Friday, July 5, 2013

ඵලදායී සන්නිවේදනය වනාහී .... අපේ ලෙක්චර්

 කාලෙකට පස්සේ ඉතින් මන් ආවා බ්ලොග් එක පැත්තේ.... කට්ටියට මාව අමතක වෙලත් ඇති ඉතින් මොනවා කරන්නද මතක් කරලා දෙන්න වෙයිද දන්නෙත් නෑ ඉතින්..... ලියන්න දේවල් නම් ඕනේ තරම් තියෙනවා ඒ උනාට වෙලාවක් නෑ... ( එහෙම කිව්වට හිතට නිදහසක් නෑ ඒක තමයි ඇත්තම ඇත්ත... ) මට හිතුනා මාත් ඉතින් ඉගෙන ගන්න පැත්තේ එකක් කියන්න ඕනේ කියල.... ඔන්න ඉතින් මේ ලියන්න යන්නේ ඒක තමයි..... 

අද ලෙක්චර් එක අපිට තිබ්බේ ඵලදායී සන්නිවේදනය ගැන. ඇත්තටම කොච්චර දුරට ලෙක්චර් එක හොඳයි ද කියනවනම් පට්ටම ලෙක්චර් එක. මොකද වෙනදා දවල්ට කෑමෙන් පස්සේ තියෙන ලෙක්චර් එකට වාඩි උන ගමන්ම වගේ අපේ කට්ටිය හීන ලෝකේ පා වෙනවා. කිව්වට මොකද ඉතින් මමත් එහෙම තමයි.


 
වැඩි කතාවක් බහක් නැතුව අපි බලමු මොකක්ද මේ ඵලදායී සන්නිවේදනය කියන්නේ කියල. මොකක්ද මේ ඵලදායී සන්නිවේදනය?
සන්නිවේදනය කියන වචනේ අපි දෙකට කැඩුවොත් එහෙම

සන් + නිවේදනය 

මෙන්න මේ විදිහට වෙන් වෙනවා නේද? “සන්”  කියන දේ අපි සිංහල වලදී හදුන්වන්නේ උපසර්ගයක් හැටියට . මේ උපසර්ගය යෙදෙන තව වචන තියෙනවද? ඔව් මොකද නැත්තේ තව තියෙනවා ඕනේ තරම්.

සංවර්ධනය , සන්වාක්‍ය , සංශිප්ත , සංකල්ප , සන්තුෂ්ටිය 

මේවගේ ඕනෙතරම් වචන අපේ භාෂාවෙන් හොයාගන්න පුළුවන්.  ඉතින් මොකක්ද මේ උපසර්ගයක් කියන්නේ ?

පදයක මුලට  තමයි උපසර්ගයක් ඕනෙම වෙලාවක යෙදෙන්නේ. මේ උපසර්ග මගින් පදයක තියෙන අර්ථය වෙනස් කරනවා නැත්නම් ප්‍රබල කරනවා.

එතකොට සන්නිවේදනය කියන වචනෙට වෙලා තියෙන්නේ මේ “ සන් “ කියන උපසර්ගය එකතු වෙලා වචනයේ තියෙන තේරුම ප්‍රබල කරලා.

එතකොට නිවේදනයයි සන්නිවේදනයයි කියන්නේ මොකක්ද? 

සරල විදිහටම කිව්වොත් නිවේදනය කියන්නේ  පුද්ගලයෙක් විසින් කිසියම් දෙයක් පිලිබඳ තොරතුරු වාර්තා කිරීමක් කියන්නත් පුළුවන්

එතකොට අර මහ ලොකුවට උපසර්ගයක් කියල එකකුත් එකතු කරලා හදාගත්ත සන්නිවේදනය කියන්නේ මොකක්ද?

සන්නිවේදනය කියන්නේ සියලුම අංශයන්ගෙන්ම තොරතුරු ලබාදීම. 

කලින්ම පටන් ගත්තේ ඵලදායී සන්නිවේදනයක් ගැන දැන් බලද්දී කෝ මේකේ ඵලදායී කෑල්ල නෑ නේද බලයි. අර රාජ්‍ය ආයතන සමහරක වෙනවා වගේ නේද?

 නෑ..... අන්තිමට කියන්න තියාගත්තේ ඵලදායී සන්නිවේදනය කියන්නේ මොකක්ද එතකොට?

දැන් වර්තමානය වෙනකොට අපි ජීවත් වෙන්නේ විවිධාකාර සිතුම් පැතුම් , චර්යා ධර්ම සහ විවිධ හැසිරීම රටා තියෙන මිනිස්සුත් එක්කනේ. මම හිතන දේ නෙමෙයි ඔයා හිතන්නේ. ඔයා හිතන දේ ගැන මන් දකින්නේ වෙනස් විදිහකට. ඒත් අපි මේ සමාජෙත් එක්ක ඉස්සරහට යන්නේ  අපි එකිනෙකා ගැන තියෙන අන්‍යනෝන්‍ය බැදීම් එක්ක. මෙන්න මේ හේතුව නිසා අපි අපේ හිතේ ඇතිවෙන සිතුම් පැතුම් , දුක් කම්කටොලු , අදහස් උදහස් , ඕනෑ එපාකම් ගැන නිරතුරුවම අනෙක් අයට හෙළිකරනවා. ඒ නිසා පුද්ගලයෙකුගේ හිතේ ඇතිවෙන අදහස් තවත් පුද්ගලයෙක්ට දැනෙන පරිදි ලබාදීම ඵලදායී සන්නිවේදනය කියල හදුන්වන්න පුළුවන්. 

ඉතින් දැන් අපි සන්නිවේදනය කරන්නේ කොහොමද? දැන් කාලේ හැටියට නම් ඉතින් ප්‍රධාන වෙලා තියෙන්නේ වචනකියල තමයි අපේ ඔලුවට මුලින්ම එන්නේ . ඒ උනාට ඒ හැරෙන්න මොනවද තියෙන්නේ?

  • වචන      
  •  රූප
 පොදුවේ ගත්තාම මේ දෙකම අයිති වෙන්නේ සංකේත කියන ඝනයට 



දැන් ඉතින් එන පලවෙනි ප්‍රශ්නේ තමයි වචනත් මොකද මේ සංකේත පැත්තට දැම්මේ කියල. මේකනේ අපි දැන් පාවිච්චි කරන්නේ සිංහල. මම දැන් මේක ලියන්නෙත් සිංහලෙන්. මේක කව්රු හරි කියවනවානම් එයත් සිංහල දන්න කෙනෙක් වෙන්න ඕනේ. හොඳයි මෙහෙම හිතන්නකෝ දැන් මේ සටහන දෙනවා සිංහල අකුරක් වත් උපන්තේකට දැකලා නැති කෙනෙක්ට. දැන් මොකද වෙන්නේ? ඒ පුද්ගලයට මේවා නිකම් සංකේත ටිකක් විතරයි මේවයින් කියවෙන දේ තේරුම් ගන්න බෑ. අන්න ඒ නිසා තමයි වචනත් සංකේත ගොඩටම වැටෙන්නේ. 

දැන් බලමු රූප ගැන



රූප කියන දේත් එහෙම තමයි. උදාහරණයක් ගත්තොත් අපි මාර්ග සංඥා ගමු. දැන් හිතන්න ගවයින් ගැවසෙන හරියක හරකෙක් ගේ රූපයක් තියෙන මාර්ග සංඥාවක් තියෙනවා. ඒ සංඥාව මොකක්ද කියල රියදුරන්ට තේරෙනවා මොකක්ද මේකෙන් කියවෙන්නේ කියල. ඒ උනාට පොඩි ළමයෙක්ට පෙන්නුවොත් එහෙම වෙන අදහසක් කියන්න බැරි කමක් නෑ. ඉතින් මොකක්ද රූපයක් ගැන අදහස් දෙකක් මතු වෙන්නේ? 

.................. මතු සම්බන්ධයි කියමු කියල හිතුනා ......................

ගොහින් එන්නම් එහෙනම් ඈ..... :)
ආයෙත් ඉතින් ටික කාලයක් යයි මේ පැත්තේ එන්න. 

23 comments:

  1. හොඳ ලිපියක් .

    ReplyDelete
  2. ඇත්තටම හසන්ත.....වැරදුනා කියාගන්න බෑ..... නියම ලිපිය.... වැදගත්....

    ReplyDelete
    Replies
    1. කව්ද බොලේ හසන්ත??????

      මෙහෙම දෙයක් ලියපු පලවෙනි වතාව ^_^

      Delete
  3. කියාගන්න බෑ කීවට ඔය අපුරුවට කියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් මගේ නම වෙනස් කරන්ටෝන :)

      Delete
  4. කොමෙන්ටුවක් පස්සේ මාත් ආවලු මේ පැත්තට ඈ...

    ReplyDelete
    Replies
    1. ආ එන්න එන්න සාරදරෙන් පිලිගත්තලු ඈ .....

      Delete
  5. මරු බොලව්, වටිනවා..

    ReplyDelete
  6. මට නම් නට් ලූස් වී සඳ මෝල් උනා.. මං නම් දන්නෙ "සන්" කියන්නෙ ඉංග්‍රීසියෙන් ඉරටයි, පුතාටයි කියල විතරයි..
    තව දන්නව "සන්-මයික්‍රොසිස්ටම්ස්"ල ජාව හොයා ගත්ත කියලත්

    අර හීන ලෝක වල පා වෙද්දි හීනෙන්වත් අර කොන්දොස්තර කොළුව පේන්නෙ නැද්ද? ... හික්ස්

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වොත් නම් ජපන් වලින්ම තේරුම් දෙකක් එනවා වගේ මතකයි "සන්" වලට ^_^

      අපෝ නෑ හීන ලෝකේ පා වෙද්දී මට පේන්නේ කාටුන් :D

      Delete
  7. උදෙන්ම ලොකු පාඩමක් ඉතාම සරලව ඉගෙන ගත්තා.ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි මන් කියපු දෙකින් මොකක් හරි අලුත් දෙයක් දැනගන්න ලැබුනා නම් :)

      Delete
  8. ඉතින් ආයේ කාලෙකින් ඇවිත් මේකෙ ඉතුරු ටික කියන කොට මේ පාඩම මතකත් නෑ අපිට.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි පොඩිම පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මට නිවාඩු නෑ නේ

      Delete
  9. සාපෙ සිංහල පාඩම මතක් උනො :D

    ReplyDelete
    Replies
    1. නොකියම බුකියෙන් සමු අරං :(

      Delete
    2. එකෙත් මෙහෙම තිබුනයි ?

      Delete
    3. ගණන් ගන්න එපා මන් තාම මැරුණේ නෑ හිකිස්

      Delete