හමුවීය ඉරු දිනෙක
ඒ දෙනෙත් මා හට
උදෑසන පවන් සිහිල
විඳ ගන්නට
විහාරමහා දේවියට
යන්නට පුලුවනිද
ඇසු විට ඔහු
එකඟවී මා ද
ඔහු සමඟ
පා නැගුවෙමු
138 බසය වෙත ....
තවමත් උදෑසන
විහාරමහාදේවිය තුල
ළමා වියේ සිට මහල්ලා දක්වා
සිටියද
බැලූ බැලූ අත
පෙම්වතුන්
අපිද ගොස් ඉදගතිමු....
කතා කළෙමු සුහදව...
ඔහු:
ඔහු සිටින තැන ය....
මා ;
මා සිටින තැන ය...
අනෙක්වුන් මෙන්
වෙලී නොසිටියෙමු අප....
නමුදු ඒ සුහද ආදරයේ සුවඳ
අඩුවක් නොදැනුනි ම හදට
වත්මන
කාමරගත වන ආදරයට වඩා
හිරු රැසට නොහිලා ඉහලන කුඩය ද
අවැසි නොවුනි
අපට.
මා පැතූ ආදරණීය සෙනෙහස
සැබෑ ආදරය....
ඔබ තුලින් දකිමි මම
ආලයෙන් තොර ආදරය
විදින්නට අවසරද....?
පැතුමක් ලෙසින් පතමි මම ...
ඒ පැතුම මගෙම වන්නට....
ජය වේවා.. කොල්ලා සංවේදියි..
ReplyDeleteඔව් නේද :) සතුටුයි
Deleteදෙන්නම හොඳයි
ReplyDelete:) කොච්චර දෙයක්ද ඉතින්
ReplyDelete