Sunday, July 24, 2016

දෑත්........

සිතින් බැඳුනු දින 
වතටම නොව ඒ ආදරය 
පුහු ෆැන්ටසි සමාජ කැඩපතින් එහාට 
ආදරණීය හිතක් හමු වූ මට 
කුමට වෙන සම්පත්????
මෙතෙක් තනි වූ ජීවන ගමනට 
සපැමිණි ජීවන සහකරුවාණෙනි 
ඔබ ආදරණීය සිත
තුළ 
ළබැඳියෙකු ලෙස සැමදා 
රැඳෙනු වස් 
යදිමි නෙතු දසුනට 
මෙතෙක් හමු නොවූ ... 
දෙවියන් නොව 
ම සිත තුළම අරක්ගත් 
ඉෂ්ඨ දේවතාව වූ ඔබෙන්.... 
ආදරණීය ලෙසින් 
අද අල්වාගත්  මේ දෑත
ඒ මොහත 
මිහිරි රැකවරණයක් ගෙනා බැව් 
ඔබ නොදන්නෙහිද මා නොදනිමි ... 
එය ම සොඳුරුතම 
තවත් මතකයක් ලෙසින් 
නිදන්ගත කරගතිමි 
නිරාමිස ආදරයෙන්.... 



6 comments:

  1. ආදරණීය හිතක් හමු වූ මට
    කුමට වෙන සම්පත්????

    කිසිම දෙයක් නිත්‍ය නොවන බවත් මතක තබා ගත යුතු.

    මෙය අත්දැකීමක් නම් සුභ පැතුම්.

    ReplyDelete
  2. නිරාමිසයි කිව්ව මාරයි නේ අප්පා

    ReplyDelete
  3. ලස්සන ම ලස්සනයි.....

    ReplyDelete