මටනම් කියාගන්නටම බැරිය .... කුමට කියන්නද ....
වචනද අහු වන්නේම නැත්තේය ... මෙහිදී ප්‍රථම වශයෙන් කියාගන්න බෑ පිලිබඳ සත්‍ය
හැදින්වීමක් කල යුතුව ඇත.... කියාගන්න බෑ යනු අහිංසක ළමා චරිතයක් ය .. සැබවින්ම
අහිංසකය .. අර කියනවා වගේම වචනයේ වූ පරිසමාප්ත අර්ථයෙන්ම එසේම වන්නේය.. හොර බොරු
නැත්තේය...
ඉතින් ඔහොම කියාගන්නකියාගන්න
බෑ දැහැමෙන් සෙමෙන් ජීවිතේ ගෙවනකාලේ ... දවසක්
කියාගන්න බෑ ගේ අම්මාට මෙහෙම සිද්ධියක් උනා ලු...
මෙහෙමනේ ඉතින්...... කියාගන්න බෑ ගේ ගෙදරට යන පාරේ
වැඩිපුරම ගාටන්නේ ප්‍රයිවට් බස් රාජයන් නිසාවෙන් කියාගන්න බෑ පාසල් සමයේ හීනෙන්
වත් සීසන් පැතුවේ නැත. මොකද ඉතින් සීසන් එක තියාගෙන පාරේ හත් අවුරුද්දක් සිටියත්
ලංගම බසයක් නම් බෙහෙතකටවත් නැති නිසාවෙන්මය..
ඔහොම ඉතින් කාලය ගෙවී ගියා කියමුකෝ... දවසක්
කියාගන්න බෑ ගේ මව් තුමිය සුපුරුදු පරිදි රාජකාරිය සඳහා කාර්යාලයට වාර්තා කර
රාජකාරියේම නිරත වී සිටින පින්වන්ත මොහොතක අපේ පාරේ ( කියාගන්න බෑ ගේ ගෙවල් පාරේ)
ගාටන ප්‍රයිවට් බසයක ඩබල් ඇක්ටින් චරිතයක් ( විටෙක කොන්දා ලෙසද විටෙක ඩ්‍රයිවර්
ලෙසද ) පැමිණිවිට දුටුවේ කියාගන්න බෑ ගේ මව් තුමියව ය .. “දන්නා අඳුරන කෙනෙක්
ඉන්නවනම් ඉතින් වැඩෙත් ඉක්මනින් කරගන්න ඇහැකි ”යන වටිනා කියමන කොන්දා හට නිතැතින්
ක්ලික් වන්නට ඇත්තේය...
කල් යල් බලා හෙමින් සීරුවේ මව්තුමියගේ කාර්යාල
කාමරය වෙත ගිය කොන්දා මව් තුමියට ආමන්ත්‍රණය කලේ ය ...
කොන්දා - මිස්...
මව්තුමිය - ඔව්... කියන්න
කොන්දා - මිස් ඉන්නේ ------ පළාතේ නේද? ------- බස් එකේ නේද යන්නේ එන්නේ ?
මව්තුමිය - ( හිතමින්..... මේ කව්ද මේ ...) ඔව්
ඉතින් ඔය ළමයට මොකක්ද වෙන්න ඕනේ?
ඔන්න ඉතින් කුතුහලය දනවන විදිහට කොන්දා තමාගේ
දැන් හදුනුම්කම ප්‍රකාශයට පත් කරනවා ලු ... ඊට පස්සේ
කොන්දා - මේ... මේ මිස්ට නේද අර ටිකක් මහත.. සුදු දුවෙක් ඉන්නේ...?
මව් තුමිය - ( කලබල වෙමින් ) ... ඔව් ඇයි මොකද
වෙලා තියෙන්නේ ?
ඔන්න ඉතින් පොට පැටලී මව්තුමිය කලබල වී
ඇත...
කොන්දා - ආ ... නෑ නෑ මිස් එහෙම මුකුත් ප්‍රශ්නයක්
නෑ මන් මේ ඒ පාරේ දුවන බස් එකක වැඩ කරන්නේ මන් දැකලා තියෙනවා මිස් එක්ක දුව එහෙම යනවා...
මන් මේ ආවේ මේ වැඩක් කරගන්න
මව්තුමිය - ( සන්සුන් වෙමින්) ආ කෝ දෙන්න බලන්න ...
ඔන්න ඔහොමලු උනේ.....
ආ කතාව ඉවර නෑ ඉතින් මොකද ඔය වෙලාවේ කියාගන්න බෑ
ගෙදරට වෙලා හොඳට ටී වී වක ඉස්සරහ නැත්නම් කල්පනා ලොවේ .... මෙන්න එතකොට කියාගන්න බෑ
ගේ කලාතුරකින් කෑගහන ජංගමයා කෑගහනවාලු ... ආයෙත් ඉතින් මොකද මේස පුටු පෙරලගෙන
ගිහින් ජංගමයා අතට අරගෙන බැලුවා කව්ද මේ පින්වතා කියල... ආ මේ ඉතින් සුපුරුදු
පරිදි කියාගන්න බෑ ගැන හොයන මගේ එකම ආදරේ
නොවෑ ... මගේ ආදරණීය මව් තුමිය...
කියාගන්න බෑ - අම්මේ....
එහා පැත්තෙන් සිනා හඬක් ඇසේ....
කියාගන්න බෑ - අම්මේ මොකෝ හිනා වෙන්නේ ...?
මව්තුමිය - ආ පුතේ හනේ බලන්නකෝ වෙච්ච දේ .... (
නැවතත් හිනා හඬ)
කියාගන්න බෑ - ඇයි මොකද උනේ පඩි වැඩි කරලද? ලයිට්
බිල අඩු කරලද?
මව්තුමිය - නෑ නෑ ළමයෝ මේකයි උනේ ( සිදුවීම
විස්තර කරයි)
කියාගන්න බෑ - ඉතින් ....
මව්තුමිය -( සිනාවෙමින් ....) ඔයාගැන කියනකොට මන් හිතුවේ ඔයා පැනලා ගිහින් කියල ( නැවතත් සිනා හඬ)
කියාගන්න බෑ - අනේ දෙයියනේ අල්ලගන්නම්කො මන් ඔකාව
@ කෝපය ප්‍රකාශ කරමින්
ප. ලි :- දැන් කාලේ පැනලා යන්නත් ස්ප්‍රින්ග් දෙකක්
ගන්න ගන්න පුළුවන් වෙයිද දන්නෑ ... හැමදේම ගණන් නොවැ
එතකොට කියාගන්න බෑ කියන්නේ සුදු මහත බෝලෙ වගේ කෙනෙක් නේ.....
ReplyDeleteකොන්ද ඔයා ගැන ඇහැ ගහගන ඉදලත් තියන හැඩයි..බලාගන පරිස්සමින්
හි හි ... බෝලයක් වගේ මහත කෙසේ වෙතත් සුදු නම් නෑ ... කොන්දාට ඇස් වල අවුලක් තිබේ ... වැඩේ කියන්නේ ඔය සිද්දියෙන් පස්සේ මන් කොන්දා ව දැක්කේ නෑ :)
Delete:O mahatha na. Boru :D
Deleteඒකනේ ඒකනේ :D
Deleteහ්ම්.. කොහෙන් හරි වැඩේ කර ගන්න දස්සයා. ඒ උනත් මහත සුදු බොලේ ගැන කොන්දා විපරමින් ඉන්නේ...
ReplyDeleteඒක තමා තව ටිකෙන් කියාගන්න බෑ ඉවරයි ..
Delete"කියාගන්න බෑ" "කියාගන්න බෑ" "කියාගන්න බෑ" "කියාගන්න බෑ" "කියාගන්න බෑ" "කියාගන්න බෑ" අපොයි 18 පාරක්ම... මටත් නිකන් කියාගන්න බෑ වගේ :D
ReplyDeleteකොන්ද ගැනනම් මටත් සැකයි.. බලාගෙන පරිස්සමින් සුදු බොලේ....
ඔව් ඔව් මට කිව්වේ කියාගන්න බෑ කියල අර මොකක්ද ..... ;)
Deleteඔය කොන්දා ව මන් මරමි :P
පිටුවේ පළල පොඩ්ඩක් අඩු කරලා දකුණු පැත්තේ විජෙට් එකේ පළල වැඩි කරන්න. (ඒක නිකන් ප්‍රයිවට් බස් එකක යනවා වගේ ;P ) (කියවා DELETE කලාට කම් නැත)
ReplyDeleteහිකිස්... ප්‍රයිවට් බස් ... :P
Deleteමන් කලින් එහෙම කළා ඒ උනාට පිටුවේ හැටියට මන් කැමති උනේ නෑ .... :)
ඔකේ ඔකේ.. ඒ පැත්තට ඇහැගැටෙන්නේ නැති හින්ද එහෙම හිතුනේ ;)
Deleteමගේ ඇහැ නම් ගැටෙනවා ;)
Deleteඔය ගැටලුව එන්නේ අපේ වාගේ පටු තිරයක් තියන මොනිටර්වලදි විතරයි මගේ හිතේ, එල් සි ඩී , එල් ඊ ඩී මොනිටර් වලදී එහෙම නැ මයේ හිතේ
Deleteමන් හිතන්නේ එහෙම නෙමෙයි .... මට ඕක තව කෙනෙක් කිව්වා....
Deleteමෙයා ගෑල්ලමෙක් :D
ReplyDeleteහික් හික්. අදද දන්නේ :P ඔය තියෙන්නේ මොකක්ද මේල් කියල :P
Deleteහයියෝ අක්කේ අද ද දන්නේ ^_^
Deleteඅනේ මේ මැද්දට පනින්න එපා ගෙම්බෝ ... ^_^
Deleteඇයි නැද්ද හා :D මම ගියගමන් දැක්කේ ඕක (Fe)පිරිමි කියලනේ තිබුනේ :D
Deleteඅදනේ බොලව් දන්නේ,, :D
Delete^_^ මන් හිතාන හිටියේ දන්නවා කියලා....
Deleteඅන්න අදහස ..මොකද කියන්නේ ඔයා කැමති නම් මාත් කැමති ...:P
ReplyDeleteඔය කිව්වේ කී වෙනි අදහස ගැනද ;)
Deleteමම දාපු කොමන්ට් 2 ක් පබ්ලිෂ් උනා. රි ලෝඩ් කරපුවහම එක නැහැනේ :(
ReplyDeleteඔයා ස්පෑම් වෙලා o.O
Deleteස්ස්ස්ස්සුසුසුසුසුසු .. ඔය ඇත්තමද O.o .. කවුද අෆ්ෆේ එහෙම කෙරුවේ. මේ ගුගල් අන්කල් ට නම් පිස්සු
Deleteඔන්න මම නම් නෑ ඔව්වට....
Deleteහපොයි සල්ලි.... පුදුමයි අම්ම දෝනි ඇන්දව විශ්වාස කොරන එක ගැන...
ReplyDeleteඅනික ඔයාගෙන් මුලින්ම කෝල් එක ගත්ත ගමන් ඇහුවෙ කොහේද ඉන්නෙ කියල නේ.....
අනික කොන්දගෙ ඇහේ සුද මතුවෙලාද කියල බලන්න විශේශයෙන්ම.....
අපි කොහොමත් විස්වාසවන්ත ළමයි හරිය.... :D
Deleteහෑ... ? නෑ නෑ මගෙන් එහෙම ඇහුවේ නෑ නේ ...
කොන්දගේ වයසේ හැටියට නම් එහෙම අවුලක් වෙන්න බෑ .... :D
ආහ් අම්මගෙන මොනා හරි වැඩක් කරවා ගන්ඩෝනි නම් අපිත් දනී දැන් ක්‍රමේ ඕන් !
ReplyDeleteහිකිස් හොඳ වෙලාවට අම්මා වැඩ කරන්නේ කොහෙද කියලා දැම්මේ නෑ :D
Deleteමටත් මොනවත් කියාගන්න බෑ... :)
ReplyDeleteමං හිතන්නෙ අර කොන්දව මම අදුරනවද කොහෙද ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනේමන්දා රජතුමා මේ පැත්තට ආවොත් කියාගන්න බෑ කියන එකමනේ කියන්නේ :/
Deleteආ වෙන්න පුළුවන් සමහරක් වෙලාවට සේනාවේ ඉඳලා හොරෙන් පැනලා ආපු කෙනෙක් වෙන්නත් ඇති ;)
එසේම වේවා !
මෙයා ගෑල්ලමයෙක්ද මොකො කියාගන්න බැරි කටේ පිට්ටුද :P
ReplyDeleteගෑල්ලමයෙක් තමා ...
Deleteඔයා මොකද අද මේ පැත්තේ කරන්නේ? පැණි හදට ගියා නේද ඊයේ ? ;)
කොන්දා ඔබ ගැන බොහො සැලකිලිමත් වී ඇති හැඩයි.. :D මොකද දන්නෑ.. කොහොම වුනත් සුදු කෙසේ වෙතත් මහත බෝලයක් පැන පැන යන්නෙ කොහොමද කියලයි මං බැලුවෙ
ReplyDeleteඅහ්හ්.... කව්ද මම බෝලයක් කියලා කිව්වේ ආ.... :/
Deleteඅනේ ඔන්න මං නම් දන්නෑ ඒ ගැන.. ඇයි අර උඩම කමෙන්ටුවෙ නලින් අයියනෙ කියලා තියෙන්නෙ.. ඔයත් පිලිඅරන් තියෙන්නෙ ඔයා බෝලයක් කියලා.. හොඳට බලන්න ආයෙ.. :පී
Deleteහිකිස් ;)
Deleteකොන්දට මෙයාව හොඳට නෝට් ඇති.. ඇයි දෙන්නෙක් වාඩි වෙන්න ඕන සීට් එකේ තනියම වාඩි වෙලා යනවනේ... :)
ReplyDeleteඇත්තටම කොන්ද ගැන අදහසක් තිබුනෙම නැද්ද ? (කෙල්ලො කවද්ද හිතේ තියෙන දේ කිව්වෙ)
අනේ මේ එච්චර මහත නම් ඉතින් කොහොමද බස් එකේ දොරෙන් ඇතුල් වෙන්නේ .... :P
Deleteහෑ.... නෑ අපොයි....! ( මෙන්න මෙයා කොමර්ෂල් බ්රේක් දානවෝ)
කෙල්ලෝ කවද්ද හිතේ තියෙන දේ කිව්වේ :D
Delete[img src="http://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-ash3/550323_359317240837086_1938647721_n.jpg"]
කියාගන්ඩ බැ කියුවට ඔය යසට ලියලා තියෙන්නේ
ReplyDelete:) එහෙම කිව්ව එකටනම් ගොඩක් සතුටුයි
Deleteමිනිස්සුට වැඩක් කරගන්න ඕනෙ වුනාම නැති ඇඳුනුම්කමුත් හදාගන්න ලස්සන නේ?
ReplyDeleteඅන්න ඒකනේ කියන්නේ හැබැයි එදා නම් ඉතින් තව ටිකෙන් මන් ඉවරයි :)
Deleteමට මුකුත් කියාගන්න බෑ වගේ
ReplyDeleteඅම්ම නම් හොඳට බය වෙන්න ඇති එදා
අනේ ඇයි ඒ ?
Deleteහි හි එහෙම නෑ දුවව විශ්වාසයි :)
කියාගන්න බෑ දිග වැඩියි අප්පා. කරකද "කිබෑ" වගේ නමක් දාගත්තොත්..?
ReplyDeleteඅපෝ ඒකේ කිසි ලස්සනක් නෑ නේ ... කොහොමත් මගේ ඇත්ත නමත් දිග වැඩයි නේ ;)
Deleteඋම්බෑ කියල දැම්ම නම් මරු ☻
Deleteහෑ... ඔයාට ගැලපෙනවා ;)
Deleteමට කියා ගන්න බෑ මගේ හිතේ අසරණ කොන්දා ගැන තියෙන දුක! හික්ස් :D
ReplyDeleteඇයි අනේ මේ මන් ගැන දුක නැද්ද? :/ :P
Deleteපටන් ගන්නෙම කියාගන්න බැරිය කියලා....
ReplyDeleteකියාගන්න බෑ නේන්නම් ඔහොම වෙනකොට :D
ReplyDelete