කියාගන්න බෑ කිය කිය හැමදේම කියන මටම වෙච්චි සන්තෑසියක් ගැන කියන්න හිතුනා..... කාලෙකින් මේ පැත්තට ආපු නිසා කට්ටියට මතකද දන්නෙත් නෑ ඉතින්... එත් එක්කෝ ඕනේ නෑ වගේ.. වෙන දෙයක් කියන්නම්කො
මේකත් එක අතකට සන්තෑසියක් තමයි ඒත් ඒක සන්තෑසියක් උනේ වෙන කෙනෙක්ට... කරන්න දෙයක් නෑ බ්‍රෝ... අනුන්ට කපන වලේ තමන්ටත් වැටෙන්න වෙනවා කියන්නේ මේවගේ සමහර දේවල් වලට වෙන්ට ඇති....
හා දැන් මේක කියවගෙන යනකොට හිතෙනවා ඇති යකෝ මේ කියාස්ට මොකක් හරි වයර් ෂෝට් එකක් වෙලා කතාව මැද ඉදන් පටාන් අරන් කියල. නෑ සහෝදර වරුනි නෑ... කියාස්ට මුල මතකයි... ඔන්න කතාවේ හැදින්වීම ....
ඔන්න කියාස්ගේ මුළු ලෝකෙම වගේ ඉන්නේ කියාස්ගේ අම්මා තමයි. ඒ දෙන්නා අතරේ කිසිම හොර වැඩක් නෑ. ( මේකයි ඉතින් කියාස් අම්මට හොරෙන් කියල දේකට කරන්නේ ගෙදරට ගෙනාපු කේක් එකෙන් හොරෙන් කෑල්ලක් කන එක වගේ හොර වැඩ තමයි....) සාමාන්‍යයෙන් කියාස්ගෙන් යාලුවෙන්න අහපු අය ගැනයි කියාස් කතාබහ කරන අය ගැනයි කියාස්ගේ මව් තොමෝ හොඳට දන්නවා.... කොටින්ම කිව්වොත් කියාස්ගේ මුණු පොතේ පාස්වර්ඩ් එක පවා. ඔන්න ඔහොමයි කියාස්ගේ අම්මයි කියාස්ගෙයි අතරේ තියෙන බැඳීම.
ඔය බැඳීම ගොඩක් අය දන්නේ නෑ ඉතින්. මොකද ගෙදරදී තමයි කියාස්ගෙයි අම්මගෙයි පිස්සු වැඩ තියෙන්නේ. පිට තැන් වලදී ප්‍රොෆෙෂනල් අම්මයි ළමයයි විදිහට දෙන්නා ඉන්නවා. ඕක නිසා ගොඩක් අය හිතන්නේ කියාස්ගේ අම්මා කියාස්ව ආණ්ඩු මට්ටු කරගෙන ඉන්නවා කියල.
හරි ඉතින් ඔහොම හිතාගෙන ඉන්න අය අතරේ කියාස් දැන් නැවතිලා ඉන්න බෝඩිමේ රූමාත් ඉන්නවා කියන එක මේ ලඟදි දවසක තමයි දැනගත්තේ.
ඔන්න ඊළඟට කියන්නේ මේකට හේතු පාදක වෙච්ච මෙව්වා එක .....
කියාස්ගෙන යාලුවෙන්න අහපු අයියෙක් හිටියා අපි එයාට කියමුකෝ වරුණ කියල. ;) ඉතින් කියාස් එයාට බෑ කිව්වා. එකත් හරි කියමුකෝ ඉතින්... ඔය සිද්දියත් කියාස්ගේ මව් තොමෝ දැනගෙන හිටියා.
දවසක් දා .... හැන්දෑවක .... කියාස් බෝඩිමට යමින් ඉන්න වෙලාවක මේ වරුණ අයියව නොසිතු ලෙස මුණගැහුනා.... ඉතින් මොකෝ තරහ කාරයෙක් නෙමෙයිනේ කියාස් කතා කළා යාලු ෆිට් එකට .... එතැනදී කතා කරලා එතනදීම ඉතින් යන්න ගියා එපමණයි. කියාස් බෝඩිමට ආවා. ඔන්න ඒ වෙලාවේම මව් තොමෝ කෝල් කරනවා.
අම්මා - මොකෝ කරනේ ?
කියාස් - මන් මේ ආව විතරයි අප්පා
අම්මා - අප්පා නෙමෙයි බං මන් අම්මා
කියාස් - හරි ඉතින් මගේ එක්කෙනා නේ ඔයා ^_^
අම්මා - කෑවද දවල්ට
කියාස්- කොහේ කන්නද දැන් ආවා විතරයි නේ ආ .... මේ මට අරයව හම්බුනා නේ
අම්මා - අරයා කව්ද?
කියාස් - වරුණ අයියා
අම්මා - ආ... ඉතින් ? කොහෙදිද හම්බුනේ?
කියාස් - බස් ස්ටෑන්ඩ් එක ලඟදි හම්බුනේ. මේ ලඟදි ඇවිත් තියෙන්නේ ලංකාවට
අම්මා - එහෙමද ඉතින් ලඟදි ආවනම් චොක්ලට් එකක් වත් දුන්නද ( ෆිට් එකට කිව්වේ )
කියාස් - ඒකා යන යන තැන චොක්ලට් අරන් යයි යෑ ඉතින්
අම්මා - මන් විහිලුවට කිව්වේ දුන්නත් ගන්නේ එහෙම නෑ කාගෙන්වත් හරිද? දැකලා කතා කලාට කමක් නෑ මනුස්ස කමට
කියාස් - හයියෝ හරි අනේ මන් එහෙම නෑ නේ සුදූ
අම්මා - හා හා ගිහින් ඇඟ සෝදාගෙන කන්න දාඩිය පෙරාගෙන මෙතන මටත් ගඳ එනවා
කියාස් - අපෝ මන් යනෝ
...............................
ඔන්න ඔහොමයි උනේ දුරකථන සංවාදේ. ඔතන ඒ වෙලාවේ රූමා හිටියා. ඒකා දනන් හිටියේ නෑ මන් කතා කලේ කවුරු එක්කද කියල. ඉතින් මන් නාන්න ගිය වෙලාවේ මූ කියාස්ගේ මව් තොමෝ ට කෝල් කරලා කියල මූ වරුණ කියල අයියා කෙනෙක් අද හම්බවෙන්න ගිහින් කියල.
හම්මේ නේ ?
අම්මා - ආ ඔව් පුතේ කියාස් මට කියලනේ ගියේ. ඇයි ඔයාට කියල නෙමෙයිද ගියේ ?
කාපං පරිප්පු රූමෝ .....
රූමා - අහ්හ් ! නෑ ආන්ටි .... මන් මේ .... ආන්ටි දැනගන්න ඕනේ නිසා කිව්වේ.... කියාස් ට කියන්න එපා මන් මෙහෙම කිව්වා කියලා
අම්මා - හරි පුතේ මන් කියාස්ට කියන්නම්කො ආයේ කරන කියන දෙයක් මට වගේම ඔයාටත් කියල කරන්න කියල.
ඔය වෙලාවේ මන් රෙදි හෝදන ගමන් මටත් ඇහුනා ඉතින් රහස් කතාවක් කියනවා. පස්සේ ගෙදර ආපු වෙලාවක තමයි දැනගත්තේ.
පරිස්සම් වෙයල්ලා බන් අගේ ඉඳන් කන කන එවුන් ඉන්නේ...... රූමා මෙහෙමයි කියල දැනගත්තේ ඔය සිද්දියට පින් සිද්ද වෙන්න...
Tuesday, February 23, 2016
Sunday, February 21, 2016
ඉන්න තැනකට ඇහෙන්න
ඒ කාලේ හැටියට මහ මෙරක් උනා
ලෝකය පෙන්වන්න මගේ පුංචි ඇඟිල්ලෙන්
නොරිදෙන්න අල්ලාගෙන
පියමන් කළා මතකයි තවමත්....
දුවේ නුඹ මගේ ප්‍රාණයයි
කියා මුවින් නොකීවද...
මා සිතුවෙමි එය එලෙසමැයි කියා ....
ජීවිතය මෙයයි
අවැසි මොහොතේ තේරුම් නොකර
තනිව වාරු ගෙන නැගී සිටින්නටත් නොකියාම
යන්න ගිහින්
නම වසරක් ගෙවී යයි .....
අද දිනට
ඉත සිතින් පතමි ....
සිටිනා තැනක සතුටින් දිවි ගෙවන්නට
ලෝකය පෙන්වන්න මගේ පුංචි ඇඟිල්ලෙන්
නොරිදෙන්න අල්ලාගෙන
පියමන් කළා මතකයි තවමත්....
දුවේ නුඹ මගේ ප්‍රාණයයි
කියා මුවින් නොකීවද...
මා සිතුවෙමි එය එලෙසමැයි කියා ....
ජීවිතය මෙයයි
අවැසි මොහොතේ තේරුම් නොකර
තනිව වාරු ගෙන නැගී සිටින්නටත් නොකියාම
යන්න ගිහින්
නම වසරක් ගෙවී යයි .....
අද දිනට
ඉත සිතින් පතමි ....
සිටිනා තැනක සතුටින් දිවි ගෙවන්නට
Tuesday, February 16, 2016
සමාවෙයන් උඹට කැමති නෑ මම ....
ජීවිතේට ලං කරගන්නේ නෑ කියලා හිතාගත්ත ඔයා....
ආයෙත් මගේ ලඟට එන්න හදනවා
මන් කැමති නෑ ඔයාට...
තවත් මාව දුර්වල කරනවට ...
මේ හිත...
හයිය නෑ කියල දැනගනියි ...
හැමෝම...
එලියට එන්න දගලන ඔයාව
හැමදාම තද කරලා
බොඳ කරන්නේ
මන් ඔයාට කැමති නැති නිසා
මේ හිත ඇතුලේ තියෙන
දුක් කන්දරාව
කාටවත් පෙන්නුවට වැඩක් නැති නිසා...
ඉතින් සමාවෙයන් මට...
මේ කියන්නේ ඔයාට,
කඳුල ....
ඈතටම යන්න
ආයෙත් මගේ ලඟට එන්න හදනවා
මන් කැමති නෑ ඔයාට...
තවත් මාව දුර්වල කරනවට ...
මේ හිත...
හයිය නෑ කියල දැනගනියි ...
හැමෝම...
එලියට එන්න දගලන ඔයාව
හැමදාම තද කරලා
බොඳ කරන්නේ
මන් ඔයාට කැමති නැති නිසා
මේ හිත ඇතුලේ තියෙන
දුක් කන්දරාව
කාටවත් පෙන්නුවට වැඩක් නැති නිසා...
ඉතින් සමාවෙයන් මට...
මේ කියන්නේ ඔයාට,
කඳුල ....
ඈතටම යන්න
Tuesday, November 24, 2015
අවැසි වූ හුදෙකලාව .........
හුදෙකලාව අවැසි ලෙස විඳගන්නට
පැතූ මම.....
දුරක් ගෙවාවිත් නැවත ගොඩ වුයෙමි
ගාල්ල - කොළඹ බස් බස් රථයට
බැලූ බැලූ ඇත යුගල ආසන ය....
ඒ සෑම ජනෙල් වීදුරුවක් අසලම
කවුරුන් හෝ වාඩිගෙන ය
පිටුපසම අසුන හිස් ය
ඒ පෙම් මුල්ලට අනෙක් පස ය
කමක් නැත........
ගොස් වාඩි ගතිමි තනිවම
ඉදිරිපස සිටි මැහැල්ල
හැරී බැලුවාය මා දෙස.....
ඔව්; ඇය සිතයි .....
තව ටිකකින් අනිත් එකත් විත්
ගනියි ලගින්ම අසුන්
බසය ගමන ඇරඹු පසුව බදාගනියි කිටි කිටියට .....
ගිනි ගහන පිටකොටු රස්නෙත්
සීතලක් වෙයි නුවර එලිය මෙන්....
තවත් පිටුපස නොබලමි මම
මොන මොනවාදැයි කවුරුන් දනී ද.....?
දැන් ඉන්න එවුන් නොදොකින්......
මම ඇරිමි බෑගය
ගතිමි hand phone එක සමඟ head set එක
ජනෙල් වීදුරුවෙන් බලා හිදිමි මම
ගිනිගහන අව්වේ කොළ දිය මත පාවෙන
ෆ්ලොටින් මාර්කට්ටුව දෙස .....
මද වෙලාවක් ගොස්
බසය ගමන අරඹන්නට මෙන්
කොන්දොස්තර පැමිණ
ගාල්ල.... ගාල්ල කියමින් මොරදෙන්නට විය .....
එවෙලේම නැගගති ජෝඩුවක් බසයට...
ඔවුන් එක එල්ලේ පියනගයි මා දෙසට
එපා .... නවතින්න ඉස්සරහින්
කෑගසයි මා සිත
අවැසිය හුදෙකලාවන්නට මට.....
දෙදෙනා පැමිණ අසුන්ගති මා අසල
කෙල්ල මා ළඟ ය ...
මැහැල්ල නැවතත් හැරුනා ය...
බැලුවා ය මා දෙස
බසය ගමන් කරයි .....
සිනාවිය විදුරුමස පෙන්වා
මා කෙරේ දුන් ඇගේ විනිශ්චය
පුස්සක් වී ඇත.....
බසය ඇදෙයි ගාලු පාර දිගට
බසය තුල හෙන කාලගෝට්ටියකි .....
සංගීත සංදර්ශනයකි!
මම තවමත් hand phone නයෙන් සින්දු අසමි.....
නන්දාමාලනිය කියයි මට රහසින්
"කඩමණ්ඩියේ දොළ අයිනේ.........."
මට පසෙකින් සිටින ඇය චලනය වෙයි
ඔහුගේ අතක් ඇය කර වටා ය ....
හ්ම්ම්ම්ම්.........
ඇගේ හිස මද මොහොතකින් ඉහුගේ උරතලය දිහාවට....
නැවෙනු ම නෙත් කොනින් නොබලා
හිදින්නට තැනුව ද ;
අසාර්ථක ප්‍රයත්නයක් විය එය....
පිරිමදියි ඔහු ඇගේ හිස
අවුල් වූ හිසකෙස් නැවත එක්කරන්නට
කරයි ඔහු වෑයම්....
නින්දගොස් ඇත දෙදෙනාට ම
මා තවමත් අවදියෙනි....
ඇගේ උකුල මත ඇත Apple hand phone නයක්
ඔව්! මද වෙලාවකින් වැටෙයි එය....
මාගේ සිත කියාත්ම
වැටුණි එය !
අල්ලාගතිමි එකවරම මම ......
ඇයට තට්ටුකර දුනිමි එය
thanks ලෙස කියා ගත්තාය ඇය එය.....
ඔහු ද අවදිවිය නින්දෙන් ...
එක්වරම සිම්බේය ඇගේ නළලත
වෙනතක් බලාගැනීමට මට ඉඩ නොතියාම....
බස් රථය තවමත් ගමන් කරයි.....
වීදුරුවෙන් ඈත පෙනෙන සිතිජ ඉම වෙත
යොමු කලෙමි නෙත්....
නමුදු මනෙත් ඔවුන් වෙත දිවෙයි....
පෙම් සුවය......
මඳ වෙලාවකින් ....
ඇය මා ඇමතුවා ය
" ඔයා රටකජු කනවා ද.....?"
අසමින් දික් කාලය රටකජු..
යටපත් කිරීමට තනන කෝප සිතුවිලි
ක්ෂණිකව පැමිණ .....
"නෑ... thanks ඔයාල කන්න..."
කියා හමාරය....
ඔවුන් කති රටකජු ....
පොතු විත් සුළඟට වැටෙති ම උකුලට....
ඇය කවයි ඔහුට රටකජු...
ඔහු පොවයි ඇයට සිසිල් පැන් ...
වන්නට අවැසි හුදෙකලාව මත...
පිපිරෙමි මම ඊර්ෂ්‍යා සිතුවිලි මත ...
ගිලෙමි..... කිමිදෙන්නට තැත් දරමි......
නැත! මට අවැසි හුදෙකලාව ය.........................

Thursday, August 6, 2015
රූමාට ලියන කවි ..........
ඒ බං මට හිතාගන්න බෑ
මොකක්ද ....
උඹට කියාගන්නනේ බැරිවෙලා හිටියේ
දැන් ඒ පාර හිතාගන්නත් බැරි උනාද ?
එහෙනම් ඉතින් අබ සරණයි
නෑ මං කියන්න හැදුවේ මගේ රූමා ගැන බං
ආ අර සක්කරවට්ටමද ?
හ්ම්ම් හ්ම්ම්
ඇයි දැන් ඒ පාර කාත් එක්කද යාලු?
අනේ මේ යාලු මාළු වැඩක් නෑ බං මට
එහෙනම්?
මට දැන් මාර ආදරයක්නේ තියෙන්නේ .....
අඩේ.... ඒ කියන්නේ අර කොල්ලෝ අමතක කරලා එකී උඹට ආදරේ කරනවද ?
ශික් විතරක්...
උඹට පිස්සුද ?
නෑ ඉතින් කියන්න බෑ නේ උඹගේ රූමානෙ බං
නෑ නෑ යන දවසේ මාව බදාගෙන ඇඩුවා බං
අප්පටසිරි!!! ඉතිං ....?!?!
දැන් ඉතින් එකටමනේ වැඩ කරන්නෙත්
සිරාවට ඕකනම් පතාගෙන එකක් පුතෝ ....!
හනේමන්දා බන්...
ඉතින් මොකෝ උනේ කියාන්කෝ...
අද බත්කනකොට එක පාරටම මෙන්න මෙය මන් දිහා බලලා කිව්වා...
කියාස්....
මන් ඉතින් එයා දිහා බැලුවා ...
කෝ පොඩ්ඩක් මේ පැත්ත බලන්න ....
එහෙම කියල අත දික් කරලා .....
ඉතින් කියපන්කො රස කරන්නැතුව.....
අත දික් කරලා මගේ කටේ පැත්තකින් තිබ්බ බත් ඇටයක් අයින් කළා බන් ...
හප්පේ ... ඉතින් ?
ඉතින් මොකක්ද රූමා යනකම් ඉදලා එහා පැත්තේ එවුන් කියපි....
මොකක්ද?
ආයේ බැලුවලු කබි අල්විදා නා කෙහෙනා....
සිරාවට ඔව්මනේ...
අනේ පල කෙහෙනා නෙමෙයි ඌ කෙහෙතා ....
Sunday, May 31, 2015
අවසන් ලියුමයි ඔබට ලියන්නේ...................
බෝඩිමේ ඉදන් අකුරු කරන සිතුවිලි
හොකොමද ඉතින් ...............,
හැමදාම වගේ ඉතින් අහන දෙයින් මන් පටන් ගත්තා. මන් ආයේ කරන්නේ අතීතෙට යන එක. ඔයා මගෙන් කැමැත්ත අහපු දවස.... පෙබරවාරි 14 ඒ 2009 අවුරුද්දේ. අපි දෙන්නා වැඩිය දන්නෙත් නෑ... ඔයා එහෙම අහනකොට මන් පාඩම් කරනගමන් හිටියේ. මාව නිකම් කරකවලා අත්හැරිය වගේ උනා. මොකද දෙයියනේ මේ කියල. මන් විශ්වාස කළෙම නෑ ඔයා මේ ඇත්තටමයි අහන්නේ කියල. මතකද ඒ කාලේ අපි කොච්චර දේවල් කතා කලාද කියල... ඔයා මාව කොච්චර බය කලාද? තව ටිකෙන් එදා නුගේගොඩ දී මන් වාහනේකට හැප්පිලා මැරෙනවා අක්කා හිටියේ නැත්නම්.. හ්ම්ම්.. මතකද අපි හම්බවෙන්න හිටපු දවස? වැව්රුකන්නල අපි එන දවසේ එහෙ පෙරහැර. එදා ඔයා එනවා කියල ඔයා එනකම් ඉදලා මගේ ඇස් දෙකත් රිදුනා. අන්තිමට ඔයා පෙරහැරේ. මන් ගෙදර යනවා කියල පිටත් වුනා. එදා හම්බුනෙත් නෑ නේ.... අද වෙනකම්.... අන්තිමට ඔයාගේ හිත වෙන කෙනෙක්ට දුන්නා. මොකද මන් ඔයාට කැමැත්ත දුන්නේ නැති නිසා.. එදා ඇත්තම කියනවම් මං හිතින් ඇඩුවා.. මොකද මට ඔයාව නැති උනා කියල එදා මට දැනුනා... අපි යාළුවො වගේ ඉමු කිව්වට එදා මට දැනුනා මන් ඔයාට මෙච්චර කාලයක් ආදරේ කළා කියල..... කරන්න දෙයක් නෑ මන් ඒ වෙනකොට පරක්කු වැඩියි... මන් ඔයාට හිතින් සුබ පැතුවා... මොකද මට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා... ඒත් ඉදලා හිටලා ඔයා මට කතා කලේ ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයක් මාත් එක්ක කතා කරන්න.... ඒත් ආයෙත් ඔයා තනි වුනා.... ඔයා ආයෙත් මගෙන් ඇහුවා .... ඇත්තටම මන් ඔයාට හා කිව්වා.... ඒ වෙනකොටත් මන් ඒ ආදරේ මගේ හිතේ තියාගෙන හිටපු නිසා... ඒත් අපි දෙන්නට හම්බවෙන්න බැරි වුනා... කතා කරන්න බැරි උනා... එදා මන් දුන්න කැමැත්ත ඔහේ පාවෙලා ගිය වලාකුලක් වගේ ඔයාගේ ඇස් ඉස්සරහින් යන්න ඇති.... ඔයාත් ඒ දේ අමතක වෙන්න ඇති. මොකද මට ඔයාව හම්බවෙන්න එන්න වෙලාවක් තිබුනේ නැති එක ගැන මාත් එක්ක ටිකක් තරහෙන් හිටියේ ඔයා. මට වුවමනාවක් නැතුව නෙමෙයි. මන් කරන දේ එක්ක මට නිවාඩු ගන්න අමාරුයි. මොනවා උනත් ඔයාට හිතෙන්න ඇති එදා මන් කියපු දේවල් හීනයක් කියල. එදා මන් දුන්න කැමැත්ත අවලංගු වෙලා යන්න ඇති.
කාලෙකට පස්සේ ඊයේ මන් මූණු පොතට ඇවිත් බලනකොට ඔයා life event එක වෙනස් කරලා තිබුනා" got engaged " මං ඒක එච්චර හිතුවේ නෑ මොකද මූණු පොතේ කට්ටිය ඕක එක එක වෙලාවට හිතුන හිතුන විදිහට වෙනස් කරනවනේ කියල. එත් ටික වෙලාවකින් ඔයා upload කරලා තිබුනා ඔයාගේ engagement එකේ photos... ඒ වෙලාවේ මගේ ඇස් දෙකෙන් කදුළු වැටෙනවා මට තේරුනේ ටික වෙලාවකට පස්සේ... සමාවෙන්න මට අයිතියක් නෑ එහෙම අඩන්න.. මන් මුළු හිතින්ම ඔය දෙන්නට සුබ පැතුවා... ඒ වගේම තමයි මං මුළු හිතින්ම ආදරේ කළා... ඊයේ ඔයා මගෙන් ඇහුවා අපේ වෙඩින් එකට අනිවාර්යයෙන් එනවා නේද ? කියල.... එත් මන් ඒකට උත්තරයක් දුන්නේ නැත්තේ මං ගොඩක් වෙලාවට ඔයාගේ වෙඩින් එකට එන එකක් නෑ.... එත් ඉන්න තැනක ඉදන් මන් සුබ පත්තනවා හැමදාමත් සතුටින් ඉන්න... කවදාවත් අමතක වෙන එකක් නෑ මොකද මුලින්ම ඇහුවෙත් ඔයා ආදරේ කලෙත් ඔයාට.... ඉතින් ඒ මතක හැමදාමත් තියේවි... ජය මංගලම් යාලුවේ......
මං හැමදාමත් කියාගන්න බැරිවෙච්ච එකා උන
කියාස්
Wednesday, March 18, 2015
චරිතේ
ඔන්න ඉතින් ටික කාලයක් තිස්සේ ඉගෙන ගන්න ට්‍රයි එකක් දුන්නත් කවදාවත් ලෙක්චර් එකක හරියට ඉන්න බැරිවෙච්චි එකා වෙච්චි මම ඊයේ දෙයියනේ කියල හෝල් එකේ හිටියා. එත් මොන හෙනහුරා ලබලද මන්දා මගේ කේන්දරේ ට මොකද මන් හිටියට ලෙක්චර කෙනෙක් ආවේ නෑ. මදැයි ඉතින් කාලෙකින් ලෙක්ච එකකට ඉන්න කියල ආවා.
ඉතින් ඔහොම ඉන්නකොට අපිට ඩ්‍රාමා කරන මැඩම් ආපි හෝල් එකට.
මැඩම්- හරි හරි කට්ටියම වාඩි වෙන්නකෝ බලන්න
මගේ ළඟ ඉන්න එකා - ඒ මොනවා බලන්නද දන්නේ නෑ නේ?
මම - කට යකෝ
මැඩම් - දැන් ඉතින් ඔයාලගේ සෙකන්ඩ් ඉයර් එකත් ඉවර වෙන්නනේ යන්නේ ඉතින් එග්සෑම් එකට අපි ප්‍රැක්ටිකල් ගන්නත් ඕනේ නේ? අදම පටන් ගමු නේද?
මම - ( හුටා! මදැයි ඉඳලා ඉඳලා ලෙක්චර් එකකට ආවා)
මැඩම්- හරි දැන් ඔය පලවෙනි පස් දෙනා එන්න ඇවිත් මෙතනින් එක චිට් එකක් අරගන්න. ඒකෙ තියෙන චරිතෙට ලෑස්තිවෙන්න විනාඩි දෙකක් දෙනවා
එහා පැත්තේ එකා - විනාඩි දෙක තියාගෙන අල කන්නද බං ?
මම - නෑ තියලා වාඩිවෙයන්
ඉතින් ඒ පස් දෙනාට හම්බවෙලා තිබුනේ කොන්දොස්තර, දේශපාලඥයෙක්,වෙළෙන්දෙක්, හිගන්නෙක්, අහිකුන්ටකයෙක්
ඉතින් ඔය පලවෙනි පස් දෙනාගේ සෙට් එකේ මගේ ෆිට් එකකුත් හිටියා එකාට ඇවිත් තිබුනේ කොන්දොස්තර
මම- ශා...... මරුනේ බන්
කොන්දොස්තර - පිස්සුද යකෝ මාව දැන් වෙව්ලනවා
මම- ලේසිම එකක්නේ හම්බවෙලා තියෙන්නේ අහවල් එකටද වෙව්ලන්නේ
කොන්දොස්තර - කියපිය දෙබස් ටිකක් මෙතන ඉගෙන බයිලා කියවන්නේ නැතුව
කොහොම හරි ඉතින් කොන්දත් අපෙන් දෙබස් ටිකක් හරි ගස්සාගෙන ගිහින් රඟපානවා
කොන්දා - කොට්ටාව .. පිටෝ...ටුව හා... හා. නගින්න නගින්න ඔය ඔය මල්ලි ෆුට් බෝර්ඩ් එකෙන් උඩට යන්න. මොකක්ද නෝනා මාරු සල්ලි අරගෙන බස් එකට නගින්න මෙතන පන්සීයේ කොළ දික් කලාම අපි කොහොමද ඉතුරු සල්ලි දෙන්නේ ? හරේ.... ඔය මොකක්ද මෙච්චර බස් එකේ ඉඩ තියෙද්දී දොර ගාව තද වෙලා ඉන්නේ ඔය මැද්ද පේලියෙන් ඉස්සරහට යන්නකෝ.... ඔය රතු පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්න නංගි මැද පොල්ල අතැරලා ඉස්සරහට යන්නකෝ ...
මැඩම් - ( හිනාවෙමින් ) හා හා ඇති ඇති දැන් ඊළඟ හත් දෙනා එන්න බලන්න
මම- ( මදැයි ඔය කොලේ! මන් හිටියේ 12 වෙනියට දැන් ඉතින් යමන්කෝ :/
මාත් ඉතින් ගියා මේසේ ලඟට. හම්මේ මන් යනකොට අපේ අනිත් ටික පොර කාලා චිට් ටික අරගෙන මට එකක් ඉතුරු කරලා තිබුනා...
මාත් ඉතින් චිට් එක අරගෙන බැලුවා.. හම්මේ හිත කූල් වෙලා ගියා .... " ප්‍රේමවන්තයෙක් !?"
මට ඒ වෙලාවේ ඉතින් කලන්තේ වගේ ආවා. ඔහොම දෙපැත්තට වැනි වැනි ඉදගන්න ගියා.
එහා පැත්තේ එකා - ඒ මොකක්ද හම්බුනේ මට කොන්දොස්තර (චිට් එක උදුරමින්) අඩේ බලාපන්කෝ මේකාට ඇවිත් තියෙන එක යකෝ..... ප්‍රේමවන්තයෙක් ! ඒ උඹට ගැලපෙනම එක ආ....
අනිත් සෙට් එක - ඒ මරු ආ .... සිරාවට ගැලපෙන එක ඇවිත් තියෙන්නේ ආයෙත් නෑ එකෙන්ම ආ
මම - (මුන් නම් අම්මපා ශිකේ ... මමනේ දන්නේ ඉතින් වෙව්ලන තරම) හා හා... මගේ කෙල්ල වෙන්න කව්ද එන්නේ ?
නිශා - මන් එන්නම් ^_^
මම - අඩේ තෑන්ක්ස් ආ....
ඉතින් ඔහොම ගිහින් මගේ වාරෙත් ආවා කියාන්කෝ ඉතින් ඔක්කොටම කලින් ගෙනිහින් තිබ්බා පුටු දෙකක් ඔන්න ඉතින් නිශා පුටුවක ඉදගෙන පුපුර පුපුර ඉන්නවා... මන් ඉතින් දඩි බිදී ගාගෙන දුවගෙන ඇවිත් ටිකක් ඈතින් නැවතිලා වෙලාව බලලා කොන්ඩේ හදනවා. ඒ ගමන්ම මටම කියාගන්නවා
මම- පැය බාගයක් පරක්කුයි අදනම් ඉතින් ඉවරයි... මගුල් බස් එක අම්මපා ශික්!
ඉතින් මන් දැන් නිශා ගාවට යනවා ( දෙබස් ටිකක් දුන්නනම් පාඩම් කරගෙන එනවනේ අප්පා දැන් ඉතින් හිතලා කියාන්කෝ) එයාගේ පිටිපස්සෙන් ගිහින් උරහිසෙන් අල්ලගන්නවා.
මම - තරහද?
නිශා - ( නෝ කතා)
මම - කතා කරන්නකෝ නංගි
නිශා - ඇයි අයියේ මට මෙහෙම කරන්නේ මන් කොච්චර වෙලා බලන් හිටියද මෙතනට වෙලා?
මම- පොඩ්ඩක් අහන්නකො නංගි බස් එක පරක්කු උනා මන් වෙලාවට ආවේ ඔෆිස් එකෙන්....
නිශා - බුම්මගෙන අහකබලාගනී
මම - ( නිශාගේ අත අල්ලාගනිමින්) ඔයාට මතකද අපි දෙන්නා හම්බුන පලවෙනි දවස ?
නිශා - හ්ම්ම්ම්
මම - ඔයා වැස්සේ තෙමීගෙන කුඩයක් වත් නැතුව හෙවනක් හොයාගෙන දුවගෙන යද්දී....... අර අර කොහෙවත් නැති නරුමයෙක් දාපු කෙහෙල් ලෙල්ලක් පෑගිලා ඔයා වැටෙන්න යනකොට ............ මන් කොහේ ඉදන් දුවගෙන ඇවිත් ඔයාව අල්ලගත්තද කියන්න මන් අදටවත් දන්නේ නෑ නංගි.
නිශා - ඔයාට ඒකත් දැන් විහිළුවක් උනාද අයියේ
මම - නෑ රත්තරන් මන් කිව්වේ එදා ඒ තරම් ආදරයක් තිබුනානම් මේ හිතේ අදවෙනකොට කොයි තරම් ආදරයක් ආදරයක් තියෙනවද කියල ඇයි නංගි ඔයාට තේරුම් ගන්න බැරි? ඇයි මාව මේ තරම් රිද්දන්නේ ?
නිශා - අනේ අයියේ.....
මම- පොඩි පොඩි දේවල් වලට මේ හිත රිද්දන්න එපා නංගි..... මන් ඔයාර ආදරෙයි නංගි ....
නිශා - මමත්......
ඔන්න ඔහොමයි ඉතින් කතාව ඉවර උනේ :)
ඉතින් අපි දෙන්නා ගිහින් ඉඳගත්තා විතරයි උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බුනා.... අඩෝ තව ටිකක් රඟපෑවනම් මැඩම්ගේ බඩ පැලිලා මැරෙනවා බං!

Subscribe to:
Posts (Atom)