ඒ අපගේ මිතුදමයි..... කලක සිටම
පැවති සුහද මිතුදමයි....
ඔව් බොහෝ කලකපටන් පැවති මිතුදමයි
....
එහෙත් කාලයත් එක්කමද කියන්න මන්
දන්නෙත් නෑ මගේ හිතේ එයා ගැන යාලුවෙක්ට වඩා හැගීමක් ඇති උනේ ඇයිද කියන්න. අපි රෑට එකට පාඩම්
කළා. එකට දහම් පාසල් ගියා.
අපේ යාළුකම එහෙමයි ගෙවුනේ ....
අපි ඒ ලෙවල් කළා පාස් උනා අපි තාමත් යාළුවො....
ටික කාලයක් යනකොට එයා කෙනෙක්ට
ආදරේ කළා.... හොඳම යාළුවා වෙච්ච මට තමයි එයාගේ හිත ගිය කෙනා ගැන කිව්වේ... මට
එතකොට දැනිච්ච හැගීම තාමත් වචන වලට හරවන්න බෑ... ඔව් කවදාවත්ම බැරිවෙයි... මන්
උදව් කළා එයාගේ ආදරේට ලං වෙන්න.
මෙයා එයාට ආදරෙයි කිව්වා.. එයත් මෙයාට ආදරෙයි කිව්වා...
ඒත් මගේ ආදරේ තාම මගේ හිත
ඇතුලේ.... මන් හිතුවේ මන් එයාගෙන් අහන එක එච්චර හරි නෑ කියල. කෙල්ලෙක්
කොල්ලෙක්ගෙන් ඉස්සෙල්ලම ආදරේ ගැන අහන එක වැරදියි කියල මන් හිතුවා. ඒ නිසාම එයා වෙන
කෙනෙක් එක්ක යාලු වෙනකන්ම මන් බලන් හිටියා. මන් තාමත් එයාගේ හොඳම යාළුවා.
එයා මාව එයාගේ ආදරේ ට අදුන්වලා
දුන්නා
“ මේ මගේ හොඳම යාළුවා.... “
ඔව් එදා එහෙම තමයි කිව්වේ මන්
එයාගේ ආදරෙත් එක්ක හිනා උනා. මගේ හිතේ තාමත් එයා ගැන ආදරේ තියාගෙන එයාගේ ආදරෙත්
එක්ක මන් හිනා උනා.
“ඔයාගේ හොඳම යාළුවා නම් මෙයා
මගෙත් හොඳම යාළුවා...”
එයාගේ ආදරේ එහෙම කිව්වා...
අපි හොඳම යාළුවො උනා ඔව් දැන්
යාළුවො තුන් දෙනයි.
ආදරවන්තයෝ දෙන්නයි ඒ දෙන්නගේ හොඳම යාළුවා උන මමයි.
අපි හැමතැනම ගියේ එකට. එයාගේ
උපන්දිනේට තෑගී ගන්නකොට එයාගේ ආදරේ මට කෝල් කරලා කියනවා මටත් එන්න කියල. ඉතින්
මාත් යනවා. එයා කැමති අකමැති ඒවා මතක් කරලා අන්තිමට ලස්සන තෑග්ගක් ගන්න හොඳම
යාළුවා වෙච්ච මම උදව් කරනවා.
ඔව් මට මතකයි එක සැරයක් එයාගේ ආදරෙත් එක්ක ගියා එයාගේ
උපන්දිනෙකට තෑග්ගක් ගන්න. ඒ එයාගේ ආදරේ එයාගේ උපන්දිනේට දෙන පලවෙනි උපන්දින තෑග්ග.
හොඳම යාළුවා වෙච්ච මමයි තෑග්ග
තෝරලා දුන්නේ. එයා ආසයි ඉර බහින හැන්දෑවට මුහුදු වෙරළකට ගිහින් ගලක් උඩ ඉඳගෙන
සිතිජ ඉම දිහා බලාගෙන ඉන්න. මන් තෝරලා දුන්නේ අන්න ඒ වගේ දර්ශනයක් තියෙන
පින්තුරයක්.
එදා හවස එයා මට කතා කළා...
“ ඒ බලන්නකෝ අරයා මට දුන්න තෑග්ග
මොකක්ද දන්නවද?...”
“නෑ ...නේ ... මොකක්ද දුන්නේ?
.....”
“ පොඩ්ඩක් හිතලා කියනවා හලෝ.....”
“ ම්ම්ම්ම්.... අනේමන්දා හිතාගන්න
බෑ...”
“ හපෝ වැඩක් නෑ.... ඔයා දන්නවා
නේද අර මන් හවසට බීච් එකට යන්න ආසයි කියල...?”
“ ආ ඔව් ඉතින් ඔයා එක්ක එයා බීච්
එකට ගියාද....?”
“ පිස්සුද ... එයා මට ඒ වගේ පේන්ටින් එක දුන්නා හලෝ මාරම
මාර ලස්සනයි.... මන් ඒක මගේ රූම් එකේ එල්ලගත්තා.... ඉන්නවකෝ මන් එකේ එම්.එම්. එස්
එකක් එවන්නම්....”
“ නෑ එපා... මට හිතාගන්න පුලුවන්
ඒක ලස්සන ඇති... ඔය ලේසියෙන් දේකට ලස්සනයි
කියන කෙනෙක් නෙමෙයිනේ... “
එසේ කියා මම සිනාසුනෙමි... ඔහුද
මා සමග සිනාසුනි.
කාලය ගතවිය ඔවුන්ගේ ආදරයද පැවතින.
තවමත් මා හොඳම යාළුවා විය.
එක් දිනක් ඔහුගෙන් දුරකථන ඇමතුමක්
ලැබුණි.
“ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න
පුලුවන්ද....?”
“ ඔව් පුළුවන් ප්රශ්නයක් නෑ
කියන්න....”
“එයා මාව දාලා ගියා .... මට
තේරුම් ගන්න බෑ ඇයි මට එහෙම කලේ කියල....”
“මොකක්ද කිව්වේ? දාලා ගියා...?
ඇයි මොකද උනේ කියන්න මට...?”
“ මේ අපේ සම්බන්දෙ නැවැත්තුවා
අදින් පස්සේ එයා මන් ළඟ නෑ... යාලුවේ.....?"
මම මුකුත් කියන්න ගියේ නෑ එයා කියපු හැමදේම
අහගෙන හිටියා ඇත්තටම එයාටත් ඕන කලේ එයා කියන දේවල් අහන ඉන්න කෙනෙක් මිසක් උපදෙස්
දෙන්න කෙනෙක් නෙමෙයි කියන එකත් එයාගේ හොඳම යාළුවා වෙච්ච මං දැනගෙන හිටියා.
තවත් ටික කාලයක් ගෙවිලා ගියා අපි
තාමත් යාළුවො ....
එයා පේරාදෙණි කැම්පස් සිලෙක්ට් උනා. මටත් කැම්පස් යන්න
ඕනෙකමයි සුදුසුකමයි දෙකම තිබුනට ගෙදරින් කැමැත්තක් තිබුනේ නෑ. ඉතින් මං ආයෙත්
එයාගෙන් දුරස් වෙන්නද යන්නේ?
ඉස්සර ඔයාගේ ආදරෙත් තිබුන දවස් වල
අපි තුන්දෙනාම ඕපන් යුනිවර්සිටි එකට ගියා මතකද? එහෙදී එහෙන් මෙහෙන් තිබුන
රොබරෝසියා මල් ගස් වල මලක් දෙකක් වැටිලා තියෙනකොට ඔයයි ඔයාගේ ආදරෙයි එතන වාදී වෙලා
කතා කර කර ඉන්න ටිකක් නතර උනා. මම ඔය දෙන්නට නිදහසේ කතා කරගන්න දීලා බස් හෝල්ට්
එකට ඇවිත් ඔය දෙන්නා එනකම් බලන් හිටියා.
මෙහෙ වගේ නෙමෙයි පේරාදෙණියේ
රොබරෝසියා මල් ඕනේ තරම් තියෙනවා. මල් පිපෙන කාලෙට මුළු පරිසරේම රෝස පාට වෙනවා ඇති.
ඒ පාරවල් දිගේ ඔයා තනියම ටික කාලයක් ඇවිදගෙන යයි ඒත් හැමදාටම එහෙම වෙන එකක් නෑ...
ඔයත් එක්ක අත් අල්ලගෙන යන්න ලස්සන මලක් වගේ කෙනෙක් ඔයාට එහෙදි මුණගැහෙයි. එතකොට
මාව එයාට ඔයා ඉස්සර වගේ අදුන්වලා දෙයි ද? “ මේ මගේ හොඳම යාළුවා....” කියල?
සමහරක් විට එහෙම අදුන්වලා දෙන
එකක් නෑ .... අපි දැන් ගොඩක් දුරස් නිසා .. ඒ කිව්වේ ඔයා පේරාදෙණියේ මම මෙහෙ.
මට මැසේජ් එකක් ඇවිත් ....
“ මේ මන් හෙට උදේම මෙහෙන් පිටත් වෙනවා.....මං ගියාම ඔයාට විස්තර
කියන්නම්කො... තෙරුවන් සරණයි!....”
එයා එහෙම කියලා තිබුනා .......
හ්ම්ම්.... මොනවා උනත් මම ඔයාගේ
හොඳම යාළුවා.