Thursday, April 17, 2014

මතු භවයක එක්වෙමු .........

මේ දවස් වල කියාස් ට නම් මොනා වෙලාද කියන්න කියාස් වත් දන්නේ නෑ. අවුරුදු නිවාඩුවට ගෙදර ආව උනාට ඒක  ගෙවිලා යනකම් කියාස්ට මතකයක් නෑ. ඇත්තම කිව්වොත් මතක අප්‍රේල් 12 වෙනිදා විතරයි ඒකත් මතක නැන්දලා ගේ ගෙදර ගිය නිසා. අනික ඉතින් කියාස් ගේ බ්ලොග් පැල නම් කුණුගොඩක් වගේ වෙලා කතාවක් ලියන්න පටන් ගත්තා ඒත් වැඩේ කියන්නේ ඒ ඉතුරු ටික ලියන්න බෑ මොකද කියාස් මොන කතාව ලියන්න ගියත් නතර වෙන්නේ එකම චරිතයක් ළඟ ඔන්න ඕක තමයි ඉතින් ඇත්ත.

ඔහේ ගෙදරට වෙලා කාලේ ගෙවන වෙලාවේ තිබුනා තඩි  Anatomy පොතක් ඉතින් ඔහේ ඕක පෙරලනකොට හම්බුනා කියමුකෝ පොඩි කොළ කෑල්ලක්. ඔන්න මම නම් නෙමෙයි ඒක ඇතුලට දැම්මේ. ඉතින් කියාස්ට ඔය කොළ කෑලි වල තියෙන ඒවා කියවන්න පුදුම ආසාවක්නේ තියෙන්නේ. බැලුවා දිගෑරලා මොකක්ද මේ කියල. හප්පේ මෙහෙම පොත් ඇතුලෙත් නිසදැස් ලියන එවුන් ඉන්නවනේ ඉතින්. ඒක ලස්සන නිසදැසක්. මගෙනම් හිතටම දැනුනා. ඇත්තටම ලියපු එකක් නම් ඒ දෙන්නා කොහෙද දන්නේ නෑ ඉතින් අවුරුදු ගානක් පරණ ඇති නේ? 



සුදු වලාකුළු කැටිති ගැහිලා
වැව් ඉවුර ළඟ හාදු දෙයි 
තව්තිසාවක් නුවර මැවිලා 
වන්දනාවට කාලයයි 

කන්ද මුදුනේ නිල්ල තවරා 
තුරුලතා පෙළ ගී ගයයි 
ඒ මිහිරි ගී ඇසී නැළවෙන 
පවන වැව් දිය සරැලි ලයි 

හිතේ දළු ලන පැතුම් මල් මිට 
සමිඳු අභියස තබා යන්
මතුදු භවයක එක්වෙමුයි අප 
රහසේම අපි සිතා යන් 

අතින් අතගෙන යා නොහැකි දුර 
සිව් නෙතින් තුරුලුව ඉතින් 
අනන්තය තෙක් ඉවුරු මග දිග 
බවුන් වඩමින් ඇවිද යන් 


16 comments:

  1. කතෘ අඤාතයි කීවට ඒක රස විදින්න බාධාවක් නෙවෙයි නාවැ...
    අපූරු නිසදැසක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත කතෘ ගැන දැනගන්න පොඩි ආසාවක් තියෙනවා මොකද පොත අපේ ගෙදර තිබුන පොතක්

      Delete
    2. ඉක්මණටම දැන ගන්න ලැබේව කියල කීව ඔන්න

      Delete
  2. සුන්දරයි...

    කාලය ගොඩක්ම හොඳ, තුවාර සුව කරන ඉවසිලිමත් වෙදෙක්... (you know what I meen...)

    ReplyDelete
    Replies
    1. තුවාර නෙවෙයි, තුවාල...

      Delete
    2. ඔව් එකනම් ඇත්ත මට තේරුනා

      Delete
  3. පරණ පොත් අදින්න ගියාම හෙන කේස් අප්පා..

    ReplyDelete
    Replies
    1. ඒත් පරණ පොත් වල තියෙන දේවල් ආයේ බලනකොට හම්මේ...

      Delete
  4. පුදුම ලස්සනයි... මං ලිව්ව නම් මේක කියන හැඟීම හැම කවියක් ගැනම දැනෙන්නෙ නෑ.ඒත් කාලෙකට පස්සෙ මේ කවිය ගැන එහෙම හිතුණ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත නංගියෝ මටත් ඒ හැගීම දැනුන නිසයි මේකේ දාන්න හිතුනේ

      Delete
  5. හ්ම්ම් ලස්සන නිසදැසක්..
    මේ අවුරුද්ද ඇවිල්ල ගෙවිලා යනකන් මටත් දැනුනේ නෑ....

    ReplyDelete
    Replies
    1. ලියපු කෙනා වෙනුවෙන් ඉස්තුතියි :)

      ඇත්තටම මේ කාලේ ගෙවෙනවා දැනෙන්නේවත් නෑ නේ

      Delete
  6. මමත් ඉස්කෝලෙ යන කාලෙ ඔහොම බස් ටිකට් වලයි බිත්ති වලයි ලියපු නිසඳැස් සෑහෙන්න තිබුන... හැබැයි දැන් නම් නෑ....

    ලස්සන නිසඳැසක්.... මගෙත් තියෙනව ඔහොම ලියපු කෙනා කවුද කියල දන්නෙ නැති ජා ඇල බස් ස්ටෑන්ඩ් එකේ කපල් එහෙම ඉන්න මුල්ලක බිත්තියක ලියපු ඒව වගයක් මගෙ බ්ලොගෙත්...

    ReplyDelete
    Replies
    1. මන් ඒ ටික කියවලා තියෙනවා :)

      මන් ඉතින් දන්නේ නෑ කිව්වට මන් දන්නවා ලිව්ව කෙනාව ඒත් ඒවා අතීතෙටම අයිති දේවල්නේ

      Delete
  7. කැම්පස් එකේ ලයිබ්‍රි පොත්වල තියෙන කවි කුණුහරුප දෙකම මමත් රස විඳලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකේ කැන්ටිමේ මේසේ තමයි මන් කියවපු ආසම කවි තිබුනේ

      Delete