Thursday, February 14, 2013

බෝට්ටු පැදීම .....


ඔන්න ඉතින් ගෙදරට වෙලා කල්පනාවක් දාගෙන ඉන්නගමන් කියාගන්න බෑ ට මතක් උනා ඉස්කෝලේ ගිය කාලේ.... ඒ ලෙවල් කරපු කාලේ තමයි කියාගන්න බෑ ටිකක් වැඩිපුර පිස්සු නැටුවේ. ඒ වගේම තමයි කියාගන්න බෑ ගිය ටියුෂන් ක්ලාස් ටිකත් ඔන්න ඉතින් ඔහොම කියනකොට හිතන්න එපා කියාගන්න බෑ ක්ලාස් ගිහින් තියෙන්නේ පිස්සු නටන්න විතරයි කියල හරිය?

ඔන්න ඔහොම කල්පනා කරගෙන යනකොට මට මතක් උනා අපේ යසිත් සහෝදරයා ට බස් එකක් අයිති උන සිද්දියක් ගැන කියලා තිබුනා. ඒ වගේ ටිකට් සිද්දියක් දවසක් මේ කියාගන්න බෑ ටත් උනා ක්ලාස් ගිහිල්ලා ගෙදර බලා යනකොට. 





මන් ඉතින් මහරගම බස් ස්ටෑන්ඩ් එකටම ගිහින් බස් එකකට නගින්නේ අයිනේ ශීට් එකක ඉඳගෙන් වටපිට බල බල යන්න තියෙන ආසාවටම තමයි. ශටර් එක පුළුවන් තරම් ඇරගන්නවා ඔලුව එලියට දාගෙන යන්න පුළුවන් සයිස් එකට. ඔන්න ඒක මගේ එක විනෝදාංශයක් තමයි. එදත් එහෙම  බස් එකට නැගලා ශටර් එක හොඳට ඇරගන්න පුළුවන් ශීට් එකකින් වාඩි වෙලා පොඩි කල්පනාවක් දාගෙන ඉන්නකොට බස් එකේ කොන්දා මාමා ආවා ටිකට් දෙන්න. ඉතින් ඔන්න දඩි බිඩි ගාලා බෑග් එකට ඔලුව ඔබලා ටිකට් ගන්න සල්ලි හොයාගත්තා. ඔන්න කොන්දා මාමා මන් ලඟට ආවාම ඉතින් මාත් සිලින් බිලින් ගාලා මගේ අතේ තිබුන රුපියලේ , දෙකේ, සත පනහේ කාසි ටික කොන්දා මාමාගේ අතට හැලුවා.

පන්සලේ පින් කැටේ කඩපු එකා අහු උනා කියන්න වගේ බැල්මක් දාලා කොන්දා මාමා මට ටිකට් එකක් කඩලා දුන්නා. ඉතින් ඔහොම කල්පනා කොර කොර ඉන්නකොට ඉබේම වගේ අතේ තිබුන ටිකට් එකෙන් මන් හැදුවා බෝට්ටුවක්. 



 ඉතින් දැන් බස් එක යනවලු... ලංකාවේ බස් ඉතින් යන්න පටන් ගත්ත වෙලා වේ ඉදන් අඩුම තරමේ විනාඩි 15 ක් වත් යන්නේ හන්ගොල්ලා ව අනුස්මරණය කරමින්නේ. හරි ඉතින් ඔහොම යන්කෝ කවද හරි ගෙදර යයිනේ කියලා හිත හදාගෙන බස් එකෙන් එලිය බලාගෙන හිටියා.ඔන්න ඉතින් එක පාරට ටිකට් දෙන්න ටිකට් දෙන්න කියලා කව්ද කෑ ගහනවා. යකෝ හරිනම් කියන්න ඕනේ ටිකට් ගන්න සල්ලි දෙන්න කියලනේ ?! මන් ඉතින් කල්පනා කලේ අපේ ඩ්‍රයිවර් මාමා ගහපු බ්රේක් පාරකට කොන්දා මාමා කොහේ හරි ගිහින් ඔලුව හප්පගෙන පැත්ත මාරු වෙලා වෙන්ට ඇති කියලා.

ඔන්න ටික වෙලාවකින් මගේ කන ලගිනුත් ඇහුනා ටිකට් දෙන්න කියනවා වගේ. ඉතින් මන් ඒ පැත්තට ඔලුව හැරෙව්වේ ඇයි යකෝ ටිකට් ගත්තේ කියන්න. හප්පේ හොඳ වෙලාවට කිව්වේ නැත්තේ. බොලේ මේ ටිකට් ඉල්ලන්නේ කොන්දා මාමා නෙමෙයිනේ ටික්කා මාමා කෙනෙක් නොවැ !

හුටා! මන් ටිකට් එකෙන් බෝට්ටුවක් හැදුවනේ.  මේ පාරනම් විනාසයි තමයි දඩ ගෙවන්න තියා ටොපියක් කන්නවත් රුපියලක් තිබ්බේ නෑ ඒ වෙලාවේ. කලබලේට බෝට්ටුව ලේහාගන්නවත් බෑ හයියෝ....

ඉතින් අර ටික්කා මාමා ත් මාව ගිලින්න වගේ බැල්මක් දාගෙන ඉන්නවා මන් ටිකට් එක දෙනකම්. ඔන්න ඔහේ කමක් නෑ කියලා මන් ඉතින් අර බෝට්ටුව ටික්කා මාමා ට දුන්නා.

“මේ මොකක්ද...?”

“ටිකට් එක...”

“ හහ්හ් ... හහ්හ් ... හා.... කම්මැලි කමටද ටිකට් එක දුන්නම බෝට්ටු හදන්නේ...”

හයියෝ හෙන චාටර් ය. බස් එකේ සියල්ලෝම ටිකට් නැතුවම සජීවී වේදිකා නාට්ටිය නරඹති. කුමක් කරන්නද නරක කලට...? 



එහෙම ඉතින් යාන්තම් ටිකට් ප්‍රශ්නෙන් බේරුනා විතරයි මන් ළඟ වාඩි වෙලා හිටපු කොල්ලෙක් මෙන්න මෙහෙම් අහනවා


“ නංගී ඔයාගේ නම මොකක්ද...? මට දැකලා පුරුදුයි ඒකයි ඇහුවේ ”

මේ මොන දෙබසක්ද

“ ආ මගේ නම ඔයාගේ අක්කා ගේ නමට අකුරක් වැඩි උනාම එන නම... මන් ඔයාව දැකලා නෑ...”

දෙබස ඉවරයි...
  
මන් ආයෙත් සුපුරුදු පරිදි බස් එකෙන් එලිය බලාගෙන හිටියා....




26 comments:

  1. හුහු.... අර අක්කගේ නම විතරක් කියහං කෝ... අනික අර වගේ තඩි බෝට්ටුවක් හදන්න කොන්දා දුන්නේ ඒ4 කොලේක ලියල ටිකට් එකක්ද.. හැක්...

    ReplyDelete
    Replies
    1. කව්ද අෆ්ෆා දන්නේ ඒ කොල්ලා ට අක්කෙක් හිටියද කියලා :P

      ඒක තඩි බෝට්ටුවක් නෙමෙයි බස් ටිකට් එකෙන් හැදුවේ ....

      Delete
  2. ඔහොම අලි සීන් දාලා පස්සේ කාලෙක අඩනවා...
    “අයියෝ කෝ ඔයා...
    මං බලං ඉන්නවා බබා කෙටූ එක්කෙනා එනකං කිය කිය“....
    එහෙම කියන එක්කෙනා මේකේ කමෙන්ට් කරයි සමහරවිට...

    ReplyDelete
    Replies
    1. හික් හික් .....:D

      කොයි එක්කෙනා ද කමෙන්ට් කොරනවා කිව්වේ?

      Delete
  3. nayagen passe post mis welaane..:(
    dingak intako..

    ReplyDelete
    Replies
    1. ආ එහෙමද? හා හා... ඉන්නම් ඉන්නම් :)

      Delete
  4. අනේ ඔය බස් ටිකට් එක කටේ දාගන කන කැත පුරුද්දක් මටත් තිබ්බනේ මං පොඩි කාලේ...මට ත් ඔය සීන් එකම වෙලා තියනවා.. ඒ දවස්වල පොඩි නිසාම ටික්කෝ යන්න දුන්නා.කොන්ද මාමාත් සප් එකක් දුන්නා මං අඩ අඩා ඉන්න කොට.
    අර යටම කෑල්ල නං නොදා හිටියත් කමක් නැ වගේ මේ කතාවට...නම අහපු කැල්ල...
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. හි හි අනේ පව්

      ආ ඒ කෑල්ල නොදා ඉන්න තමයි හිටියේ ඒත් ඒ කෑල්ල දාන්න හිතුනේ ඒ සිද්දියෙන් පස්සේ වෙන දවසක බස් එකේ දී ඒ කොල්ලා ව හම්බුනා වැඩේ කියන්නේ එයා මටත් එක්කම ටිකට් ගත්තා නේ.

      Delete
  5. හික් හික් නියම කතාව... වෙලාවක බස් ටිකට් එකකින් බෝට්ටුවක් හදලා බලන්න ඕනේ.

    නලියගේ කොමෙන්ට් එක දැක්කම කතාවක් මත උනා. අපේ එකෙක් හිටිය ජිවිතේට ටිකට් ගන්නේ නැහැ. ටික්කො පැනපු ගමන් මේක කරන්නේ කොළ කැල්ලක් කටේ දාගෙන හපලා ටික්කා ලඟට වම මේක අතට අරගෙන් පෙන්නලා කියනවා
    "අය්යියේ වැරදිලා ටිකට් එක හැපුවා" කියලා.

    ReplyDelete
    Replies
    1. හදලා බලන්න :) දැන් තියෙන ටිකට් වලින් නම් හදන්න ලේසියි

      හයියෝ සල්ලි :P

      Delete
  6. පව් අර කොළුවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් පස්සේ වෙලාවක හිතුනා පව් කියලා. ඒත් ඉතින් මන් ඒ වෙලාවේ හේනට චාටර් වෙලානේ හිටියේ.

      සුභ වේවා! රාජ රාජ සම්පත්ති ලැබේවා!!!

      Delete
  7. කොල්ලෙක්ට ටෝක් කරන්න නොදෙන හැටි !

    ReplyDelete
    Replies
    1. කොල්ලත් දැනගන්න එපැයි අනේ

      Delete
  8. මරු කතාව. බස් ටිකට් එකෙන් බෝට්‍ටු හදන්න එපා කියලා කොහෙවත් නීතියක් නෑනෙ.:D

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඕක නීති පොතේ නැති නිසා තමයි මාත් බෝට්ටුවක් හැදුවේ ...:D

      Delete
  9. පට්ට සීන් එක..... හපොයි හපොයි..... මටත් උනා හොද වැඩක් කෝච්චියෙදි.... දඩත් ගෙවුව.... මම දාන්නම් තව ටික දවසකින්....

    ReplyDelete
    Replies
    1. ආ මේ පැත්තට අලුතෙන් වගේ...

      හි හි කෝච්චි ටිකට් එක නවන්න බැරි නිසා මන් ඒකට මුකුත් කරන්නේ නෑ :)

      Delete
  10. මම දවස් දෙකක් විතර අහුවෙලා තියෙනවා එත් මම ඒ වෙද්දී 2 වසරේ.

    කොල්ලොන්ට කතා කරපු විදිය මම දැඩි ලෙස හෙලා දකිනවා.

    ReplyDelete
    Replies
    1. ආ දෙක වසරේදීත් ඔයා එහෙමද?

      නෑ ඉතින් මන් අවුල් වෙලානේ හිටියේ ඒ වෙලාවේ ඉතින් :(

      Delete
  11. හිහිහී.. බෝට්ටුවක් හදලා ලග තියාගත්ත නිසා හොඳා.. නැතිනම් රොකට් එකක් වගේ හැඳුවනම් ජනේලයෙන් එහා පැත්තට දාන්නත් හිතෙන්න ගියා..
    සුන්දර මතකයක්.. ඇත්තටම කියාගන්න බෑ අර අක්කගෙ නම මොකද්ද.. :D :D

    ReplyDelete
    Replies
    1. මන් දන්නේ බෝට්ටු හදන්න විතරනේ රොකට් හදන විදිහ හැමදාම මට අමතක වෙනවා... අක්කා ගේ නම මන් දන්නෙත් නෑ ....;)

      Delete
  12. නංගි ඔයා එදා නම කිව්වා නම් අපි දෙන්නට මේ කල යන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. ආ මන් මේ අහන්නමයි අයියේ හිටියේ .. එතකොට ඊට පස්සේ දවසක මටත් එක්ක ටිකට් ගත්තේ ඇයි ? :P

      Delete
  13. හුටා... මං විතරක් නෙවෙයි බස්වල චාටර් කාලා තියෙන්නෙ එහෙනම්.. එළ එළ.. අපි දෙන්නම එකම බෝට්ටුවෙ ඈ,,,

    ඒ හදපු බෝට්ටුව ජනේලෙන් පාරට දාල බලං හිටිය නම් තවත් ආතල්..හී හී :P

    ReplyDelete
    Replies
    1. හිහ් ඒකනේ ඒ සිද්දිය කියවනකොට තමයි මේ සිද්දිය මතක් උනේ ....

      ආ මට හිතුනා ඒ වැඩේ කරන්න ඒත් වැඩේ කියන්නේ එදා වැස්ස තිබ්බේ නෑ නේ නැත්නම් අනිවා බෝට්ටුව දානවා එලියට :P

      Delete