Wednesday, May 15, 2013

නික්මයාම....


මධුමතී නදීතෙර

හිද ලියන මේ ගීය....

කවදා හෝ නුඹට

නොලැබෙනු ඇත....

යම් හෙයකින් ;

මා මුමුණන මේ වදන් ....

මද පවන ගෙනැවිත්

ඔබ සවනත මත

තැබුවහොත් මිසෙක...... 



24 comments:

  1. සැළලිහිනියෙක්වත් හොයාගන්න බැරිවෙයිද අක්කේ ? :/

    ReplyDelete
    Replies
    1. නෑ මෙයා කැමති නෑලු එයාට කියන්න ....

      Delete
    2. එහෙනම් මටවත් හොයල දෙන්නකෝ. සංදේශයක්‌ යවන්න ;)

      Delete
    3. හප්පේ අනේ අම්මෝ මන් ඔව්වට නෑ :D

      Delete
  2. සරලයි, ලස්සනයි. :)

    ReplyDelete
  3. පට්ට ලස්සනයි.... මටත් මොකෙක් හරි සතෙක් හොයල දෙන්නකො පනිවිඩ යවන්න.... වවුලෙක් හරි කමක් නෑ...

    මොකද රටේ ආර්තික තත්වෙ අනුව පෝන් එකට රීලෝඩ් දාන්න තරම් වතක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව අප්පා දැන් මගේ පෝන් එක තියෙන්නේ එලාම් එක තියන්නයි සින්දු අහන්නයි විතරයි :D

      Delete
  4. හරිම සරල වචන ටිකක්
    ලස්සනයි.

    ReplyDelete
  5. හුළඟ ශේප් කරලා තියාගන්න ඕනි අල්ලසක්වත් දීලා...

    ReplyDelete
    Replies
    1. හුළඟ උනත් ෂුවර් කරන්න පුලුවන්ද දැන් කාලේ? හදිස්සියේ ගිහින් වෙන කෙනෙක්ගේ කනේ තිබ්බොත් ;)

      Delete
  6. අර කොන්දට කිවුවනං ගිහින් දෙයි මගෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. අනේ එයාව මන් කාලෙකින් දැක්කේ නෑ :)

      Delete
  7. ඕක පාවෙලා යයි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම පාවෙලා ගියේ නැතත් දැන් වැඩක් නෑ.....

      Delete
  8. ම්හු ම්හු. වැරදියි වැරදියි.

    ඕක කොලේක ලියලා බෝතලේකට දාලා කට සීල් කරලා ගඟට දාන්න.

    How to send my SOS to you?
    How to send my SOS to you?
    How to send my SOS to you?
    A message in a bottle
    A message in a bottle

    -THE POLICE

    ReplyDelete
    Replies
    1. ඒක භයානකයි නේ :O වෙන කෙනෙක් එහෙම ඕක බැලුවොත් ?

      Delete
  9. අනේ.. කියාගන්න බෑ කියන්නෙ ඕකනෙ..

    එයා ඇයි අකමැති අරයට කියන්න??

    ReplyDelete
    Replies
    1. එයා යන්න හදන්නේ අරයාව ආයේ හම්බවෙන්නේ නැති තැනකට ........

      Delete
  10. නිකං ගැරඬියෙක් වගේ සතෙක් අතේ යවන්න.. ආරක්ෂාවත් හොඳයිනේ.. :P

    ReplyDelete
    Replies
    1. නෑ එක්කෝ ඕනේ නෑ :P හිකිස්

      Delete