Wednesday, June 11, 2014

අද .........

කෝ ඇයි ඔයා පාඩම ලියන්නේ නැත්තේ පුතේ ?

පොත ඉවරයි මිස්

කෝ බලන්න ... බෑගය ද හිස් ය.

 අද දවල්ට පුතා කෑවේ නැද්ද? කැන්ටිමෙන්ද කෑවේ ?

නෑ මිස් අම්මා ඊයේ නයිට්

පුතාගේ අම්මා කොහෙද වැඩ කරන්නේ ?

ගාමන්ට් එකේ මහනවා මිස්

හ්ම්ම්.... එතකොට තාත්තා කෝ ?

තාත්තා හිරේ මිස්

පොඩි එකාගේ ඇස්  වල එලියට වැටෙන්න පොරකන කඳුළු පොදියකි

තුරුල් කරගතිමි පොඩි එකා මා ලයට .........



10 comments:

  1. එවන් හදවතක් හිමි අය රටකට වාසනාවන්....

    ReplyDelete
  2. ම්ම්ම් දුක හිතෙන කතාවක්...
    ෙකටි අකුරු පෙලක්.
    දිගු කතාවක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කතාව දික් කරන්න කොහොමත් හිතුවේ නෑ කියවන කෙනාට තේරුම් ගන්න ඉතුරු කළා

      Delete
  3. හ්ම්ම්ම්, තවත් සංවේදි කතාවක්ද??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ..... අපේ සමාජෙම ජීවිත කතාවක්

      Delete
  4. ඔය ප්‍රශ්න ටිකවත් අහන්නේ නැතුව සපත්තු දෙක බෙල්ලේ එල්ලන 'මිනිස්සු' ඉන්න කාලෙක, 'ගුරුවරියක්' හම්බවෙනවා නම් කොතරම් අගෙයිද? hats off!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකත් ඒ වගේ සමාජයක් තමයි අපිට ඒ 'මිනිස්සු' හදන්න බෑ නේ ?

      Delete
  5. දැන් එහෙම ඔහොම තුරුළු කරගන්නේ බලාගෙන. ළමා අපචාර කේස් එකක් ඔලුවට කඩා වැටෙන්න පුලුවන්. ගෑණු පිරිමි බේදයකින් තොරව...

    ReplyDelete