චර සෙනගක් අස්සෙන් කොහොම රිංගල ගියාද කියල මං තාම හිතනවා... එහෙම ගිහින් නවතුන්නේ නෑ පැන්න බස් එකෙන් බිමට!  මං හිතුවෙනම් ඒ පැන්න පාරට අන්ඩක් කැඩිලා යන්න ඇති කියල. කොහොම හරි බස් එක නැවැත්තුවේ නැහැ. බස් එකේ එක මිනිහෙක් කතා කළේවත් නැහැ. එකට කමක් නැහැ මට මං ගැන බලාගන්න පුළුවන්. ඒත් කලකිරීමක් එකපාරට ඔලුවට ආවේ නැතුවමත් නෙමෙයි. මනුස්සයෙක් කරදරේක පැටළුනාම අපේ මිනිස්සු මෙහෙමද කියල. හරි දැන් කොහොම හරි බස් එක ආයේ පිඹගෙන යනවා එළියේ වහිනවා. තත්වේ ආයේ පෙර සේ.


ඔන්න ඒ අස්සේ කෝ අර බටු ඇටේ?!

අහ් අවුලක් නැහැ එයා ඉන්නවා. හැබැයි ටිකක් ලඟට බැලුවාම දැක්කේ ඇස් දෙක දොඹ ගෙඩි දෙකක් වගේ වෙලා කියල. හප්පේ ඉතින් මන් මොකක් කරාටද අරුට මගේ හිතේ තිබ්බ දේවල් ටික එලියට ඇදල දෙන්න හිටියනම් මේ කෙල්ල තමයි ඌට කලින් බස් එකෙන් බිමට පනින්නේ එහෙනම්. 


ඔන්න ඉතින් ඔහොම යනකොට කෙල්ල කතා කළා...


" එක්ස්කියුස් මී ...."


අප්පටසිරි ඒ පාර මොකක්ද කියල හිතාගෙනම මාත් බැලුවා 


".ඔව්...?"

"මේ.... ඔයා කියාස් නේද...?"


කෙලියා නේද තාප්පෙටම යකෝ මේ කෙල්ල මගේ නම දන්නේ කොහොමද? 


" ඔව්.. ඔයා එතකොට මාව දන්නවද?"


"ඒක තමයි මන් ගොඩක් ඉඳලා කතා කරන්න හිටියේ... ඔයා හිටිය කොලේජ් එකටමයි මාත් ගියේ... ඔයාලා අපේ ජුනියර් බැජ් එකේ..."


කාලා වරෙන්කො ඉතින් මටනම් මෙහෙම මූණක් මතක් වෙන්නෙම නැහැ...! 


" අහ්.... සොරි  ඉතින් අක්කේ මාව කොහොමද අඳුනගත්තෙ...?"


"ඒකනේ කියාස් ... මං හිත හිත ආවේ මේ ඔයාමද කියල... පස්සේ කන්ෆර්ම් කරගත්තේ අර මනුස්සයට කතා කරපු විදිහෙන් මේ ඔයාමයි කියල..."


දෙයියන්ට ඔප්පු වෙච්චාවේ ඔන්න බලන්නකෝ එකෙත් හැටි! හොඳ වෙලාවට නැත්නම් රෙදි ගැලවෙනවා මොනවා උනත්  මගේ කට හඬින් අදුනගන්න තරම් මෙව්වා එකක් ගැන මන් කියන්න යන්නේ නෑ. කොහොමින් හරි එදා සිද්දිය උනේ ඔන්න ඔහොමයි... ආයුබෝවන්ඩ එහෙනම් තුන් වෙනි කතාවත් එක්ක හම්බවෙනකම් 




No comments:

Post a Comment