ජීවිතේට ලං කරගන්නේ නෑ කියලා හිතාගත්ත ඔයා....
ආයෙත් මගේ ලඟට එන්න හදනවා
මන් කැමති නෑ ඔයාට...
තවත් මාව දුර්වල කරනවට ...
මේ හිත...
හයිය නෑ කියල දැනගනියි ...
හැමෝම...
එලියට එන්න දගලන ඔයාව
හැමදාම තද කරලා
බොඳ කරන්නේ
මන් ඔයාට කැමති නැති නිසා
මේ හිත ඇතුලේ තියෙන
දුක් කන්දරාව
කාටවත් පෙන්නුවට වැඩක් නැති නිසා...
ඉතින් සමාවෙයන් මට...
මේ කියන්නේ ඔයාට,
කඳුල ....
ඈතටම යන්න
ජීවිතේ කදුල හෝ සතුට කවදාවත් ඉවත් කරන්න බැහැ...... ඒ හැමදෙයක් ම තමයි ජීවිතය කියන්නේ..... අගෙයි
ReplyDeleteදුක බාර අරගෙන කඳුලට යන්න කිව්වේ.... බොහොම ඉස්තුතියි
Deleteකඳුල ඉතිං ෂමාවෙයං
ReplyDeleteඅපි වෙන්වෙමු අ..ද් ද හව්වෂට්ට ආ..හිහි
හම්මේ ඉතින් නෙහ්
Deleteප්රාතිහාර්යයක් නොවැ.. මේ අවුරුදු විසිපහකින් පෝස්ට් එකක් දාලා තියෙන්නෙ..))
ReplyDeleteහෑ ... මටවත් තාම අවුරුදු 25ක් නෑ
Deleteමං මේ පැත්තට ආවේ අදමයි.
ReplyDeleteලස්සන නිර්මාණයක්.
බොහොම ඉස්තුතියි
Deleteකඳුල ඒ විදිහට ඈතට දාන්න පුළුවන් නම් ඉතින් අපි හැමෝම වගේ ඒක මේ වෙද්දී කරලා. ඒත් අවාසනාවකට වගේ ඒකට ඉඩක් නැහැ.
ReplyDeleteකඳුල සිරගත කළා
Deleteඔබ තුමිය දන්නවද, කඳුල ඈතට ගියොත් ඇහේ මතුපිට වේලිලා, ආසාදනය වෙලා හෙනම ජරමරයක් වෙනබව? ඒක සිරාම medical condition එකක්. වහාම සමාව ගන්න.
ReplyDeleteඔව් සරෝෆ්තැල්මියාව , කැරටෝමැලේෂියා වගේ ජරමර වෙනවා. ටිකක් තිබුනට කමක්නෑ මන් කිව්වේ මේ වැඩිපුර තියෙන කඳුළු වලට
Deleteලස්සනයි. ගතින් ඈත්කරන්න හැදුවට හිතින් ඈත් කරල නෑ වගේ
ReplyDeleteඑහෙම කරන්න කොහෙත්ම බෑ
Deleteජීවිතේ කියන්නෙ සතුටයි කඳුලයි දෙකම මුසුවෙච්ච දෙයක්.. එහෙම ලේසියෙන් අයින් කරන්න බෑ නේද? ලස්සන නිර්මාණයක්..
ReplyDeleteමතකද මන්දා අපිව.. කාලෙකට පස්සෙ ආයෙ බ්ලොග් ලියන්න පටන් ගත්තෙ.. වෙලාවක ඇවිත් යන්න පුළුවන් නම්..
මගේ අලුත් බ්ලොගේ
http://katuakula.blogspot.com/
අහා මතකයි :) එන්නම්කෝ ඔය පැත්තෙත්
Delete