Sunday, March 23, 2014

ඇය..........

අකුණු ගසමින් වැහි දිය බේරෙන අහස දෙස බලමින්  ඇය කවුළුව අසලට වී දැන් කෙතරම් වෙලාවක් ගතවී දැයි  ඇයටම නිනව්වක් නොමැති බැව් ඇගේ නිල්වන් නෙත් දෙස බලන මට නොව ඔබට වුවද තේරුම්ගැනීමට අපහසු නොවේ. අඳුරු අහස ගැබ අකුණු හඬින් දෙදරා යද්දී ඇගේ හිත තුළ පෙරලි කරන සිතුවිලි කන්දරාව එයට නොදෙවෙනි සේ ඇගේ සිත් මඬල දෙදරවයි. 


ආදරය............. 

අතීතය වෙත ක්ෂණයෙන් දිව යන ඈ සිත නැවත වත්මනට ආයාසයෙන් තොරව පැමිණෙයි. කිසිම තේරුමක් නැති හුදු අතීත වර්තමාන මතක අතර දිවෙන සිත සැඩ සුළගට  ලෙලෙන ලා දල්ලක් ලෙස ඒ මේ අත වැනෙයි.

ඔහු.....

නමින් සමීර විය. පාසල් සමයේ දක්ෂ සිසුවෙකු වූ සමීරගේ සිතේ  කුළුදුල්ව හටගත් ආදරය පිදුවේ ඇයටයි. 

ඇය.....

ඇය නමින් හසිතා ය . පාසලේ නිහඬ සිසුවියක් වූ නමුත් සියල්ලන්ගේ සිත් දිනාගත් දක්ෂ සිසුවියක් විය. ඔහුගේ ආදරය හමුවන තෙක් තනිකඩ චරිතයක් විය.

හමුවීම......

හසිතා දිනක් තම මිතුරියන් සමග ගම්පහ දුම්රියට නැගුනේ තම පාසලේ ගුරුවරයෙකුගේ මළගෙදරට සහභාගී වීමටය  එදා ඇයගේ ජීවිතය වෙනස් වන බවක් ඇය නොසිතන්නට ඇත. ගම්පහට දුම්රියෙන් පැමිණ 
ගුවන් පාලමෙන් එහා පැත්තට මාරුවෙත්ම කලබලයෙන් පැමිණි  අළු පැහැති ටී ෂර්ටයකින් සැරසුණු තරුණයෙක් ඇයගේ ඇගේ වැදෙත්ම ඈ අත තිබූ බෑගය බිම වැටුණි. 

සමාවෙන්න නංගි.... 




8 comments:

  1. Replies
    1. එහෙම තමයි ලියන්න හිතුවේ

      Delete
  2. මේ මේකට නං මං විරුද්ධයි....
    ඔව්
    ඉදගෙන...
    ඇයි නකා් කතාවෙ සුට්ටක් දාල හුටස් ගාල නවත්තල...
    ඇයි මගේ දෙය්යෝ අපට මේම කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒම කලන්න හිතුවේ නෑ ඒත් ලියාගෙන යද්දී එකපාරටම හිර උනා :/

      Delete
  3. මදි මදි හොඳටම මදි කියාස්...

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා මාත් ඇත්තටම මදි ඔලුව වේලිලා

      Delete
  4. ගම්පහ.... මට නම් මතක සරණියක්.... මගේ අතීත සටහන්... මම දුටු අතීත සටහන්.. මම විඳපු අතීත සටහන්... පිරිච්ච නගරයක්....

    සමහර විට ඔය කතාව ඇත්ත එකක් නම් මගෙත් නෙත ගැටිල ඇති බොහෝදුරට.....

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත .......... සිද්දිය ටිකක් වෙනස් ඒත් ඒ දෙන්නා ඉස්සෙල්ලම දැක්කේ එතැනදී

      Delete