Tuesday, March 11, 2014

මං කියනදේත් ටිකක් අහන්න..................

මට කියාගන්න කොච්චර දේවල් තියෙනවද කියල ඔයා නෙමෙයි මන් වත් දන්නේ නෑ. ඇත්තම කියනවනම් ඔයා මාව තේරුම් ගන්න කලින් ඔයා කව්ද කියල තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මාත් එහෙම වෙන්න ඕනේ කියන එක තමයි. මට තාම මාව තේරුම් ගන්න බැරි උනා. ඉතින් කොහොමද මන් ඔයාව තේරුම් ගන්නේ. අපි අපිව තේරුම් ගන්න ගොඩක් කල් යාවි. මට තව දෙයක් මෙන්න මෙහෙම හිතෙනවා. අපි දෙන්නට දෙන්නා ගැලපෙන්න ඕනේ. නැත්නම් ගොඩක් ප්‍රශ්න එයි. වෙන වෙනම ඒවට මුණ දෙන්න බැරි වේවි අපිට. ඒ ඇයි දන්නවද? කවදාවත් අපි දෙන්නට වෙන වෙනම කිසිම දෙකට වෙන වෙනම මුණ දෙන්න බෑ. ඒ ඇයි කියල අහන්න එපා. එහෙම තමයි වෙන්නේ හැමදාම. එකට කියන්නේ ස්වභාවධර්මය කියල දැන්වත් තේරුම්ගන්න. මාව දාලා යන්න හිතන්න එපා. ආදරෙන් ඉල්ලන්නේ මට විරුද්ධ වෙන්න එපා කවදාවත්. ඔයාට දුක් වෙන්න වෙයි. මමත් කැමති නෑ ඔයා දුකෙන් ඉන්නවා බලන්න. මන් දන්නවා ඔයා මේ ටික අහගෙන හිටියෙත් වෙනදට වැඩිය ඉවසීමෙන් කියල. මොකද ඔයාට තාම හිතාගන්න බෑ මේ කව්ද කියල. ඔයාට තාම මන් කව්ද කියල හිතාගන්න බැරි උනේ ඔයා මාව තේරුම් අරගෙන නෑ මෙච්චර කාලෙකට ඒකයි හිතාගන්න බැරි උනේ. දැන් වත් අදුනගන්න මන් ඔයාගෙම හෘද සාක්ෂිය.......


8 comments:

  1. හුටා! මේ අතිශය පෞද්ගලික ලියවිල්ලක්නේ. හෘද ශාක්ෂිය කිව්වාම ආයේ ඉතින් ගැලවිල්ලක් නෑ.

    ReplyDelete
  2. හපො ඔකට ඇහුන්කන් දිලත් බැ නොදිත් බැ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කල්පනා කලේ

      Delete
  3. මං හිතන්නෙ අපි කාටවක් කවදාවත් බැරිවෙයි අපි කවුද කියල අදුන ගන්න.අහන්නකො පොඩ්ඩක් ලංවෙලා හදවතට මේ කියන්නෙ ඇත්තද කියල

    ReplyDelete
    Replies
    1. ඔව් හිත කොච්චරවත් කිව්වට අපිට අපි අදුරගන්න බැරි වෙනවා

      Delete
  4. හෘද සාක්ෂිය අපි එක්ක කතා කරන්නේ හුඟාක්ම වැදගත්ම වෙලාවල් වල විතරනේ..

    ReplyDelete