මට කියන්න ඕනේ හෙම්බිරිස්සාව ගැන නෙමෙයි. මේ ලඟදි මෙහෙ ළමයි ටික දෙනෙක්ට රෑෂ් එකක් ආවා හමේ. ඉතින් ඕකට එයාලා බෙහෙත් ගත්තා. කියාගන්න බෑ ඉන්න ෆ්ලෝ එකේ ළමයි ටිකක් විතර අනිත් අයගෙන් වෙනස් කියල තමයි කියන්නේ හැමෝම වගේ. වෙන එකක් නෙමෙයි එයාලා ආත්මාර්ථකාමී ලු. බැච් එකේ ඉන්න පෝසත්ම සෙට් එක ඉන්නේ මේ ෆ්ලෝ එකේ කියල වෙනම නාමෙකුත් තියෙනවා. ඉතින් ඔය ගැන ගොඩක් දේවල් අනිත් අය මාත් එක්ක කියනවා ඇත්තටම මන් වරදීමකින්ද කොහෙදලු මේ ෆ්ලෝ එකට වැටුනේ . මන් කියල මොනා කරන්නද. ඉතින් මේ ෆ්ලෝ එකේ ළමයි අර ළමයින් ඉන්න පැත්තකින් වත් යන්නේ නෑ. ඔන්න ඕකයි තත්වේ.
දවසක් අර රෑෂ් එක හදුනා ළමයෙක් ආවා මාව හම්බවෙන්න. කියාස් පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ?
අයියෝ පුළුවන් එන්න මගේ කාමරේට
නෑ අනේ ඔයාගේ රූමා කැමති වෙන එකක් නෑ අපි යමු එලියට
ඔන්න ඉතින් අපි එලියට ආවා.
කෝ ඉතින් කියමුකෝ බලන්න.
මෙන්න මේ කෙල්ලගේ ඇස් වල කඳුළු
ඇයි මේ අඩන්නේ?
මට කියන්න කෙනෙක් නෑ කියාස් ඔයා මේ අල්ලාගෙන ඉන්න මගේ අතෙත් රෑෂ් එක තියෙනවා.
ඔව් ඉතින් ...?
ඇයි ඔයා අත අතාරින්නෙ නැත්තේ කියල මන් අහන්නේ නෑ ඒත් .... ඔයාලගේ ෆ්ලෝ එකේ ළමයි මට කරන වෙනස්කම් මට දරාගන්න බෑ කියාස්... මන් දන්නවා ඔයා වෙනස් කියල... ඇයි මට මෙහෙම කරන්නේ? මට ලාදුරු හැදිලා වගේනේ එයාලා මාව දැක්කත් අහකබලා ගන්නේ? අද මන් වොෂ් රූම් එකට මුණ හෝදන්න ගියාම හැමෝම ඈත් උනා.... මට එතනම මැරෙන්න හිතුනා කියාස්.....
ඇය අඩන්නට විය..
ඇත්තටම උනේ ඕකයි............
මාත් එදා රෑ ඕක ගැන හිතුවා. ඇයි ඇත්තටම මෙයාලටත් ඕක හැදුනොත් මොකද වෙන්නේ කියල හිතන්න බැරි? ප්රවේසම් වෙන්න ඕනේ තමයි එත් එහෙම කෙනෙක්ව කොන් කරන එක සාධාරණද? මනුස්සකම කියල මුන් හැමතිස්සෙම කතා කරන වචන වල තේරුම කෝ?