වායුසමීකරණයෙන් එන සීතල අද වැඩි වී ඇත්දැයි ඇයට
සිතුනි ... මෙතෙක් වෙලා මේසය මත තබාගෙන සිටි අත ඇය දෙසට ගන්නට සිතුවේ කාමරය පුරා
විහිදී තිබුණු සීතලන් මිදීමට අත් දුහුල්
සාරි පොටින් මදක් වැසී ගිය පපුවට ලං කරගැනීමට මෙනි... මදක් එසවුණු අත මේසය මතටම
නැවත තැබූනේ ඔහුගේ අත ඒ මතින් තැබූ නිසාවෙන්ය...
ඇයි නංගී අපිට ලං වෙලා ඉන්න බැරි....?
අයියේ අත ගන්න ඔෆිස් එකේ කව්රුහරි දැක්කොත් අයියට
හරි නෑ නේ ...
ඇයි මන් ඩිරෙක්ට නිසාද? ඔයත් මෙතන වැඩ කරනවනේ
ඔයාටත් හොඳ නෑ ... හොර කෙල්ල මන් ගැන හිතන්නේ නෑ කිව්වට ඔය එහෙනම් මොකක්ද ...
හ්ම්ම් ....
මන් දුක් වෙනවා නංගී ... මගේ ජීවිතේ ගැන මන් අද
දුක් වෙනවා...
ඇයි එහෙම කියන්නේ ....
ඔයාට තේරෙන්නේ නැද්ද නංගියෝ ... අපි දෙන්නා පොඩි
කාලේ ඉඳන්ම අඳුරනවා .. අපේ ගෙවල් වලින් අඳුරනවා .. ඒත් අපි දෙන්නට ඒ කාලේ මදි උනා
අපි දෙන්නව තේරුම් ගන්න .. මන් ඉගෙනගන්න රෂියා ගියා
මන් ආසම තැනට මන් ආවා ඉගනීමෙන් ..
මන් එහෙදි හම්බුන කෙනෙක්ව බැන්දා .. මන් හිතුවේ මට හම්බුනේ මට ආදරේ කරන කෙනෙක්
කියලා නේද ... මන් වෙඩින් එක දවසේදීත් ඔයාට එයාව පෙන්නුවෙත් ඒ මගේ ආදරේ කියලා ...
මට මතකයි අයියේ ... අපි මේ කතාව නවත්තමු ...
නෑ නංගී මට වෙන කියන්න කෙනෙක් නෑ පොඩ්ඩක් අහන්න
....
ආදරේ කරලා බැඳලත් අපි දෙන්නට අපි දෙන්නව තේරුම්
ගන්න බැරි උනා ... ඒ හැම දේම මන් ඉවසුවා නංගී .. එයා මගෙන් ඈත් උනේ ඇයි කියන්න මන්
දන්නේ නෑ ... අපේ පුතා පවුලට ආපු දවසේ ඉඳන් වත් එයා ඒ ගැන හිතලා මාව ලං කරගත්තේ
නැත්තේ ඇයි කියන්න මන් දන්නේ නෑ ... එක අතකට මටත් ඕනෙකමක් තිබ්බේ නෑ ... ඒකයි ඇත්ත
.. එයා ඩිවෝස් එක දුන්නට පස්සේ මට නිකමටවත් කෝල් එකක් දුන්නේ නෑ.. ඔව් මටත්
ඕනෙකමක් තිබ්බේ නෑ නංගී .. මට දුක ඔයා මෙච්චර ලඟින් ඉඳලත් අඳුනගන්න බැරි උන එක ගැන
.... එදා මන් ඔයා ගැන තීරණයක් ගත්තනම් ඔයාවත් මම වත් ජීවිතේ දුක් විඳින්නේ නෑ නේ
ද....?
මට හිතාගන්න බෑ අයියේ මොනවද මම කියන්න ඕනේ කියලා ...
හ්ම්ම් ....
හිතේ බර සැහැල්ලු කරගන්නට මෙන් ඔහු හෙලූ සුසුම
ඇගේ සිත සසල කරන්නට සමත් විය යන්න මා අමුතුවෙන් කිව යුතු නොවේ .. ඒ අතීතය ඇයට නැවත
සිහිවන්නට විය ...
නංගී ....
ම්ම්ම්ම්...
ඉස්සරටවත් අපිට ලං වෙන්න බැරිද නංගී ...
හ්ම්ම්... අනේ අයියේ ඔහොම කියන්න එපා ...
ඇත්ත අද ඔයා බැඳපු කෙනෙක් .. ඒත් ඔයත් සතුටෙන්
නෙමෙයි නේද ...
වැඩක් නෑ අයියේ ... අපි හොඳ යාළුවො වගේ ඉමු ඉස්සර
හිටපු යාළුවො වගේ... නැත්නම් මේ ඔෆිස් එකේ ඉන්න වෙන්නේ නෑ ... ගින්දරයි පුළුනුයි
ලං කරන්න බෑ අයියේ....
සිතට එකඟ නොවුවත් ඇය ඔහුගේ උණුසුමට හිරවී තිබු සියුමැලි අත තමා දෙසටම ඇදගත්තාය .. ආයාසයෙන් මෙන් පුටුවෙන්
නැගිටගත් ඇය මේසය මත තිබු ෆයිල් කවරයක්ද රැගෙන කාමරයෙන් පිට වුවාය ... තවත්
හිරකරගන්නට අසමත් වූ සීතල කඳුලක් නෙතින් ගිලිහී උණුසුම් පපුව මතට වැටුණි ...
Transfer applications එක්කො ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. නැතිනම් Admin Dept එකෙන් ඉල්ලාගන්න පුලුවන්. :)
ReplyDeleteඅපි එයාට කියලා බලමු ;)
Deleteහ්ම්ම්ම්
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteඔය රසියන් කෑලි සත පාකට විස්සාස කරන්න බෑ..
ReplyDeleteඒ උනාට කේරල ගෑල්ලමයි ඒම නෑ.. හරි අහිංසකයි..
පේනවනේ අනුෂ්කා ෂෙට්ටි අබේසිංහ....
o.O එයා රෂියන් නෙමෙයි එයත් ලංකාවේ
Deleteඅනේ අම්මෝ ඇත්තේයි ?
// ගින්දරයි පුළුනුයි ලං කරන්න බෑ අයියේ....//
ReplyDeleteඇයි බැරි?
බෑ නේද? :)
Deleteඔය කියලා තියෙන්නේ අපූරුවට කියාගන්න බෑ කිව්වට....!
ReplyDelete:) මේ ඉතින් කතා නේ ...
Deleteකෙල උනාට පස්සෙ එනව ඒ කෙල්ලගෙ ජීවිතෙත් විනාස කරන්න....
ReplyDeleteහරියට හරි ... මාර චරිත නේද සමාජේ ඉන්නේ?
Deleteනමට විතරක් කසාද බැඳලා අසතුටෙන් ඉන්නවනම් ලෝකේ ඉන්න එවුන්ට කුද ගහගන්න කියලා සතුට හොයාගෙන යන්න ඕනි. හැබැයි හරි පාරේ.
ReplyDeleteලෝකේ ඉන්න එවුන්ට කුද ගහගන්න කියලා සතුට හොයාගෙන යන අය ඉන්නවා හරි පාරේ ඒත් එහෙම අයට වැඩිය මේ වගේ අය වැඩියි කියල මට හිතුනා
Deleteවිදවනවට වඩා එහෙම යන එකනම් හොදයි... හැබැයි හරි පාරේ ...
Deleteහැබැයි මෙහෙමයි අපේ සමාජේ තාම හරි පාරට හැරෙන්න හදන අය ගැන පැහැදීමක් නෑ .....
Deleteකපටි ලොක්කෝ. එනවා තව ජිවිතයක් විනාස කරන්න. ගොඩක්(හැම) තැනම ඔහොමයි
ReplyDeleteඇත්ත ඒත් මන් මෙතනින් කියන්න ගියේ වෙනත්ම පැත්තක් ... මේ ටික බලන්නකෝ //
Deleteසිතට එකඟ නොවුවත් ඇය ඔහුගේ උණුසුමට හිරවී තිබු සියුමැලි අත තමා දෙසටම ඇදගත්තාය .. ආයාසයෙන් මෙන් පුටුවෙන් නැගිටගත් ඇය මේසය මත තිබු ෆයිල් කවරයක්ද රැගෙන කාමරයෙන් පිට වුවාය ... තවත් හිරකරගන්නට අසමත් වූ සීතල කඳුලක් නෙතින් ගිලිහී උණුසුම් පපුව මතට වැටුණි ... //
මේ පැත්තේ ආවට ඉස්තුතියි .... අහල පුරුදු නමක් දන්න කියන කෙනක් ද දන්නේ නෑ :)
ඔයා මාව දන්නවා වෙන්නනම් බැහැ :p FB එකෙනුත් හොයාගත්ත නේද එහෙනම් :D
Deleteමට ඔය කොටස එච්චර මීටර් උන්ර් නැහැ. අත්තලෝකේ නම් ඔහොම කතා අහල තියෙනවා (අත්දැකීමෙන්ම). ආදරයෙන් ඔබ්බට තියෙන හැමදෙයක්ම සාපේක්ෂයි.. ඒ වගේම සම්මතයෙන් ඔබ්බට බොහෝ දේවල් සිදු වෙනවා. මම නැති උනාට එහෙම හැගීමක් වරදක් කියන්න තරම් හිතක් මට නැහැ.
සංවේදී සිත් වල හැගීම් අසංවේදී වෙන්නේ කොහොමද.............
හොයාගත්තෙමත් නෑ නේද :D
Delete//සංවේදී සිත් වල හැගීම් අසංවේදී වෙන්නේ කොහොමද// සහතික ඇත්ත .... සමහරක් වෙලාවට සමාජ සම්මතය කියන දේ සමහර ජීවිත අතරමන් කරලා දානවා ..
තව අළුත් පෝස්ට් එකක් දාන්න කාලෙ හරී... දාපියෝ... නසරානි යාළුවො සැට් එක ගැන
ReplyDeleteඅහ්හ් ඇත්ත තමයි නේද ... @ කල්පනා කරමින් :D
Delete