Tuesday, November 27, 2012

එයා ඔයාට කැමතියි ඔයා මොකද කියන්නේ??????


මෙහෙමයි ඉතින් කැමැත්ත ඇහුවා කියමුකෝ කෙල්ලෙක්ගෙන් බුදු අම්මේ කොල්ලෙක්ට කොහොම ගටක් තියෙන්න ඕනෙද කෙල්ලෙක්ගේ ඉස්සරහට ගිහින් ආදරෙයි කියාගන්න.

කතාව උනේ මෙහෙමයි මගේ යාලුවෙක් හිටියා නඳුන් කියලා ( ඇත්තටම එක නෙමෙයි නම :P) එයා ඉතින් කෙමෙස්ට්‍රි වලට ක්ලාස් යනගමන් අපේ ඉස්කෝලේ ළමයෙක් දිහාට හිත ගිහින් දැන් හිතෙන්නෙම එයා ගැන. දැන් ඉතින් කෙමෙස්ට්‍රි පොත අතට ගත්තත් අර කියනවා වගේ පෙන්නේම අරයව පොතේ පිටු අතරෙන් එයාගේ මුණ පේනකොට අර ලස්සන සුදු මුණ......... ලස්සන ඇස්.......... හයියෝ පිස්සු හැදෙනවා

කොල්ලා ඉතින් මේ ගෑනු ළමයාගේ නම එහෙම හොයාගත්තට මොකද එකපාරට ගිහින් අහන්න මොකක්ද  මොකක්ද වගේලු. මට කියනවා ටිකක් එය ගැන හොයල බලන්නලු මදැයි ඉතින් හොයපන්කෝ ! යාලු ෆිට් එක නිසා මුණටම බෑ කියන්නත් බෑ........

“මේ ටිකක් හොයල කියනවකෝ එයාට කොල්ලෙක් ඉන්නවද කියලා........”

“ඉතින් බන් නමත් හොයාගත්ත එකේ ඕක හොයාගන්න බැරි උනාද.........?”

“පුළුවන් නම් ඔයාට කියනවද මම ම හොයාගන්නවනේ ..........?  මොකක්ද හලෝ යාලුවට ඔහොම උදව්වක් වත් කරන්න බැරිද..........?

“ආ...... යාළුකම මතක් වෙන්නේ ඕවට විතරයි  නේද..........? හා...... හා මොකක්ද නම කිව්වේ.......?”

“මදාරා......”

“ ඉතුරු ටික.........?”

“එච්චරයි දන්නේ.......”

බුදු සංතෝ මේකාට නම් හොදටම පිස්සුය! නැත්නම් ළමයි 200ක් විතර ඉන්න සෙක්ෂන් එකකකින් ඔහොම ළමයෙක් හොයන්න කියයිද? වැඩේ කියන්නේ මගේ අඹයෙක් ගේ නමද එයමය.


ඔයා නම් මාරු කතා කියන්නේ හරි මන් හෙට ඉස්කෝලේ ගියාම හොයල බලන්නම්......”

“මන් ඔයාට ඕනෙම උදවුවක් කරන්නම් මේක මට කරලා දුන්නොත්....”

“උදවු ඉල්ලන්න බැරියෑ මන් පණපිටින් ආවොත්.......... එහෙනම් මන් ගියා...”

එදා ඔන්න ඔහොම තමයි කතාව උනේ. පහුවෙනිදා ඉතින් මන් ගියා කියමුකෝ පන්තියේ අඹයෙක් එක්කම. බයෝ සයන්ස් පන්ති ඔක්කොටම හොට දාලා අන්තිමට අර මගේ මදාරා කියන අඹයාගේ පන්තියටද ඔලුව දමා අඹයාට කතා කලෙමි.

“මේ පන්තියේ ඉන්නවද මදාරා කියලා කෙනෙක්...........?”

අඹයා මගේ මුණ දෙස ඔරවා බලයි.

“ඈ යකෝ දැන් මට කතා කලේ කව්රු කියලා හිතාගෙනද? මෙච්චර ඉක්මනට එහෙනම් යාලුවත් අමතක කළා එහෙනම්............?”

හනේ හපොයි මාත් පුදනකොටම කාපි කවුද කිව්වලු! මට මොකද උනේ අහා........! වෙනදට බෙල් එක ගැහුව ගමන් කෑම එක බදාගන්න එකා වෙන වැඩකට ඇවිත්නේ එකයි මේ .
“ නෑ බන් මන් ඇහුවේ ඔයා ඇරෙන්න වෙන මදාරා කෙනෙක් ඉන්නවද කියල...”

“ආ එහෙමද..? ඔව් ඉන්නවා අලුතෙන් ආපු ළමයෙක්. ඇයි......?”

නෑ මෙහෙමයි කතාව කියා එහෙන් මෙහෙන් කතාව කිව්වෙමි.

“ එයාට මන් කතා කරන්නම් අවුලක් නෑ නේ........?”

“මගෙන් අහන්නේ මන් එයාගේ අම්මයැ....?”

අනේ අම්මපා මේකාගේ කටනම්... මන් ඉතින් කියන්නෑ ..ආයෙත් පන්තියට ඔලුව දමා සිත් ගත්  මදාරාට කතා කලෙමි. ඔන්න ඉතින් කතා නායිකාව කරලියට ආවාය. කතාව මෙහෙමයි කියා මා කීවා පමණි. මා මෙතෙක් සිට ඇත්තේ වහා ගිනි ඇවිලෙන තෙල් බවුසරයක් උඩය.


“මොකක්ද ඔයා මේ කියන්නේ ආ.....? මන් හිතුවා ඔහොම දෙයක් වෙන්න ඇති කියලා දැකලා නැති කෙනෙක් පන්තියටම ඇවිත් කතා කලාම... කවුද ඔය කියන කෙනාගේ නම.........? මේ හලෝ මන් ඒ වගේ කෙල්ලක් නෙමෙයි හරිද.......? ”

අනේ අපොයි මාත් ඉදලා ඉදලා දාගන්න බාල්දි තමයි මේවාට කියන්නේ. මේ කෙල්ල කොරිඩෝ එකේ ඉදන් කෑ ගහනවා ඒ මදිවට ඉන්ටවල් එක නිසා එහෙ මෙහෙ යන ළමයිනුත් තොරණක් බලනවා වගේ බලන් ඉන්නවා ශිකේ එලියට බැහැපු වෙලාව හොද නෑ. මන් එහාපැත්ත බැලුවේ අවුලක් නෑ පන්තියේ ඉදන්ම ආපු මගේ අඹයා ඉන්නවනේ කියලා. හනේ කෝ මේ අඹයා........!

වැඩේ හරියන්නේ නෑ අඹයව පස්සේ හොයාගන්නවා කියල මන් මගේ නම්බුව පිළිබද සටනට බැස්සෙමි. නැත්නම් ඉතින් ආයේ මේ පැත්තේ ඇවිත් හමාරය.

“ මොකක්ද දැන් ඔයාට ඔච්චරටම කෑගහන්න මන් කියපු දේ...? එයාම ඇවිත් ඇහුවනම් ඉවරයි නේද... අර පන්තියේ හැමෝම  ඉස්සරහ ඔයාගෙන් ඇහුවම ඔයාට  කියාගන්න දෙයක් නැතිවෙන හින්දා  මන් ඇවිත් කිව්වම... මට  කෑ ගහන්න පුළුවන් නේද...? අනික යාලුවෙන්න ඇහුවේ කොල්ලෙක් මිසක් මන් නෙමෙයිනේ.......? කෑ ගහන්න කලින් පොඩ්ඩක් හිතලා බලනවා..”

 කියාගෙන මන් එන්න ආවා. හපොයි මදැයි ඔයින් බේරුනා!

මෙන්න ඉතින් මන් පන්තියට යනකොට මාත් එක්ක ආපු අඹයා බත් මුලක් දිගැරගෙන හොදට ගිලිනවාය..

“අනේ අපෝ මෙහෙමත් යාළුවො..” කියාගෙන මන් පන්තියට ආවා.

“පිස්සුද පිස්සුද මේ එහෙම හිතන්න එපා...... මන් එතනින් ආවේ බයකට එහෙම නෙමෙයි අපි මේ කාලා ලැස්ති උනේ ඔයාට කට්ටිය ගහනවනම් ගිහින් බේරගන්න..........” කියූ අඹයා බත් මුලට වග කියන්නට විය......


10 comments: