Thursday, May 9, 2013

කියාගන්න බෑ පැන යයි ....




මටනම් කියාගන්නටම බැරිය .... කුමට කියන්නද .... වචනද අහු වන්නේම නැත්තේය ... මෙහිදී ප්‍රථම වශයෙන් කියාගන්න බෑ පිලිබඳ සත්‍ය හැදින්වීමක් කල යුතුව ඇත.... කියාගන්න බෑ යනු අහිංසක ළමා චරිතයක් ය .. සැබවින්ම අහිංසකය .. අර කියනවා වගේම වචනයේ වූ පරිසමාප්ත අර්ථයෙන්ම එසේම වන්නේය.. හොර බොරු නැත්තේය... 

 ඉතින් ඔහොම කියාගන්නකියාගන්න බෑ  දැහැමෙන් සෙමෙන් ජීවිතේ ගෙවනකාලේ ... දවසක් කියාගන්න බෑ ගේ අම්මාට මෙහෙම සිද්ධියක් උනා ලු...

මෙහෙමනේ ඉතින්...... කියාගන්න බෑ ගේ ගෙදරට යන පාරේ වැඩිපුරම ගාටන්නේ ප්‍රයිවට් බස් රාජයන් නිසාවෙන් කියාගන්න බෑ පාසල් සමයේ හීනෙන් වත් සීසන් පැතුවේ නැත. මොකද ඉතින් සීසන් එක තියාගෙන පාරේ හත් අවුරුද්දක් සිටියත් ලංගම බසයක් නම් බෙහෙතකටවත් නැති නිසාවෙන්මය..

ඔහොම ඉතින් කාලය ගෙවී ගියා කියමුකෝ... දවසක් කියාගන්න බෑ ගේ මව් තුමිය සුපුරුදු පරිදි රාජකාරිය සඳහා කාර්යාලයට වාර්තා කර රාජකාරියේම නිරත වී සිටින පින්වන්ත මොහොතක අපේ පාරේ ( කියාගන්න බෑ ගේ ගෙවල් පාරේ) ගාටන ප්‍රයිවට් බසයක ඩබල් ඇක්ටින් චරිතයක් ( විටෙක කොන්දා ලෙසද විටෙක ඩ්‍රයිවර් ලෙසද ) පැමිණිවිට දුටුවේ කියාගන්න බෑ ගේ මව් තුමියව ය .. “දන්නා අඳුරන කෙනෙක් ඉන්නවනම් ඉතින් වැඩෙත් ඉක්මනින් කරගන්න ඇහැකි ”යන වටිනා කියමන කොන්දා හට නිතැතින් ක්ලික් වන්නට ඇත්තේය...

කල් යල් බලා හෙමින් සීරුවේ මව්තුමියගේ කාර්යාල කාමරය වෙත ගිය කොන්දා මව් තුමියට ආමන්ත්‍රණය කලේ ය ...

කොන්දා - මිස්...

මව්තුමිය - ඔව්... කියන්න

කොන්දා - මිස් ඉන්නේ    ------ පළාතේ නේද?  ------- බස් එකේ නේද යන්නේ එන්නේ ?

මව්තුමිය - ( හිතමින්..... මේ කව්ද මේ ...) ඔව් ඉතින් ඔය ළමයට මොකක්ද වෙන්න ඕනේ?

ඔන්න ඉතින් කුතුහලය දනවන විදිහට කොන්දා තමාගේ දැන් හදුනුම්කම ප්‍රකාශයට පත් කරනවා ලු ... ඊට පස්සේ

කොන්දා - මේ... මේ මිස්ට  නේද අර ටිකක් මහත.. සුදු දුවෙක් ඉන්නේ...?

මව් තුමිය - ( කලබල වෙමින් ) ... ඔව් ඇයි මොකද වෙලා තියෙන්නේ ?

ඔන්න ඉතින් පොට පැටලී   මව්තුමිය කලබල වී ඇත...




කොන්දා - ආ ... නෑ නෑ මිස් එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ මන් මේ ඒ පාරේ දුවන බස් එකක වැඩ කරන්නේ මන් දැකලා තියෙනවා මිස් එක්ක දුව එහෙම යනවා... මන් මේ ආවේ මේ වැඩක් කරගන්න

මව්තුමිය - ( සන්සුන් වෙමින්) ආ  කෝ දෙන්න බලන්න ...

ඔන්න ඔහොමලු උනේ.....

ආ කතාව ඉවර නෑ ඉතින් මොකද ඔය වෙලාවේ කියාගන්න බෑ ගෙදරට වෙලා හොඳට ටී වී වක ඉස්සරහ නැත්නම් කල්පනා ලොවේ .... මෙන්න එතකොට කියාගන්න බෑ ගේ කලාතුරකින් කෑගහන ජංගමයා කෑගහනවාලු ... ආයෙත් ඉතින් මොකද මේස පුටු පෙරලගෙන ගිහින් ජංගමයා අතට අරගෙන බැලුවා කව්ද මේ පින්වතා කියල... ආ මේ ඉතින් සුපුරුදු පරිදි  කියාගන්න බෑ ගැන හොයන මගේ එකම ආදරේ නොවෑ ... මගේ ආදරණීය මව් තුමිය...

කියාගන්න බෑ - අම්මේ....

එහා පැත්තෙන් සිනා හඬක් ඇසේ....

කියාගන්න බෑ - අම්මේ මොකෝ හිනා වෙන්නේ ...?

මව්තුමිය - ආ පුතේ හනේ බලන්නකෝ වෙච්ච දේ .... ( නැවතත් හිනා හඬ)

කියාගන්න බෑ - ඇයි මොකද උනේ පඩි වැඩි කරලද? ලයිට් බිල අඩු කරලද?

මව්තුමිය - නෑ නෑ ළමයෝ මේකයි උනේ ( සිදුවීම විස්තර කරයි)

කියාගන්න බෑ - ඉතින් ....

මව්තුමිය -( සිනාවෙමින් ....) ඔයාගැන  කියනකොට මන් හිතුවේ ඔයා පැනලා ගිහින් කියල  ( නැවතත් සිනා හඬ)

කියාගන්න බෑ - අනේ දෙයියනේ අල්ලගන්නම්කො මන් ඔකාව @ කෝපය ප්‍රකාශ කරමින්

ප. ලි :- දැන් කාලේ පැනලා යන්නත් ස්ප්‍රින්ග් දෙකක් ගන්න ගන්න පුළුවන් වෙයිද දන්නෑ ... හැමදේම ගණන් නොවැ





Saturday, April 20, 2013

නිර්නාමික ආදරය....





වායුසමීකරණයෙන් එන සීතල අද වැඩි වී ඇත්දැයි ඇයට සිතුනි ... මෙතෙක් වෙලා මේසය මත තබාගෙන සිටි අත ඇය දෙසට ගන්නට සිතුවේ කාමරය පුරා විහිදී තිබුණු සීතලන් මිදීමට  අත් දුහුල් සාරි පොටින් මදක් වැසී ගිය පපුවට ලං කරගැනීමට මෙනි... මදක් එසවුණු අත මේසය මතටම නැවත  තැබූනේ  ඔහුගේ අත ඒ මතින් තැබූ නිසාවෙන්ය...

ඇයි නංගී අපිට ලං වෙලා ඉන්න බැරි....?

අයියේ අත ගන්න ඔෆිස් එකේ කව්රුහරි දැක්කොත් අයියට හරි නෑ නේ ...

ඇයි මන් ඩිරෙක්ට නිසාද? ඔයත් මෙතන වැඩ කරනවනේ ඔයාටත් හොඳ නෑ ... හොර කෙල්ල මන් ගැන හිතන්නේ නෑ කිව්වට ඔය එහෙනම් මොකක්ද ...

හ්ම්ම් ....

මන් දුක් වෙනවා නංගී ... මගේ ජීවිතේ ගැන මන් අද දුක් වෙනවා...

ඇයි එහෙම කියන්නේ ....

ඔයාට තේරෙන්නේ නැද්ද නංගියෝ ... අපි දෙන්නා පොඩි කාලේ ඉඳන්ම අඳුරනවා .. අපේ ගෙවල් වලින් අඳුරනවා .. ඒත් අපි දෙන්නට ඒ කාලේ මදි උනා අපි දෙන්නව තේරුම් ගන්න .. මන් ඉගෙනගන්න රෂියා  ගියා  මන් ආසම තැනට මන් ආවා ඉගනීමෙන්  .. මන් එහෙදි හම්බුන කෙනෙක්ව බැන්දා .. මන් හිතුවේ මට හම්බුනේ මට ආදරේ කරන කෙනෙක් කියලා නේද ... මන් වෙඩින් එක දවසේදීත් ඔයාට එයාව පෙන්නුවෙත් ඒ මගේ ආදරේ කියලා ...

මට මතකයි අයියේ ... අපි මේ කතාව නවත්තමු ...

නෑ නංගී මට වෙන කියන්න කෙනෙක් නෑ පොඩ්ඩක් අහන්න ....
ආදරේ කරලා බැඳලත් අපි දෙන්නට අපි දෙන්නව තේරුම් ගන්න බැරි උනා ... ඒ හැම දේම මන් ඉවසුවා නංගී .. එයා මගෙන් ඈත් උනේ ඇයි කියන්න මන් දන්නේ නෑ ... අපේ පුතා පවුලට ආපු දවසේ ඉඳන් වත් එයා ඒ ගැන හිතලා මාව ලං කරගත්තේ නැත්තේ ඇයි කියන්න මන් දන්නේ නෑ ... එක අතකට මටත් ඕනෙකමක් තිබ්බේ නෑ ... ඒකයි ඇත්ත .. එයා ඩිවෝස් එක දුන්නට පස්සේ මට නිකමටවත් කෝල් එකක් දුන්නේ නෑ.. ඔව් මටත් ඕනෙකමක් තිබ්බේ නෑ නංගී .. මට දුක ඔයා මෙච්චර ලඟින් ඉඳලත් අඳුනගන්න බැරි උන එක ගැන .... එදා මන් ඔයා ගැන තීරණයක් ගත්තනම් ඔයාවත් මම වත් ජීවිතේ දුක් විඳින්නේ නෑ නේ ද....?

මට හිතාගන්න බෑ අයියේ මොනවද මම කියන්න ඕනේ කියලා ...

හ්ම්ම් ....

හිතේ බර සැහැල්ලු කරගන්නට මෙන් ඔහු හෙලූ සුසුම ඇගේ සිත සසල කරන්නට සමත් විය යන්න මා අමුතුවෙන් කිව යුතු නොවේ .. ඒ අතීතය ඇයට නැවත සිහිවන්නට විය ...

නංගී ....

ම්ම්ම්ම්...

ඉස්සරටවත් අපිට ලං වෙන්න බැරිද නංගී ...

හ්ම්ම්... අනේ අයියේ ඔහොම කියන්න එපා  ...

ඇත්ත අද ඔයා බැඳපු කෙනෙක් .. ඒත් ඔයත් සතුටෙන් නෙමෙයි නේද ...

වැඩක් නෑ අයියේ ... අපි හොඳ යාළුවො වගේ ඉමු ඉස්සර හිටපු යාළුවො වගේ... නැත්නම් මේ ඔෆිස් එකේ ඉන්න වෙන්නේ නෑ ... ගින්දරයි පුළුනුයි ලං කරන්න බෑ අයියේ....

සිතට එකඟ නොවුවත් ඇය  ඔහුගේ උණුසුමට හිරවී තිබු සියුමැලි  අත තමා දෙසටම ඇදගත්තාය .. ආයාසයෙන් මෙන් පුටුවෙන් නැගිටගත් ඇය මේසය මත තිබු ෆයිල් කවරයක්ද රැගෙන කාමරයෙන් පිට වුවාය ... තවත් හිරකරගන්නට අසමත් වූ සීතල කඳුලක් නෙතින් ගිලිහී උණුසුම් පපුව මතට වැටුණි ... 


Wednesday, April 17, 2013

මං ආදරේ කළා විතරයි............





දැන් කොහොමද මන් ජීවත් වෙන්නේ

එකට ජීවත් වෙමුයි කියලා දිවුරපු

හීනෙන් වත් තනිවෙන්න දෙන්නේ නෑ කියපු

මගේ ආදරේ විතරක්ම නොවී මගේ ජීවිතේම වෙච්ච ඔයා...........

අද ;

මගෙන් ඈත් වෙලා යන්න ගිහින් ......

වෙන ජීවිතෙකට ලං වෙලා

මගේ අතේ එල්ලීගෙන

හුරතලේට තුරුල් වෙලා

කුඩේ යටින් මාත් එක්ක ඇවිදගෙන ගිය පාරේම........

වෙන කෙනක්ගේ අතක් අල්ලගෙන

මගේ ඇස් ඉස්සරහෙන්ම ඇවිදගෙන ගිහින්

දැන් පැය ගානක් ගෙවිලා ඇති

ඒත් ඒ පැය ගාන ගණන් කරන්න බෑ මට

කල්පයක් වගේ වෙලා....

මගේ පුංචි ලෝකේ නැවතිලා ගිහින්...

මම තාම මෙතනමයි ...

තව යන්න බෑ මට

අද මන් යනවා යන්නම මේ ලෝකෙන්

බොනවා මන් මේ වහ බෝතලේම ...

මට බෑ මැරි මැරි ජීවත් වෙන්න .....

ඔය හිතටත් සැහැල්ලුවක් වෙයි මම යන්නම ගියාම....

උගුරේ ඉඳන්ම පිච්චීගෙන පහලට යන මන් බිව්ව අමුර්තය

මෙච්චර අමාරුද ඉක්මනට මැරෙන එක ....

අනේ මගේ අම්මේ මට බෑ ඉවසන්න ....

මාව පොඩි කාලේ ඉඳන් තුරුලේ තියාගෙන නලවපු

උණුහුම මට අමතක උනේ කොහොමද....

ආදරෙයි අම්මේ මන්....

තරහක් හිතන්න එපා  ...

මේ පුතාට සමාව දෙන්න ...

ටිකකට අම්මව අමතක කරලා යන්න ගියාට .........

Saturday, April 6, 2013

ඉරුවා ගේ හැපී බර්ත් ඩේ ..


අද දවස නම් ඉතින් ඉරිදා දවසක් මන් අද තමයි කැලැන්ඩරේ බැලුවේ ... ආයේ කියල වැඩක් නෑ අන්තිමට කැලැන්ඩරේ බැලුවේ කවද්ද කියන්න නම් මතකයක් නෑ. මන් හිතන්නේ ගිය අවුරුද්දේ වෙන්න ඇති .. අද මාර්තු 31 .. ඊයේ තමයි ඉරුවා ගේ උපන්දිනේ තිබ්බේ .. 




ඔන්න ඉතින් 30 වෙනිදට යෙදුන ඉරුවා ගේ හැපී බර්ත් ඩේ එක නිමිත්කොටගෙන දවසක් රෑ වෙලාවක මුණු පොතේ ප්‍රාධුර්භුත උන අපේ ගිම් යෝජනාවක් සභාවට ඉදිරිපත් කළා...

“ 21 නේ එහෙම නිකම් අතාරින්න බෑ නේ .. අපි ට්‍රීට් එකක් ඉල්ලමු..”

“ අහා..! ඔයා ඉරුවාට කිව්වද?...”

“ ඔව් කිව්වා 31 වෙනිදා දාගන්න කිව්වා "

ඉතින් ඔහොම කිව්වාම මේ කියාගන්න බෑ තව මොනවා කියන්නද ආයේ “හා” කියලා යෝජනාව සභා සම්මත කොරන්නේ නැතුව?

ඔන්න ඉතින් ඒ අතර මැද දවස් ටිකේ ගිම් එක්ක මම පොඩි රහස් සාකච්චාවක් කරලා මොකක්ද දෙන තෑග්ග කියල තර්ක විතර්ක කරලා අන්තිමට එකක් තෝරගත්තා... ඔන්න දැන් ඒකත්  හරි ...

ඉතින් ඉරිදා දවසේ ගියා කියමුකෝ K.F.C එකට... හා දැන් ඒක නෙමෙයි මන් මේ කියන්න පටන් ගත්තේ මන් මේ කියන්න ගියේ මේ අපේ ඉරුවා ගැනනේ ...

හප්පේ දැන් අවුරුදු 5ක පුරාණ මිත්‍ර කමක් නොවැ තියෙන්නේ ... මොනවා උනත් 10 වසරේ ඉඳන් එකටම තමයි මායි ඉරූයි හිටියේ ... දුකයි සැපයි හැම දේම කියන්න මට හිටියේ ඉරුවා තමයි.. අපි එකම බස් තමයි ගෙදර යන්නේ.. පන්තියේ එකට ඉඳලත් ආයේ ගෙදර ගිහිනුත් කෝල් කරලා පිස්සු නටනවා ඒ දවස් වල නම් අපේ ගෙවල් වල ෆෝන් බිල නම් ටිකක් විතර වැඩි උනාද මන්දා.. ඒ කාලේ ඉතින් තිබ්බ පිස්සුව තමයි සින්දු පිස්සුව ආයේ ඉතින් කියන්න ඕනේ නෑ ..

එතකොට ගිම් , එරා, උත්පලා, පාට දෙකේ චතුලා දෙන්නා හිටියේ වෙන පන්ති වල ඒ උනාට කට්ටිය ඉන්ටර්වල් එකට එකට කෑවේ .. මන් ඉතින් කෑවේ කොහොමද කියල මතක් කරන්න යන්නේ නෑ.. මොනවා උනත් බත් එකේ තියෙන මාළු කෑල්ල ගිම් කෙලින්ම පැහැරගන්නවා..



ආ ඉතින් දැන් ඔන්න මේකයි කියන්න ගියේ අපේ ඉරූ ඒ කාලේ ඉඳන්ම උරග කුලේ කස්ටියට ටිකක් විතර පරාන බයයි. දවසක් මමයි ඉරුවයි ඉස්කෝලේ ඇරිලා යනකොට අඩි 100ක් විතර දුරින් ඉන්න තලගොයෙක්ව දැකලා උච්ච ස්වරයෙන් කෑගැහුවා  හම්මෝ .. මන් හිතුවේ මිනී කන කිඹුලෙක් වත් දැකලද කියල. බලනකොට මේ සිඟිති තලගොයි පැටියෙක්නේ ...

ඉතින් ඔහොම කාලේ ගෙවිලා ගියා .. ඒ ලෙවල් වලටත් අපි එකම පන්තියට වැටුනේ ... ඉතින් ඒ ලෙවල් එග්සෑම් එකේ අන්තිම දවසේ තියෙන්නේ ඉතින් සුපුරුදු පරිදි අපේ අසාමාන්‍ය වූ සාමාන්‍ය දැනීම උරගා බලන පේපර් එකනේ .. ඉතින් ඉරුවා හිටියේ මන් හිටිය ශාලාවට එහා ශාලාවේ .. ඉතින් දැන් ඔන්න අපි දැනීම උරගා බල බල කල්පනා සයුරේ ගිලිලා ඉන්න වෙලාවේ එහා ශාලාවේ මහා ලොකු සද්දයක්...

දඩ බඩාස් ... සරාස්.. දඩින් බිඩින් .. අම්මෝ... හූ..

මලා ..! මොකක්ද හප්පේ ඒ සද්දේ? කාට හරි හාට් ඇට්ටෑක් එකක් හැදිලාද කොහෙද .. ඔව් ඔව් දැන් හෙට පත්තරෙත් යයි “ අසාමාන්‍ය ලෙස දැනීම උරගා බැලීමට ලියමින් සිටි පේපරය අතරතුර හාට් ඇට්ටෑක් “ කියලා.. අඩේ කාටද ආඩම්බර ...?

ඉතින් මොනවා කරන්නද අපිට යන්න දුන්නේ නෑ නේ උදව් වෙන්නවත් අඩුම තරමේ සිහි නැතුව වැටුනා නම් කව්රු උනත් පව්නේ අපි ගිහින් වතුර ටිකක් වත් මුණට හලනවනේ.. ඉතින් ඔහොම වෙලාව ගිහින් ගිහින් වෙලාව ඉවර වෙලා අපි විභාග ශාලාවෙන් එලියට පැන්නා...

ඔන්න ඉරුවා එනවා.. අහගන්න ඕනේ මොකද උනේ කියලා.. කාටද හාට් ඇට්ටෑක් එක හැදුනේ කව්ද වැටුනේ කියල..

“ ඒ ඉරූ.. මොකක්ද අර සද්දේ...? “

“ අම්මෝ මාර වැඩේනේ උනේ...?”

“ ඒක තමයි ඇහුවේ මොකක්ද උනේ..?”

“ ඒ පන්තියේ මන් ඉඳගන්න ඩෙස් එක ළඟ තියෙන අර කබඩ් එක...”

“ඔව් ඉතින් ඒක උඩ ගියාද එක පාරටම?”

“ නෑ නෑ ඒකේ ඇතුලේ ඉඳන් තලගොයෙක් ආවනේ මන් පේපර් එක ලිය ලිය ඉන්නකොට...”

ඔන්න ඔහොමයි ලු උනේ මොනවා උනත් හැපී බර්ත් ඩේ ඉරුවෝ ...



Sunday, March 10, 2013

තනි හිත ... 05


එදා සෙනසුරාදා දවසක්.. ගයනි ගේ ගෙදර තිබුනේ අවිස්සාවේල්ලේ. අපි එහෙ යන්න ලාඑස්ති උනේ  ගයනිගේ ගෙදර තිබුන දානෙට උදවු වෙන්නත් එක්ක. ඒ උනත් ඒ ගමනෙන් අපි ඔක්කොම වගේ බලාපොරොත්තු උනේ ගෙවල් වලට හිර වෙලා, නිදහස  සීමා වෙලා තිබුන අපේ ලෝක වලින් දවසකට හරි එලියට එන්න ... ගයනිගේ ගෙදර යන්න අපි හය දෙනෙක් ලෑස්ති උනා.. 



උදේ පාන්දරම මහරගමින් අපි හය දෙනාම කෝච්චියට නැග්ගා.. මන් හැමදාම වගේ කෝච්චියෙන් එලිය බලාගෙන ආවේ පොඩි කාලේ ඉඳන් මට තිබුන පුරුද්දට. හෝමාගමදී අපි හිටපු පෙට්ටියේ හිටිය ඔක්කොම වගේ බැහැල ගියාට පස්සේ ඉතුරු උනේ අපි හය දෙනා ඒ කියන්නේ කසුනි, ඉසුරි, නිමාෂා, ඉශානි, නිරාශා කියන එකම පන්තියේ යාළුවො ටිකයි , තරුණ අම්මෙකුයි තාත්තෙකුයි එක්ක හිටපු පොඩි ළමයි දෙන්නෙකුයි විතරයි...

අපි උදේට කන්න කියලා ගෙනාපු කෑම කාලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔක්කොම එකතු වෙලා සින්දු කිව්වා..අර අම්මයි තාත්තයි එක්ක හිටපු පොඩි එවුන් දෙන්නත් අපි ලඟට ඇවිත් අත්පුඩි ගගහ සින්දු කිව්වේ හරි සන්තෝසෙන්..
හෝමාගම ඉඳන් අවිස්සාවේල්ල පැත්තට කෝච්චිය ඇදෙද්දී දකින්න ලැබුන වටපිටාවට මට ආස හිතුනේ තාම මේ පති වල ගමේ සුන්දරත්වය කියන දේ ටිකක් දකින්න ලැබුන නිසා වෙන්න ඇති.

රේල් පාර ළඟ තියෙන ගෙවල් වල මිදුලට බැහැලා සෙල්ලම් කරන පොඩි එවුන් කෝච්චිය එනවා දැක්කාම අත වනන කොට අපිත් අත වැනුවේ ස්කොලේ පහේ , හයේ ඉන්න ළමයි ගානට.

අවිස්සාවේල්ල ස්ටේෂන් එකෙන් බහිනකොට ගයනි එයාගේ අයියත් එක්ක ගෙදර වාහනෙන් ඇවිත් හිටියා අපිව එක්කගෙන යන්න. ස්ටේෂන් එකේ ඉඳන් ටවුන් එක පැත්තට යනකොට පොඩි කන්දක් උඩට වෙන්න තමයි  ගයනිල ගේ ගෙදර තිබුනේ.

දානේ වැඩ ටික කරගන්න අපිත් පුළු පුළුවන් විදිහට හැමෝටම උදවු උනා. දවල් වෙනකොට දානේ වැඩ ඔක්කොම වගේ ඉවර වෙලා ගයනිත් එක්ක වත්ත පල්ලෙහාට ඇවිදින්න ගියා. 

ඒ වත්ත පල්ලෙහායින් පොඩි දොළ පාරක් ගලාගෙන යනවා හරි ලස්සනට.. ඒක දැකපු කසුනියි නිමාෂායි අනිත් තුන් දෙනාවත් ඇදගෙන ඒ පැත්තට දිව්වා.. ගයනියි මායි හෙමීට ඒ පැත්තට ඇවිදගෙන යන අතරේ ගයනි...

“ ඒ හසී...”

“ඇයි....?”

“ ඔයාට මතකද අර දානේ වෙලාවේ අළු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන කොල්ලෙක් හිටියේ....”



“ඔව් .. එයාව නේද මම ඔයාට පෙන්නුවේ මේ වගේ දේකදී වත් සුදු පාට ඇඳුමක් ඇඳන් එන්න බැරි කෙනෙක්  කියලා...”

“අන්න ඒ කොල්ලා තමයි බන්... අපේ තාත්තගේ යාලුවෙක්ගෙ පුතෙක්..”

“ ඉතින් මට මොකද බන්...”

“ඕකනේ කියන්නේ මැදට පනින්න එපා...”

“හා... ඔන්න මන් අයිනට උනා.. දැන් ඉතින් කියාගෙන යන්නකෝ...”

“ඒ කොල්ලා මගෙන් උඹ ගැන ඇහුවනේ බන්....”

ඒ එක්කම වගේ දොළ පාර බලන්න දුවපු පස් දෙනා අපි දෙන්නා දිහාට ආවේ “මෙන්න මුන් දෙන්නා මොකක්දෝ කුමන්ත්‍රණයක් කරනවා...” කියාගෙන. 

එතනින්ම ගයනි කියාගෙන ආපු කතාව නැවතුනේ කසුනේ අද දවස ගැන කියවන්න පටන් ගත්ත නිසා...

එහෙම කතා කරන ගමන් අපි ඇවිදගෙන යනකොට ලොකු අඹ ගහක් යට තිබුන ලෑලි බැංකුවක් දැකලා අපි ගිහින් වාඩි උනා. පහළ බැලුවාම පාරේ යන වාහන... එතනට ලස්සනට ඈත පේනවා ... නම් වලින් කියන්න දන්නේ නැති කඳු පේලියක් ඈතින් පේනවා.

“ බාගෙට මීදුමෙන් වැහිච්ච කඳු වල මුදුන් වලට වැස්සත්  පල්ලෙහා පැති  වලට වහින්නේ නෑ වෙලාවකට ....”  කියල ගයනි කිව්වේ මන් ඒ දිහා බලාගෙන ඉන්නවා දැකලා...



ඒ කතාවත් එක්කම කට්ටිය කතා වෙන්න ගත්තේ පව්ලේ අයත් එක්ක ගිය විනෝද ගමන් ගැන.නිමාෂා ගිය මාසේ නුවර එළියේ ගිය එක ගැන කියනවා..

“ අනේ පිස්සු හැදෙනවා බන් .. අපේ අයියයි තාත්තයි දෙන්නම එකයි... අනුරාධපුරේ ගියා නම් ඊට වඩා හොඳයි..”

“ ඇයි නිමාෂා ඒ ...?”

“කොහෙද බන් අපේ අම්මත් කිව්වා එහෙට මේ කාලේ වැස්ස .. එහෙ යන්නේ නැතුව වෙන කොහේ හරි යන්න දා ගමු කියලා.. කොහෙද අපේ අයියගේ යාලුවෙක් ඉන්නවා කියල එහෙ නැවතිලා ඕනේ තැනක ඇවිදින්න යන්න පුළුවන් කියල ඔන්න ගියේ.. අන්තිමට යාළුවගේ ගේ ඇතුලට වෙලා කැරම් ගහන්න තමයි උනේ.. මට නම් නුවර එළියත් එපා උනා...”

හ්ම්ම්ම්... ඒ එක්කම මන් කල්පනා කලේ මන් ගැන.. ඉස්සර අම්මයි තාත්තයි මාවත් එක්කගෙන ඉස්කෝලේ හැම නිවාඩුවකදීම කොහේ හරි ඇවිදින්න ගියා.. කොච්චර සන්තොසෙන්ද අපි හිටියේ.. ඒත් ඒ හැමදේම නැති උනේ තාත්තගේ මරණෙත් එක්ක.. මට අවුරුදු 16 දී අම්මයි මාවයි මේ ලෝකේ තනි කරලා තාත්තා යන්න ගියා.. තාම මට ඒ ක හීනයක් වගේ... මම අදටත් බලන් ඉන්නේ තාත්තා දුර ගමනක් ගිහින් ආපහු මන් ලඟට එයි කියල.. හ්ම්ම් ...

“ගයනි................”

ඈතින් ඇහුන ඒ කටහඬත් එක්ක මාව ගැස්සිලා ගියා... අපි ඔක්කොම වගේ ඒ කව්ද කියල බලන්න ඒ කටහඬ ආපු පැත්තට හැරුනා.. ඒ අර මන් ගැන ඇහුවා කියන කෙනා නේද...? දුවගෙන ආව නිසා එයා ගැන මට තව මුකුත් හිතාගන්න වෙලාවක් ඉතුරු කරන්නේ නැතුවම එයා අපි වාඩි වෙලා හිටපු අඹ ගහ ලඟට ආවා..

“ කාගේද මේ ෆෝන් එක...?”

එහෙම කියල එයාගේ අතේ තිබුන ෆෝන් එක පෙන්නුවා.. ඒ මගේ ෆෝන් එක! මන් වත්ත පල්ලෙහාට එනකොට ගයනිගේ පොත් මේසේ උඩින් තියලා ආවේ.

“ඒ..ක ..” මගේ කියන්නත් කලින් එයා මන් දිහාට හැරිලා ෆෝන් එක මගේ අතින් තිබ්බා..

“අපි ගයනිගේ කාමරේ තිබුන පුටු ටික ගෙනියන්න කාමරේට ආපු වෙලාවේ මට ඇහුනා ෆෝන් එකක් රින්ග් වෙනවා.. ස්ක්‍රීන් එකේ වැටුනේ අම්මා කියලා.. ඉතින් මන් හිතුවා ආන්සර් කලේ නැති උනොත් ගෙදරින් කලබල වෙයි කියල ඒකයි ගෙනාවේ...”





Wednesday, March 6, 2013

තනි හිත ...04





අම්මේ මොනවද උයන්නේ මටත් දෙන්න මොනවා හරි කරන්න...”

“ මන් මේ කල්පනා කලේ දවල්ට උයපුවත් තියෙන එකේ පොල් සම්බෝලයක් හදල ගන්න. එහෙනම් පුතේ සම්බෝලේ අඹරලා ගන්නවද මම ගිහින් ඇඳුම් ටික හෝදලා ටිකක් නා ගන්න...”

“ හා අම්මේ.. අම්මා යන්න මන් වැඩ ටික කරන්නම්...”

හ්ම්ම්….. පොල් සම්බෝල ….” ඒත් මට මතක් උනේ නිසල ව. දවසක් මගේ අතින් උයපු බත් එකක් කන්න ඕනේ කියල මන් පන්ති තියෙන දවසක එයාටත් එක්ක බත් එකක් අරන් ගියා.. නිසල ටත් එදාම කෙමෙස්ට්‍රි ක්ලාස්. ඉතින් මගදී මාව හම්බවෙලා යනකොට මන් නිසලගේ අතින් බත් එක තිබ්බා. ආදරේ හිතෙන හිනාවක් එක්කම බත් එකත් අරගෙන එයා ක්ලාස් එක දිහාට හැරිලා ගිය හැටි මට තාමත් මතකයි..  

අපේ පන්තියට ඉන්ටර්වල් දුන්න වෙලාවේ මගේ ෆෝන් එක රින්ග් උනා.. බලනකොට නිසල...

“ මගේ චුටි ... දැන් ඉන්ටර්වල් නේද...?”

“ඔව් අනේ මේ දැන් තමයි පල්ලෙහට ආවේ කන්න... ඔයා කෑවද..?”

“ දැන් අපේ ඉන්ටර්වල් ඉවර වෙන්නත් ලඟයි හසී ... අපි නම් කෑවා... මේ මීට පස්සේ නම් ඔයා ගෙදර උයන්න එපා...”

අනේ දෙයියනේ ඒ කියන්නේ මන් උයපුවා රස නැතුව ඇති.. ඒක තමයි නිසල මට එහෙම කියන්න ඇත්තේ . එහෙම කිව්වාම ඒ වෙලාවේ මගේ මූනත් ඇද වෙන්න ඇති.  මගේ ළඟ හිටපු සිතුමි මන් දිහා බලලා ඇයි කියල ඇහුවේ ඒ නිසා වෙන්න ඇති. 



“ඇයි චූටි  කතා නැත්තේ...?”

“ නෑ ... ම.. මම ..”

“ අනේ මගේ හසියෝ .... මන් විහිළුවක්නේ පැටියෝ කලේ... ඇත්තමයි මාර රහයි චූටි බත් එක.. අපේ එවුන් ටික අහනවා අද අම්මා නෙමෙයිද ඉව්වේ කියල... අපේ අම්මා උයනවට වැඩිය රහයි..”

“ හ්ම්ම්..”

“අයියෝ .. ඕකනේ ඉතින් විහිළුවක් කරන්න බෑ බුම්ම ගන්නවා... කෝ බලන්න ඔය මූන..”

එහෙම කියනකොට මට තව හිනාවෙන්නේ නැතුව ඉන්න බැරි උනා...ඒ කටහඬ මගේ හිතටමයි කතා කලේ..

“ ඔන්න ඔහොම ඉන්න ඕනේ මගේ චූටි .. මේ... මට විතරයි උයල දෙන්න ඕනේ හරිද....? ඒකයි උයන්න එපා කිව්වේ. හදිස්සියේ වෙන කව්රුහරි  ඔයාගේ කෑම කාලා ඔයාව අයිතිකරගන්න ඇහුවොත් එහෙම.. අම්මෝ .. මේ මන් තියනවා හසී අපේ සර් පන්තිය පැත්තට යනවා ...”

අනේ මන්දා මේ කොල්ලා නම් මාව පිස්සු වැට්ටුවා... ඒ හැම වචනයක්ම තාමත් මට මතකයි ... මොනවා කරන්න ගියත් මට එයාවම මතක් වෙන තරමටම මේ අහිංසක හිතෙන් ආදරේ කළා... ජීවිතේ හැම සිදුවීමක් එක්කම අපේ හිත් බැඳිලා තිබුනා..

ආදරේ කියන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව හිටපු මේ කෙල්ලගේ හිතට ආදරේ පුරවලා.. තනිවෙලා තිබුන මගේ මුළු ජීවිතේම පාළුව නැති කරපු ... ඒ පුදුමාකාර හිත ... ඒ වචන....

මට කොහොමද ඒ හිත හම්බවුනේ......?