රෝස මල් පෙති සුවඳ සලලා
යොවුන් සිත ළඟ රොද බැඳෙයි
දෙව්ලොවක් නුඹ සිතේ මැවිලා
තුරුණු හැඟුමට හාදු දෙයි
හදවතේ මුදු ගුණය තවරා
තුරුලතා පෙළ ගී ගයයි
ඒ මිහිරි ගී ඇසී නැළවෙන
නුඹේ සිතුවිලි සරැලි ලයි
සිතේ දළුලන පැතුම් මල් මිට
සෙමින් පුබුදනු බුද්ධියෙන්
ජීවිතය නම් මෙයැයි නිවැරදි
මගක පියවර තබා යං
දුකයි , අපහසුයි සිතන්නට එපා
නෙලුම් පිපුනේ මඩේමයි
සරා සඳ ලෙස දිලෙන් මගේ ලොව
දුවේ නුඹ මගේ ප්‍රාණයයි ෴
2014 ..ෛවශාක්‍ය මස පසළොස්වක පොහෝදින ඔබ මෙලොව
එළිය දුටු දින වගේම පොහෝ දිනයක්.පසළොස්වක පොහොයක්.
පහළොස් වෙනිදා පසළොස්වක පොහොයක්.
සුභ උපන්දිනයක්
-අම්මා-
උපන් දිනයට පොතක් තෑගි දෙන්න තරං ඈ රසකාමියක් වගෙය් මට පේන්නෙ... මොනා වුණත් ඈට දුක හිතෙන්න ඇති එදා සරසවියෙන් එලියට එනකොට ඒක මතක තියං ඉදලම වෙන්න ඇති මේක දෙන්න ඇත්තෙ...
ReplyDeleteමං එක පාරක් කියවන්න ට්‍රයි කරා ඒත් හිතට ඇල්ලුවෙ නෑ... හොදද පොත...
බුද්ධදාසි කියවල තියෙනවද...
්‍ඒක නං පට්ට
ඇත්තටම ඔව් මගේ ජීවිතේට පොත් ලං කලේ අම්මා... උපන් දිනේට පොඩි කාලේ ඉදන්ම හම්බුනේ පොත්
Deleteබෝනික්කෝ ඉන්න ලෝකෙට වැඩිය පොත් එක්ක කාලේ ගෙවන්න මන් ආස කළා පොඩි කාලේ ඉදන්ම
පොත හොඳයි හෙමිට රසවිදින්න පුළුවන් පොතක්
බුද්ධදාසි නම් කියවලා නෑ
සුබ උපන් දිනයක් කියාස්....... අර පොත මරු.......පරම්පරා පම්පෝරියේ නිරුවත....තමා එහි ඇත්තේ.... අම්මගේ වදන් වැලත් මරු...දැන් මොකද පේන්න නැත්තේ වැඩිය..
ReplyDelete:) බොහොම ඉස්තුතියි
Deleteමේ දවස් වල ඉතින් ඉගෙනගන්න පලවෙනි තැන දීලා තියෙන්නේ ඒකයි පෙන්න නැත්තේ
අනික මොකද මන්දා ඉස්සර වගේ කිසිම දෙයක් ලියන්න හිතෙන්නේ නෑ
කියන්න හිතෙන දේවල් කියාගන්න බෑ අෆ්ෆා...
ReplyDeleteඒ මොකෝ අප්පා ඒ?
Delete