Saturday, January 12, 2013

අන්න නයා .........



මේ කතාව මට කිව්වේ කියාගන්න බෑ ගේ අම්මා. මේක ඇත්ත සිද්දියක් කියලා තමයි අම්මා කිව්වේ මොකද මේ සිද්දිය වෙලා තියෙන්නේ කියාගන්න බෑ ගේ සීයාගේ නංගී  දීග දුන්න ගමේ. ඉතින් එහෙම කියනකොට කියාගන්න බෑ ත් පිළිගත්තා මේක පරම සත්‍ය කියලා.

මේකයි කතාව......





යට ගිය දවසක දරිද්‍ර තාවයේ යටිපතුලටම ගිය පවුලක්  ජිවත් උනාලු ගම කෙලවරේ අටවගත්ත කටුමැටි ගේ පොඩ්ඩක . ඉතින් මේ  පවුලේ හිටියේ අම්මයි තාත්තයි කෙල්ලෝ දෙන්නයි එක කොල්ලයි. දවසක් හැන්දෑ යාමේ  මේ අම්මා ලිපට දාන්න දර ටිකක් එකතු කරගන්න ගියා.  ගියා ගියාමයි රෑ ත් වේගෙන එනවා එත් දර එකතු කරන්න ගිය මනුස්සයා නෑ ඉතින් බලන් ඉන්න බැරි නිසා. ළමයින්ගේ තාත්තා ගියා අම්මව හොයාගෙන.

දෙයි හාමුදුරුවනේ මෙන්න මේ මනුස්සයා ඉන්නවා බිම දිගාවෙලා. ඉතින් කොහොම හරි ගෙදරට උස්සගෙන ඇවිත් වෙද මහත්තයා ව එක්කන් ආවා කියමුකෝ. වෙද මහත්තයත් ලෙඩාව බල එහෙම ඔලුව දෙපැත්තට වැනුවේ “ වැඩක් නෑ මැරිලා...” කියන්න.

“ සර්ප දෂ්ටනයක්...... දැන් ඉතින් මොනවා කරන්නද....”

කරන්න ඉතින් දෙයක් නෑ නේ මළගම ගන්නත් එහෙමයි කියලා සල්ලි තිබුන මිනිස්සු නෙමෙයි. එත් ඉතින් මිනියකට උනත් වෙන්න ඕනේ යුතුකම තියෙනවා නේද කියලා  සල්ලි දීලා මිනී පෙට්ටියක් ගන්න බැරි නිසාම වත්තේම තිබුන රුක් ඇත්තන ගහ කපලා මිනී පෙට්ටිය හදලා පහුවදාම  මිනිය වැලලුවා.

ඔන්න දැන් ඉතින් දරුවන්ට අම්මා නැති වෙලා මිනිහට තමුන්ගේ ගෑනි නැති වෙලා. කොහොමද මේ දරුවෝ තුන් දෙනාත් එක්ක ඉස්සරහට ජිවිතේ ගෙනියන්නේ දෙයියනේ ...... කියලා හිත හිත ඉන්න මනුස්සයට එක පාරටම මතක් උනා

“දෙයියන්නටම ඔප්පු වෙච්චාවේ! ගෑනි ගේ කනේ තිබුන කරාඹු ජෝඩුවත් එක්කම නේද මිනිය වැලලුවේ ........”

දැන් මොකද කරන්නේ

 ඔයාලා හිතන්නේ මොකක්ද? දැන් ඉතින් කරන්න දෙයක් නෑ කියලා ඒක අමතක කරලා දැම්මා කියලද?
නැහැ ඔන්න මේ මනුස්සයා ටිකක් හැන්දෑ වෙද්දී මල්ලිත් එක්ක මිනිය වල දැම්ම තැන හාරන්න පටන්  ගත්තා. ඔන්න දැන් පෙට්ටිය මතු කරගෙන පියන ඇරියා කියමුකෝ......... ඉතින් කරාඹු දෙක ගලව ගන්න මේ මනුස්සයා වලට පාත් උනා............


මෙන්න මිනිය එක පාරක් කැස්සා.......

අර මනුස්සයා බය වෙච්ච පාර වල ගාවම ඉන්දුනා........

ඔන්න ආයෙත් කහිනවා.......

ඒ එක්කම මිනිය ඇස් දෙක ඇරියා.... ටිකකින් මිනි පෙට්ටියෙන් නැගිට්ටා .........

හත්තිලව්වයි.........! මේක දැකපු අයියයි මල්ලියි කකුල් දෙකට පින් දිදී ගෙදරට දුවලා දොරවල් ජනෙල් වහගෙන දැන් ඉන්නවලු.. ගෙදර අනිත් අයටත් නිවුස් එක කියලා දැන් කස්ටියම අන්තෙටම බය වෙලා....
ඔන්න ඔය අතරේ ඉතින් වලෙන් නැගිටපු මේ ගෑනු මනුස්සය පරානේ ගෙදරට ඇවිදගෙන ඇවිත් දොරට තට්ටු කරනවලු....

“අනේ මේ දොර අරින්න....... මන් මැරුනේ නෑ........”

පිස්සු හැදෙනවනේ කොහොම කිව්වත් ඉතින් ගෙදර මිනිස්සු දන්නවනේ දෙයියනේ මේ ඉන්නේ මැරිලා භූමිදානය කරපු මළමිනිය කියලා. ඉතින් කොහොම කොව්වත් දොර නම් ඇරියේ නෑ දැන් රෑත් වෙලා.... 

සද්දයක් නැති නිසා ජනේලෙන් එලිය බැලුවාලු දැන් ඉතින් ගිහින් ඇති කියලා. කොහේ යන්නද මේ ඉන්නේ ඉස්සරහ පිල උද නිදාගෙන!

ඔන්න ඉතින් එලි උනාම හොල්මන් පෙන්නේ නෑ කිව්වට මේ හොලමන නම් යන පාටක් නෑ. බැරිම තැන දොර ඇරලා බලලා..

ඔන්න ඉතින් මේකයි සිද්ද වෙලා තියෙන්නේ. මැරිලා කියලා වැලලුවට සිහි නැති වෙලා තිබිලා තියෙන්නේ. අනික රුක් අත්තන කියන ලීය සර්ප විෂ උරාගන්නවලු.

දැන් ඉතින් හිතාගන්න පුළුවන්නේ වෙච්ච දේ..........?

මේ කියන මනුස්සයා මේ සිද්දියෙන් පස්සේ ගොඩක් කල් ජීවත් වෙලා ඉඳලා ලු මැරිලා තියෙන්නේ.
ඕන් ඔහොමයි ලු උනේ.........

සැ.යු :- මේක ඉතින් කටින් කට ආපු කතාවක් හොඳේ .........?

ඉතින් කතාවෙන් කතාවෙන් සර්පයෙක් ගැනත් කියපු එකේ තව දෙයක් කියන්න හිතුනා. මේ මම ඒ කියන්නේ කියාගන්න බෑ ටිකක් විමසිලිමත් කස්ටියක් තමයි මේ සර්ප යාලුවෝ . 

ඔන්න ඉතින් ටිකක් සර්පයෝ ගැන කියපු එකේ එයාල ගැන පොඩ්ඩක් හදුන්වලා දුන්නේ නෑ කි කියලා තරහ වෙයිද දන්නේ නෑ.



මන් ලඟට ඇවිත් මෙහෙම ඇහුවොත්.....?

“ ඇයි යකෝ අපි ගැන කිව්වේ නැත්තේ ඇයි අපි කළු ද......?”

ඉතින් කියාගන්න බෑ ටිකක් එයාලා ගැනත් හිතන නිසා පොඩ්ඩක් එයාලා ගැන කියමු නේද?

අපේ පුංචි රටේ සර්ප යාලු විශේෂ 94 ක් විතර ඉන්නවා. ඒ යාලුවෝ විශේෂ 94 රෙන් 35කගෙ තමයි විෂ කියන දේ තියෙන්නේ එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන සෙට් එකට.මේ  විෂ තියෙනවා කියා සෙට් එකෙන්( 35න්) 20ක් තමයි මාරාන්තික විෂ තියන සෙට් එකට අයිති වෙන්නේ. මේ 20නුත් 13න් දෙනෙක්ම ඉන්නේ මුහුදේ ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්ප යාලු කස්ටිය ගෙන අඩුයි ඒ කියන්නේ 7 දෙනයි.

ඉතින් ගොඩ ඉන්න 7 දෙනා ගැන බලබුකෝ කව්ද මේ කියලා

0  01. ඔන්න මේ කස්ටියගෙනුත් උග්‍රම විෂ තියෙන කෙනා විදිහට ෆස්ට් ප්ලේස් ගන්නේ තෙල් කරවලා නැත්නම් මඟ මරුවා කියන පොර.   Indian krait blue krait (Bungarus caeruleus)


මෙයාගේ මතුපිට තෙල් ගාලා වගේ දිලිසෙනවා. රෑට තමයි පොර ඇක්ටිව් වෙනවා කියලා කියන්නේ. මිනිස් වාසස්ථාන ළඟ වේලිච්ච  කොලරොඩු ගොඩවල් වල තමයි මෙයා ඉන්නවා කියන්නේ. එතකොට මෙයා වැඩිපුරම ඉන්නේ වියලි කලාපිය ශුෂ්ක ප්‍රදේශ වල කියලා කියන්න ඕනේ නෑ නේ හිතාගන්න පුළුවන්නේ....?
ඇත්තටම පොර වගේ හිටියට බය උනාම හරි කලබල උනාම හරි මෙයා ගුලි ගැහිලා ඔලුව හංග ගන්න  එකලු කරන්නේ. මෙයාගේ විෂ වලට මිනිස් ස්නායු පද්ධතිය විනාශ කරලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවලු.

02.  ඊට පස්සේ ඉන්නේ අපි කව්රුත් දන්නා කියන නයා   Cobra (Naja Naja) 

 

මෙයාව ඉතින් අපි දන්නේ පෙනේ නිසයි එකේ තියෙන “ ප ” කියන හැඩේ නිසානේ මොනවා උනත් එහෙම හරි දන්නවනේ අන්න නයා කියන්න. අපේ රටේ මධ්‍යම කඳුකරේ ඇරුනාම හැම තැනම ඉන්නවලු. මෙයාගේ විෂ වලටත් මිනිස්සුන්ගේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය නතර කරන්න පුළුවන් තරම් පවර් එකක් තියෙනවලු. පොර හරියටම දෂ්ට කලොත් පැය 36ක් ඇතුලත රෝගියා මැරෙනවා ලු. මේ පොරගේ පොරී ( මන් පොරී කිව්වේ ගෑනු සතාට :D කොල්ලා පොර නම් කෙල්ල පොරී වෙන්ට එපැයි :P) එකවරකට බිත්තර 20ත් 30ත් අතර ප්‍රමාණයක් දානවලු.

03.   ඊට පස්සේ ඉන්නේ වැලි පොළගා සහෝදරයා Saw-scaled Viper (Echis carinatus carinatus) 



මෙයාගේ ඔලුව ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා ටිකක් විතර ඒ  ශේප් නැතුව ඉතින් සමමිතිකද කියලා බලන්න එපා  ;) මෙයාව හම්බවෙන්න පුළුවන් වැඩිපුරම වියලි කලාපේ වෙරළබඩ පැති වලදී තමයි. රෑට තමයි ඇක්ටිව්. දවල්ට නිවාඩු පාඩුවේ කොළ රොඩු ගොඩක් ඇතුලේ, පඳුරක් අස්සේ,  බුරුල් වැලි පසේ හැංගිලා ඉන්නවලු ( මගෙන් අහන්න එපා හැංගිලා මොනවද කරන්නේ කියලා ඒවා මම දන්නේ නෑ :P). ලෝකේ සර්ප විෂ ශරීර ගත වීමෙන් සිද්ද වෙන ගොඩක් මරණ වලට වග කියන්න ඕනේ මේ පොර ලු.

0  04.   දැන් ඉන්නේ තිත් පොළගා මිත්‍රයා  Russell's Viper (Daboia russelli)


 මෙයාව අපිට උස කඳුකරේ ඇරෙන්න වෙන ඕනෙම තැනකදී හම්බවෙන්න පුළුවන්. ඔන්න මෙයාවනම් රෑ ට වගේම සමහරක් වෙලාවට දවල්ටත් දකින්න පුළුවන් ලු. මෙයාගේ  විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිද්ධ වෙන්න වග කියන්න ඕනේ මෙයා ලු.

   05.   දැන් කියන්නේ පොළොන් තෙලිස්සා නැත්නම් කුණ කටුවා ගැන  Merrem's hump-nosed Viper (Hypnale hypnale)


 මේ කස්ටියගේ එක එක පාට තියෙන කස්ටිය ඉන්නවලු.  අවුලක් නැතුව ලංකාවේ හැම පළාතකම ඉන්නවලු. රෑට තමයි ඇක්ටිව් දවල්ට  කුණුගොඩවල් , ගල් යට වගේ තැන් වල ලු හැංගිලා ඉන්නේ.  ලංකාවේ සර්ප විෂ වලින් සිද්ධ වෙන මරණ වලින් 02% කට වග කියන්න ඕනේ මෙයා ලු.

0  06.   තව එක්කෙනෙක් තමයි මුදු කරවැලා Ceylon krait (Bungarus ceylonicus)



ඔන්න මෙයානම් අපේ රටටම ආවේනික කෙනෙක්. මේ යාළුවා තද දම් නැත්නම් කළු පාට ඒ වගේම ඇගේ හරස් අතට සුදු පාට ඉරි තියෙන කෙනෙක් ( එකනේ  මුදු කරවැලා කියලා කියන්නේ නිකමට යෑ ).  මේ මුදු කරවැල් යාළුවා  දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වෙනවා කියලා තමයි කියන්නේ.

0  07.   අන්තිමට කියන්න යන්නේ දෙපත් කළුවා  Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)




මෙයා වැලි පැහැයට හුරු කහ පැහැයක් ගන්නවා. රාත්‍රී කාලයේදී තමයි වැඩ. දවල් වෙලාවට  කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වෙනවා ලු. ප්‍රධාන වශයෙන්ම ඉන්නේ  වියළි කලාපයේ තමයි ලු. එත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගන්න පුළුවන් ලු. ඔන්න මෙයා උග්‍ර විෂ සහිත සර්පයෙක්  උනාට ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා මිනිසුන්ට දෂඨ කරන්න බැහැ කියලා තමයි කියන්නේ නම්.


ඔන්න ඉතින් මේ සෙට් එක තමයි ලංකාවේ උග්‍ර විෂ කියන සෙට් එකට අයිති වෙන්නේ. කියාගන්න බෑ ආස සබ්ජෙට් එකක් නිසා ඉතින් පොඩ්ඩක් එයාලා ගැන ලියන්න හිතුනා ටිකක් හරි. විකිපීඩියා සීයා ත් ගොඩක් කියාගන්න බෑ ට උදවු උනා වැඩේ ට . :D











28 comments:

  1. මේ කතාව ඇත්ත.රුක් අත්තන ලීයට සර්ප විෂ උරනවා.

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද නේද? :)

      Delete
    2. අපේ වත්තෙත් ඉදල හම්බ උනා මේ සර්පයෙක්

      Delete
  2. මමත් අහලා නම් තියෙනවා.තවත් වැදගත් විස්තර ටිකක්.අමතක වු අයට වැදගත්.සර්ප විෂ

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  3. වදකත් ලිපියක්. මම අද දැනගත්තේ රුකත්තන ලීයට සර්ප විෂ උරාගන්නවා කියල.ඒ වගේමයි ලංකාවේ සර්පයෝ ගැන හොඳ විස්තරයක් තිබුනා.ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇදිලා ආවේ කිරුලපන තියෙන ලොකු රුක් අත්තන ගහක් දැක්ක වෙලාවේ :)

      Delete
  4. කියාගන්න බෑ කියන්නෙ කියාගන්න බෑගේ පරම්පාරාවෙන් උරුම වුණූ වාසගමද කියල හිතාගන්න බෑ...

    සර්ප කොසට නොකියවා අත් හලේ යාන්ත්‍රිකයාට සර්පයෝ දිරවන්නෙ නැති නිසා..
    හැබැයි මැරිල ඉපදුනු කීප දෙනෙක් ගැනම මං කියවලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කියාගන්න බෑ කියන්නේ වාසගම නෙමෙයි ඉතින් :D

      දිරවන්නේ නැති උනාට ටිකක් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ :)

      Delete
  5. ඔය කතාව අහල නැතත් ඔය හා සමාන වෙනත් කතාවක් අසා තිබුණා ..ස්තුතියි ..වැදගත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි සහෝදරියනි......:))

      Delete
  6. මේ සර්ප සැට් එක නම් නිතර දකිනවා මම නම්. ඒත් මේ විස්තර ටික නම් මාර වටිනවා. එයේ පෙරේදා දවසක තව පොඩ්ඩෙන් නයෙක් පෑගෙනවා මට. අපේ ගමත් මතක් කරලා තියන්නේ..
    වටිනා පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. සිරාවටම මේ සෙට් එකම දැකලා තියෙනවද? මම නම් දැකලා තියෙන්නේ දෙතුන් දෙනෙක් විතරයි. හප්පේ නයාගේ හොඳ වෙලාව නයා පින් කරලා තියෙනවා:P කොහේද ගම? මාතලේ ද?

      Delete
    2. නිතරම දකිනවා කිව්වට හැම වෙලේම නෑ ඉතින්. නයා, පොළඟා, කරවලා, කුණකටුවා නම් නිතර ඉන්නවා. දෙපත් කළුවා දෙවතාවක් කීප වතාවක් තියනවා. පොළඟා ටිකක් දකින්න අමාරුයි උගේ ඇඟේ පාට නිසා. පෑගුනොත් ආයේ කිසිම සමාවක් නෑ. තව ඉන්නවා මාපිලා. ඒ සතුන්ව මරලා පුච්චනවා ගෙවල් වලට ආවම. (මම නම් අනුමත කරන්නේ නෑ මරණ එක) එහෙම පිච්චුවේ නැත්නම් තව හත් දෙනෙක් එනවා කියල කතාවක් තියනවා.
      අනිත් වර්ග නම් ටිකක් අඩුයි. නමුත් ඉන්නවා. මේ වෙද්දී මෙහෙ මොනරු ටිකක් බෝ වෙලා නිසා සර්පයෝ කලින් තරම් දකින්න නෑ.කරවලා කෑ ගහනවා අහල තියනවා ද..පළගැටියෝ කෑ ගහන සද්දෙට තරමක් හුරුයි. ඊට වඩා දිගු හඬක් එන්නේ. එහෙම කියන්නේ වැඩිහිටියෝ. රෑට ඒ සද්දේ ඇහිලා එලියට ගිහින් බැලුවොත් කරවලෙක් දකින්න ලැබෙනවා මයි.

      /*මේ පොරගේ පොරී*/ හැපින්න නේද :) /*කියාගන්න බෑ ආස සබ්ජෙට් එකක් නිසා ඉතින් පොඩ්ඩක් එයාලා ගැන ලියන්න හිතුනා ටිකක් හරි.*/ ඒ කියන්නේ ඔයා වෛද්‍ය විද්‍යාව හදාරනවද..?

      ආයේ මොනව ද නයා මාව කෑවා නම් ඌට හොයාගන්න බැරි ලෙඩක් හැදිලයි මැරෙන්නේ :P
      [මගේ ගම බලංගොඩ, මාතලේ ඉන්නවා නෑදැයෝ :)]

      Delete
    3. හප්පේ හෙන ලිස්ට් එකක් දැකලා තියෙනවනේ! සත්තු මරණ එක නම් පව්. සතෙක් මැරුවොත් පුච්චන්න කියන්නේ ඒ සතාට ආවේනික සුවඳක් තියෙනවලු ඒ සුවඳට තවත් සත්තු එතනට එනවා ඒක නිසා තමයි ඒ සතා මරුවනම් පුච්චන්න කියන්නේ හරියටම හත් දෙනෙක් එන කතාව නම් බොරු.
      සර්ප විෂ පැත්තට පොඩි ආසාවක් තියෙනවා එත් ඒකට තාම වයස මදි:D හි හි නයා කන්නේ නෑ දෂ්ට කරනවා විතරයි :P

      Delete
  7. අඩේ කෙල්ලෙක් වෙලත් මේකි සර්පයො ගැන ලියල.. මාරයිනේ.. වෙන කෙල්ලෙක් නම් මේ පින්තූර ටික දැක්කත් "චීකේ.. ඈක්කා" කියල දුවනවා..

    කෝ බං අපේ යාළුවා ? ගැරඬි මෝලා ?? ඇයි අමතක කරේ :(

    ReplyDelete
    Replies
    1. හි හි කෙල්ලෝ සර්පයෝ දැක්කාම දුවන්නේ බුදු අම්මේ කියාගෙන පණුවෙක් වගේ සතෙක් දැක්කම තමයි "චීකේ.. ඈක්කා" කියාගෙන දුවන්නේ...:D

      අයියෝ එයා හෙන ඉනසන්ට් පොරක්නේ අමතක කලේ නෑ එත් එයාව මේ ලිස්ට් එකට ඔබන්න විදිහක් තිබුනේ නෑ නේ :(

      Delete
    2. මගේ අක්කගේ පොඩි පුත්තරයා ගැරඬියා ට හරි බයයි. එයාට වචන කියවෙන්නේ නැති කාලේ ගැරඬියා කියන එකට කියන්නේ ගෑනියා. "ගෑනියෙක් හිටියා.. යන්න එපා" කියලයි කියන්නේ. :D

      Delete
    3. හයියෝ ගැරඬියෝ කිව්වලු :P

      Delete
  8. හනේ මන්දන්නේ නැහැ මොකට මේ කියාගන්න බැහැ කියනවද කියලා. ඔය අපුරුවට කියන්නේ...

    ඔය වගේම කතාවක් මමත් අහලා තියෙනවා නගෝ.

    ReplyDelete
    Replies
    1. ආ එහෙනම් එහෙම සිද්දියක් කොහේ හරි වෙලා ඇතිනේ නේද? :)

      කියාගන්න බෑ කියල කියන්නේ අනේමන්දා ඉතින් ඒ ඇයි කියලා කියන්න වෙයි නේද?

      Delete
  9. හොද විස්තරයක් ...මටනම් ඔය සර්පයෝ කියන ජාතිය මල අප්පිරියාවක් අප්පා.හරිම අප්‍රසන්න සත්තු ජාතියක් !!

    ReplyDelete
    Replies
    1. ආ අලුත් යාලුවෙක්නෙ හලෝ හලෝ ......:D
      එයාලා ගැන දැනගෙන ඉන්න එක විතරක් ඇතිනේ ඉතින් අපි හැමෝටම සර්පයෝ අප්‍රසන්න සෙට් එකක් නේ..... ඉතින් වැඩිය ගණන් ගන්නත් එපා ගණන් නොගෙන ඉන්නත් එපා........ :)))

      Delete
  10. බොහොම හරවත් ලිපියක් නේ...කතාවනම් මාත් අහලා තියනවා. ඒත් සත්‍යතාව දන්නේ නෑ. හෙළ වෙදකමින් මේ වගේ විස්කම් වැඩත් කරන්න හැකියි...අදමද මන්දා මේ ඉසව්වට ආවේ...

    ReplyDelete
    Replies
    1. මේ ඉස්සව්වේදී දැක්කේ නම් අද තමයි බොහොම ඉස්තුතියි :)
      ඇත්තටම ආයුර්වේදය කියන දේ පුදුම සහගතයි

      Delete
  11. නයි කයිද රෝස්පාං...
    උඩ හිටපු අය ඔක්කොම කියලා තියෙන නිසා මං මුකුත් කිවුවේ නෑ...
    පට්ට ආහ්..

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි ඉස්තුතියි ( හතර අතට ඔලුව නමමින්) :P

      සිරාවට නයි කනවයි රෝස් පාන් ? :D

      Delete
  12. Kalin ahala na eth aththa venna athi....

    ReplyDelete