මන් ගෙදර ආවා... අද පුදුම දවසක් මන් ගියේ සචී ගේ
හිතේ තිබුන දුක අහන්න මිසක් මගේ වැළලිලා ගිය, අමතක කරන්න කාලයක් තිස්සේ මහන්සි උන
අතීතේ ආයෙත් ගොඩගන්න හිතාගෙන නෙමෙයි ඒත් අන්තිමට උනෙත් ඒකම තමයි.
අපි පන්සලේ ඉඳන් එලියට ඇවිත් බස් හෝල්ට් එකට
ගිහින් බස් එකක් එනකම් හිටියා. සචී කියන්නේ මට ඉන්න ළඟම මිතුරිය කිව්වොත් මන්
ටිකක් හරි. අපි ඉස්කෝලේ යන්නත් කලින් ඉදන්ම යාළුවො. අද වෙනකොට ඒ යාළුකම සහෝදර
බැඳීමක් තරමටම ශක්තිමත් උනේ කාලයත් එක්කම වෙන්න ඇති. මන් සචීව බස් එකට නග්ගලා බස්
ස්ටෑන්ඩ් එකට ගියා මන් ගෙදර යන බස් එකකට නගින්න.
මගේ ෆෝන් එක රින්ග් වෙන්න අරන් ගොඩක් වෙලා වෙන්න
ඇති. මට ඇහුනේ නෑ.. මන් කව්ද කියල බලන්නතුවම ආන්සර් කලේ කෝල් එක කට් වෙයි කියල...
“ හලෝ හසී........?”
“ ආ.... සචී නේද....?”
“ මන් මේ කතා කලේ ඔයා ගෙදර ආවද කියල
බලන්න......... හරි එහෙනම් මන් තියන්නම් .... මාත් දැන් ගෙදර ආවේ...”
“ හරි සචී මන් ගෙදර ... එහෙනම් බුදුසරණයි!....”
හ්ම්ම් සචී ෆෝන් එක තිබ්බා... හරිනම් මමයි සචී ට
කතා කරන්න තිබුනේ. එයයි දුකෙන් හිටියේ. කරන්න දෙයක් නෑ දැන් ඒදේ වෙලා ඉවරයි. එයා
හිතන්න ඇති මන් අද එන්න ඇත්තෙත් ඕනෙවට එපාවට කියල. මොකද මන් එයාගේ හිත හැදෙන්න
කිසිම දෙයක් කිව්වෙත් නෑ නේ. ඒත් මන් කියලත් මොනවා කියන්නද?
“ඔහොම තමයි අපි හිතන දේවල් නෙමෙයිනේ අපේ ජීවිත
වලට වෙන්නේ. හිත හදාගන්න බලන්න . දුකයි
තමයි ඒත් දුක් උනා කියල අපිට අලුතෙන් ලැබෙන්න දෙයක් නෑ නේ?”
එහෙම සාම්ප්‍රදායික වචන කියල මට සචී ගේ හිත හදන්න
ඕනේ උනේ නැත්තේ ඒ වචන වල හිත හදන්න පුළුවන් වෙච්ච්ච හයිය හේදිලා ගිහින් අවුරුදු
ගානක් හින්දා.... මොකද මට උනත් එදා කව්රු හරි මේ ටික කිව්වනම් මන් හිතෙන් බනින්න
තිබුනා “ උඹලට මේ දුක තේරෙන්නේ නෑ යකෝ ... විඳවන්නම ඕනේ කොච්චර රිදෙනවද බලන්න....”
කියලා.
මන් කාමරේ ජනේලයක් ඇරියා .. දැන් හවස 4 ට විතර ඇති. ඒත් තාම ගිනි ගහන අව්වේ සැර අඩු වෙලා නෑ වගේ හුලන් පොදක් වත් නෑ . අපරාදේ ජනේලේ ඇරියේ ... මන් ආයෙත් ජනේලේ වැහුවේ හිතට ආපු තරහටත් එක්ක.
මුළු ඇගම
සීතල වතුරෙන් නෑවිලා යද්දී මන් තවත් ෂවර් එක යටට වෙලා හිටියේ හිතේ ඇවිලෙන්න හදන
ගින්දර නිවාගන්න ඕනෙකමට වගේ.
ඔලුවට වැටෙන වතුර බින්දු ඔලුව පසාරු කරගෙන යනවා
වගේ මට දැනුනේ... මන් ඔලුව අල්ලගෙන බිම ඉඳගත්තා මට තවත් කොච්චර කල් මේ හිත වද
දෙයිද දෙයියනේ......? මන් අත දික්
කරලා ෂැම්පු බෝතලේ ගත්තා
“ම්ම්ම්ම් මොනවද මගේ කෙල්ලේ ඔලුවේ ගාන්නේ ....?”
“ඇයි මොකෝ ඒෂැම්පු එක හොඳ නැද්ද.....?”
“ඕකනේ ඉතින් මොකක් හරි ඇහුවාම පණ්ඩිතය වගේ ඇයි
මොකෝ එකක් ඉස්සරහට දානවා....”
“අනේ නෑ ඉතින් මන් එහෙම ඇහුවේ දැනෙගන්නනේ ....”
ආ මේ සචීනේ....
ReplyDeleteකිව්වැයි මං මතක් කරන්න කිව්වා කියලා????????
:P :P :P
ඔව් ඔව් මන් කිව්වා :D
Deleteමටනම් කියා ගන්න බෑ....
ReplyDeleteඒ මොකෝ කියාගන්න බැරි උනේ එකපාරටම?
Deletenana thenata kauda awe :P
ReplyDeleteඒ වෙලාවේ කව්රුත් ආවේ නෑ අෆ්ෆා :P
Deleteඑකත් එහෙමද?
ReplyDeleteකෝකද එහෙම?
Deleteකවුද අන්තිමට කතා කලේ ?
ReplyDeleteකව්රුත් කතා කලේ නෑ අනේ ඉස්සර මතකයක් කතා කලේ ;)
Deleteම්හ්.. මේක නම් පොඩ්ඩයි හැබැයි !
ReplyDeleteම්ම්ම් මටත් ඕකම හිතුනා ....
Delete//උඹලට මේ දුක තේරෙන්නේ නෑ යකෝ // මාත් එකෙකුට උපදෙස් දෙන්න ගිහින් ඔන්න ඔහොම එකක් අහ ගත්ත දවසක්. අමිශ්‍ර සිංහල සමග.. :)
ReplyDeleteඇයි මොකෝ.. :D
අන්න ඒකනේ කාට උනත් දුකෙන් ඉන්නකොට ඔහොම උපදෙස් දෙනවනම් අනිවා ඒ මනුස්සයා කටින් කිව්වේ නැතත් හිතෙන ඔහොම කියනවා :)
Deleteමොකෝ ඇයි මොකෝ කියන්නේ? ;)
අර ෂවර් එක යට කතාව දකිද්දි මතක් වුණේ සිත්තරි මං ගේ කවියක්..
ReplyDeleteඅහ්හ් ඒ කියන්නේ මට සිත්තරී අක්කගේ කවියක් මිස් වෙලා :/
Deleteඒ ෂැම්පු එක හොදයි අනේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ෂැම්පු එක අන්තිමට හොද නැති උනාලු :/
Deleteසුභ වේවා!!
ෂැම්පූ බෝතලේ ගන්න අත දික් කරපු ගමන් දෙබස් ඇහුනාම මං බැලුවේ බුවා කොහොමද බාතෲම් එකට රිංගුවේ කියලා...
ReplyDeleteහිකිස් පිස්සු හැදෙයි :)
Deleteකියාගන්න බෑ මේ ලියන්නෙ එයාට කියා ගන්න බැරි උන කතාව.. මට 100% ෂුවර්...
ReplyDeleteමට ඉක්මනටම මේකේ ටර්නිං පොයින්ට් එක දැන ගන්න ඕනා
ආ ඔයා කොහොමද එහෙම කියන්නේ?
Deleteමේකේ ටර්නිං පොයින්ට් එක කොයි වගේ වෙයිද?
මට හිතෙන්නෙ "සැකය"
Deleteහ්ම්ම් ආදර වලි වලට බහුලවම මූලික වෙන දේ !
Deleteමොකෝ තනියම හිනා වෙන්නේ?
ReplyDelete