Saturday, September 14, 2013

තේරුම් ගන්න .........







මට ඔයාව මතක් වෙනවා

ඔයා හිතන්නේ මේ හිත ගලක් කියලද?

තේරුම් ගන්න බැරි වෙයි ඔයාට

ඉස්සර වගේම දැනුත්

ඔයා මන් ගැන හිතන්නේ එහෙමයි

හිත රිදුන හැම වාරෙකම

ඇස් වලට කදුළු උනන්න ඕනේ කියලා නෑ

ඔයා වරද්ද ගත්තේ එතන

කොහොම උනත් මාව රිදවපු හැම වාරෙකම

මේ ඇස් දෙකෙන් ඇඩුවා නම්

එදා.............

මාව වෙන් කරලා ඈතට යන්න ගිය දවසේ

මට අඩන්න

මගේ ඇස් වල

එක කඳුලක් වත්


ඉතුරු නොවී තියෙන්න තිබුනා..........

19 comments:

  1. හඬන විටද පරිසරය ගැන හිතන්න.

    ටිෂූ පාවිච්චියට වඩා ලේන්සු පාවිච්චිය පරිසර හිතකාමීය.

    ReplyDelete
    Replies
    1. ලේන්සු නැතිවෙනසුළුයි

      Delete
    2. ටිෂු දියවෙන සුළුයි

      Delete
  2. හරිනෙ... බස් කොන්ද බූට් එක තියල වෙන රූට් එකක යන බස් එකක නැඟල වගේ ;)

    ReplyDelete
    Replies
    1. හපෝ මොකක්ද අප්පා මේ බස් කොන්දෙක්ව අල්ලගෙන ඉන්නේ :/

      Delete
  3. කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියල...

    මොකද වෙලා තියෙන්නෙ...

    ""අඩන්නෙ ඇයි සුදු මැණිකේ.... කියන්න පණ මාගේ....."""

    ජෝක් ඈ... මෑගි එකේ මේක දැක්කොත්,...... මාව දාල යනව.....

    ReplyDelete
  4. මේවට කියන්න දේ එනවා ඒත් මටත් කියාගන්න බෑ බොලා තාම හිච්චි දැරිවියක් හින්දා

    ReplyDelete
  5. එහෙම කඳුළු ඉතිරි නොවී තිබුනානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හිතෙනවා ඉතින් ඒ උනාට ඉතුරු වෙලා තිබුනා නේ

      Delete
  6. හිත රිදවන අය නම් ජීවිතවලින් යන එකමයි හොඳ

    ReplyDelete
    Replies
    1. ඒක ගැන නම් මන් දන්නේ නෑ හ්ම්ම්

      Delete
    2. යන එකාටම හිතත් දෙන්න.. මං නම් දීල යැව්ව අරන් පල කියලා. දැන් ඉතිං දුක දැනෙන්න හිතක් නෑ

      Delete
    3. අන්න ඒක තමයි කරන්න තියෙන්නේ

      Delete
  7. බොක්කෙන් ල\ලව් කරපු කලේ කෙක්කෙන් පොල් කෙදුවනම් ඔයත් අද පොල් මුදලාලි කෙනෙක්

    ReplyDelete