Friday, November 23, 2012

ජංගමයා


 වැඩි වැඩ කියන්නට යන්නේ නැත කෙලින්ම කතාවට එන්ටර්......... ඒ පන්තියේ හැම එකාම මගේ යාළුවා උනේ පන්තියටම හිටියේ ළමයි 5 දෙනෙක් වූ නිසා  යැයි ඔන්න ලෝබ නැතුවම පවසමි.

එකල ආදර පිස්සුව මා හට වැලදී නොතිබූ බවට මට හොද මතකයක් ඇත. නමුදු  පන්තියේ මගේ බත් කන අත පැත්තේ සිටි අඹයා හට නම් පැහැදිලි ලෙස බරපතලවම එය අසාද්‍ය තත්වයටම පැමිණ තිබුණි. පන්තියට එන්නේද ජංගමය කනේ ඔබාගෙනය. පන්තිය වේලාවේද නිවනක් නැත සර් තැන කියවන වචන දකුණු අතින් අකුරු කරන අතර වම අතින් ජංගමයේ සුමධුර පෙම් වදන් අකුරු කරයි.


අපේ ටියුෂන් පන්ති කාමරය ස්ථානගත කර තිබුනේ තට්ටු 5ක බිල්ඩිමේ උඩම තට්ටුවේය. එය නැග ඉවරවෙන විට රජ සැප කනේ ය. මහගිරිදඹ නගිනවා ඊට සැපය. ඔන්න දවසක් මහගිරිදඹේ තරණය කරන්නට ඔන්න මෙන්න තිබියදී මාගේ අඹයා ද පැමිණියේය. එසේනම් කියා මා අඹයා ද පෙරටු කොටගෙන මහගිරිදඹේ තරණය කරමින් සිටියෙමු.



අඹයාගේ ජංගමයා මේ වගේය..........



ටින්... ටින් .. ටීක් ...(අඹයාගේ ජංගමයා හට කෙටි  ලියුමක් යැයි  මොරදෙන්නට විය )
අඹයා ජංගමයා ගෙන පිළිතුරු ලියුම කොටන්නට විය.........
තවමත් අපි මහගිරිදඹේ මැද හරියේය

දඩ බඩාස් ............ මොකක්ද යකෝ ඒ යයි හිතන්න තත්පර කාලක් වත් තිබුනේ නැත.
අඹයා මා ඇග උඩය..... ලිස්සා ගොස් නතර උනේ පඩිපෙළ පහල පඩිය උඩය .....
දඩ බඩ ගා නැගිට ගත් අඹයා
“අනේ සොරි බන් කකුල පැටලුනා .......”යයි කියමින් මට අතද දික් කරයි ශිකේ හිතේ කේන්තියට එන වාග් මාලාව විනාඩි 10කට නතර කරගන්නට වුනේ අඹ යා සහ මා ගේ උඩ සිට බිමට කරනම් ගැසීම නැරඹීමට පැමිණි බටු ඇටයන් ටික විසිරෙන තුරුය.( ඉන් පසු මා අඹයා ගේ පරම් පරාව ඇමතීමි.)

අඹයා ගේ සහ මාගේ පොත් උඩ සිට පහලට ලස්සනට විසිරී ඇත. අඹයාගේ ජංගමයා කෑලි 3කි. ජංගමයා ඩිස්ප්ලේය   සදහටම දෑස පියාගෙනය.

එදා සිට විදුලි සෝපානයේ යන ගමනේ වුවත් අඹයා නොවේ ජංගම්යා එලියට ගත්තේ.

4 comments:

  1. lol :D අර අරූද? :D

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ එකා වැටුන නම් මං අද ජිවතුන් අතර නෑ

      Delete
  2. කෙල්ලන් එසේමය.. එමමය..
    "එකල ආදර පිස්සුව මා හට වැලදී නොතිබූ බවට මට හොද මතකයක් ඇත" ෂුවර්ද ?

    ReplyDelete
    Replies
    1. එසේය එකල මා හොද සිහි කල්පනාවකින් සිටියෙමි අනිවා ෂුවර්

      Delete