Thursday, March 13, 2014

තාමත් ආදරෙන් ..............

ඔයා මට එදා මොනවද කිව්වේ කියල මට තේරුම් ගන්න බැරි උනේ නෑ මොකද ඇහුනේ නෑ වගේ හිටියට හැමදාව වගේ ඔයා කතා කලේ මගේ හිතට 

එදා ඔයා කිව්ව හැම වචනයක්ම මට මතකයි 

ඔයා ගියා.... මන් තනි උනා....ඔයා දුර ඉඳන් හිනා වෙනවා මන් දන්නවා..ඒත් ඔයා මන් අඩනවා දකින්නේ නෑ... මන් හරිද වැරදි ද මන් දන්නේ නෑ ....ඒත් මන් ඔයාට වෛර කරනවා....ඒ ඔයා මාව දාලා ගිය නිසා නෙමෙයි...මන් අදටත් ඒ මතකයන් වල පැටලිලා කාටත් හොරෙන් අඩන නිසා.... 

ඔයා එහෙම කියලා අහක බලනකොටත් මගේ ඇස් වල කඳුළු එලියට එන්න පොරකනවා. ඔයා හිතන්නේ මන් සතුටන් ඉන්නවා කියලද? එදා වෙන් වෙලා ගිය තත්පරේ ඉඳන් ම ඔයා මගේ ජීවිතේට තව තවත් ලං උනා ඒ හැම මතකයක්ම අදටත්

 මගේ හිතට ලංවෙනවා වැඩියි එදාටත් වඩා... 

මගේ අතීතේ දන්නේ නැති සමහරක් යාළුවො මගෙන් අහනකොට මේ ඇස් වලට කඳුළු ඇයි කියල මන් මුකුත් කියන්නේ නෑ. ඔයා හිතයි ඒ මන් ආදරේ කළා කියන්න බයයි කියලද? නෑ ... මට කියාගන්න බැරි වෙයි ඒ තරම් දුකක් මගේ හිතේ හිරකරගෙන ඉන්නේ මන් මට වචන නෑ ඔයාට වගේ කියන්න මේ හිතේ තියෙන දුක ..... 

මන් අතීතෙට ඔයා වගේ වෛර කරන්නේ නෑ මට ආයෙත් අතීතෙට යන්න ඕනෙත් නෑ ඒත් මට වර්තමානේ මෙහෙම දුකෙන් ඉන්නත් බෑ... ඔය ආදරේ මට ආයෙත් ඕනේ කියන්න මට බෑ ඒත් ඔයාගේ ආදරේ අදටත් මට තිබුනා නම් කියල මට හිතෙන් නැතුවමත් නෙමෙයි .... 


10 comments:

  1. යන එවුන් ගියාවේ කියලයි මට නම් කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එක ඇත්තඅගේ අපි එහෙම කිව්වට ඒ අයට එහෙම හිතෙන්නෙත් නැති වෙන්න පුළුවන් නේ ? අර කතාවටම නෙමෙයිනේ කියන්නේ දෙයක් නැති උනාම ඒකෙ අගේ දැනෙනවා වැඩියි කියන්නේ

      Delete
  2. යන්න යන අය ගියාවේ
    ඉන්න ඕනඅය හිටපුවාවේ...
    යන්න යන අයට
    අඩ නොගසන්න මිතුර
    ඉන්න අය සමග යහතින්
    ඉන්න නුඹ මිතුර

    අවන්හල

    ReplyDelete
    Replies
    1. යන අයට යන්න දුන්නට
      ඒ අතීතයට කිසි දිනෙක හිත තනි කරන්නේ නෑ
      ඉන්න අය සමග යහතින් හිටියට
      ඒ අයවලුන් ද අඩගසනුයේ
      වළදමන්නට සරෙසෙන අතීතයටමයි

      Delete
  3. දාල ගියාම දැනෙන වෙදනාව දරාගන්න හරි අමාරුයි.හැබැයි එකෙන් පන්නරෙ ලැබුනොත් ආයි වට්ටන්න බැ කාටවත්.වන කරගත්තොත් ඉවරයි

    ReplyDelete
    Replies
    1. එහෙම පන්නරේ ලැබුන අයව නම් දන්නවා

      Delete
  4. ආ හරිද.... කැම්පස් ගියපු ගමන් බුට් කෑවද අම්මගේ සුදු පුතා... :(

    ReplyDelete
    Replies
    1. පිස්සුද මේ මම මෙහෙ කෙනෙක් එක්ක යාලු වෙන්නේ නෑ නෑ.... නෑ...මයි ^_^

      Delete
  5. ආයෙමත් ආදරෙන් සින්දුව මතක් වුණා මට... ඒත් දාලා ගිය කෙනෙක් ආපහු ජීවිතේට එන එක නම් හොඳ දෙයක් නෙවෙයි!!

    ReplyDelete
    Replies
    1. මටත් මතක් උනා මේ සිද්දිය එයා කියද්දී..... ඒත් එහෙම දෙන්නෙක් ආයේ හම්බුනොත් ආයෙත් බැඳීමක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි නේද? අන්න ඒකයි හිත .......

      Delete