Tuesday, December 17, 2013

ගිම් වෙතය....

කොහොමද ඉතින් පටන් ගන්නේ කොයි කාලෙන්ද ? හරි මතක් උනා ඒ 2005 අවුරුද්ද. කියාස් වෙච්ච මන් හිටියේ 7 වසරේ පන්තියක. අන්න ඒ පන්තියේ කියාස් ගේ යාලුවා උනේ වෙන කවුරුවත් නෙමෙයි ඒ තමා ගිම්. ඔන්න දැන් ඉතින් කියන්න යන්නේ ගිම් ගැන.

කියලා වැඩක් නෑ ඒ කාලෙනම් කියාස් ටම හරියන යාලුවෙක් නෑ ඒ කිව්වේ ඉතින් දෙන්නම එකම බෝට්ටුවේ කියන එක තමයි. ඒ කියන්නේ ආයේ සෙල්ලමම තමයි වෙන දෙයක් ඔලුවේ නෑ. ගෙදර වැඩ දුන්නත් කරන්නේ නෑ ඇත්තටම ඒ කාලේ ඉස්කෝලේ ආවේ සෙල්ලම් කරන්නද කොහෙද. ඉතින් අපේ පංති භාරව හිටියේ ඉංග්‍රීසි උගන්නන මිස් කෙනෙක් ඇත්තටම එයා මෙනෙවියක්. මාර නීට් එකට වැඩ කරන කෙනෙක් ඒ කිව්වේ ඉතින් අපි පැවරුම් කරලා දෙන කොළ ටිකත් ගෙදර ගිහින් බලලා අයන් කරලා තමයි ආපහු ගෙනත් දෙන්නේ. ආ කතාවෙන් පිට පැන්නා! මන් මේ කියන්න ගියේ පන්ති භාරව හිටපු නිසා අපිට ඉතින් හැමදාම උදේ පාන්දර ඉංග්‍රීසි හප්පේ කියල වැඩක් නෑ අපි දෙන්නට නම් පෙන්නන්නම බැරි උනා.

ඒත් ඔන්න තුන් වෙනි වාරේ අවසානේ වගේ වෙනකොට ඉතින් කාට කාටත් පේනවා වගේ අපි දෙන්නටත් තාරකා ග්‍රහ වස්තු පෙන්න පටන් අරගෙන තිබුනේ.  ඒ අස්සේ මේ ලෝක පුජිත ගිම් විසින් ප්‍රකාශයක් ඉදිරිපත් කළා " කරන්න දෙයක් නෑ රුවා මිස් කලේ අපිට ධාන්‍ය දුන්න එක, අපි තමයි ඒක වපුරලා අස්වැන්න නෙලාගන්න ඕනේ, දැන් ඉතින් පරක්කු වැඩියි"

හප්පේ එදා මගේ ඇස් දෙක නළලේ තියෙන්න ඇති ඒ ප්‍රකාශෙන් පස්සේ ( හරියටම බලාගන්න කන්නාඩියක් තිබුනේ නෑ නේ ). ඔන්න ඔහොම පණ්ඩිතකම ගෑවිලා තිබුනලු පොඩ්ඩා කාලේ ඉදලම ;)

ඉතින් මොනවා උනත් අපි 7 වසරේදී පොඩි කොන්සර්ට් එකකුත් කළා ලු. ආයේ කියල වැඩක් නෑ ඉතින් මොකද ඒ කාලේ රඟපාන පිස්සුවකුත් තිබුනනේ. ඉතින්න් ඊට පස්සේ ඔහොම කාලේ ගෙවිලා ගෙවිලා ගියා කියමුකෝ අපි ආයෙත් හම්බ උනේ 9 වසරේදී. ඒ කාලෙත් ඉතින් එහෙම්මම තමයි මතකද දන්නෙත් නෑ ටර්ම් ටෙස්ට් එකේදී ඒ කොනේ ඉදන් මේ කොනට කෑ ගහලා ඇහුවා කව්ද බන් නරිබෑනා ලිව්වේ කියල.

ආයෙත් හම්බුනේ 10 වසරේදී ඒ කියාස් ගේ යාලුවා වෙච්ච ඉරුවා ගේ මාර්ගෙන්. ඔන්න අපි ආයෙත් එකට. ඒ  එකම පන්තියේ නොවුනට සබ්ජෙක්ට් දෙකකදී හම්බ උනා.

එතනදිත් ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑ 7 වසරේදී වගේම තමයි. ඒ පුරවැසි වලදී. මොකද අපිට මුල් කාලේ හිටපු මිස් විශ්‍රාම ගත්තට පස්සේ අපිට උගන්නන්න ආපු මිස් කලේ නිදාගත්ත එක. ඔක්කොටම වැඩිය අපිට කිව්ව එකම දේ තමයි " මන් ඩිග්‍රී එක ගත්තේ පේරාදෙණියෙන් "

අපි ඡන්ද වියාපාරයක් කළා :) පාන් වල මිළ අඩු කරන්න කෑගහපු හැටි. ඡන්ද පත්‍රිකා  බෙදන්න ගිහින් පක්ෂ වලි දාගත්ත හැටි අමතක කරන්න බැරි මතක.

ඉතින් අපේ ගිම් තව සබ්ජෙක්ට් එකකදී හම්බ උනා කිව්වනේ ඒකත් ඉතින් මරු. ඒ ලෙවල් කාලෙත් ඒකටම ආවනේ ඉතින් මතකද පිස්සි වගේ නට නට ඇවිත් පුටුවෙන් ඉදගන්න ගිහින් ලෙස්සලා වැටුන හැටි?
තව අර වර්ක්ෂොප් එකේ ඉතුරු වෙච්ච සැන්ඩ්විච් කාලා අන්තිමට මට වග කියන්න උන හැටි ( යකෝ මට කෑල්ලක් වත් දුන්නේ නෑ තොපි)

ඉතින් ඔයින් මෙයින් ඉස්කෝලේ කාලෙත් ඉවර උනා. ඒත් යාළුකම ඉවර උනේ නෑ වෙන අය වගේ... තාමත් අපි යාළුවො. ඉරුවගේ බර්ත්ඩේ එක දවසේදී ආයෙත් හම්බුනා...

ඊට පස්සේ මන් ඉස්කෝලේ වැඩකට දවස් තුනක නිවාඩුවක් දාලා නොවැම්බර් 30 ගෙදර ආපු වෙලාවේ ගිම් මට කෝල් කරලා තිබුනා. ඉතින් මන් මොකද දන්නේ නෑ කියල මන් ආයේ ගත්තා.

මම- ගිම් මොකෝ කෝල් කරලා තිබුනේ
ගිම්- අනේ බන් මන් මේ කෝල් කලේ පොඩි දෙයක් කියන්න දැන් කොහෙද ගෙදරද ඉන්නේ?
මම- ඔව් මන් ගෙදර ආවා
ගිම් - ශා මරුනේ මන් මේ කතා කරන්න හැදුවේ ඔයා  එහෙ හිටියත් මන් මේක කියන්න ඕනේ. දැන් ඉතින් ගෙදර ඇවිත්නේ ඒ නිසා අනිවා මගේ බර්ත්ඩේ එකට අපේ ගෙදර එන්න ඕනේ හෙට හවස.
මම- ආ... හරි අනිවා මම එනවා

ඔන්න ඔහොම තමයි සංවාදේ සිද්ද උනේ.. ඒත් මට යන්න බැරි උනා. හේතු ගොඩක් එක්ක. ගිම් ට වැඩිය මට හිතට අමාරුයි ගිම්. මොනවා උනත් මගේ යාලුවනේ. හැමදේටම හිටියා. හිතුවේ නැති වෙලාවක හරි අපේ ගෙදරත් ආවනේ මන් 11 වසරේදී. මතකද?

පරක්කු වෙලා තමයි ඒත් කියන්නම ඕනේ

සුබ උපන්දිනයක් වේවා ගිම් .......



ගිම් චොක්ලට් කේක් කන්න කැමති නෑ :)




6 comments:

  1. සුබම සුබ උපන් දිනයක් එයාට පැතුවා කියන්න ....

    මේ කියද්දී තවත් කතාවක් මතක් උනා මට .........

    කියස්ගේ උපන් දිනේ කවද්ද ......?

    ReplyDelete
    Replies
    1. එයා අනිවා මේක බලනවා මාත් කියන්නම්කො :)

      මොකක්ද මතක් උනේ?

      ආ මගේ පහු උනා මැයි මාසේ

      Delete
    2. මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් හිටියා ඉස්සර.. එයාගේ උපන් දිනේ ඇහුවම එයා කිව්වේ දෙසැම්බර් 08 කියලා.. ඒත් පස්සේ දැනගත්තා එයාගේ උපන් දිනේ දෙසැම්බර් 17 හෝ 18 කියලා...පස්සේ කාලෙක එයා මගේ පෙම්වතිය උනා..ඒත් මට කවදාවත් එයාගේ ඇත්ත උපන් දිනේ මතක් හිටියේ නැහැ.. අද වෙද්දී නම් එයා නැහැ මා ළඟ... ඇය දැන් ගණකාධිකාරිවරියක්. මීට වසර 3 කට පමණ පෙර අහම්බෙන් ඇයව දැක්කා. ඉන්පසු දැක නැහැ.

      Delete
    3. හ්ම්ම් පුදුමයි නේද සමහර අයට මුණ දෙන්න වෙන සිදුවීම් ?

      Delete
  2. ඔන්න එහෙනම් එයාට සුභ පතුව කියන්න ඈ.. කෝ කේක්...

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් :)
      මටත් කේක් හම්බුනේ නෑ නේ

      Delete