Wednesday, March 6, 2013

තනි හිත ...04





අම්මේ මොනවද උයන්නේ මටත් දෙන්න මොනවා හරි කරන්න...”

“ මන් මේ කල්පනා කලේ දවල්ට උයපුවත් තියෙන එකේ පොල් සම්බෝලයක් හදල ගන්න. එහෙනම් පුතේ සම්බෝලේ අඹරලා ගන්නවද මම ගිහින් ඇඳුම් ටික හෝදලා ටිකක් නා ගන්න...”

“ හා අම්මේ.. අම්මා යන්න මන් වැඩ ටික කරන්නම්...”

හ්ම්ම්….. පොල් සම්බෝල ….” ඒත් මට මතක් උනේ නිසල ව. දවසක් මගේ අතින් උයපු බත් එකක් කන්න ඕනේ කියල මන් පන්ති තියෙන දවසක එයාටත් එක්ක බත් එකක් අරන් ගියා.. නිසල ටත් එදාම කෙමෙස්ට්‍රි ක්ලාස්. ඉතින් මගදී මාව හම්බවෙලා යනකොට මන් නිසලගේ අතින් බත් එක තිබ්බා. ආදරේ හිතෙන හිනාවක් එක්කම බත් එකත් අරගෙන එයා ක්ලාස් එක දිහාට හැරිලා ගිය හැටි මට තාමත් මතකයි..  

අපේ පන්තියට ඉන්ටර්වල් දුන්න වෙලාවේ මගේ ෆෝන් එක රින්ග් උනා.. බලනකොට නිසල...

“ මගේ චුටි ... දැන් ඉන්ටර්වල් නේද...?”

“ඔව් අනේ මේ දැන් තමයි පල්ලෙහට ආවේ කන්න... ඔයා කෑවද..?”

“ දැන් අපේ ඉන්ටර්වල් ඉවර වෙන්නත් ලඟයි හසී ... අපි නම් කෑවා... මේ මීට පස්සේ නම් ඔයා ගෙදර උයන්න එපා...”

අනේ දෙයියනේ ඒ කියන්නේ මන් උයපුවා රස නැතුව ඇති.. ඒක තමයි නිසල මට එහෙම කියන්න ඇත්තේ . එහෙම කිව්වාම ඒ වෙලාවේ මගේ මූනත් ඇද වෙන්න ඇති.  මගේ ළඟ හිටපු සිතුමි මන් දිහා බලලා ඇයි කියල ඇහුවේ ඒ නිසා වෙන්න ඇති. 



“ඇයි චූටි  කතා නැත්තේ...?”

“ නෑ ... ම.. මම ..”

“ අනේ මගේ හසියෝ .... මන් විහිළුවක්නේ පැටියෝ කලේ... ඇත්තමයි මාර රහයි චූටි බත් එක.. අපේ එවුන් ටික අහනවා අද අම්මා නෙමෙයිද ඉව්වේ කියල... අපේ අම්මා උයනවට වැඩිය රහයි..”

“ හ්ම්ම්..”

“අයියෝ .. ඕකනේ ඉතින් විහිළුවක් කරන්න බෑ බුම්ම ගන්නවා... කෝ බලන්න ඔය මූන..”

එහෙම කියනකොට මට තව හිනාවෙන්නේ නැතුව ඉන්න බැරි උනා...ඒ කටහඬ මගේ හිතටමයි කතා කලේ..

“ ඔන්න ඔහොම ඉන්න ඕනේ මගේ චූටි .. මේ... මට විතරයි උයල දෙන්න ඕනේ හරිද....? ඒකයි උයන්න එපා කිව්වේ. හදිස්සියේ වෙන කව්රුහරි  ඔයාගේ කෑම කාලා ඔයාව අයිතිකරගන්න ඇහුවොත් එහෙම.. අම්මෝ .. මේ මන් තියනවා හසී අපේ සර් පන්තිය පැත්තට යනවා ...”

අනේ මන්දා මේ කොල්ලා නම් මාව පිස්සු වැට්ටුවා... ඒ හැම වචනයක්ම තාමත් මට මතකයි ... මොනවා කරන්න ගියත් මට එයාවම මතක් වෙන තරමටම මේ අහිංසක හිතෙන් ආදරේ කළා... ජීවිතේ හැම සිදුවීමක් එක්කම අපේ හිත් බැඳිලා තිබුනා..

ආදරේ කියන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව හිටපු මේ කෙල්ලගේ හිතට ආදරේ පුරවලා.. තනිවෙලා තිබුන මගේ මුළු ජීවිතේම පාළුව නැති කරපු ... ඒ පුදුමාකාර හිත ... ඒ වචන....

මට කොහොමද ඒ හිත හම්බවුනේ......?

22 comments:

  1. ඔය කෙල්ල ලංකාවේ වෙන්න බෑ..
    ලංකාවේ කෙල්ලෝ කොයිද අම්මලට උදව් කරන්නේ....
    අම්මලට උදව් කරන්න ඉන්නේ අහිංසක කොල්ලො විතරයි බැරි බැරිගාතේ හරි...
    කෙල්ලෝ කරන්නේ තාත්තලා ගාව හුරතල් වෙන එකනේ...

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඒක ඇත්ත තමයි...
      හසී අම්මට උදවු කරන්නේ ඇයි කියල ඉස්සරට කියයි එයා :)

      Delete
  2. දැන් දැන් හසී අමතක වන බව පෙනේ... හොදා බලමු කොහෙන්ද හම්බ උනේ කියලා

    ReplyDelete
    Replies
    1. ඒක මටත් හිතුනා ඒක තමයි අදවත් ලියන්න හිතුනේ... අද කතාව දික් උන නිසා ටිකයි දැම්මේ ...

      Delete
  3. හම්බෝ පොල් සම්බෝල.... යමී... මං මේ ලෝකෙ ආසම කෑම තමයි කට දන පොල් සම්බෝලෙකුයි උණු උණු සම්බා බතුයි....
    මට නම් තාම හනී බනී උයපුවා කන්න බැරි උනා.. (ඒක තමයි මං තාමත් යහතින් ඉන්නෙ :P)

    මම දවසකට වැඩිම පාරක් එයාගෙන් අහන වචන ටික තමයි "ඔයා කෑවද ? " මොකද එයාගෙ වැඩේ හැමතිස්සෙම කන එකමයි.. කන්නම දෙයක් නැති උනොත් මාව හරි කනවා...

    මේ හසියෝ.... ඕන ඔට්ටුවක් අල්ලනවා.. ඔයා මේ ලියන්නෙ ඇත්ත කතාවක්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අනිවා ඉක්මනට හනී බනී ට කියන්න එයා උයලා දෙයි ;)
      පව් අෆ්ෆා ඔයාගේ හනී බනී එයා කෑවත් වැරදියි නොකෑවත් වැරදියි වගේනේ :P

      ආ එහෙනම් ඔට්ටුවක් අල්ලමුද?

      Delete
    2. ඔට්ටුයි... ඔයා දිනුව්වොත් නිල්වලා ගඟෙන් කිඹුලෙක් සෙට් කරල දෙනවා :)

      Delete
    3. හපොයි මන් නිල්වලා එන්න හැදුවේ ... එහෙනම් එන්නේ නෑ

      Delete
  4. කාලෙකින් ගලේ අඹරපු සම්බෝලයක් කන්න බැරි වුණා..කටට කෙළත් ඉනුවා

    ReplyDelete
    Replies
    1. හිකිස්... එහෙනම් ඉතින් ගෙදර කස්ටියට සම්බෝල යෝජනාව ඉදිරිපත් කොරන්න :P

      Delete
  5. යකෝ මුන් ඔක්කොටම පේන්නෙ පොල් සම්බෝලෙද? මේ කියාගන්න බැරුව ඉඳගෙනත් අමාරුවෙන් කියන ප්‍රේම පුරාණය නෙවෙයිද?

    මට නම් පොල් සම්බෝල පේන්න බෑ මේ වේලිච්ච පොල් වලින් හදන ඒවා කාලම.

    ReplyDelete
    Replies
    1. අන්න හරි මොනවා උනත් ඇත්ත කතාව හිකිස් ... :P
      අනේ මන්දා කියාගන්න බැරුව ඉදගෙනත් මන් මේ දොඩවන්නේ මොනවද කියල ... :)

      හපොයි වේලිච්ච පොල් වලින් හදපුව නම් කිසි ගතියක් නෑ තමයි :(

      Delete
  6. කියන්න බැහැ කිය කිය යසට ලියන්නේ..

    ජය වේවා නංගි !

    ReplyDelete
  7. හසීට උයන්නත් පුළුවන් නේ. පොල් සම්බෝලයි උණු බතුයි තියනවා නම්.. ෂඃ මරු. එක නෙවෙයි ඔයාගේ නම කෙටි කරනවා මං. කියාගන්න බෑ, මේ නම දිග වැඩියි. kiya ganna baa. kgb මොකද කියන්නේ.. ?
    ආ ඔන්න සයිඩ් බාර් එකේ පළල මදි වෙලා එක ඉලක්කමක් ෆුට් බෝඩ් එකට ඇවිල්ලා එල්ලෙනවා. right side bar width පොඩ්ඩක් වැඩි කරන්න. නැත්තන් දඩ ගහයි. :)

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් උනාම සම්බෝලයක් හරි හදන්න දැනගන්න එපැයි :)
      එහ්හ්..........! අනේ kgb කිව්වම නිකම් අනේමන්දා වගේනේ
      කෝ මට එහෙම අවුලක් පෙන්නේ නෑ නොවැ.?!

      Delete
    2. අවුලක් නෑ. විහිළුවක් කලේ. මට එතනින් :) ඔන්න ඔහොම එකක් දාන්න බැරි වුනා නේ.

      සයිඩ් බාර් කතාව කිව්වේ මෙන්න මේකට. //මෙච්චර කස්ටියක් හොට දාලා බලලා...// කියන එකේ අන්තිම ඉලක්කම පහලින් නෙවෙයිද තියන්නේ.

      Delete
    3. හි හි එහෙමද?

      එහ්හ් මට එහෙම ෆුට් බෝර්ඩ් යන කව්රුවත් පෙන්න නෑ නේ !

      Delete
  8. හ්ම්ම් ඔහොම යන්

    ReplyDelete
  9. ලස්සනට ඔය ලියන්නෙ... බලමුකෝ ඉතුරැ ටිකත් :)

    ReplyDelete
    Replies
    1. :) ඉතුරු ටික ...... කමින්ග් සූන්... කිව්වා කියන්න කිව්වා

      Delete