Monday, December 31, 2012

ජිවිතේ විඳින්න


නිවසේ රේඩියෝව දමා ඇත. වර්තමාන තනි අකුරේ රේඩියෝ චැනලය විසින් විකාශය කරනුයේ ටකරමකට තඩිබාන්නාක් වැනි සංගීතයකි. තරුණ වියෙහි වූ දියණිය ඒ සංගීතයට අනුව ගෙය අතුගායි.



මේ අතර මඳ පමණකට සප්පායම් වූ පියා ගෙදර පැමිණෙයි. තනි අකුර චැනල නිවේදකයා ගීතයක් සඳහා එකතු වන පරම්පරා දෙක තුනක නම් රැප් කර නැවතත් ගල් බොරළු ගීතයක් විකාශය කරයි. සුළු වෙලාවක් මෙය අසා සිටි පියා හට යක් දෙවිදුන් හිස මුදුනටම නංවා ගැනීමට දෙයියනේ කියා හැකි විය.

“ ඈ යකෝ තොපි මේ මගුල් අහන්නේ මේ සින්දු ද? තොපි මේ කියන කුණුහරුප වල තේරුම දන්නවද?”

පියා කෑ මොර දෙන්නට විය, ගෙය අතුගාමින් සිටි දියණිය කොස්සත් සමඟ කාමරයටම ලිස්සා ගොස් දොර වසා ගන්නා හඬ ඇසින.

ටික වෙලාවකින් පැරණි සිංහල ගීයක් ඇසේ , තනි අකුරේ චැනලය ද කියවයි.... මේ අතර පියා උපදෙස් දෙනු ඇසෙයි.

“ඇහෙනවද මෙන්න සින්දු... අහපල්ලා මේවා... මේවා අහල හැදීයන්....”

කාටද මේ කියන්නේ දුවටද? නෑ දුවගේ හෙවනැල්ල වත් පෙන්න නෑ

කාටද කාටද ? ඇයි යකෝ මේ කියන්නේ අර නිවේදකයා  ට.

මේකයි මට කියන්න ඕනේ හොඳ රසවින්දනයක් එක්ක ජිවත් වෙනවනම් තමයි ජිවිතේ එක්තරා විදිහකට විඳින්න පුළුවන්.

ඒ එක්කම මේ ලැබුවා වූ නව වසර හිත සතුටෙන් පිරි සුභම සුභ නව වසරක් වේවා.............! 


12 comments:

  1. ඔන්න අලුත් අවුරුද්දේ මම ඉස්සෙල්ලම ගොඩ උනා. අපහු එන්නම්කෝ.
    ඔබට සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තුතියි මේ පැත්තේ ආවාට.අනිවා ආයෙත් එන්න මේ පැත්තේ.
      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා! :)

      Delete
  2. වින්දනයෙන් සපිරි සුබ 2013ක් වේවා..!!!

    ReplyDelete
  3. ලස්සනයී.......සුන්දර දින 365ක්ම වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි :)

      ඔබටත් සුන්දර දින 365ක් වේවා සුරංගනාවීයේ

      Delete
  4. ෂා Fm එකද මේ... ?

    ඔයාට ගෙවල් අතුගාන්නත් පුළුවන්ද ?? හි හී

    අද කාලෙ ගෑල්ලමයි කොස්ස අල්ලනවත් දන්නේ නෑ කියල මං හිතුවෙ.. :P

    ඔයාටත් සුභම සුභ... කියා ගන්න බැරි හැමදේම කියා ගන්න හැකි වෙන සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. හි හි අකුර ගැන කිව්වට කමක් නැද්ද මන්දා? ඉංගිරිසි හෝඩියේ අගට වෙන්නද කොහෙද තියෙන්නේ ;)

      ආ මේක මට උන දෙයක් නෙමෙයි මගේ තාත්තා එහෙම නෑ :(

      ඔයා ඉතින් ඒ හිතාගෙන ඉන්න විදිහනේ කොස්ස කවුරුත් අල්ලන්න දන්නවා :P

      මන් කියන දේවල් අහගෙන ඉන්න එක අවුලක් නැත්නම් ඉතින් අනිවා කියනවා :D

      එසේම වේවා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවේ

      Delete
    2. ‍Y fm නේ...

      // මගේ තාත්තා එහෙම නෑ //

      ආඩම්බරයි..

      Delete
    3. ඔව් ඔබ නිවැරදි පිළිතුර ලබා දුන්නා ඔබට ලකුණු 10ක් හිමි වෙනවා :P

      ඇත්තටම මන් මගේ තාත්තා ගැන ආඩම්බර වෙනවා :)

      Delete
  5. පරක්කු වෙලා නේ. සුබ නව වසරක් වේවා..!! :)

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි මතක් උනානේ. සුබ නව වසරකම වේවා!

      Delete