Wednesday, August 21, 2013

හොඳම යාළුවා......





ඒ අපගේ මිතුදමයි..... කලක සිටම පැවති සුහද මිතුදමයි....

ඔව් බොහෝ කලකපටන් පැවති මිතුදමයි ....

එහෙත් කාලයත් එක්කමද කියන්න මන් දන්නෙත් නෑ මගේ හිතේ එයා ගැන යාලුවෙක්ට වඩා හැගීමක් ඇති උනේ ඇයිද කියන්න. අපි රෑට එකට පාඩම් කළා. එකට දහම් පාසල් ගියා.

අපේ යාළුකම එහෙමයි ගෙවුනේ .... අපි ඒ ලෙවල් කළා පාස් උනා අපි තාමත් යාළුවො....

ටික කාලයක් යනකොට එයා කෙනෙක්ට ආදරේ කළා.... හොඳම යාළුවා වෙච්ච මට තමයි එයාගේ හිත ගිය කෙනා ගැන කිව්වේ... මට එතකොට දැනිච්ච හැගීම තාමත් වචන වලට හරවන්න බෑ... ඔව් කවදාවත්ම බැරිවෙයි... මන් උදව් කළා එයාගේ ආදරේට ලං වෙන්න.

 මෙයා එයාට ආදරෙයි කිව්වා.. එයත් මෙයාට  ආදරෙයි කිව්වා...

ඒත් මගේ ආදරේ තාම මගේ හිත ඇතුලේ.... මන් හිතුවේ මන් එයාගෙන් අහන එක එච්චර හරි නෑ කියල. කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ඉස්සෙල්ලම ආදරේ ගැන අහන එක වැරදියි කියල මන් හිතුවා. ඒ නිසාම එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙනකන්ම මන් බලන් හිටියා. මන් තාමත් එයාගේ හොඳම යාළුවා.

එයා මාව එයාගේ ආදරේ ට අදුන්වලා දුන්නා

“ මේ මගේ හොඳම යාළුවා.... “

ඔව් එදා එහෙම තමයි කිව්වේ මන් එයාගේ ආදරෙත් එක්ක හිනා උනා. මගේ හිතේ තාමත් එයා ගැන ආදරේ තියාගෙන එයාගේ ආදරෙත් එක්ක මන් හිනා උනා.

“ඔයාගේ හොඳම යාළුවා නම් මෙයා මගෙත් හොඳම යාළුවා...”

එයාගේ ආදරේ එහෙම කිව්වා...

අපි හොඳම යාළුවො උනා ඔව් දැන් යාළුවො තුන් දෙනයි. 
ආදරවන්තයෝ දෙන්නයි ඒ දෙන්නගේ හොඳම යාළුවා උන මමයි.

අපි හැමතැනම ගියේ එකට. එයාගේ උපන්දිනේට තෑගී ගන්නකොට එයාගේ ආදරේ මට කෝල් කරලා කියනවා මටත් එන්න කියල. ඉතින් මාත් යනවා. එයා කැමති අකමැති ඒවා මතක් කරලා අන්තිමට ලස්සන තෑග්ගක් ගන්න හොඳම යාළුවා වෙච්ච මම උදව් කරනවා.

ඔව් මට මතකයි එක සැරයක් එයාගේ ආදරෙත් එක්ක ගියා එයාගේ උපන්දිනෙකට තෑග්ගක් ගන්න. ඒ එයාගේ ආදරේ එයාගේ උපන්දිනේට දෙන පලවෙනි උපන්දින තෑග්ග.


හොඳම යාළුවා වෙච්ච මමයි තෑග්ග තෝරලා දුන්නේ. එයා ආසයි ඉර බහින හැන්දෑවට මුහුදු වෙරළකට ගිහින් ගලක් උඩ ඉඳගෙන සිතිජ ඉම දිහා බලාගෙන ඉන්න. මන් තෝරලා දුන්නේ අන්න ඒ වගේ දර්ශනයක් තියෙන පින්තුරයක්. 


එදා හවස එයා මට කතා කළා...

“ ඒ බලන්නකෝ අරයා මට දුන්න තෑග්ග මොකක්ද දන්නවද?...”

“නෑ ...නේ ... මොකක්ද දුන්නේ? .....”

“ පොඩ්ඩක් හිතලා කියනවා හලෝ.....”

“ ම්ම්ම්ම්.... අනේමන්දා හිතාගන්න බෑ...”

“ හපෝ වැඩක් නෑ.... ඔයා දන්නවා නේද අර මන් හවසට බීච් එකට යන්න ආසයි කියල...?”

“ ආ ඔව් ඉතින් ඔයා එක්ක එයා බීච් එකට ගියාද....?”

“ පිස්සුද  ... එයා මට ඒ වගේ පේන්ටින් එක දුන්නා හලෝ මාරම මාර ලස්සනයි.... මන් ඒක මගේ රූම් එකේ එල්ලගත්තා.... ඉන්නවකෝ මන් එකේ එම්.එම්. එස් එකක් එවන්නම්....”

“ නෑ එපා... මට හිතාගන්න පුලුවන් ඒක ලස්සන ඇති... ඔය ලේසියෙන් දේකට  ලස්සනයි කියන කෙනෙක් නෙමෙයිනේ... “

එසේ කියා මම සිනාසුනෙමි... ඔහුද මා සමග සිනාසුනි.

කාලය ගතවිය ඔවුන්ගේ ආදරයද පැවතින. තවමත් මා හොඳම යාළුවා  විය.

එක් දිනක් ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

“ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද....?”

“ ඔව් පුළුවන් ප්‍රශ්නයක් නෑ කියන්න....”

“එයා මාව දාලා ගියා .... මට තේරුම් ගන්න බෑ ඇයි මට එහෙම කලේ කියල....”

“මොකක්ද කිව්වේ? දාලා ගියා...? ඇයි මොකද උනේ කියන්න මට...?”

“ මේ අපේ සම්බන්දෙ නැවැත්තුවා අදින් පස්සේ එයා මන් ළඟ නෑ... යාලුවේ.....?"

 මම මුකුත් කියන්න ගියේ නෑ එයා කියපු හැමදේම අහගෙන හිටියා ඇත්තටම එයාටත් ඕන කලේ එයා කියන දේවල් අහන ඉන්න කෙනෙක් මිසක් උපදෙස් දෙන්න කෙනෙක් නෙමෙයි කියන එකත් එයාගේ හොඳම යාළුවා වෙච්ච මං දැනගෙන හිටියා.

තවත් ටික කාලයක් ගෙවිලා ගියා අපි තාමත් යාළුවො ....

එයා පේරාදෙණි  කැම්පස් සිලෙක්ට් උනා. මටත් කැම්පස් යන්න ඕනෙකමයි සුදුසුකමයි දෙකම තිබුනට ගෙදරින් කැමැත්තක් තිබුනේ නෑ. ඉතින් මං ආයෙත් එයාගෙන් දුරස් වෙන්නද යන්නේ?

ඉස්සර ඔයාගේ ආදරෙත් තිබුන දවස් වල අපි තුන්දෙනාම ඕපන් යුනිවර්සිටි එකට ගියා මතකද? එහෙදී එහෙන් මෙහෙන් තිබුන රොබරෝසියා මල් ගස් වල මලක් දෙකක් වැටිලා තියෙනකොට ඔයයි ඔයාගේ ආදරෙයි එතන වාදී වෙලා කතා කර කර ඉන්න ටිකක් නතර උනා. මම ඔය දෙන්නට නිදහසේ කතා කරගන්න දීලා බස් හෝල්ට් එකට ඇවිත් ඔය දෙන්නා එනකම් බලන් හිටියා. 


මෙහෙ වගේ නෙමෙයි පේරාදෙණියේ රොබරෝසියා මල් ඕනේ තරම් තියෙනවා. මල් පිපෙන කාලෙට මුළු පරිසරේම රෝස පාට වෙනවා ඇති. ඒ පාරවල් දිගේ ඔයා තනියම ටික කාලයක් ඇවිදගෙන යයි ඒත් හැමදාටම එහෙම වෙන එකක් නෑ... ඔයත් එක්ක අත් අල්ලගෙන යන්න ලස්සන මලක් වගේ කෙනෙක් ඔයාට එහෙදි මුණගැහෙයි. එතකොට මාව එයාට ඔයා ඉස්සර වගේ අදුන්වලා දෙයි ද? “ මේ මගේ හොඳම යාළුවා....” කියල?

සමහරක් විට එහෙම අදුන්වලා දෙන එකක් නෑ .... අපි දැන් ගොඩක් දුරස් නිසා .. ඒ කිව්වේ ඔයා පේරාදෙණියේ මම මෙහෙ.

මට මැසේජ් එකක් ඇවිත් ....

“ මේ මන් හෙට උදේම මෙහෙන් පිටත් වෙනවා.....මං ගියාම ඔයාට විස්තර කියන්නම්කො... තෙරුවන් සරණයි!....”

එයා එහෙම කියලා තිබුනා .......

හ්ම්ම්.... මොනවා උනත් මම ඔයාගේ හොඳම යාළුවා. 



40 comments:

  1. ප්‍රබන්ධයක්.. නමුත් පෞද්ගලි අත්දැකීමක සෙවනැලි පේනවා

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම ප්‍රබන්ධයක් ........

      Delete
  2. Replies
    1. හ්ම්ම් කියල කියන එකෙත් හුගක් තේරුම් තියෙනවා වගේ

      Delete
  3. යාලුවොන්ට ආදරවන්තයෝ වෙන්න බැරිද..?

    ReplyDelete
  4. කියාගන්න බෑ අමාරුවෙන් කියාගත්ත කතා ඔක්කොගෙනම මගේ ප්‍රියතම එක මේක.

    ReplyDelete
    Replies
    1. මන් ආසම කමෙන්ට් එක මේක .... :)

      Delete
    2. හෙන්රි මෙයාගේ අලුත් නම කියාස්, එක දන්නේ නැතිද?

      Delete
  5. අම්මෝ..සිරාවටම ඔහොම උනාම දැනෙන හැගීම කොහොමද?
    මට නිකන් ලාවට වගේ ඒක දැනුනා කියෝනකොට.
    පපුව හාරගෙන යනවා හලෝ!

    සිරාවටම ලියලා ඈ... සුපිරි

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ හැඟීම පපුව හාරලා දානවා වගේ හැඟීමක් තමයි රජෝ... ඒක ලේසියෙන් නැති වෙන හැඟීමකුත් නෙවෙයි...

      Delete
    2. ලාවට හරි දැනුනා නම් හොඳයි
      දැනෙන්න තමයි ලිව්වේ. තැන්කූ වේවා :)

      Delete
  6. ඒ හැඟීම මට නං මෙහෙම දැනෙයි...

    මං නං හිතන්නේ හුළඟ අයිස් වගේ හීතල වෙලා නවතියි කියල..
    සහරාව මැද්දෙ ඉන්නව වගේ නළලටයි, තොල් උඩටයි දාඩිය දාලා පිට දිගේ දාඩිය වැක්කෙරෙන්න ගනී කියල...
    මුහුදු රැල්ල පාගගෙන ඉන්නකොට රැල්ල ආපහු මුහුදට ඇඳිලා යන‌ෙකාට පොළව හෙල්ලෙනව දැනෙන්නෙ.. අන්න ඒ වගේ පොළව හෙල්ලෙයි කියල...
    හුස්ම ගන්න අමතක වෙලා හාට් බීට් එක ස්කිප් කරයි කියල..
    ඒ ඔක්කොම අස්සෙ ජීවිතේ අතාරින්න හිතෙයි කියල...
    ඒත් අතාරින්න බැරි ඇස් දෙකක් හින්දා ජීවිතේ තව ටිකක් තද කරලා අල්ලගන්න හිතෙයි කියල...
    ඒ තවමත් පුංචිම පුංචි බලාපොරොත්තුවක් හිතේ තියෙන හින්දා කියල....

    ReplyDelete
    Replies
    1. මාරයි අක්කියෝ මේ ටික කියවගෙන යද්දී මට ඔය ඔක්කොම උනා වගේ දැනුනේ

      Delete
  7. ඇත්ත්ටම නියෙමෙට ලියල තියනව කියෝ... කියල වැඩක් නෑ... බොක්කටම වදිනව... යාලුවො වෙන් වෙද්දි දැනෙන හැගීම කියල නිම කරන්න බෑ කියෝ... අත්දැකීමෙන් හා පළපුරුද්දෙන් කියන්නෙ....ඒ අපි යාලුවන්ට ආදරය කරන නිසා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතින් කියන්නේ ...........

      Delete
  8. හදවතට ම දැනුනා, කියාස්. හොඳම යාළුවා වෙන කෙනෙක්ට ආදරේ කරන එක . . . ඒක දුක්බර හැඟීමක්. ප්‍රබන්ධයක් වුණත් හරි ම ලස්සණට ගළපලා තියෙනවා. හ්ම්ම්, පොඩි කාලේ මගෙත් හොඳ ම යාළුවා කොල්ලෙක්. අදටත් ඒ යාළුකම තියෙනවා යාළුකමක් විදියට ම!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි ...... මටනම් එහෙම යාලුවෙක් ඉදලා නෑ ඇත්තම කිව්වොත් තාමත් නෑ නේ :/

      Delete
  9. මට දැනිලා තියෙනවා. මට එයා ආදරේයි කියලාත් මට කියාගන්න බැරි වුනා.
    දැන්නම් ඉතින් මට ගැලපෙන කෙනා ලැබිලානේ ඉන්නෙ.
    මගේ යාළුවා නම් සුද්දියෝ පිරිවරාගෙන ඉන්නවා ඇමරිකාවට වෙලා. :)

    ReplyDelete
    Replies
    1. එහෙම කියාගන්න බැරි උන එකත් හොඳට ගියානේ
      දැන් ඔය ගැලපෙනම කෙනා හම්බවෙලා ඉන්නේ :)

      Delete
  10. මටනං හොදම යාළුවෝ කෙල්ලෝ ඉදලා නෑ..
    මොකෝ මං කයිවාරු ගැහුවට කෙල්ලොත් එක්ක වැඩි කතා බහක් නෑ...
    හැබැයි කිව්වත් වගේ මේක දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. මටත් ඔය පලවෙනි පේලි දෙක අදාලයි මටත් හොඳම යාළුවා කියල කොල්ලෙක් ඉදලා නෑ
      ඒ උනාට මට හිතුනා මෙහෙම එකක් ලියන්න මොකද මන්දා ඉතින්

      Delete
  11. හිතේ තියෙන ආදරේ නම් කවදාවත් හංගන් ඉන්න හොඳ නැහැ.. කොහොම හරි කියන්න ඕනේ..අඩුම තරමේ මෙහෙම හරි..

    " මම දන්නේ නැහැ ඔයා මට කැමතිද , ඔයාට මාව ගැලපෙනවද කියලා . ඒත් මම ඔයා ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. හොඳට හිතලා මට උත්තරයක් දෙන්න. මේ මොනවා උනත් අපි අතර තියෙන හිතවත් කම නැති කරගන්න එපා "

    ඔන්න මම කිව්වා මගේ හිතේ තියෙන දේ ..

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න කෙල්ලෙක් ඉස්සර වෙන්න හදන්නේ නෑ නේ? ඉතින් හැබැයි දැන් ඉන්න සමහර කෙල්ලෝ නම් එහෙම නෑ

      Delete
  12. මටත් තවම එහෙම යළුවෙක් ලැබුණේ නැ

    ReplyDelete
    Replies
    1. එහෙම යාලුවෙක් කිව්වේ? කොහොම යාලුවෙක් ද?

      Delete
  13. කෙල්ලක් ඉස්සර උනාම මොකද්ද තියන වැරැද්ද? සාමාන්‍යයෙන් අනිත්පැත්ත සිදුවුනත් එහෙම උනා කියල වරදක් නෑ. ඕනවට වැඩිය හිතන්න ගියොත් අවුල්. [හෑ! මේක ප්‍රබන්ධයක් නං මම කරන්නෙත් ඒක නේද?]

    ReplyDelete
    Replies
    1. දන්නැද්ද කෙල්ලෙක් මුලින්ම ඇහුවාම තියෙන ඒවා :/ එක එක මත තියෙනවනේ
      ( මේක ප්‍රබන්ධයක් නම් ඔයා මොකද කරනවා කිව්වේ? o.O)

      Delete
  14. හොඳම යාළුවා විරුද්ධ ලිංගිකයෙක් වෙන එක හෙන රිස්ක් එකක්.

    යාළුකමට එහා ගිය, ආදරයේ සීමාව නොයික්මවපු බැඳීමට නමක් නෑ... අන්න ඒකයි අවුල

    ReplyDelete
    Replies
    1. අන්න ඔය දෙක තමයි අවුල හ්ම්ම්

      Delete
  15. අද තමා මේ පැත්තට මුලින්ම ආවෙ. ඇත්තටම හිතට දැනෙන පෝස්ට් එකක්. කියවගෙන යද්දිනම් ප්‍රබන්දයක් කියල හිතාගන්න බැරි උනා. කියාගන්න බෑ, කියගන්න බැරිඋන දේ කිව්ව වගෙයි මටනම් දැනුනෙ. මගෙනම් ගැහැණු යාළුවො ගොඩක් ඉන්නව. සමහරක් උන් හෙන ෆිට් උන්ගෙ කොල්ල බැන්නත් කියන උන් ඉන්නව. ඒ ෆිට් එක ඉස්කොලෙ සාමාන්‍ය පෙළ පන්තියෙදි ඇති වෙච්ච එකක්.

    ඇත්තටම ප්‍රභන්දයක් විතරක්මද?

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් වෙලාවක කියවන්නම්. බ්ලොග් ආර්චිව් එක එල්ලුවනම් පිළිවෙලකටම කියවන්න තිබුන.

      Delete
    2. බොහොම සතුටුයි මේ පැත්තට ආවට.
      කියාගන්න බෑ ට නම් එච්චරම හොඳ යාලුවෙක් නෑ තාම...

      ඔව් ප්‍රබන්ධයක් විතරමයි :)

      හොඳයි හොඳයි නිවාඩු වෙලාවක ඇවිත් කියවල බලලා හොඳ නරක කියන්නකෝ... අදහස හොඳයි මන් එල්ලන්න බලන්නම්

      Delete
  16. හිතට දැනෙන නිර්මාණයක්! කෙල්ලෙක් ආදරේ මුලින්ම කියන්න මැලිවෙනවා..ඒ එයා ගැන වැරදියට හිතාවි කියලා...ඒත් විය යුත්තේ ඒක නෙවෙයි..නමුත් වෙන්නේ හැමවිටම ඒකම තමයි

    ReplyDelete
    Replies
    1. එක තමයි හැම වෙලාවෙම වෙන්නේ විය යුත්තම නෙමෙයි

      මේ පැත්තේ ආවට ස්තුතියි :)

      Delete
  17. මේක නම් නිකම්ම නිකං කතාවක් විතරයි කියල "කිබෑ" ඔළුවෙන් හිටගෙන කිව්වත්, හන්තානෙන් බිමට පනිනව කිව්වත් මං නම් පිලිගන්නෙ නෑ නෑ නෑමයි :)

    මං නම් ඔය කෙල්ලොන්ගෙන් ආපහු කැමැත්ත අහන්නෙ නෑ.. ඕන එකියෙක් ඉන්නව නම් මගෙන් ඇවිත් අහන්න කියනව.. මං පොඩ්ඩක් ගණන් උස්සන්න එපැයි :P කවුරුවත් ඇවිත් ඇහුවෙ නැතොත් අම්මට කියනව එකක් හොයල දෙන්න කියල.. පොඩි කාලෙත් අම්මට හොඳම දේ ගෙනත් දුන්නනෙ :)

    ReplyDelete
    Replies
    1. හරි ඉතින් ඔච්චර කෑගහන්න එපා අප්පා ;)


      හිකිස් අන්න වැඩේ ඒ උනාට දැන් ඉතින් ඔයාට එක්කෙනෙක් ඉන්නවනේ :P

      Delete
  18. ඔක කියල තියෙන ටිකත් නෑතිවෙයිද කියල තමයි ගොඩාක් වෙලාවට පිරිමි පෑත්තෙන් ඔව හිර වෙන්නෙ.අදමද මන්ද මෙ පෑත්තෙ අවෙ.ලස්සනයි ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. පිරිමි පැත්තෙන් ද හිට වෙන්නේ එහෙන කියන්න ගිහින්?

      බොහොම ස්තුතියි ආයේ එන්න මේ පැත්තේ

      Delete