Sunday, March 10, 2013

තනි හිත ... 05


එදා සෙනසුරාදා දවසක්.. ගයනි ගේ ගෙදර තිබුනේ අවිස්සාවේල්ලේ. අපි එහෙ යන්න ලාඑස්ති උනේ  ගයනිගේ ගෙදර තිබුන දානෙට උදවු වෙන්නත් එක්ක. ඒ උනත් ඒ ගමනෙන් අපි ඔක්කොම වගේ බලාපොරොත්තු උනේ ගෙවල් වලට හිර වෙලා, නිදහස  සීමා වෙලා තිබුන අපේ ලෝක වලින් දවසකට හරි එලියට එන්න ... ගයනිගේ ගෙදර යන්න අපි හය දෙනෙක් ලෑස්ති උනා.. 



උදේ පාන්දරම මහරගමින් අපි හය දෙනාම කෝච්චියට නැග්ගා.. මන් හැමදාම වගේ කෝච්චියෙන් එලිය බලාගෙන ආවේ පොඩි කාලේ ඉඳන් මට තිබුන පුරුද්දට. හෝමාගමදී අපි හිටපු පෙට්ටියේ හිටිය ඔක්කොම වගේ බැහැල ගියාට පස්සේ ඉතුරු උනේ අපි හය දෙනා ඒ කියන්නේ කසුනි, ඉසුරි, නිමාෂා, ඉශානි, නිරාශා කියන එකම පන්තියේ යාළුවො ටිකයි , තරුණ අම්මෙකුයි තාත්තෙකුයි එක්ක හිටපු පොඩි ළමයි දෙන්නෙකුයි විතරයි...

අපි උදේට කන්න කියලා ගෙනාපු කෑම කාලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔක්කොම එකතු වෙලා සින්දු කිව්වා..අර අම්මයි තාත්තයි එක්ක හිටපු පොඩි එවුන් දෙන්නත් අපි ලඟට ඇවිත් අත්පුඩි ගගහ සින්දු කිව්වේ හරි සන්තෝසෙන්..
හෝමාගම ඉඳන් අවිස්සාවේල්ල පැත්තට කෝච්චිය ඇදෙද්දී දකින්න ලැබුන වටපිටාවට මට ආස හිතුනේ තාම මේ පති වල ගමේ සුන්දරත්වය කියන දේ ටිකක් දකින්න ලැබුන නිසා වෙන්න ඇති.

රේල් පාර ළඟ තියෙන ගෙවල් වල මිදුලට බැහැලා සෙල්ලම් කරන පොඩි එවුන් කෝච්චිය එනවා දැක්කාම අත වනන කොට අපිත් අත වැනුවේ ස්කොලේ පහේ , හයේ ඉන්න ළමයි ගානට.

අවිස්සාවේල්ල ස්ටේෂන් එකෙන් බහිනකොට ගයනි එයාගේ අයියත් එක්ක ගෙදර වාහනෙන් ඇවිත් හිටියා අපිව එක්කගෙන යන්න. ස්ටේෂන් එකේ ඉඳන් ටවුන් එක පැත්තට යනකොට පොඩි කන්දක් උඩට වෙන්න තමයි  ගයනිල ගේ ගෙදර තිබුනේ.

දානේ වැඩ ටික කරගන්න අපිත් පුළු පුළුවන් විදිහට හැමෝටම උදවු උනා. දවල් වෙනකොට දානේ වැඩ ඔක්කොම වගේ ඉවර වෙලා ගයනිත් එක්ක වත්ත පල්ලෙහාට ඇවිදින්න ගියා. 

ඒ වත්ත පල්ලෙහායින් පොඩි දොළ පාරක් ගලාගෙන යනවා හරි ලස්සනට.. ඒක දැකපු කසුනියි නිමාෂායි අනිත් තුන් දෙනාවත් ඇදගෙන ඒ පැත්තට දිව්වා.. ගයනියි මායි හෙමීට ඒ පැත්තට ඇවිදගෙන යන අතරේ ගයනි...

“ ඒ හසී...”

“ඇයි....?”

“ ඔයාට මතකද අර දානේ වෙලාවේ අළු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන කොල්ලෙක් හිටියේ....”



“ඔව් .. එයාව නේද මම ඔයාට පෙන්නුවේ මේ වගේ දේකදී වත් සුදු පාට ඇඳුමක් ඇඳන් එන්න බැරි කෙනෙක්  කියලා...”

“අන්න ඒ කොල්ලා තමයි බන්... අපේ තාත්තගේ යාලුවෙක්ගෙ පුතෙක්..”

“ ඉතින් මට මොකද බන්...”

“ඕකනේ කියන්නේ මැදට පනින්න එපා...”

“හා... ඔන්න මන් අයිනට උනා.. දැන් ඉතින් කියාගෙන යන්නකෝ...”

“ඒ කොල්ලා මගෙන් උඹ ගැන ඇහුවනේ බන්....”

ඒ එක්කම වගේ දොළ පාර බලන්න දුවපු පස් දෙනා අපි දෙන්නා දිහාට ආවේ “මෙන්න මුන් දෙන්නා මොකක්දෝ කුමන්ත්‍රණයක් කරනවා...” කියාගෙන. 

එතනින්ම ගයනි කියාගෙන ආපු කතාව නැවතුනේ කසුනේ අද දවස ගැන කියවන්න පටන් ගත්ත නිසා...

එහෙම කතා කරන ගමන් අපි ඇවිදගෙන යනකොට ලොකු අඹ ගහක් යට තිබුන ලෑලි බැංකුවක් දැකලා අපි ගිහින් වාඩි උනා. පහළ බැලුවාම පාරේ යන වාහන... එතනට ලස්සනට ඈත පේනවා ... නම් වලින් කියන්න දන්නේ නැති කඳු පේලියක් ඈතින් පේනවා.

“ බාගෙට මීදුමෙන් වැහිච්ච කඳු වල මුදුන් වලට වැස්සත්  පල්ලෙහා පැති  වලට වහින්නේ නෑ වෙලාවකට ....”  කියල ගයනි කිව්වේ මන් ඒ දිහා බලාගෙන ඉන්නවා දැකලා...



ඒ කතාවත් එක්කම කට්ටිය කතා වෙන්න ගත්තේ පව්ලේ අයත් එක්ක ගිය විනෝද ගමන් ගැන.නිමාෂා ගිය මාසේ නුවර එළියේ ගිය එක ගැන කියනවා..

“ අනේ පිස්සු හැදෙනවා බන් .. අපේ අයියයි තාත්තයි දෙන්නම එකයි... අනුරාධපුරේ ගියා නම් ඊට වඩා හොඳයි..”

“ ඇයි නිමාෂා ඒ ...?”

“කොහෙද බන් අපේ අම්මත් කිව්වා එහෙට මේ කාලේ වැස්ස .. එහෙ යන්නේ නැතුව වෙන කොහේ හරි යන්න දා ගමු කියලා.. කොහෙද අපේ අයියගේ යාලුවෙක් ඉන්නවා කියල එහෙ නැවතිලා ඕනේ තැනක ඇවිදින්න යන්න පුළුවන් කියල ඔන්න ගියේ.. අන්තිමට යාළුවගේ ගේ ඇතුලට වෙලා කැරම් ගහන්න තමයි උනේ.. මට නම් නුවර එළියත් එපා උනා...”

හ්ම්ම්ම්... ඒ එක්කම මන් කල්පනා කලේ මන් ගැන.. ඉස්සර අම්මයි තාත්තයි මාවත් එක්කගෙන ඉස්කෝලේ හැම නිවාඩුවකදීම කොහේ හරි ඇවිදින්න ගියා.. කොච්චර සන්තොසෙන්ද අපි හිටියේ.. ඒත් ඒ හැමදේම නැති උනේ තාත්තගේ මරණෙත් එක්ක.. මට අවුරුදු 16 දී අම්මයි මාවයි මේ ලෝකේ තනි කරලා තාත්තා යන්න ගියා.. තාම මට ඒ ක හීනයක් වගේ... මම අදටත් බලන් ඉන්නේ තාත්තා දුර ගමනක් ගිහින් ආපහු මන් ලඟට එයි කියල.. හ්ම්ම් ...

“ගයනි................”

ඈතින් ඇහුන ඒ කටහඬත් එක්ක මාව ගැස්සිලා ගියා... අපි ඔක්කොම වගේ ඒ කව්ද කියල බලන්න ඒ කටහඬ ආපු පැත්තට හැරුනා.. ඒ අර මන් ගැන ඇහුවා කියන කෙනා නේද...? දුවගෙන ආව නිසා එයා ගැන මට තව මුකුත් හිතාගන්න වෙලාවක් ඉතුරු කරන්නේ නැතුවම එයා අපි වාඩි වෙලා හිටපු අඹ ගහ ලඟට ආවා..

“ කාගේද මේ ෆෝන් එක...?”

එහෙම කියල එයාගේ අතේ තිබුන ෆෝන් එක පෙන්නුවා.. ඒ මගේ ෆෝන් එක! මන් වත්ත පල්ලෙහාට එනකොට ගයනිගේ පොත් මේසේ උඩින් තියලා ආවේ.

“ඒ..ක ..” මගේ කියන්නත් කලින් එයා මන් දිහාට හැරිලා ෆෝන් එක මගේ අතින් තිබ්බා..

“අපි ගයනිගේ කාමරේ තිබුන පුටු ටික ගෙනියන්න කාමරේට ආපු වෙලාවේ මට ඇහුනා ෆෝන් එකක් රින්ග් වෙනවා.. ස්ක්‍රීන් එකේ වැටුනේ අම්මා කියලා.. ඉතින් මන් හිතුවා ආන්සර් කලේ නැති උනොත් ගෙදරින් කලබල වෙයි කියල ඒකයි ගෙනාවේ...”





28 comments:

  1. එහෙනම් නම්බරෙත් අරන් ද ? :ඕ

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ... කොල්ලොනේ :D

      Delete
  2. අනේ ඔය ඔය කියාගන්න බෑ කියන එක වෙනස් කරන්න අප්පා.

    ReplyDelete
    Replies
    1. ඉතින් මට නමක් හිතා ගන්න බෑ නේ :/

      Delete
    2. අනේ ඔව්. ඔය නම අපිට ලියාගන්නත් අමාරුයි. ඇයි ඔයාට පුලුවන්නෙ ඔයාගෙ නමේ මුල් කෑල්ල, නික් නේම් එක, පූසෙක්ගෙ නමක්, මලක නමක්, ගඟක නමක්, නැතිනම් ඔය මොකක්හරි නමක්.


      මේක කියාගන්න බෑ, කියාගන්න බෑට, කියාගන්න බෑ වෙත, කියාගන්න බෑ කෙරෙහි, කියාගන්න බෑ උදෙසා, කියාගන්න බෑ සඳහා, කියාගන්න බෑගෙන්, කියාගන්න බෑ සමග, හයියෝ... ලියාගන්නත් බෑ.:)

      Delete
    3. දැන් ඔය කිව්වා වගේ මමත් බ්ලොග් එක පටන් ගන්නකොට හිතුවා හිතුවා දිගටම හිතුවා ... ඔහොම හිත හිත ඉන්නකොට මට හිතුනා මෙහෙම ගියොත් මේක කෙරෙන වැඩක් නෙමෙයි කියල ... ඉතින් ඒ දවස් වල මගේ කටේම තිබ්බේ කියාගන්න බෑ කියල... ඉතින් එකෙන්ම පටන් ගත්තා...

      Delete
    4. Donkey , Monkey වගේ නමක් කොහොමද? ඒව හරි Funky නේ ? :P

      Delete
    5. අනේ සෝ සුවිට් :/ අනේ අම්මපා ඕවාද මතක් වෙන්නේ ආ?

      Delete
  3. අනේ මන්දා ඉතින් ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේමන්දා නෙමෙයි මහ රජ ..

      Delete
  4. අම්මා කියල දාල තිබුනෙ "නිසල"ගෙ නම්බර් එක වෙන්න ඇති...


    ග්‍ර්ර්ර්ර්ර්ර්ර්..... දවසක් මං හනී බනියට අයිස් ක්‍රීම් එකක් ගේන්න යද්දි කොල්ලෙක් නම්බරේ දීලා.. ඌ දන්නෙ නැතුව.. ඉතිං එයා ඌ ඉස්සරහම මට ඒ කොලේ දුන්නා.. පවු.. ඒ වෙලාවෙ උගේ මූණ මට තාමත් මතකයි....

    අවවාදයයි :-
    ඔබ සතුව ඇත්තේ මොබිටෙල් අංකයක් නම් කිසිදු විටෙක ළඟදී හදුනා ගත් මිතුරන් වෙත ලබා නොදෙන්න....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ වෙනකොට නිසල ව හසී අඳුරන්නෙවත් නෑ ... මන් හිතන්නේ ඔයාට ටිකක් ටැපලිලා ..

      මොනවා උනත් හනී බනී හොඳ කෙල්ලෙක් :)

      පිළිපැදීමට පෙර දැනුවත් වීමට ... ඇයි එතකොට ඩයලොග්, එටිසලාට්, හච්...?

      Delete
  5. අනේ මන්ද කියාගන්න බැරුවද මෙච්චර වෙලා හිතේ තියාගෙන හිටියෙ... ලගට ආපු එකේ කියන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. කව්රු ලඟට ආපු වේලාවේද හප්පේ?

      Delete
  6. මූ හොඳ කොල්ලෙක් නම් තමන්ගේ ෆෝන් එකට මිස්කෝල් එකකුත් ගහලා කෝල් හිස්ටි එකේ ඒක ඩෙලීට් කරනත් ඉවර වෙන්න ඕන.

    මෙලෝ රහක් නැති එකෙක් නම් ඒ මොකුත් නොකර ඔයා නොම්මරේ දෙයි කියලා බලන් ඉන්නවා වෙන්න ඕන.

    ගමේ සුන්දරත්වය කියද්දී ලංකාවට එන්න ලබන මාසේ වෙනකම් ඉන්න බෑ වගේ අප්පා . . .

    කෝට්ටේ හිටපු මම ත් මීගොඩ කියන දිහාට ගෙයක් හදාගෙන ගියේ ගමේ සුන්දරත්වය, වෙලක අසිරිය දකින ගමන් අපේම කියල කෙහෙල් ගහක් වත් හිටෝ ගෙන ගෙඩියක් කන්න තියෙන ආසාව ඉස්ට කර ගන්න . .

    ReplyDelete
    Replies
    1. එයා ඉතින් :)

      අහ්හ් එහෙමද? යන්තම් මීගොඩ ඉන්න කෙනෙක් අඳුනගන්න ලැබුනා ... සතුටුයි සතුටුයි :) ඒත් දැන් මීගොඩත් ඉස්සර වගේ නෙමෙයි ඒ ලස්සන දැන් ටිකෙන් ටික ඈත් වෙනවා.. මන් ආසම පන්සල තියෙන්නේ මීගොඩ..

      Delete
    2. දුකා මලයෝ ලංකාවට ආවොත් අනිවා මං ඉන්න පැත්තට ඇවිත් යන්න එන්න..සාමාන්‍යයෙන් මං සතියේ දවස් 5ම උදේ ඉදන් රැ වෙනකම්ම ඉන්නවා.

      Delete
    3. නලින් අයියා කොහේද ඉන්නේ?
      බේරේ ගෙදර නේද?
      බේරේ ගෙදර පැත්ත නම් බලාගෙන බත් කන්නේ වත් නෑ අපෝ මම නම් . . හික්ස්

      Delete
  7. කතාවේ ආරම්භයට නම් මං හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ පලවෙනි කොටසටද?

      Delete
  8. කියාගන්න බෑ අතුරුදහන් වෙයි......
    සොයා දෙන්න උන් හට ඇතෙක් බරට වස්තුව...

    ReplyDelete
    Replies
    1. :) ඔන්න මන් ආවා බලන්න මාව මතක් වෙලා තියෙන්නේ ඔයාට විතරනේ :/

      Delete
  9. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඔයාගෙ 'තනි හිත' පට්ටම ගොං අප්පා.........!:-P

    ReplyDelete
    Replies
    1. එහෙනම් මන් අර ඔයා කියපු කතාව ලියන්නද? ;)

      Delete
    2. එහෙනම් උඹ ජීවිතේට ලව් කරපු නැති කෙනෙක් :D

      Delete
    3. අන්න අයියේ හරියටම හරි කතාව :D

      Delete