Sunday, December 16, 2012

මුන් ලොකු වෙනකොට කොහොම වෙයි ද?


මේ කතාවත් පොඩි එවුන් ගැනම තමයි. මගේ මාමට ඉන්නවා පොඩි කොල්ලෝ දෙන්නෙක්. මේ සිද්දිය වෙන කාලේ ලොක්කා මොන්ටිසෝරි යනවා.පොඩි එකා තාම ගෙදර. 



ඔහොම ඉතින් කාලේ ගෙවිලා ගියා ලොකු කොල්ලගේ මොන්ටිසෝරියේ කොන්සට් එකත් ළඟ ළඟම එනවා මේකා වැදි නැටුමකටයි තව මොකක්ද සින්දුවකටයි ඉන්නවලු තව ඉතින් අන්තිමට ජාතික ගීය හැම ළමයාම කියන්න ඕනේ  ඒකට ඉතින් ජාතික ගීය පුරුදු වෙනවා “ශ්‍රී ලංකා මහතා....” කොච්චර කිව්වත් අහන්නේ නෑ මහතා කියලමයි කියන්නේ මාත් ඉතින් කට වහගත්තා .අනික තමයි  මූ ගෙදරදීත් වැද්දෙක් වගේ නටන එක. හූ කියනවා එකම විකාරයි.අපි ඔක්කොම වගේ ඇඟිලි ගැන ගැන හිටියේ මේක කවදා ඉවර වෙයි ද  කියලා.ඔන්න දවසක් අක්කයි ( ලොකු අම්මගේ දූ පොඩ්ඩ) මමයි පොඩි කයියක් දාගෙන ඉන්නකොට මාමා එතනට ආවා.

“ ආ ළමයි දෙන්නා....”

“කොහොමද මාමේ...”

“ මට දෙන්නගෙන්ම පොඩි උදව්වක් ඕනේ....”

“මොකක්ද මාමේ අපි කරලා දෙන්නම්...” ඔන්න අක්කා මැදට පැන්නා. ඕකනේ ඉතින් මගේ ප්ලෑන අක්කා කයි වගේ.. ( මන් හිතුවේ ඉතින් අද කාලේ කව්ද උදව්වක් උනත් නොමිලේම කලේ නේද?) වැඩේ තව කන්න කලින් මන් කතාවට අවතීර්ණ උනා.

“ හරි මාමේ දැන් ඕක කලාම අපිට මොනවද දෙන්නේ...? ඔන්න අඩුම තරමේ චොක්ලට් එකක් වත් ඕනේ....”

“ මොකටද චොක්ලට් ? මන් ගානේ දෙන්නටම එදාට ලන්ච් එක...”

හප්පේ කව්ද එහෙම එකක් හිතුවේ මරු  මරු ඔන්න අක්කයි මම යි දෙන්නම වැඩේ මොකක්ද කියලවත් අහන්නේ නැතුව කොන්ත්‍රාත්තුවට සයින් කොලා. ඔන්න ඊට පස්සේ තමයි අපි ඇහුවේ මොකක්ද දැන් කොරන්න තියෙන්නේ කියලා.

“ ආ... වැඩි දෙයක් කරන්න නෑ.... අනිද්දා ලොකු  මල්ලිගේ  කොන්සට් එක ඉතින් ඔයාල දෙන්නට තියෙන්නේ එයාගේ අයිටම් එකට කලින් එයාට ඇදුම් ටික අන්දන්න විතරයි..”

අපොයි කාලා හමාරයි !

ඔන්න ඉතින් ඔය කියන කොන්සට් එක දවසත් උදා උනා.....

ඔන්න දැන් වැදි  නැටුමට ඉන්න ළමයි ලෑස්ති කරන්න කියලා මොන්ටිසෝරියේ චුටි ටීචර් කෙනෙක් දුවගෙන ඇවිත් කිව්වා දැන් ඉතින් අක්කයි මායි වැඩේ පටන් ගත්තා ඔන්න අනිත් ළමයින්ටත් එයාලගේ කස්ටිය අන්දනවා කොළ අතු ඉන වටේ ගැටගහනවා එකම විකාරයි. ඔන්න එතකොට තමයි ඉතින් තරු පේන වැඩක් උනේ.

කෝ මේකා ට අන්දන්න කොළ අතු?!

“එයි කෝ ඔයාට අන්දන්න කොළ දෙනාවේ නැද්ද තාත්තා....?” මන් ඇහුවා

“මන් දන්නේ නෑ....”  මල්ලි කියපි

ඔන්න ඒ වෙලාවේම මාමා ත් එතනට ආවා වැඩේ හරිද බලන්න

“ මාමේ කෝ මෙයාට කොළ...?”

“ හුටා! මට අමතක උනානේ! ඔහොම ඉන්නකෝ මන් පටාස් ගාලා එනවා ....”

එහෙම කියලා මාමා එලියට ගියා එත් ඇතුලට ආපු දොරෙන් නම් නෙමෙයි එලියට ගියේ ජනේලෙන්! හපොයි මාමට මොකද මේ උනේ කලබලේට සිහිය වත් විකල් උනාද දන්නෙත් නෑ! අනික අපි හිටියේ දෙවෙනි තට්ටුවෙනේ! අක්කයි මමයි ජනේලේ ළඟ ට දුවගෙන ගියා.

ජනේලේ ළඟ තිබුනේ රඹුටන් ගහක්. මෙන්න මාමා රඹුටන් ගහ දිගේ බඩගානවා. ඔන්න ටික වෙලාවකින් රඹුටන් අතු ටිකක් කඩාගෙන ශේප් එකේ ජනේලෙන්ම  ඇතුලට ආවා. කොහෙන්ද මන්දා හොයාගත්ත ලණුවකින් අර රඹුටන් අතු ටික කොල්ලගේ ඉන වටේ ගැටගැහුවා. 


මේ වගේ නම් නෙමෙයි ඒකා හිටියේ මොකද පින්තුරේ ඉන්න එකා කලුයිනේ අපේ කොල්ලා සුදු වැද්දෙක්
ඔන්න ඉතින් සිරාවට වැඩේ යනවා ඒ කියන්නේ මුන් ටික වැද්දෝ වගේ නටනවා අපිත් උඩ  තට්ටුවේ ඉදන් බලාගෙන ඉන්නවා.  ඔය අතරේ ඉතින් අර ස්ටේජ් එකේ නටන සුදු කැකුලා ගේ පොඩි කැකුලා හිටියේ අපිත් එක්ක ඒ කියන්නේ අක්කයි මායි එක්ක. පොඩ්ඩාගේ එහා පැත්තෙන් හිටිය පොඩි කෙලි පොඩ්ඩක්. ඔන්න එක පාරටම අපේ එකා අර කෙලි පොඩ්ඩ ව ලඟට ඇදලා අරගෙන කිස් කොලා !


හුටා! මොකක්ද ඒ උනේ! අක්කටයි මටයි එලොව මෙලොව නෑ.... ඔන්න ඒ එක්කම අර කෙලි පොඩ්ඩ හූ තියල අඩන්න පටන් ගත්තේ නැතෑ 


හපෝ තව ටිකක් මෙතන හිටියොත් කන්න වෙනවා ආයේ ඇඩ්රස් නැති වෙන්නම ඔන්න ඒ අස්සේ අර කෙලි පොඩ්ඩ ගේ තාත්තා වගේ කෙනෙක් මේ පත්ත්තට එනවා.  ආයේ හිතන්න දෙයක් නෑ අර අපේ බිං ඌරාවත් ඇදගෙන අක්කයි මායි එතනින් මාරු...





8 comments:

  1. හෑ ........ හැබෑටම මුන් ලොකු උනහම මොනවා කරයිද ඇ ...හි හි

    ReplyDelete
    Replies
    1. හි හි ඒක තමයි එත් දැන් නම් කෙල්ලෝ පෙන්නන්න බෑ

      Delete
    2. අපිට ඒකෙ අනිත් පැත්ත.. පොඩි කාලෙ කෙල්ලො පේන්න බෑ
      දැන්................................................................................... තාමත් එහෙම තමයි :P

      Delete
    3. අහා හි හි ඔය කියන්නේ ඉතින්

      Delete
  2. මගෙ අම්මියෝ... අවුරුදු 21ක් වෙලත් අපි නොකරපු දේවල් මුං දැම්මම කරනවද ?(දිව දොට්ට)

    පොඩි කෙල්ල ඇඩුවෙ කිස් එකක් මදි ගොඩක් ඕන කියලද දන්නෙ නෑ :D

    ReplyDelete
    Replies
    1. අහ්හ් එක නම් කියන්න බෑ අබුද්දස්ස කාලෙනේ

      Delete
  3. ඔය අක්කත් ඒ කාලෙ ඔහොම්ම ම වෙන්ටැහ්?

    ReplyDelete
    Replies
    1. මල්ලිලා එහෙම උනාට අක්කලා හොඳ ළමයි

      Delete