Wednesday, December 11, 2013

බලා සිටිමි ...............

ජිවන පියගැටපෙළ 
ගලින් ගල තබා 
දිනෙන් දින 
වෙර වෑයමින් 
රත්තරන් දහදිය 
මුහු කර 
සාදා;
මුදු පා පොඩි 
තැලෙන්නට නොදී 
සුමට කොට 
වාරුවක් ලෙස 
අතින් අල්ලා 
පියගැටපෙලින් 
ඉහළට 
තවත් ඉහළට යන්නට
මහා ශක්තියක්ම වූ 
පියාණෙනි;
සිහිවනවිට අදටත් 
උණුසුම් කඳුළු බිඳු 
දෙකොපුල් මතින් රූරා ගොස් 
සුදු ඇක්ටේරියා පලස සිපගනිද්දී 
බලාසිටිමි මම ඈත 
නුඹගැබ දිදුලන එක් 
තාරකාවක් දෙස





14 comments:

  1. කියාස් කාලෙකින් නේද ......? ඔයාට ඒ නම දාපු අයිලෂ් අයියත් නැහැ මේ ටිකේ .......

    නිසඳස ලස්සනයි කියාස් .....

    ReplyDelete
    Replies
    1. ඔව් මාස තුනකින් විතර හරියටම මේ පැත්තට එන්න පුළුවන් උනේ
      ඒ මොකෝ ඒ?..........
      කොහොම උනත් තාම මගේ බ්ලොග් එක පැත්තේ කව්රු හරි ආව එකට නම් සතුටුයි :) මන් හිතුවේ කට්ටියට අමතක වෙලා ඇති කියල

      Delete
    2. මම බැලුවා මොකද මේ කිවිසුම් යන්නේ කියලා, බැලින්නම් සහන් මලයා මාව මතක් කොරලා නේ. ස්තුතියි සහන්.

      Delete
  2. තාත්තා කොහේ හරි හොඳ තැනක ඇති, කියාස් :) පද වැල් ලස්සණ යි!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි

      හොඳ තාත්තා කෙනෙක් කවදාවත් නරක තැනකට යන්න විදිහක් නෑ මන් ඒක දන්නවා :)

      Delete
  3. දුවණියන් තාත්තාට පුදුමාකාර විදියට ආදරෙයි. දවසක මගේ කෙල්ලෝ දෙන්නත් මෙහෙම ලියාවි

    ReplyDelete
    Replies
    1. අනේ මට දුවෙක් නැහැ නේ...

      Delete
  4. මම එන්නෑ මේවා කියවන්න...

    ReplyDelete
  5. ලස්සන කවියක් කියාස්...

    ReplyDelete
  6. ආයෙත් ආව එක කොච්චර දෙයක්ද :)

    දුකයි :(

    ReplyDelete
  7. ගෙදර ආපු ගමන් ආවා ඉතින්

    හ්ම්ම් :(

    ReplyDelete