මට ඔයාව මතක් වෙනවා
ඔයා හිතන්නේ මේ හිත ගලක් කියලද?
තේරුම් ගන්න බැරි වෙයි ඔයාට
ඉස්සර වගේම දැනුත්
ඔයා මන් ගැන හිතන්නේ එහෙමයි
හිත රිදුන හැම වාරෙකම
ඇස් වලට කදුළු උනන්න ඕනේ කියලා නෑ
ඔයා වරද්ද ගත්තේ එතන
කොහොම උනත් මාව රිදවපු හැම වාරෙකම
මේ ඇස් දෙකෙන් ඇඩුවා නම්
එදා.............
මාව වෙන් කරලා ඈතට යන්න ගිය දවසේ
මට අඩන්න
මගේ ඇස් වල
එක කඳුලක් වත්
ඉතුරු නොවී තියෙන්න තිබුනා..........
හඬන විටද පරිසරය ගැන හිතන්න.
ReplyDeleteටිෂූ පාවිච්චියට වඩා ලේන්සු පාවිච්චිය පරිසර හිතකාමීය.
ලේන්සු නැතිවෙනසුළුයි
Deleteටිෂු දියවෙන සුළුයි
Deleteහරිනෙ... බස් කොන්ද බූට් එක තියල වෙන රූට් එකක යන බස් එකක නැඟල වගේ ;)
ReplyDeleteහපෝ මොකක්ද අප්පා මේ බස් කොන්දෙක්ව අල්ලගෙන ඉන්නේ :/
Deleteහ්ම්ම්....
ReplyDeleteහ්ම්ම්ම්
Deleteකෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියල...
ReplyDeleteමොකද වෙලා තියෙන්නෙ...
""අඩන්නෙ ඇයි සුදු මැණිකේ.... කියන්න පණ මාගේ....."""
ජෝක් ඈ... මෑගි එකේ මේක දැක්කොත්,...... මාව දාල යනව.....
හිකිස් හයියූ :P
Deleteමේවට කියන්න දේ එනවා ඒත් මටත් කියාගන්න බෑ බොලා තාම හිච්චි දැරිවියක් හින්දා
ReplyDeleteඒ මොකැයි ඉතින්
Deleteඑහෙම කඳුළු ඉතිරි නොවී තිබුනානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
ReplyDeleteහිතෙනවා ඉතින් ඒ උනාට ඉතුරු වෙලා තිබුනා නේ
Deleteහිත රිදවන අය නම් ජීවිතවලින් යන එකමයි හොඳ
ReplyDeleteඒක ගැන නම් මන් දන්නේ නෑ හ්ම්ම්
Deleteයන එකාටම හිතත් දෙන්න.. මං නම් දීල යැව්ව අරන් පල කියලා. දැන් ඉතිං දුක දැනෙන්න හිතක් නෑ
Deleteඅන්න ඒක තමයි කරන්න තියෙන්නේ
Deleteබොක්කෙන් ල\ලව් කරපු කලේ කෙක්කෙන් පොල් කෙදුවනම් ඔයත් අද පොල් මුදලාලි කෙනෙක්
ReplyDeleteපොල්? පොල් විසේසයි ද?
Delete