බෝඩිමේ ඉදන් අකුරු කරන සිතුවිලි
හොකොමද ඉතින් ...............,
හැමදාම වගේ ඉතින් අහන දෙයින් මන් පටන් ගත්තා. මන් ආයේ කරන්නේ අතීතෙට යන එක. ඔයා මගෙන් කැමැත්ත අහපු දවස.... පෙබරවාරි 14 ඒ 2009 අවුරුද්දේ. අපි දෙන්නා වැඩිය දන්නෙත් නෑ... ඔයා එහෙම අහනකොට මන් පාඩම් කරනගමන් හිටියේ. මාව නිකම් කරකවලා අත්හැරිය වගේ උනා. මොකද දෙයියනේ මේ කියල. මන් විශ්වාස කළෙම නෑ ඔයා මේ ඇත්තටමයි අහන්නේ කියල. මතකද ඒ කාලේ අපි කොච්චර දේවල් කතා කලාද කියල... ඔයා මාව කොච්චර බය කලාද? තව ටිකෙන් එදා නුගේගොඩ දී මන් වාහනේකට හැප්පිලා මැරෙනවා අක්කා හිටියේ නැත්නම්.. හ්ම්ම්.. මතකද අපි හම්බවෙන්න හිටපු දවස? වැව්රුකන්නල අපි එන දවසේ එහෙ පෙරහැර. එදා ඔයා එනවා කියල ඔයා එනකම් ඉදලා මගේ ඇස් දෙකත් රිදුනා. අන්තිමට ඔයා පෙරහැරේ. මන් ගෙදර යනවා කියල පිටත් වුනා. එදා හම්බුනෙත් නෑ නේ.... අද වෙනකම්.... අන්තිමට ඔයාගේ හිත වෙන කෙනෙක්ට දුන්නා. මොකද මන් ඔයාට කැමැත්ත දුන්නේ නැති නිසා.. එදා ඇත්තම කියනවම් මං හිතින් ඇඩුවා.. මොකද මට ඔයාව නැති උනා කියල එදා මට දැනුනා... අපි යාළුවො වගේ ඉමු කිව්වට එදා මට දැනුනා මන් ඔයාට මෙච්චර කාලයක් ආදරේ කළා කියල..... කරන්න දෙයක් නෑ මන් ඒ වෙනකොට පරක්කු වැඩියි... මන් ඔයාට හිතින් සුබ පැතුවා... මොකද මට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා... ඒත් ඉදලා හිටලා ඔයා මට කතා කලේ ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයක් මාත් එක්ක කතා කරන්න.... ඒත් ආයෙත් ඔයා තනි වුනා.... ඔයා ආයෙත් මගෙන් ඇහුවා .... ඇත්තටම මන් ඔයාට හා කිව්වා.... ඒ වෙනකොටත් මන් ඒ ආදරේ මගේ හිතේ තියාගෙන හිටපු නිසා... ඒත් අපි දෙන්නට හම්බවෙන්න බැරි වුනා... කතා කරන්න බැරි උනා... එදා මන් දුන්න කැමැත්ත ඔහේ පාවෙලා ගිය වලාකුලක් වගේ ඔයාගේ ඇස් ඉස්සරහින් යන්න ඇති.... ඔයාත් ඒ දේ අමතක වෙන්න ඇති. මොකද මට ඔයාව හම්බවෙන්න එන්න වෙලාවක් තිබුනේ නැති එක ගැන මාත් එක්ක ටිකක් තරහෙන් හිටියේ ඔයා. මට වුවමනාවක් නැතුව නෙමෙයි. මන් කරන දේ එක්ක මට නිවාඩු ගන්න අමාරුයි. මොනවා උනත් ඔයාට හිතෙන්න ඇති එදා මන් කියපු දේවල් හීනයක් කියල. එදා මන් දුන්න කැමැත්ත අවලංගු වෙලා යන්න ඇති.
කාලෙකට පස්සේ ඊයේ මන් මූණු පොතට ඇවිත් බලනකොට ඔයා life event එක වෙනස් කරලා තිබුනා" got engaged " මං ඒක එච්චර හිතුවේ නෑ මොකද මූණු පොතේ කට්ටිය ඕක එක එක වෙලාවට හිතුන හිතුන විදිහට වෙනස් කරනවනේ කියල. එත් ටික වෙලාවකින් ඔයා upload කරලා තිබුනා ඔයාගේ engagement එකේ photos... ඒ වෙලාවේ මගේ ඇස් දෙකෙන් කදුළු වැටෙනවා මට තේරුනේ ටික වෙලාවකට පස්සේ... සමාවෙන්න මට අයිතියක් නෑ එහෙම අඩන්න.. මන් මුළු හිතින්ම ඔය දෙන්නට සුබ පැතුවා... ඒ වගේම තමයි මං මුළු හිතින්ම ආදරේ කළා... ඊයේ ඔයා මගෙන් ඇහුවා අපේ වෙඩින් එකට අනිවාර්යයෙන් එනවා නේද ? කියල.... එත් මන් ඒකට උත්තරයක් දුන්නේ නැත්තේ මං ගොඩක් වෙලාවට ඔයාගේ වෙඩින් එකට එන එකක් නෑ.... එත් ඉන්න තැනක ඉදන් මන් සුබ පත්තනවා හැමදාමත් සතුටින් ඉන්න... කවදාවත් අමතක වෙන එකක් නෑ මොකද මුලින්ම ඇහුවෙත් ඔයා ආදරේ කලෙත් ඔයාට.... ඉතින් ඒ මතක හැමදාමත් තියේවි... ජය මංගලම් යාලුවේ......
මං හැමදාමත් කියාගන්න බැරිවෙච්ච එකා උන
කියාස්
අදයි මේ පැත්තට ගොඩ වැදුනේ.ඔයාත් මං වගේ අාදර කතා ලියනවද,..
ReplyDelete:) ටිකක් ඒ වගේ තමයි
Deleteමචන් මමත් මේ වගේම දවසකට මූණ දෙනවා ලබන සතියේ..
ReplyDeleteඒක නම් පට්ට
Deleteහ්ම්ම්ම් ලෝක සොබාවේ තමයි යාලුවා
ReplyDeleteතීරන ගන්න කලබල වෙන එක වගෙම පරක්කු වෙන එකත් පසුතැවිලි වෙන්න හේතුවක්
ReplyDelete~අNu
ඇත්ත කතාවක්
DeleteDaiwayaka Saradama
ReplyDelete