Tuesday, December 25, 2012

හනුමා දොර ළඟ ...


මතකද මගේ පළවෙනිම කතාවේ හිටපු අර චුටි ඩොක්ටර් රශ්මි? මේ එයා ටිකක් ලොකු කාලේ වෙච්ච දෙයක්.

රශ්මි මේ සිද්දිය වෙන කාලේ කළුතර පැත්තේ රෝහලක තමයි වැඩ කලේ.ඉතින් නැවතිලා හිටියේ රෝහලේම තියෙන නිල නිවාසෙක. ඒ රෝහල නම් අවුරුදු බර ගානක් පරණ එකක් ඒ කියන්නේ ඉංග්‍රීසින්ගේ කාලේ හදපු එකක්  එතකොට ඉතින් කියන්න ඕනේ නෑ නේ අර නිල නිවාසෙත් එහෙමයි කියලා. ඒක ලොකු ගෙයක්  එක ඩොක්ටර් කෙනෙක්ට එක කාමරේ ගානේ තමයි දීලා තිබුනේ ඒ කාමරයක් දැන් තියෙන ගෙයක් තරම් ලොකුයි. ඔය කියන කාලේ ඩොක්ටර්ස්ලා  04 දෙනෙක් විතර නැවතිලා හිටියා. රශ්මිගේ යාළුවා උනේ උපුලි කියලා රශ්මි වගේම චුටි ඩොක්ටර් කෙනෙක් (ඒ වුනාට රශ්මි වගේ කට තියෙන කෙනෙක් නෙමෙයි හැමදේටම බයයි). 





ඔහොම ඉන්නකොට දවසක් රශ්මි ළඟ තිබුන රත්තරන් චෙන් එක නැති උනා. කාමරේ අනිත් පැත්ත පෙරලලා හෙව්වත් හම්බුනේ නෑ. වැඩේ කියන්නේ රශ්මි ට මතකත් නෑ කොහෙද මාලේ තිබ්බේ කියලා. ඉතින් ඒක ගත්තා කියල හිතන්න කෙනෙකුත් නෑ. ඉතින් හොයල හොයල වැඩක් උනේ නැති නිසා ඔහේ කල්පනා කර කර ඉන්නකොට සරත් කියලා ඉන්න රශිමිලගේම යාලුවෙක් වෙලාවේ හැටියට දුන්න හොඳ අයිඩියා එකක්! මොකක්ද?

“ ඇයි බන් අහපන්කෝ සාස්තරයක් ....”

ඔන්න දැන් ඉතින් කට්ටියම ඒකමතිකව අයිඩියා එක සභා සම්මත කළා. එත් කොහෙන්ද සාස්තරයක් අහන්නේ? ටික දවසකින් ඔන්න එකටත් උත්තරේ හම්බුනා රෝහලේ වැඩ කරන කෙනෙක් දන්නවා කිව්වා හොඳ තැනක්.

“ නෝනාම ගිහින් බලන්නකෝ.. හරිම හාස්කම් තියෙන තැනක්... ගිය කිසි කෙනෙක්ට වැරදුනේ නෑ... අඳුන බලලා සාස්තරේ කියන්නේ...”


දැන් ඉතින් පාරත් අහගත්ත රශ්මි එහෙටවත් ගිහින් බලනවා කියලා හිත හදා ගත්තේ උපුලි ගේ කන්දොස් කිරියාව නවත්තගන්න. මොකද කියනවනම් සාස්තර ගැන රශ්මිට නම් මෙලෝ විශ්වාසයක් නෑ.  

ඔන්න උදේ පාන්දරම යාලුවෝ දෙන්නා ගියා ඒ කියපු තැන හොයාගෙන. හප්පේ උදේම ගියා උනාට හෙන සෙනගක් ඉන්නවා ඒ වෙනකොටත්.

“ සාස්තර අහන්න ඉන්න අය පඬුරැ වශයෙන් රු.25ක් තියාගන්නවා හොඳයි...... ( ඒ කාලේ හැටියට රු 25 හෙන බර ගානක්)” දේවාලේ කපුවාගේ ගෝලයා ඇවිත් කියලා ගියා.

ටික වෙලාවකින් රශ්මිලගේ වාරෙත් ආවා.

“ ම්ම්ම් හා... තමුන් ආවේ නැති උන දෙයක් ගැන විමසන්න.... එහෙමද...?”

“එහෙමයි....”

ගුරා මද වෙලාවක් අඳුන දෙස බලා සිටියි...

“ ඔව්... මට පෙන්නුම් කරනවා.... දොරක්...”

රශ්මි බලා සිටියි... උපුලි බය වී මද පමණට වෙව්ලමින් සිටියි...

ටික වෙලාවක් අඳුන දෙස බලා සිටි ගුරා....

“ ම්හු මෙතන මොකක් හරි දෝෂයක් තියෙනවා.. හනුමන්තා දේවතාවුන් වහන්සේ දොර ළඟ ඉන්නවා එත් ඇතුලට යන්න බෑ... ඔක්කොටම කලින් ගෙදර තියෙන  දෝෂය ඉවත් කරන්න වෙනවා...”

දෝෂය කෙසේ වෙතත් රශ්මිගේ යකා නම් හිස මුදුනටම පැමිණි සෙයකි! එක පාරටම නැගිට දුන් පඬුරු ද ගෙන

“ ඔව්නේ හනුමා කොහෙද ගෙට යන්නේ යතුර මගේ අතේ නේ....?




12 comments:

  1. හොකෑස්.. ඇයි වහලෙන් පනින්න බැරි වෙලාද හනුමාට....

    ඔය රශ්මි කියන කෙනා ඔයාගෙ පරණ තරහකාරයෙක්ද ඔච්චරටම නෝන්ඩි කරන්න.. හි හි

    අපිත් ඉස්කෝලෙ යන කාලෙ 10 වසරෙදි විතර වැලිගම පැත්තෙ දේවාලෙකට ගියා. මමයි තව කොල්ලො 2ක්. අහන්න ගියේ යාලුවට සෙට් වෙන සෙට් වෙන හැම කෙල්ලම බූට් තියනවා ඒ මොකද කියල අහන්න... හික්ස්.. ඒ කාලෙ මෝඩයිනේ (අපි නම් ගියේ ආතල් එකට)

    රු:245 ශත 50 පඬුරු.. හිටියෙ ඇන්ටි කෙනෙක් ආවේස වෙලා කියන්නේ.
    ඉතිං මූට කොඩිවින කරලයි අරකයි මේකයි හෙන ගොඩක් කියල වශියක් ඕන නම් 1500/- ඕන කිව්ව. නිදිකුම්බ කොළ තම්බල දවස් 7ක් නාන්න කිව්වා..

    අපිට පට්ට හිනා, ඒ පාර ඒ ගෑණි මාව පෙන්නල කියපි මූව ආශ්‍රය කරනකම් අරූට අපලයි කියල.. ජීවිතේට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ කියල.
    ඇයි යකෝ මං පලිද අරූට කෙල්ලො හරි නොගියට... :(

    ReplyDelete
    Replies
    1. සිරාවට වහලෙන් පනින්න වෙලා යනවා ඇති ඇයි ඉතින් වහලේ උළු එහෙමත් අයින් කොරන්න එපැයි
      ශා ... මරුනේ හි හි නිදිකුම්බා කොළ තම්බලා නාන්න කියනවා සමහරු ලෙඩකට එත් එත් ඒක සාර්ථක දෙයක් නෙමෙයිලු
      ඔහෝ සමහරවිට ඔයාව දැකලා වෙන්න ඇති යාලුවට බූට් හම්බවෙන්නේ

      Delete
  2. :D :D :D ඉතින් මාලෙ හම්බවුනාද දන්නෙ නෑ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එක එයා ළඟමයි තිබිලා තියෙන්නේ :D

      Delete
  3. ගුරා ඇත්තනේ කියල තියන්නේ.
    ඒක නෙවෙයි, දැන් මොකක්ද ඔය කියා ගන්න බැරි..? :D

    ReplyDelete
  4. හි හි කියාගන්න බැරි අයියෝ ඉතින් කියාගන්න බෑ නේ :D

    ReplyDelete
  5. නියම කතාව නගෝ..
    ඔය කියාගන්න බෑ කියුවට කියන්නේ...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා අයියේ :)

      මෙහෙම කිව්වට වෙලාවකට කියාගන්න බැරි වෙනවා :D

      Delete