ඒ අතීතය ගෙවිලා ගිහින්, මතකයක්ම විතරක් වෙන
තරමටම... ආදරේ කරනකොට හිතුවෙවත් නැති විදිහට, හැමෝම සුන්දරයි කියන ආදරේ මටම කටුක
මතකයක් විතරක්ම වෙලා... වත්ත අයිනේ තියෙන සුදු අරලිය ගහෙන් මල් දෙක තුනක්ම වැටෙනවා
මන් බලාගෙන හිටියේ හිස් වෙච්ච හිතත් එක්ක... මේ සුදු
පාට අරලිය මල් වලට තමයි නිසල ආසම ... නිසල කියන්නේ කව්ද..? ඔව් ඒ ඔහු තමයි... මගේ
ජීවිතේට ඇවිත් මුළු ආත්මේම ආදරෙන් පුරවන්න පුළුවන් එකම හිත තිබුනේ නිසලට විතරමයි .. ඒත් ඒ හැමදේම
දැන් ඈතින් ඈතට ගිහින් ...
අපි එදා
පන්සල් ගියේ දෙන්නත් එක්කම පන්සල් යන්න හිතේ
තිබුන ආසාවට .. එදා මන් පූජ කරන්න කියලා කඩාගෙන ගියේ මේ අරලිය ගහේම මල්...
“ දන්නවද හසී....?”
“ම්ම්ම්...?”
“ මේ සුදු පාට අරලිය මල් වල තියෙනවා වෙන කිසිම
මලක නැති ලස්සනක් ... සුදු පාට මලේ මැදට වෙන්න ලා කහ පාටකුත් එක්ක ... ඒ දිහා
බලාගෙන ඉන්නකොට හිතත් සැහැල්ලු වෙන තරමටම මේ මල් ලස්සනයි ...”
“ මාත් ආසයි මේ මල් වල සුවඳට .. වෙන කිසිම මලක මේ
තරම් ආස හිතෙන සුවඳක් නෑ ... ආ එකනේ මේකට ටෙම්පල් ෆ්ලවර් කියන්නේ ..”
මන් එහෙම කියනකොට නිසල ගේ මුණට ආවේ ලස්සන හිනාවක්
...
“ ඇයි හිනා වෙන්නේ...?”
“ නෑ ඉතින් මොනවා උනත් ඔයා පණ්ඩිතයි හසී...”
“ හ්ම්..”
“ මොකෝ මේ තරහ උනාද එහෙම කිව්වට..? මන් ආසයිනේ
මගේ කෙල්ලගේ පණ්ඩිත කමට ...”
“ එතකොට මන් විතරද පණ්ඩිත? ඇයි ඔයත් එහෙමනේ ..”
මම
තරහෙන් වගේ කිව්වට හිරකරගෙන හිටපු හිනාව එලියට පැන්නේ අන්තිම ටික කියනකොට ...
“ හා හා ... මාත් පණ්ඩිත වෙන්න එපැයි ඉතින් ඒකනේ
අපි දෙන්නා ගැලපෙන්නේ .. ඒක නෙමෙයි මන් අද බාරයක් උනා මේ බෝධියට..”
“
බාරයක්...? ඒ මොකක්ද?”
“ අපි දෙන්නා බැන්දට පස්සේ ඉස්සෙල්ලම මේ පන්සලට ඇවිත්
බෝධිය නාවලා .. අරලිය මල් පූජ කරනවා කියල..”
ඒ වෙලාවේ මට කියන්න දෙයක් මතක් උනේ නැත්තේ නිසල ඒ
කියපු වචන වල තිබුණ ආදරේ මාව ගොළු කරපු නිසා. මේ තරම් ආදරයක් මන් ගැන..?
“ ඇයි මේ කතා නැත්තේ..? අඩන්න ඔන්න මෙන්න වගේ
මුණත් හදා ගෙන ..? ඔයා ආස නැද්ද එහෙම පන්සල් එන්න...?"
“ නෑ මන් ආසයි ... මට ලෝබ හිතුනා ඔයා ගැන...”
“ ඒ මොකද හසී ..?”
“ නෑ මට ඔච්චරටම ආදරේ කරනවනේ ...”
“ අනේ මගේ කෙල්ලේ...”
හ්ම්ම් ඒ අතීතේ .. අද මන් තනියම අපි දෙන්නගේ
ආදරණීය මතකයත් එක්ක තනි වෙලා.. මේ ඔක්කොම උනේ ගයනි ගේ ගෙදර තිබුන දානේ ගෙදර ගිය නිසා තමයි.. නැත්නම් මගේ ජීවිතේට නිසල
කෙනෙක් එන්නේ නෑ අපි කවදාවත් මුණ ගැහෙන්නේ නෑ... ඒත් අපි දෙන්නා මුණ ගැහෙන්න හිටිය
දෙන්නෙක්ද?.. එහෙමනම් එදා මුණගැහුනේ නැතත් කවද හරි මුණගැහෙන්න තිබුනා... ඒත් එහෙම
මුණ ගැහුනත් මාව කවද හරි තනි කරලා යයිද එයා...?
“ඇයි හසී ඔයා මේ හිතටම වද දෙන්නේ ...?” මගේ
හිතෙන්ම එහෙම අහද්දී මම කල්පනා කරන එක අතෑරලා කුස්සිය පැත්තට ගියේ වැඩට ගිහින් දවස
තිස්සේ මහන්සිවෙලා ගෙදර ඇවිල්ලත් මහන්සිවෙන
අම්මට උදව් කරන්න හිතාගෙන....
මේ ඇත්ත කතාවක්ද? අර අන්තිම දෙබස ඒ බලාපොරොත්තුව හැම ආදරවන්තයෙක්ම ආදරවන්තියක්ම ප්‍රර්ථනා කරන දෙයක් ද මන්දා කියලා හිතුනා.
ReplyDeleteමේක ඇත්ත කතාවක්ද? අත්ත්හටම මේකට දෙන්න ඕනේ උත්තරේ මන් තාම දන්නේ නෑ
Deleteආ ඔයත් එහෙම ප්‍රාර්ථනා කරනවද? :)
ලස්සන කතාවක්... ඇත්ත කතාවක් කියල නිකමට මට හිතෙනව... තව ලියන්න හෝදේ...
ReplyDeleteඇත්ත කොහෙන් හරි ගෑවිලා යන්න හරි තියෙන්න ඕනේ මාත් හිතුවේ ඒකම තමයි. ලියමි ලියමි :D
Deleteකියාගන්න බැරි කතාව මේ අපූරුවට ලියැවිලා තියෙන්නේ.
ReplyDeleteස්තුතියි ස්තුතියි :)
Deleteමුල ඉඳන්ම කියෙව්වා...හිතට දැනෙන හැටියට ලියලා තියෙනවා...
ReplyDeleteඅහන්නත් සතුටුයි :) ලඟදි නේද මේ පැත්තට ආවේ?
Deleteතව කෑලි ෙදකක් විතර වැටුනම ෙහාටු ෙබ්ර ෙබ්ර අඩන්නයි ෙවන්ෙන්..කතාව නං ටිංකිරි වෙග්
ReplyDeleteඅනේ කොළ කෑල්ලක් දෙන්නෙයි?
Deleteනියමෙට ලියලා තියෙනවා.
ReplyDelete:D ස්තුතියි නැවත එන්න
Deleteහයියෝ හසී.... ,
ReplyDeleteදන්නවද ආදරේ කරපු කෙනෙක් ලියන කතාවකයි කතෲ කෙනෙක් ලියන කතාවකයි වෙනස හොඳට අඳුරගන්න පුළුවන්.. කතෲ කෙනෙක් ලියන්නෙ සාම්ප්‍රදායික ආදරය පට්ට ගහන එක.. ඒත් හැඟීමෙන් ලියන කෙනෙක් ලියන්නෙ මේ ලෝකෙ හොඳම ආදරය ගැන, ඒ කියන්නෙ තමන්ගෙ ආදරය ගැන...........................
*************************************
කියාගන්න බෑ බ්ලොග් එක ලියවෙද්දි හසී තනිවෙලා හිටියෙ නෑ.. හසී හොඳට විභාගෙත් පාස් වෙනවා. කැම්පස් සිලෙක්ට් වෙනවා.. ඒත් නිසලට බැරි වෙනවද ?? නිසල හසී කැම්පස් යනවට කැමති නැති වෙයිද ???
බලමු ඊළඟ කොටසින් >>>>>
තේරුනා තේරුනා ඒත් ඉතින් අපිට එහෙම පිනක් නෑ නොවැ තමන්ගේ ආදරේ ගැන කියන්න ;)
Deleteමට අර තරු ටිකට යටින් තිබුන ටික තේරුනේ නෑ නෑ වගේද මන්දා .....
තරු ටිකට යටින් දැම්මෙ කතාව ගැම මගේ පුරෝකථනය අලෝ.............
Deleteඑහෙම කියන්න එපැයි මන් කලබල උනානේ ....:D
Deleteහොඳයි. මාත් අරලිය මල් ගැන දරන්නෙ සමාන අදහසක්...
ReplyDeleteවැරදි තියෙයි මේ මගේ පලවෙනි ලිවීමේ උත්සාහය. ඔව් අරලිය කියන්නේ ඒවගේ මලක් ...
Deleteසාමාන්නෙං ඔය වගේ භාර හාර වෙන්නේ කෙල්ලෝ නේ....
ReplyDeleteමංදා මගේ අත්දැකීං අනුවනං එහෙමයි...
දැනට භාර ගොඩක් තියෙනවා ඔප්පු කරපු නැති..
මේක කියෙව්වම එවුවයි මතක් උනේ..
අයියෝ සල්ලි....
ඒකනේ නේද? මාත්ඕක හිතුවා ඒත් ඉතින් ඒ දෙන්නගේ වැඩ වලට අපිට ඇඟිලි ගහන්න බෑ නොවැ :)
Deleteහයියෝ සල්ලි මොකද ඉතින් කරන්නේ?
අමුතුම දුකක්
ReplyDeleteඊට කලින් දැනිලා නැති දුකක් දැනුනා.....
හරිම ලස්සනට ගලපලා තියනවා......
හැම හිතකටම දුක දැනෙන්නේ එකම විදිහට නෙමෙයිලු නේ :)
Deleteඅරලිය මල් ගැන කියද්දී මත උනේ අපේ පන්සල.. හ්ම්..
ReplyDelete*මත නෙවේ මතක්
Deleteගමේ පන්සලේ කොහොමත් සුදු අරලිය ගහක් දෙකක් වරදින්නෙම නෑ ... එක අතකට පන්සලකට ඒ පරිසරයට ගැලපෙනම දෙයක් වගේ ...
Deleteකියා ගන්න බෑ කියන්නේ බොරුවක් නේද?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නෑ නෑ ඇත්තටම අපිට කියාගන්න බැරි කොච්චර දේවල් තියෙනවද.... හිතට දරාගන්න බැරි සතුටක් ආවත් කියන්නේ කියාගන්න බෑ කියලනේ :)
Delete