Thursday, May 9, 2013

කියාගන්න බෑ පැන යයි ....




මටනම් කියාගන්නටම බැරිය .... කුමට කියන්නද .... වචනද අහු වන්නේම නැත්තේය ... මෙහිදී ප්‍රථම වශයෙන් කියාගන්න බෑ පිලිබඳ සත්‍ය හැදින්වීමක් කල යුතුව ඇත.... කියාගන්න බෑ යනු අහිංසක ළමා චරිතයක් ය .. සැබවින්ම අහිංසකය .. අර කියනවා වගේම වචනයේ වූ පරිසමාප්ත අර්ථයෙන්ම එසේම වන්නේය.. හොර බොරු නැත්තේය... 

 ඉතින් ඔහොම කියාගන්නකියාගන්න බෑ  දැහැමෙන් සෙමෙන් ජීවිතේ ගෙවනකාලේ ... දවසක් කියාගන්න බෑ ගේ අම්මාට මෙහෙම සිද්ධියක් උනා ලු...

මෙහෙමනේ ඉතින්...... කියාගන්න බෑ ගේ ගෙදරට යන පාරේ වැඩිපුරම ගාටන්නේ ප්‍රයිවට් බස් රාජයන් නිසාවෙන් කියාගන්න බෑ පාසල් සමයේ හීනෙන් වත් සීසන් පැතුවේ නැත. මොකද ඉතින් සීසන් එක තියාගෙන පාරේ හත් අවුරුද්දක් සිටියත් ලංගම බසයක් නම් බෙහෙතකටවත් නැති නිසාවෙන්මය..

ඔහොම ඉතින් කාලය ගෙවී ගියා කියමුකෝ... දවසක් කියාගන්න බෑ ගේ මව් තුමිය සුපුරුදු පරිදි රාජකාරිය සඳහා කාර්යාලයට වාර්තා කර රාජකාරියේම නිරත වී සිටින පින්වන්ත මොහොතක අපේ පාරේ ( කියාගන්න බෑ ගේ ගෙවල් පාරේ) ගාටන ප්‍රයිවට් බසයක ඩබල් ඇක්ටින් චරිතයක් ( විටෙක කොන්දා ලෙසද විටෙක ඩ්‍රයිවර් ලෙසද ) පැමිණිවිට දුටුවේ කියාගන්න බෑ ගේ මව් තුමියව ය .. “දන්නා අඳුරන කෙනෙක් ඉන්නවනම් ඉතින් වැඩෙත් ඉක්මනින් කරගන්න ඇහැකි ”යන වටිනා කියමන කොන්දා හට නිතැතින් ක්ලික් වන්නට ඇත්තේය...

කල් යල් බලා හෙමින් සීරුවේ මව්තුමියගේ කාර්යාල කාමරය වෙත ගිය කොන්දා මව් තුමියට ආමන්ත්‍රණය කලේ ය ...

කොන්දා - මිස්...

මව්තුමිය - ඔව්... කියන්න

කොන්දා - මිස් ඉන්නේ    ------ පළාතේ නේද?  ------- බස් එකේ නේද යන්නේ එන්නේ ?

මව්තුමිය - ( හිතමින්..... මේ කව්ද මේ ...) ඔව් ඉතින් ඔය ළමයට මොකක්ද වෙන්න ඕනේ?

ඔන්න ඉතින් කුතුහලය දනවන විදිහට කොන්දා තමාගේ දැන් හදුනුම්කම ප්‍රකාශයට පත් කරනවා ලු ... ඊට පස්සේ

කොන්දා - මේ... මේ මිස්ට  නේද අර ටිකක් මහත.. සුදු දුවෙක් ඉන්නේ...?

මව් තුමිය - ( කලබල වෙමින් ) ... ඔව් ඇයි මොකද වෙලා තියෙන්නේ ?

ඔන්න ඉතින් පොට පැටලී   මව්තුමිය කලබල වී ඇත...




කොන්දා - ආ ... නෑ නෑ මිස් එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ මන් මේ ඒ පාරේ දුවන බස් එකක වැඩ කරන්නේ මන් දැකලා තියෙනවා මිස් එක්ක දුව එහෙම යනවා... මන් මේ ආවේ මේ වැඩක් කරගන්න

මව්තුමිය - ( සන්සුන් වෙමින්) ආ  කෝ දෙන්න බලන්න ...

ඔන්න ඔහොමලු උනේ.....

ආ කතාව ඉවර නෑ ඉතින් මොකද ඔය වෙලාවේ කියාගන්න බෑ ගෙදරට වෙලා හොඳට ටී වී වක ඉස්සරහ නැත්නම් කල්පනා ලොවේ .... මෙන්න එතකොට කියාගන්න බෑ ගේ කලාතුරකින් කෑගහන ජංගමයා කෑගහනවාලු ... ආයෙත් ඉතින් මොකද මේස පුටු පෙරලගෙන ගිහින් ජංගමයා අතට අරගෙන බැලුවා කව්ද මේ පින්වතා කියල... ආ මේ ඉතින් සුපුරුදු පරිදි  කියාගන්න බෑ ගැන හොයන මගේ එකම ආදරේ නොවෑ ... මගේ ආදරණීය මව් තුමිය...

කියාගන්න බෑ - අම්මේ....

එහා පැත්තෙන් සිනා හඬක් ඇසේ....

කියාගන්න බෑ - අම්මේ මොකෝ හිනා වෙන්නේ ...?

මව්තුමිය - ආ පුතේ හනේ බලන්නකෝ වෙච්ච දේ .... ( නැවතත් හිනා හඬ)

කියාගන්න බෑ - ඇයි මොකද උනේ පඩි වැඩි කරලද? ලයිට් බිල අඩු කරලද?

මව්තුමිය - නෑ නෑ ළමයෝ මේකයි උනේ ( සිදුවීම විස්තර කරයි)

කියාගන්න බෑ - ඉතින් ....

මව්තුමිය -( සිනාවෙමින් ....) ඔයාගැන  කියනකොට මන් හිතුවේ ඔයා පැනලා ගිහින් කියල  ( නැවතත් සිනා හඬ)

කියාගන්න බෑ - අනේ දෙයියනේ අල්ලගන්නම්කො මන් ඔකාව @ කෝපය ප්‍රකාශ කරමින්

ප. ලි :- දැන් කාලේ පැනලා යන්නත් ස්ප්‍රින්ග් දෙකක් ගන්න ගන්න පුළුවන් වෙයිද දන්නෑ ... හැමදේම ගණන් නොවැ





56 comments:

  1. එතකොට කියාගන්න බෑ කියන්නේ සුදු මහත බෝලෙ වගේ කෙනෙක් නේ.....
    කොන්ද ඔයා ගැන ඇහැ ගහගන ඉදලත් තියන හැඩයි..බලාගන පරිස්සමින්

    ReplyDelete
    Replies
    1. හි හි ... බෝලයක් වගේ මහත කෙසේ වෙතත් සුදු නම් නෑ ... කොන්දාට ඇස් වල අවුලක් තිබේ ... වැඩේ කියන්නේ ඔය සිද්දියෙන් පස්සේ මන් කොන්දා ව දැක්කේ නෑ :)

      Delete
  2. හ්ම්.. කොහෙන් හරි වැඩේ කර ගන්න දස්සයා. ඒ උනත් මහත සුදු බොලේ ගැන කොන්දා විපරමින් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමා තව ටිකෙන් කියාගන්න බෑ ඉවරයි ..

      Delete
  3. "කියාගන්න බෑ" "කියාගන්න බෑ" "කියාගන්න බෑ" "කියාගන්න බෑ" "කියාගන්න බෑ" "කියාගන්න බෑ" අපොයි 18 පාරක්ම... මටත් නිකන් කියාගන්න බෑ වගේ :D

    කොන්ද ගැනනම් මටත් සැකයි.. බලාගෙන පරිස්සමින් සුදු බොලේ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට කිව්වේ කියාගන්න බෑ කියල අර මොකක්ද ..... ;)

      ඔය කොන්දා ව මන් මරමි :P

      Delete
  4. පිටුවේ පළල පොඩ්ඩක් අඩු කරලා දකුණු පැත්තේ විජෙට් එකේ පළල වැඩි කරන්න. (ඒක නිකන් ප්‍රයිවට් බස් එකක යනවා වගේ ;P ) (කියවා DELETE කලාට කම් නැත)

    ReplyDelete
    Replies
    1. හිකිස්... ප්‍රයිවට් බස් ... :P

      මන් කලින් එහෙම කළා ඒ උනාට පිටුවේ හැටියට මන් කැමති උනේ නෑ .... :)

      Delete
    2. ඔකේ ඔකේ.. ඒ පැත්තට ඇහැගැටෙන්නේ නැති හින්ද එහෙම හිතුනේ ;)

      Delete
    3. මගේ ඇහැ නම් ගැටෙනවා ;)

      Delete
    4. ඔය ගැටලුව එන්නේ අපේ වාගේ පටු තිරයක් තියන මොනිටර්වලදි විතරයි මගේ හිතේ, එල් සි ඩී , එල් ඊ ඩී මොනිටර් වලදී එහෙම නැ මයේ හිතේ

      Delete
    5. මන් හිතන්නේ එහෙම නෙමෙයි .... මට ඕක තව කෙනෙක් කිව්වා....

      Delete
  5. මෙයා ගෑල්ලමෙක් :D

    ReplyDelete
    Replies
    1. හික් හික්. අදද දන්නේ :P ඔය තියෙන්නේ මොකක්ද මේල් කියල :P

      Delete
    2. හයියෝ අක්කේ අද ද දන්නේ ^_^

      Delete
    3. අනේ මේ මැද්දට පනින්න එපා ගෙම්බෝ ... ^_^

      Delete
    4. ඇයි නැද්ද හා :D මම ගියගමන් දැක්කේ ඕක (Fe)පිරිමි කියලනේ තිබුනේ :D

      Delete
    5. අදනේ බොලව් දන්නේ,, :D

      Delete
    6. ^_^ මන් හිතාන හිටියේ දන්නවා කියලා....

      Delete
  6. අන්න අදහස ..මොකද කියන්නේ ඔයා කැමති නම් මාත් කැමති ...:P

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ කී වෙනි අදහස ගැනද ;)

      Delete
  7. මම දාපු කොමන්ට් 2 ක් පබ්ලිෂ් උනා. රි ලෝඩ් කරපුවහම එක නැහැනේ :(

    ReplyDelete
    Replies
    1. ඔයා ස්පෑම් වෙලා o.O

      Delete
    2. ස්ස්ස්ස්සුසුසුසුසුසු .. ඔය ඇත්තමද O.o .. කවුද අෆ්ෆේ එහෙම කෙරුවේ. මේ ගුගල් අන්කල් ට නම් පිස්සු

      Delete
    3. ඔන්න මම නම් නෑ ඔව්වට....

      Delete
  8. හපොයි සල්ලි.... පුදුමයි අම්ම දෝනි ඇන්දව විශ්වාස කොරන එක ගැන...


    අනික ඔයාගෙන් මුලින්ම කෝල් එක ගත්ත ගමන් ඇහුවෙ කොහේද ඉන්නෙ කියල නේ.....

    අනික කොන්දගෙ ඇහේ සුද මතුවෙලාද කියල බලන්න විශේශයෙන්ම.....

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් විස්වාසවන්ත ළමයි හරිය.... :D

      හෑ... ? නෑ නෑ මගෙන් එහෙම ඇහුවේ නෑ නේ ...

      කොන්දගේ වයසේ හැටියට නම් එහෙම අවුලක් වෙන්න බෑ .... :D

      Delete
  9. ආහ් අම්මගෙන මොනා හරි වැඩක් කරවා ගන්ඩෝනි නම් අපිත් දනී දැන් ක්‍රමේ ඕන් !

    ReplyDelete
    Replies
    1. හිකිස් හොඳ වෙලාවට අම්මා වැඩ කරන්නේ කොහෙද කියලා දැම්මේ නෑ :D

      Delete
  10. මටත් මොනවත් කියාගන්න බෑ... :)
    මං හිතන්නෙ අර කොන්දව මම අදුරනවද කොහෙද ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේමන්දා රජතුමා මේ පැත්තට ආවොත් කියාගන්න බෑ කියන එකමනේ කියන්නේ :/

      ආ වෙන්න පුළුවන් සමහරක් වෙලාවට සේනාවේ ඉඳලා හොරෙන් පැනලා ආපු කෙනෙක් වෙන්නත් ඇති ;)

      එසේම වේවා !

      Delete
  11. මෙයා ගෑල්ලමයෙක්ද මොකො කියාගන්න බැරි කටේ පිට්ටුද :P

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයෙක් තමා ...
      ඔයා මොකද අද මේ පැත්තේ කරන්නේ? පැණි හදට ගියා නේද ඊයේ ? ;)

      Delete
  12. කොන්දා ඔබ ගැන බොහො සැලකිලිමත් වී ඇති හැඩයි.. :D මොකද දන්නෑ.. කොහොම වුනත් සුදු කෙසේ වෙතත් මහත බෝලයක් පැන පැන යන්නෙ කොහොමද කියලයි මං බැලුවෙ

    ReplyDelete
    Replies
    1. අහ්හ්.... කව්ද මම බෝලයක් කියලා කිව්වේ ආ.... :/

      Delete
    2. අනේ ඔන්න මං නම් දන්නෑ ඒ ගැන.. ඇයි අර උඩම කමෙන්ටුවෙ නලින් අයියනෙ කියලා තියෙන්නෙ.. ඔයත් පිලිඅරන් තියෙන්නෙ ඔයා බෝලයක් කියලා.. හොඳට බලන්න ආයෙ.. :පී

      Delete
  13. කොන්දට මෙයාව හොඳට නෝට් ඇති.. ඇයි දෙන්නෙක් වාඩි වෙන්න ඕන සීට් එකේ තනියම වාඩි වෙලා යනවනේ... :)

    ඇත්තටම කොන්ද ගැන අදහසක් තිබුනෙම නැද්ද ? (කෙල්ලො කවද්ද හිතේ තියෙන දේ කිව්වෙ)

    ReplyDelete
    Replies
    1. අනේ මේ එච්චර මහත නම් ඉතින් කොහොමද බස් එකේ දොරෙන් ඇතුල් වෙන්නේ .... :P

      හෑ.... නෑ අපොයි....! ( මෙන්න මෙයා කොමර්ෂල් බ්රේක් දානවෝ)

      Delete
    2. කෙල්ලෝ කවද්ද හිතේ තියෙන දේ කිව්වේ :D


      [img src="http://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-ash3/550323_359317240837086_1938647721_n.jpg"]

      Delete
  14. කියාගන්ඩ බැ කියුවට ඔය යසට ලියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. :) එහෙම කිව්ව එකටනම් ගොඩක් සතුටුයි

      Delete
  15. මිනිස්සුට වැඩක් කරගන්න ඕනෙ වුනාම නැති ඇඳුනුම්කමුත් හදාගන්න ලස්සන නේ?

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ හැබැයි එදා නම් ඉතින් තව ටිකෙන් මන් ඉවරයි :)

      Delete
  16. මට මුකුත් කියාගන්න බෑ වගේ

    අම්ම නම් හොඳට බය වෙන්න ඇති එදා

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි ඒ ?

      හි හි එහෙම නෑ දුවව විශ්වාසයි :)

      Delete
  17. කියාගන්න බෑ දිග වැඩියි අප්පා. කරකද "කිබෑ" වගේ නමක් දාගත්තොත්..?

    ReplyDelete
    Replies
    1. අපෝ ඒකේ කිසි ලස්සනක් නෑ නේ ... කොහොමත් මගේ ඇත්ත නමත් දිග වැඩයි නේ ;)

      Delete
    2. උම්බෑ කියල දැම්ම නම් මරු ☻

      Delete
    3. හෑ... ඔයාට ගැලපෙනවා ;)

      Delete
  18. මට කියා ගන්න බෑ මගේ හිතේ අසරණ කොන්දා ගැන තියෙන දුක! හික්ස් :D

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මේ මන් ගැන දුක නැද්ද? :/ :P

      Delete
  19. පටන් ගන්නෙම කියාගන්න බැරිය කියලා....

    ReplyDelete
  20. කියාගන්න බෑ නේන්නම් ඔහොම වෙනකොට :D

    ReplyDelete