Friday, March 7, 2014

නිදාගන්න ළමයෝ





කියාස් දැන් ඉතින් හෙනට බිසී වෙලා ලු මොනා කරන්නද ඉතින් ජීවිතේ ඔහොමයි ලු. පාඩම් කරනවා නෝට් ලියනවා ආයේ ඉතින් පොත උඩම නිදි. ටික වෙලාවකින් ආයේ ඇහැරෙනවා නින්දෙන්ම ඇදට පනිනවා. ආයෙත් ඉතින් වැඩ වැඩ වැඩ. ඉතින් නෝට් එකක් ලියනගමන් එහෙම්මම පොත උඩ හීන දකින වෙලාවක කියාස් ගේ ජන්ගමයා කෑගහන්න ගත්හ්ටා කන ලඟින්.

කන ලඟින් කිව්වේ එකෙත් මෙහෙම පොඩි සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් රෑ දෙගොඩහරි යාමෙට කියාස් ගේ ජංගමයා හැමදාම කෑගැහුවේ නැති උනාට මොකක් හරි වෙලා අවාරෙට පොල් වැටෙනවා වගේ කෝල් එකක් දෙකක් එනවා වැඩේ කියන්නේ ඉතින් දැන් ඔය වෙලාවට ගෙදරදී වගේ නෙමෙයිනේ ජන්ගමයා කෑගහනකොට කියාස් ගේ රූමා කියාස් ව එලියට ඇදලා දාන තත්වයක් උදාවෙන නිසා. ඉතින් වෙන්න කලින්ම අවදානමට පෙර සුදානම කියල කියාස් හෙඩ්සෙට් එක ගහලම තමයි තියන්නේ. ඔන්න ඒ නිසා තමයි එදා ජන්ගමයා කන ළඟම ඉදන් කෑගැහුවේ.

ඔන්න ඉතින් දනි පනි ගාලා ඔලුව උස්සලා ඇස්දෙක පිහදාලා බැලුවා කව්ද බන් මේ මහා රෑ මාව ඇහැරවලා දුක කියන්න හදන්නේ කියල. ( මොකෝ සාමාන්‍යයෙන් කියාස්ට එහෙම කෝල් තමයි එන්නේ කොල්ලා තරහ උනාම ඒ දුක කියාස් ට කියන්න යාලුවට මතක් වෙන්නේ කොල්ලත් එක්ක වෙනදට මල් කඩන වෙලාවටනේ හයියූ)

බැලින්නම් දෙයියනේ අම්මා කතා කරන්නේ.... ටික් ගාලා ආන්සර් කළා

මම - හ...ලෝ... අම්මේ.....

අම්ම- කියාස් ඔයා නිදි ද?

මම- ඔව්.... අහ්..... නෑ. අම්මේ මන් මේ නෝට් එකක් ලියනගමන් ( එතකොට තමයි දැක්කේ අතේ තිබුන පෑනත් බිම කියල)

අම්මා- මටනම් පෙන්නේ නෑ එහෙම දෙයක්. ඔයා නිදිමතේ නේ කතා කරන්නේ

මම- නෑ අම්මේ ඇහෙන හැටි වෙන්න ඇති මෙහෙට සිග්නල් නෑ නේ. අම්මා මොකෝ මේ කතා කලේ දැන් ගොඩක් රෑ වෙලානේ

අම්මා- අනේ ළමයෝ මන් කිව්වේ මන් පිරිත් ගෙදරකට යනවා කියල දැනුයි ගෙදර ආවේ. ආපු ගමන් කෝල් එකක් දෙන්න කියල ඔයාම කියපු නිසා ගත්තේ නැත්නම් ඉතින් ඕක ගත්තේ නෑ කියල නහයෙන් අඩනවානේ උදේට ( අම්මා හිනාවෙයි)

මම- ( මදැයි කොලා! කිව්වාම තමයි එහෙම කිව්වා කියල මතක් උනේ) ආ හරි හරි අම්මේ. හයියෝ මට ඇත්තටම නින්ද යනවනේ නැද්ද මොකක් හරි බෙහෙතක් එහෙම

අම්මා- ඇයි නැත්තේ තියෙනවා

මම- දෙයියනේ එහෙනම් කියන්නකෝ

අම්මා- නිදිමතනම් නිදාගන්න ළමයෝ

මම- හපෝ ඒකද බෙහෙත?

අම්මා- දන්නවද මන් කොලේජ් යනකාලේ

මම- නෑ එතකොට මන් ඉපදිලා නෑ නේ අම්මේ

අම්මා- ළමයෝ ගෙම්බෙක් වගේ මැද්දට පනින්න එපා

මම- (කට වහගෙන) හ්ම්ම්

අම්ම- කැම්පස් යන කාලේ මාත් ඔහොමයි අපේ ගෙදර ඔක්කොම නිදි. මන් විතරක් ඇහැරිලා නිදිමරාගෙන පාඩම් කරනවා. මටත් තරහයි මේ ඔක්කොම නිදි මොකද මේ මම විතරක් කියල. ටික කාලයක් යද්දී මන් පාඩම් කලේ මට ඕනේ විදිහට.

මම- ඒ කිව්වේ?

අම්මා- කොලේජ් එකේදී මන් පාඩම් කලේ නෑ ගෙදරදීත් වැඩිය නෑ. එක්සෑම් එකක් එනකොට පාඩම් කලේ එන්න පුළුවන් කියල හිතෙන ටික විතරයි. පේපර් එකේ අපිට ප්‍රශ්න 6ක් තිබ්බා 5කට ලියන්න ඕනේ. හැමදාම පේපර් එකේ ප්‍රශ්න 5 ආවේ මන් පාඩම් කරපු ටික. බැරි වෙලාවත් 6 වෙනි එකත් ලියන්න උනා නම් මන් ඒකේ මෙලෝ දෙයක් දන්නේ නෑ... 

මම- ශා.... මරුනේ අම්මේ :) 

අම්මා- දැන්වත් නිදිමතනම් නිදාගන්න දරුවෝ. තෙරුවන් සරණයි! 

14 comments:

  1. නිදිවරාගෙන පාඩම් කරල ඇති වැඩක් නැ.නිදිමත නැත්නම් විතරක් පාඩම් කරන්න..නැත්නම් කලින් පටන් අරගන්න.කොහෙවත් නිතියක් නැ පාඩම් කරන්න ඔන රැ 10න් පස්සෙ කියල

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒත් අපි ගෙවන ජීවිතෙත් එක්ක ටිකක් අමාරු වැඩක්.

      Delete
  2. බැ කියුවට ඔය යසට කියන්නේ

    ReplyDelete
    Replies
    1. නම වෙනස් කරන්න වෙනවා ඒ කියන්නේ

      Delete
  3. අන්න අම්මලා. අපේ අම්මා වගේමයි. මම නම් පාඩම් කලේම නෑ. මතකෙන් ලිවුවා මිසක්. අන්න ඒකයි උපාධියේ පළවෙනි අවුරුද්දේ එකවුන්ට්ස් පෙපර් එකට කෙළ වුණේ. දැන් හරි දැන් අපි හොද ළමයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ අක්කේ දෙන්න පහක් :)

      Delete
  4. මම ඒ කාලේ 10 වෙද්දී කාල නිදිත් එක්ක.. මතක ඇති දවසක නිදි මරාගෙන පාඩම් කලේ නෑ.. කොහොම හරි ඉතින් අපි ඒවා පැනන් ඇවිත් අද මේ ඉන්නේ.. නිදිමත වෙලාවට නිදාගන්න.. නිකන් බොරුවට පිටු ගනන් කියෙවුවට මතකයට යන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අපි උදේ 4 රේ ඉදන් වැඩනේ ඉතින් එහෙම කලොත් පාඩම් කරන්න වෙලාවක් නෑ ඒකයි වැඩේ ඉතින්. කොහොමත් මාත් එදා ඉදන් මාත් අම්මගේ තියරියම අනුගමනය කරනවා

      Delete
  5. නැන්දත් අනුගමනය කරලා තියෙන්නේ මගේ තියරිය :3 අපි A+ ගැහුවෙත් ඔහොම තමා :v

    දැන්වත් ගිහින් නිදාගන්න දරුවෝ. තෙරුවන් සරණයි ...!!!

    ReplyDelete
    Replies
    1. හැබැයි වැඩේ කියන්නේ ඒ ලෙවල් කරන කාලේදී නම් පාඩම් කරන්නේ නෑ කියල බැනුම් අහන එකමයි මගේ වැඩේ :)

      Delete
  6. අනී මන්දා.. අපේ මෑණියි මායි අතරෙත් පැහැදිලි වෙනසක් තියෙනවානේ.. මං මැරීගෙන පාඩම් කරලත් පාඩම් හිටින්නෙ නෑ.අපේ මෑණියෝ ඒලෙවල්වලට පාඩම් කරලා තියෙන්නෙ මාස තුනයි..!! ඒකට මොකෝ එක පාරම කැම්පස්... අනේ මන්දා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත අමෙ අම්මගේ මොලෙන් කාලක් වත් මට ඇවිත් නෑ .... :/

      Delete
    2. ^ ^ ^ ^ //අපේ අම්මගේ මොලෙන් කාලක් වත් මට ඇවිත් නෑ//

      අක්කල නංගිලා දෙගොල්ලන්ටම ගැලපෙනවා :v

      Delete
    3. ඕක මල්ලිටත් ගැලපෙනවා :P

      Delete