Monday, January 28, 2013

කියාගන්න බෑ ගේ ගම්පහ ආගමනය ...






ඔන්න ඉතින් මන් කියන්න හදන්නේ නම් මේ ඊයේ පෙරේදා ඒ කිව්වේ ඉතින් හරියටම කියනවනම් ජනවාරි 27 තිබුන අපේ බ්ලොග් යාළුවොන්ගේ ගෙට්ටුව ගැන නෙමෙයි මොකද ඒක ගැන කියන්න මන් ඒකට අන්තිම මොහොතේ ගියේ නෑනේ. ආපු නැති එකට ඉතින් මාත් එක්ක  “ මතක වස්තුව ” තරහ වෙලා ....

 “ඔයා කීයට හරි එන්න වෙන්නෙ නෑ කියල මැසේජ් එකක් දැම්ම නම් දුක නෑ... මම කෝල් කරල ගෙන්නවගත්තු කීප දෙනෙකුත් බෑ බෑ කිය කිය හරි ආවම මෙච්චර බලාපොරොත්තුවෙන් හිටපු ඔයා අවෙ නැති එකට මට ගොඩක් දුකයි..”

ඔන්න ඔහොම තමයි මගේ දැකපු නැති අක්කණ්ඩියා:D  මට දොස් කිව්වේ. මාත් ඉතින් හෙන ශෝක මුඩ් රිප්ලයි එකක් යැව්වා එත් ඒකට නම් තාම උත්තරයක් නෑ.

දැන් ඉතින් කියන්න යන කියාගන්න බෑ ගේ ගම්පහ ආගමනය සිද්ධ උනේ එකෝමත් එක කාලෙක කිව්වොත් හරි ඒ කියන්නේ 2010  ඔක්තෝම්බර් 03 වෙනිදා. එහෙම එන්න  උනේ  අපිට ඉස්කෝලේ ඒ ලෙවල් වලට සිංහල උගන්වන්න ආපු සර් කෙනෙක් . සර් ගැන මතක් උන එකේ ඉතින් සර් ගැන ටිකක් හරි නොකියා හිටියොත් හරි නෑ නේද කියල ඉතින් මන් මෙහෙම පොඩි හැදින්වීමක් කරන්න හිතුවා....

අපේ සිංහල සර් වනාහි සමාජ සේවාවට ඉතා ලැඳියාවක් දක්වන්නෙකි. පාසලේ අවුරුදු උත්සවයක්, ක්‍රීඩා උත්සවයක් ,බණක්, දානයක්, මළගෙදරක් වැනි කටයුතු වලදී ඉතාමත් වෙහෙස වී වැඩ කටයුතු සදහා සහාය වන්නෙකි. එහෙත් අවාසනාවට පන්ති කාමරයේදී අහෝ ඛේදයකි ! ඇත්ත වශයෙන්ම අපේ සර් සමාජ සේවා කටයුතු කෙරෙහි කෙතරම් නැඹුරුතාවක් දක්වන්නේද යත් අප වැනි පෙර පව් කොට මෙම පන්තියට වැටුණු අහිංසක අසරණයින් රොත්තකට උගන්වන්නට තිබෙන බැව් ඔහු හට මතකයට නැගෙන්නේ මසකට දෙතුන් වතාවක් පමණි.   එසේ හෝ මතක් වූ දවසට අප හට අබ සරණය! එසේ වන්නේ දුක් විද ටියුෂන් පන්තියකට රිංගා මාසයක් පමණ ගෙන සම්පුර්ණ  කරන පාඩමකට අපේ සර් ගත කරනුයේ එක් පරිච්චේදයකිනුත් හතරෙන් එකකි.

ඒ මොනවා උනත් අපේ පන්තියෙන් සමහරක් සර් පිලිබදව ඉතා පහන් සිතිවිල්ලෙන් සිටියෝය. ඒඅතරින් වාසි අතට හෝයියා පිරිස හෙනට සිටියෝය වෙන මොකටද පේපරේට ලකුණු ටිකක් වැඩිපුර දමා ගැනීමට මෙන්ම දෙමාපිය රැස්වීමේදී සර් ගෙන් ප්‍රශස්තියක් ගායනා කරගැනීම පිණිසය. තව පිරිසක් සිටියෝය එක එක නොසන්ඩාල වැඩ හෙවත් පොදුවේ කියන පරිදි දඟ වැඩ කිරීම නිසාවෙන් සර් ගේ මෙමරියේ සනිටුහන් වූ දඟ කාරයෝය. කියාගන්න බෑ මේ කිසිවකටත් අයිති වුයේ නැත. එය වෙලාවකට කියාගන්න බෑ ගේ නරකටද හිටියේය. ඒ දෙමාපිය රැස්වීම් වලදී සර්  කියාගන්න බෑ ගේ මව් තුමිය හට සෑම විටම කිව්වේ එකම ගාථාවකි “ මෙයාටනම් එස් එකක් තමයි”.  ඒ ලෙවල් කර ප්‍රතිපල කියනා තුරු හා ඉන් පසුවද කියාගන්න බෑ ගේ නම සර් හට නම මතකම නැත්තේය. 


ඔන්න ඔහොම ඉන්නකොට ඉතින් ඒ කියන්නේ අපි ඒ ලෙවල් කරන්න පටන් ගත්ත අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අපේ සිංහල සර් ගේ තාත්තා නැති උනා. ඉතින් දැන් මොනවා කරන්නද මල ගෙදරවත් යනවා කියලා කස්ටිය කතා වුනා ඉතින් ඔක්කොම හා කියලා හොයලා බැලුවා කොහෙද මල ගෙදර තියෙන්නේ කියලා.

“ හප්පේ මළගෙදර යන්න වෙන්නේ නෑ බන්.....”

“ ඇයි මොකෝ වෙලා තියෙන්නේ....?”

“ මලගෙදර තියෙන්නේ ගම්පහ ලු....”

“ හුටා...!”

ඉතින් ඔහොම කිව්වා විතරයි මුළු පන්තියම යන්න ලැස්ති වෙලා හිටපු මළගෙදරට යන්න ඉතුරු උනේ 8 දෙනයි. කමක් නෑ සැලෙන්න එපා අපි යමු කියල ඉතින් ඔන්න පටන් ගත්තා මිෂෝන් එක... කොහොමින් කොහොමින් හරි අපිට සතියේ දවස් වල මළගෙදර යන්න ගෙවල් වලින් අවසර හම්බුනේ නෑ කියමුකෝ. ඒ අස්සේ මල ගේ ත් ඉවර උනා. දැන් ඉතින් මොනවා කරන්නද දානේට වත් යනවා, ඔන්න ඔහොම ඉන්නකොට අපේ කස්ටිය යන්න සෙට් උනේ සෙනසුරාදා දවසක එනම් 03 වනදා ය. හරි එහෙනම් කට්ටියම 9ට කොටුවට එන්න.

ඔන්න ඔහොම ඉතින් මගින් අහුලගන්න පුළුවන් උන දෙන්නෙක් එක්ක කියාගන්න බෑ ත් කොටුවට ගියා. උදේ 9 යි ගානට උනත් අපේ දිගා හිටියා සුපුරුදු පරිදි කුඩේකුත් ඉහලගෙන. කට්ටිය ගණන් කරලා එහෙම එක්කෙනාට 25 ගානේ ටිකටුත් අරගත්තා කියමුකෝ ඊට පස්සේ හෙන ගේමක් දුන්නා කෝච්චිය එන්නේ මොන වේදිකාවටද කියලා හොයා ගන්න. මොකද ඉතින් අර දුම්රිය ඉස්තානේ ඉන්න නිවේදකයෝ කියන එකේ අනිත් පැත්ත නේ වෙන්නේ.

හරි ඔන්න දැන් අපි ගම්පහට ආවා. මිෂන් 2 . සියඹලාපිටිය බස් එකක් හොයාගෙන එයට නැගීම. ඔන්න ඉතින් ඒකත් සාර්ථක කරගත්තා. කට්ටිය ඉතින් ටිකට් අරගෙන ඉන්නවා බස් එක යනවා. අපි ඉතින් මළගෙදර යන කට්ටියනේ. ඒ උනාට තාම යන ගමන් නිසා අපේ කට්ටියට සින්දුවක් නොකියා ඉන්නම බැරි උනා. ඔන්න බහින්න ඕන තැනටත් ආවා බස් එක නතර කළා අපේ කට්ටිය බහිනවා . අපි බස් එකෙන් බැස්ස විතරයි බස් එක හිස් තව ඉන්නේ මිනිස්සු 4 දෙනයි ඒ හතරදෙනත් ඔළුගෙඩි එලියට දාගෙන අපි දිහා බලනවා. කමක් නෑ බලපුදෙන් කියලා අපි ගමන ආරම්භ කොලා. හප්පේ යනවා යනවා ඉවරයක් නෑ යන පාර අහන්න කෙනෙකුත් නෑ . සර් ට කෝල් එකක් දෙන්න විදිහකුත් නෑ සිග්නල් එක කණුවක් වත් නෑ. ඉතින් ඔහොම පයින් ගෑටුවා කියමුකෝ. හප්පේ ඔන්න මනුස්ස පරානයක් හම්බුනා. එයාගෙන් ඇහුවාම කියපි ආ තව ටිකක් දුරයි ඔහොම්මම කෙලින් පාර.

හප්පේ ඇවිද්ද ඇවිදිල්ල කියාගන්න බෑ ඉස්සෙල්ලම බැලුවේ කකුල් දෙක ගෙවිලද කියල පෙර පින් මහිමයෙන් එහෙම වෙලා තිබුනේ නෑ. ඔන්න ඉතින් සර් ආවා.

“ කට්ටියට මහන්සිත් ඇතිනේ...? ආ මේ දිගා ත් ඇවිල්ලා ඉන්නේ .. ආ සෝඩියම්... ආ නද්දා... ( හැමෝම අඳුර ගන්න අතරේ අන්තිමට වත් ඉතින් කියාගන්න බෑ ගේ නම කියවුනේ නෑ ලු..) ඉතින් බස් එකෙන් බැහැපු ගමන් කෝල් එකක් දෙන්න තිබුනා නේ මන් වාහනයක් එවනවනේ...”

ඒවායින් වැඩක් නැත ඉතින් දානේ හෙට නිසා දානෙට කරන්න උනේ ඉවුම් පිහුම් වැඩ වලටයි වත්තේ වැඩ වලටයි උදවු උනා කියමුකෝ කස්ටියම. එහෙම උදවු වෙලා 4 ට විතර එන්න ආවා. එදා එනකොට කියාගන්න බෑ ට ඉතින් අර ගම්පහ ඉස්ටෙශන් එකේ පාලම අදටත් අමතක කරන්න බෑ ලු.. ආ තව කොටුව පැත්තට යන්න ටිකට් අරන් ඉන්නකොට එහා පැත්තේ තියෙන වේදිකාවත් අමතක වෙන්නේ නෑ ලු... ;)

එහෙම තමයි කියාගන්න බෑ ගම්පහ ආවේ. ආවා ආවම තමයි ආයේ ඒ පැත්තට ගියේ නෑ. මේ 27 යන්න හිටියට එකටත් හෙනහුරා ලැබුවා. ඒකනම් කියාගන්න බැරි හෙනෙම හෙන දුකක් උනා.  

32 comments:

  1. මටත් යන්න බැරි උනා.... මොනා කරන්නද.... මම හිතා ගත්ත ඊලග සැරේ අනිව යනව කියල.... මොකද මම බ්ලොග් අවකාශයට අලුත් නෙ.... එතකොට පරනයිනෙ....

    ReplyDelete
    Replies
    1. මාත් එසේමය......... ඊළඟ එකටනම් අනිවා යනවා...

      Delete
    2. මමත් ඔහොම එක සැරයක් එකක් මිස් කරලා හොදට අහගත්තා කට්ටියගෙන් ;)

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    3. මන් ගෙට්ටුවේ පින්තුර බලද්දී රජතුමාව දැක්කා ඒත් ඔටුන්න දැක්කේ නෑ නොවෑ?

      Delete
    4. :D රැජින ඔටුන්න ගෙනියන්න ඉඩ දීල නැහැ :P

      Delete
    5. හැබෑට එහෙම වෙන්න ඇති නේද? ;)

      Delete
  2. හ්ම්ම්ම් අවනං අලුත් යාලුවෙක්ව අඳුනගන්න තිබුනනේ.. කමක් නෑ අවුරුදු උස්සවේදී හම්බෙමු :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉතින් හෙන දුකයි.....
      ඒකටවත් එන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ :)

      Delete
  3. දැන් නම් ඉතින් මටත් කියාගන්න බැ .....

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඇයි මොකද උනේ? ඔබ තුමාත් ගෙට් එකට ගියේ නැද්ද?

      Delete
    2. කියාගන්න බැ .....

      Delete
  4. ඔයා ගියෙත් නැද්ද... හනේ මේ රයිට් ක්ලික් බ්ලොක් කරලා තියන එක හෙන වදයක් බං. පරණ පෝස්ට් එකක් එහෙම නිව් ටැබ් එකක ඇර ගන්න බෑ එකක් කියවන අතර.

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා එක හදාගන්න ඕනේ පොඩි අත්හදාබැලීමකට කරලා බැලුවේ.
      ආ ඔයා ගියෙත් නැද්ද?

      Delete
  5. මටත් ඒකම තමයි කියන්න වෙන්නේ.ඊළඟ පාරවත් යන්න ඕන.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. යනකොට මටත් කියන්න එහෙනම් මන් කාවවත් දන්නේ නෑ නේ :)

      Delete
  6. මටත් (කි) යාගන්න බැරි උනා :(

    මේ නසරානි කෙල්ලො සෙට් එක එනව දැන ගත්තම කෝච්චියෙ මිනිස්සු ඔක්කොම බස්වල යන්න ඇති :P

    ReplyDelete
    Replies
    1. ඔයා කොහොමත් කලින් ඉඳන් ම යන්නේ නෑ කියලනේ හිටියේ මන් එහෙම නෙමෙයිනේ මන් හිටියේ යන්නමනේ :(

      එහ්හ්? එහෙම එකක් උනේ නෑ නේ !!!!

      Delete
  7. වැඩක් නෑ අප්පා !

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්පා වැඩක් නැත්තේ?

      Delete
  8. යා ගන්න බෑ කියලා කියාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ කියාගන්න බෑට.

    right click disable කරලා තියෙන එක නම් ෂෝයි. ආසාවෙ බැරුවා!

    ReplyDelete
    Replies
    1. කෙසේ කියාගන්නද ඒ දුක හයියූ........ :'(

      ආ ඔයා ආස නිසාම මන් ඒක අයින් කළා :P

      Delete
  9. වැඩක් නැ කියාගන්න බෑ එදා ගෙට්ටුවට ඔයා ආවනං මං ඔයාව අපහු යවන්නේ නෑ..
    මේව ජෝක් හරිය

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාව එව්වේ නැත්තේ මන් ගෙදර එන එකක් නෑ කියන බයටනේ :P
      යා යා මා හට ජෝක් ඒ පරිද්දෙන්ම තේරුම් ගත හැකිය. :D

      Delete
  10. ඔයා අක්කට කිව්වේ නැද්ද කියාගන්න බැරිකමට කිව්වෙ නැත්තේ කියලා... හැබැයි කියාගන්න බැරි එකේ, එස්එම්එස් එකක් ලියලාවත් යවන්න තිබ්බා...

    අපිටත් හිටිය ඔය වගේ සර් කෙනෙක්... අපිව මතක් වෙන්නේ ඉඳලා හිටලා..

    ReplyDelete
    Replies
    1. ඔහ්හ් මන් බැලුවා අක්කා කෙනෙක් ගැන මන් කිව්වද කියලා දැනුයි මතක් උනේ. ඔව් මට ඒක මතක් උනා ඒත් වැඩක් උනේ නෑ නොවැ

      මේ අපේ සර් ට කියාගන්න බෑ විතරයි අමතක ඒකයි දුක .....:(

      Delete
  11. අනිත් සැරේවත් කොහොම හරි එන්න.. මම මෙහෙම කිවුවත් මම ආවෙත් නැහැ..

    ReplyDelete
    Replies
    1. කියාගන්න බෑ ට චන්ද අයිතිය හම්බ වෙලා ගොඩක් කල් ඒත් නිදහස සීමා සහිතයිනේ තාම .... :D

      Delete
  12. අඩේ බං මේක කියෙව්වට මං මුකුත් ලියල නෑනේ..

    ReplyDelete
    Replies
    1. දැන් කියවලත් ලිව්වේ එකමනේ අෆ්ෆා

      Delete
  13. සෑහෙන දවසකින් සද්දයක් නැත්තේ මොකෝ.?

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ඔලුව ෆෝමැට් කරමින් පවතිනවා... ඒකයි සද්දයක් වත් නැත්තේ

      Delete