ඔව් එහෙමත් වෙන්න ඇති නැත්නම් තවත් පැත්තක් තියෙනවා අපි හිතපු නැති. සමහරක්විට ඒ පුද්ගලයා තමන්ගේ පළමු ජීවිත අත්දැකීම් තමන්ගේ පවුලෙන් ලැබුනේ නැති කෙනෙක් වෙන්න ඇති. දැන් සමාජයේ ජීවත් වෙන ගොඩක් මිනිස්සුන්ට තමන් කොන් වෙලා තනිවෙලා කියන හැගීම දැනෙනවා වැඩියි කියන්න හේතුවක් තියෙනවා. එතකොටම තවත් කෙනෙක් කියයි ඔව් ඒ තමයි අපි හැමෝම කාර්යබහුල වෙලා කියල. නෑ......... තවත් හිතලා බැලුවොත් ඒකට මුලික වෙලා තියෙන්නේ පවුල.
මොකක්ද මේ පවුල කියන්නේ? ඇයි කෙනෙක්ව කොන් වෙන්න පවුල හේතු වෙන්නේ?
ඔය සමාජ විද්‍යාඥයෝ කියන්නේ පවුලක් කියන්නේ සමාජයේ කුඩාම ඒකකය කියල.ඒ කියන්නේ ඉතින් එක අතකින් බැලුවාම පවුලක් නැත්නම් සමාජයකුත් නෑ...
ඉස්සර පව්ලක් ගත්තාම කොච්චර කට්ටිය හිටියද ඒ පවුලේ? අම්මා තාත්තා ආච්චි සීයා දූ දරුවෝ නන්දා මාමා වගේ අඩුම තරමේ පරම්පරා තුනක කට්ටිය හිටපු ලොකු පවුල් තිබුනේ... කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇතිද ඒ පව්ලකින්?
දැන් එහෙම නෙමෙයි තරගෙකට දුවන තරග කාරයෝ වෙලා හැමෝම.... පවුල් වලින් වෙන් වෙන් වෙලා ගිහින් තනියම ජීවත් වෙනවා... අම්මයි තාත්තයි දරුවොයි විතරක් ඉන්න පවුල් වලට සීමා වෙලා... දෙමවුපියෝ දෙන්නම රස්සාවට ගියාම දරුවන්ට ජීවිතේ කියල දෙන්නේ කව්ද එදා වගේ? ඒ හැමදේම ඉස්කෝලෙට බාර වෙලා? ඒත් ඉස්කොලෙනුත් මේ දේවල් හරියටම ලැබෙන්නේ නෑ කියන්න පුළුවන් මොකෝ දැන් ඔක්කොම දුවන්නේ දැනුම හොයාගෙන යන තරගෙක.
අන්න එහෙම ගත්තාම දරුවෙක්ට ජීවිතේ අත්දැකීම් කියන දේ ලැබුනේ නැති උනාම මේ දරුවා කොන් වෙන එක ඉබේම වෙනවා... හැම කෙනෙක් තුලම නායකයෙක් ඉන්නවා. හැම කෙනෙක්ටම තමන්ට ආවේනික වෙච්ච හැකියා තියෙනවා. අන්න ඒ දේවල් තමන් තුලින් අදුනගන්න පවුලෙන් සමාජයෙන් ලැබෙන අත්දැකීම් වල සහයෝගය අනිවාර්යයෙන් ම තියෙනවා. අපේ අත්දැකීම් වලින් ලැබෙන පන්නරයෙන් තමයි මට මේ දේ පුළුවන් කියල අදුනගෙන මන් මේ පැත්තෙන් ඉස්සරහට යනවා කියන හැගීම හිතට එන්නේ.
මේකට හොඳම උදාහරණ තියෙනවා සත්ව ලෝකේ .....
දැකලා තියෙනවද කුරුළු රංචු අහසේ පියාඹන හැටි?
V අකුරේ හැඩේට පියාඹන කුරුළු රංචුවේ ඉස්ස්රහෙන්ම යන්නේ රංචුවේ නායකයා....
එතකොට තව ප්‍රශ්නයක් එනවා මොකෝ මේ V අකුරේ හැඩේටම පියාඹන්නේ ? ඒ ප්‍රතිරෝධය අඩුකරගන්න තමයි එහෙම පියාඹන්නේ...
දැන් ආයෙත් නායක කම ගැන කතා කරමු.....
මේ කණ්ඩායමේ ඉස්සරහෙන් යන නායකයා සරින් සැරේ මාරු වෙනවා මහන්සි උනාම. පේනවද මේ V අකුරේ එක පාදයක් කොටයි එක පාදයක් දිගයි. එකට හේතුව තමයි මේ කණ්ඩායමේ ඉස්සරහෙන් යන නායකයට මහන්සි උනාම එයා ගිහින් එකතු වෙනවා අර දිගම පාදයේ කෙලවරට. ඒ දිග පාදයේ ඉන්නේ කලින් නායකයෝ වෙච්ච කට්ටිය. එතකොට අර කොට පාදයේ ඊළඟට ඉන්න කුරුල්ලා තමයි අලුත් නායකයා. ඒ විදිහට හැමෝම නායකයෙක් විදිහට වගකීමක් ගන්නවා.
අපේ ජීවිත ගත්තාම කී දෙනෙක් කියනවා ඇහිලා තියෙනවද මටත් අවස්තාවක් ලැබුනා නම් කියල. ඒත් අපිත් දැනගන්න ඕනේ ඉස්සරහට යන්න නම් අවස්තාවක් හොයාගන්න නැත්නම් ලබාගන්න. දෙවියෝ ගෙනත් දෙයි කියල අහස දිහා බලන් හිටියට වැඩක් නෑ ඇහුම තරමේ අහසෙන් වැටෙන වතුර ටිකක් කටට ගන්න වහින වෙලාවට කට අරගෙන හිටියට වැඩක් නෑ වැහි බිඳු කීයද කටට වැටෙන්නේ? වතුර එකතු කරගන්න ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ.
ජීවිතෙත් ඒ වගේ, නැත්නම් තමන්ගේ බර වගේ නම ගුනෙක බරක් උස්සන් යන්න පුළුවන් කුඹියා තමන්ගේ ඇඟ දිහා බලලා අනේ මට මේ කෑම කන්දරාව උස්සන් යන්න බෑ කියල පැත්තකට උනා නම් කෑම නැති කාලෙට කන්නේ මොනවද?
ඉතින් ඔයා කොන් වෙලා නෑ... ජීවිතේ හොයාගන්න. අත්දැකීම් ලබාගන්න.
මමත් කොන් වෙන්න හරි ආසයි. මගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ආසාවක් තමයි ඒක.
ReplyDeleteමන් නම් ආස හුදෙකලා වෙන්න
Deleteනෑ කියාස්, මම පොඩි කාලේ ඉඳන්ම ආසා පාන් ගෙඩියෙත් කොනට, නැතිනම් අයිනට. බස් එකේ වුනත් ජනේලේ අයිනේ හරි ෆුට්බෝඩ් එකේ හරි තමයි යන්න ආසා. ඒකයි මම අදහස් කලේ.
Deleteඒ කොන් වීමයි මේකයි දෙකක්නේ ඉතින් කොහොම උනත් ඔයා ඔය කියපු ටිකම මාත් ආසම දේවල් ටිකක්.
DeleteHey I was just kidding. :D
Delete:P
Delete:P
Delete:P
Deleteනායකයෙක් වෙන්න හැමොම ආස වුනාට එක පවත්වගෙන යාම සෙල්ලම් නැ.
ReplyDeleteඑක ඇත්ත තමන්ගේ අනුගාමිකයොත් එක්ක වැඩ කරද්දී ටිකක් අමාරු වැඩක්
Deleteඒක ඇත්ත.... හැමදේම ලැබීමටයි වාසනාවටයි කියල බලන් ඉඳල හරියන්නෙ නෑ.... සමහරුන්ට නම් ලැබෙනව... ඒත් සමහරුන්ට නෑ... වඩා වැදගත් එහෙම ලැබෙන්නෙ නැති අය තමන්ට ලැබෙන්න නැති බව දැනගෙන දුක් වෙවී ඉන්නෙ නැතුව උත්සහ කරන එක... මන්ද.... මගෙ ජීව්තේ මේ වෙනකම් මම ලබපු හැම දෙයක්ම වගේ මම මහන්සි වෙලා ලබාගත්තු දේවල්... ලැබීම් විදිය මට ලැබුන දේවල් බොහොම අල්පයි... අදටත් මම විස්වාස කරන දෙයක් තියෙනව.. ඒ මට මොනව හරි දෙයක් ඕන නම් ආසයි නම් ඒක මට කවදාවත්ම ලැබෙන්නෙ නෑ... හැබැයි මම මහන්සි උනාම එක පාර නැතත් ටිකින් ටික හරි ඒ හැමදේම වගේ මම ලබාගෙන තියෙනව....
ReplyDeleteඒක තමයි වෙන්නත් ඕනේ. මේ ලෝකේ හැමෝම තමන්ට ලැබෙන දේ ලැබෙනකම් බලන් හිටියනම් මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා. අපි තාමත් බලන් ඉන්නවා එහෙනම්
Delete