Wednesday, March 18, 2015

චරිතේ

ඔන්න ඉතින් ටික කාලයක් තිස්සේ ඉගෙන ගන්න ට්‍රයි එකක් දුන්නත් කවදාවත් ලෙක්චර් එකක හරියට ඉන්න බැරිවෙච්චි එකා වෙච්චි මම ඊයේ දෙයියනේ කියල හෝල් එකේ හිටියා. එත් මොන හෙනහුරා ලබලද මන්දා මගේ කේන්දරේ ට මොකද මන් හිටියට ලෙක්චර කෙනෙක් ආවේ නෑ. මදැයි ඉතින් කාලෙකින් ලෙක්ච එකකට ඉන්න කියල ආවා.
ඉතින් ඔහොම ඉන්නකොට අපිට ඩ්‍රාමා කරන මැඩම් ආපි හෝල් එකට.
මැඩම්- හරි හරි කට්ටියම වාඩි  වෙන්නකෝ බලන්න
මගේ ළඟ ඉන්න එකා - ඒ මොනවා බලන්නද දන්නේ නෑ නේ?
මම - කට  යකෝ
මැඩම් - දැන් ඉතින් ඔයාලගේ සෙකන්ඩ් ඉයර් එකත් ඉවර වෙන්නනේ යන්නේ ඉතින් එග්සෑම් එකට අපි ප්‍රැක්ටිකල් ගන්නත් ඕනේ නේ? අදම පටන් ගමු නේද?
මම - ( හුටා! මදැයි ඉඳලා ඉඳලා ලෙක්චර් එකකට ආවා)
මැඩම්- හරි දැන් ඔය පලවෙනි පස් දෙනා එන්න ඇවිත් මෙතනින් එක චිට් එකක් අරගන්න. ඒකෙ තියෙන චරිතෙට ලෑස්තිවෙන්න විනාඩි දෙකක් දෙනවා
එහා පැත්තේ එකා - විනාඩි දෙක තියාගෙන අල කන්නද බං ?
මම - නෑ තියලා වාඩිවෙයන්
ඉතින් ඒ පස් දෙනාට හම්බවෙලා තිබුනේ කොන්දොස්තර, දේශපාලඥයෙක්,වෙළෙන්දෙක්, හිගන්නෙක්, අහිකුන්ටකයෙක්
ඉතින් ඔය පලවෙනි පස් දෙනාගේ සෙට් එකේ මගේ ෆිට් එකකුත් හිටියා එකාට ඇවිත් තිබුනේ කොන්දොස්තර
මම- ශා...... මරුනේ බන්
කොන්දොස්තර - පිස්සුද යකෝ මාව දැන් වෙව්ලනවා
මම- ලේසිම එකක්නේ හම්බවෙලා තියෙන්නේ අහවල් එකටද වෙව්ලන්නේ
කොන්දොස්තර - කියපිය දෙබස් ටිකක් මෙතන ඉගෙන බයිලා කියවන්නේ නැතුව
 කොහොම හරි ඉතින් කොන්දත් අපෙන් දෙබස් ටිකක් හරි ගස්සාගෙන ගිහින් රඟපානවා
කොන්දා - කොට්ටාව .. පිටෝ...ටුව හා...  හා. නගින්න නගින්න ඔය ඔය මල්ලි ෆුට් බෝර්ඩ් එකෙන් උඩට යන්න. මොකක්ද නෝනා මාරු සල්ලි අරගෙන බස් එකට නගින්න මෙතන පන්සීයේ කොළ දික් කලාම අපි කොහොමද ඉතුරු සල්ලි දෙන්නේ ? හරේ.... ඔය මොකක්ද මෙච්චර බස් එකේ ඉඩ තියෙද්දී දොර ගාව තද වෙලා ඉන්නේ ඔය මැද්ද පේලියෙන් ඉස්සරහට යන්නකෝ.... ඔය රතු පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්න නංගි මැද පොල්ල අතැරලා ඉස්සරහට යන්නකෝ ...

මැඩම් - ( හිනාවෙමින් ) හා හා ඇති ඇති දැන් ඊළඟ හත් දෙනා එන්න බලන්න
මම- ( මදැයි ඔය කොලේ! මන් හිටියේ 12 වෙනියට දැන් ඉතින් යමන්කෝ :/
මාත් ඉතින් ගියා මේසේ ලඟට. හම්මේ මන් යනකොට අපේ අනිත් ටික පොර කාලා චිට් ටික අරගෙන මට එකක් ඉතුරු කරලා තිබුනා...
මාත් ඉතින් චිට් එක අරගෙන බැලුවා.. හම්මේ හිත කූල් වෙලා ගියා .... " ප්‍රේමවන්තයෙක් !?"
මට ඒ වෙලාවේ ඉතින් කලන්තේ වගේ ආවා. ඔහොම දෙපැත්තට වැනි වැනි ඉදගන්න ගියා.
එහා පැත්තේ එකා - ඒ මොකක්ද හම්බුනේ මට කොන්දොස්තර (චිට් එක උදුරමින්) අඩේ බලාපන්කෝ මේකාට ඇවිත් තියෙන එක යකෝ..... ප්‍රේමවන්තයෙක් ! ඒ උඹට ගැලපෙනම එක ආ....
අනිත් සෙට් එක - ඒ මරු ආ .... සිරාවට ගැලපෙන එක ඇවිත් තියෙන්නේ ආයෙත් නෑ එකෙන්ම ආ
මම - (මුන් නම් අම්මපා ශිකේ ... මමනේ දන්නේ ඉතින් වෙව්ලන තරම) හා හා... මගේ කෙල්ල වෙන්න කව්ද එන්නේ ?
නිශා - මන් එන්නම් ^_^
මම - අඩේ තෑන්ක්ස් ආ....
 ඉතින් ඔහොම ගිහින් මගේ වාරෙත් ආවා කියාන්කෝ ඉතින් ඔක්කොටම කලින් ගෙනිහින් තිබ්බා පුටු දෙකක් ඔන්න ඉතින් නිශා පුටුවක ඉදගෙන පුපුර පුපුර ඉන්නවා... මන් ඉතින් දඩි බිදී ගාගෙන දුවගෙන ඇවිත් ටිකක් ඈතින් නැවතිලා වෙලාව බලලා කොන්ඩේ හදනවා. ඒ ගමන්ම මටම කියාගන්නවා
මම- පැය බාගයක් පරක්කුයි අදනම් ඉතින් ඉවරයි... මගුල් බස් එක අම්මපා ශික්!
ඉතින් මන් දැන් නිශා ගාවට යනවා ( දෙබස් ටිකක් දුන්නනම් පාඩම් කරගෙන එනවනේ අප්පා දැන් ඉතින් හිතලා කියාන්කෝ) එයාගේ පිටිපස්සෙන් ගිහින් උරහිසෙන් අල්ලගන්නවා.
මම - තරහද?
නිශා - ( නෝ කතා)
මම - කතා කරන්නකෝ නංගි
නිශා - ඇයි අයියේ මට මෙහෙම කරන්නේ මන් කොච්චර වෙලා බලන් හිටියද මෙතනට වෙලා?
මම- පොඩ්ඩක් අහන්නකො නංගි බස් එක පරක්කු උනා මන් වෙලාවට ආවේ ඔෆිස් එකෙන්....
නිශා - බුම්මගෙන අහකබලාගනී
මම - ( නිශාගේ අත අල්ලාගනිමින්) ඔයාට මතකද අපි දෙන්නා හම්බුන පලවෙනි දවස ?
නිශා - හ්ම්ම්ම්
මම - ඔයා වැස්සේ තෙමීගෙන කුඩයක් වත් නැතුව හෙවනක් හොයාගෙන දුවගෙන යද්දී....... අර අර කොහෙවත් නැති නරුමයෙක් දාපු කෙහෙල් ලෙල්ලක් පෑගිලා ඔයා වැටෙන්න යනකොට ............ මන් කොහේ ඉදන් දුවගෙන ඇවිත් ඔයාව අල්ලගත්තද කියන්න මන් අදටවත් දන්නේ නෑ නංගි.
නිශා - ඔයාට ඒකත් දැන් විහිළුවක් උනාද අයියේ
මම - නෑ රත්තරන් මන් කිව්වේ එදා ඒ තරම් ආදරයක් තිබුනානම් මේ හිතේ අදවෙනකොට කොයි තරම් ආදරයක් ආදරයක් තියෙනවද කියල ඇයි නංගි ඔයාට තේරුම් ගන්න බැරි? ඇයි මාව මේ තරම් රිද්දන්නේ ?
නිශා - අනේ අයියේ.....
මම- පොඩි පොඩි දේවල් වලට මේ හිත රිද්දන්න එපා නංගි..... මන් ඔයාර ආදරෙයි නංගි ....
නිශා - මමත්......

ඔන්න ඔහොමයි ඉතින් කතාව ඉවර උනේ :)

ඉතින් අපි දෙන්නා ගිහින් ඉඳගත්තා විතරයි උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බුනා.... අඩෝ තව ටිකක් රඟපෑවනම් මැඩම්ගේ බඩ පැලිලා මැරෙනවා බං! 



12 comments:

  1. හෆූ....යියා.... ප්‍රැක්ටිකල් ටිකකුත කළා නං මැඩම් ආයි මේ පැත්ත බලාගෙන බත් කන් නෑ... :-)

    ReplyDelete
    Replies
    1. හම්මේ අපි ලජ්ජා බයට හැදිච්ච ළමයි ^_^

      Delete
  2. Replies
    1. හූයි හූයි ගගා ඉදලා අායෙම මාස තුනකට විතර අතුරුදහන් වෙයිද දන්නෑ.

      මේ පාරනම් දිගට ම ලියුවේ නැත්තං ඉතින් හූයි හූයි ගාන්න තමයි වෙන්නේ

      Delete
    2. මේ පාර මන් මේ කල්පනා කරන්නේ විභාගේ කොහොම ගොඩ දාගන්නද කියල......... අමතර වැඩ ඔලුවටත් උඩින් ... ඒ අස්සේ මේකට ඔලුව දාලා යන්න හිතුවේ ඔලුව ටිකක් නිදහස් කරගන්න කියල තමයි

      Delete
  3. හම්මට සිරි මෙන්න ඇවිත්..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ අප්පා හෙන අවුල් ගොඩයි

      Delete
  4. සහජ ප්‍රේමනීය හැකියාව කියන්නේ ඕකට තමා... හික්ස්
    කොන්දොස්තර කිව්වම මට මතක් උනේ කාලෙකට කලින් අර කි.බෑ. ම ලියපු පොස්ට් එක.. ගේ ගාව බස් එකේ කොන්දොස්තර ;)

    ReplyDelete
    Replies
    1. සහජ ප්‍රේමනීය හැකියාව තිබ්බට තාම තනිකඩයි

      Delete