Sunday, August 11, 2013

හඳයා....


කියාගන්න බෑ ගේ යාළුවො ගැන කිව්වොත් එහෙම එකී මෙකී නොකී කියාගන්න බැරි ඔක්කොම ජාතියේ යාළුවො ඉන්නවා එයින් එක්කෙනෙක් ගැන කියන්න ඕනේ කියල කියාගන්න බෑ ට හිතුනේ ඉස්කෝලේ කාලේ ගැන කල්පනා සාගරයේ ගිලි ගිලී  නාමින් ඉන්න වෙලාවක තමයි. මේ අතිජාත මිත්‍රයා කවදාවත් කියාගන්න බෑ ගේ බ්ලොග් පිටුව පැත්තේ එන්නේ නෑ, ආවොත් ඉතින් මේ කියාගන්න බෑ විනාඩි 10ක් ඇතුලත වගේ හොදවයින්ම ටිකක් අහගන්නවා කියන එකනම් අමුලික ඇත්තක් වෙනවා අනිවා ඔව් මේ කකා ඉන්න බිස්කට් කෑල්ල පල්ලා :P

මෙන්න මෙහෙමයි ඉතින් පටන් ගන්නේ (  කියාගන්න බෑ කියන නම දිග වැඩියි ලු ඉතින් අද සිට “කියාස්”  කියලවත් කියනවා. බෑ අප්පා මේ වැඩ අස්සේ වෙන නම් මතක් වෙන්නේ නෑ )

ඔන්න කියාස්ලා ගේ පවුල පිටින්ම මව් තුමියගේ රාජකාරියේ හැටියට ස්ථාන මාරු හම්බවෙලා අලුත්ම පැත්තකට ගියාලු පදිංචියට. ඉතින් මේ ඒ කාලේ පොඩ්ඩා වගේ හිටපු පුංචි කියාස්ව ඉස්කෝලේ යවන්න ඉස්කූල් වෑන් එකක් හොයලා ඒකට දැම්මා කියමුකෝ. එන එතකොට තමයි මේ අතිජාත මිත්‍රයව හම්බවෙන්නේ. අපි අතිජාත මිත්‍රයව හඳයා කියලා තමයි ඉතින් ඒ කාලේ ඉදන්ම වෑන් නාමලේඛනයේ රෙජිස්ටර් කොරලා තිබුනේ. වැඩේ කියන්නේ හඳයායි කියාසුයි එකම වයසේ එකම ඉස්කෝලෙට තමයි යන්නේ.

ඔන්න ඉතින් මේ පොඩි කියාස් පැටියා වෑන් එකට අලුතෙන් ආපු මුල් කාලේ වෙනකොට හඳයා නම් පැරණි සාමාජිකයෙක්. ඉතින් කියාස් පැටියා වැඩි කතාවක් බහක් නෑ තැන්පත් ශාන්ත පොඩ්ඩෙක් වගේ උදේට කතා පොතක් අරන් වෑන් එකට නගිනවා ඒකම කියවනවා ඉස්කෝලේ ලඟින් බහිනකම්ම. දවල්ටත් එහෙමයි. ඉතින් ඔය ක්‍රියාපිළිවෙත ටික කාලයක් යනකොට වෙනස් වෙලා වෑන් එක දෙවනත් කරන කටවල් ගොඩට කියාස් පැටියාත්  වැටුනා කියමුකෝ. එකේ ප්‍රතිපලයක් විදිහට අපේ වෑන් අන්කල් රේඩියෝ එක දාන එක නැවැත්තුවා.

ඇයි හත්තිලව්වේ මේ කටවල් ටිකෙන් කියවන දේවල් එක්ක තව රේඩියෝ එකකුත් අහන්න පුළුවනැයි?

එහෙම වෙන්න ටිකක් කලින් රේඩියෝ එක සම්බන්ධ වෙච්ච පොඩි සිද්ධි දෙක තුනක් උනේ නැතුවම නෙමෙයි. ඔන්න දවසක් ඉස්කෝලේ ඇරිලා වෑන් එකේ එන වෙලාවක ලංකාවයි පකිස්ථානෙයි ගහන මැච් එකක විස්තර අහනගමන් නුගේගොඩ හංදියේ ට්‍රැෆික් එකට හිරවෙලා හිටියේ. මැච් එකේ අන්තිම වගේ මහා තීරණාත්මක වෙලාවක ගිනිමද්දහනේ දාඩිය පිහදාන ගමන් හැමෝම මැච් එක අහනවා ඔන්න එතකොටම වගේ නිවේදකයා

“ ඔව් හයේ පහරක්.........”

හඳයා සහ කියාස්

“ හුරේ ..... හයායි....”

වැඩිය කෑගැහුවේ නෑලු ඉතින් ට්‍රැෆික් එක වෙලාවේ වෑන් එක වටේට තිබුන වාහන වල ඔක්කොම ඔලුව කරකවලා බැලුවේ අපේ වෑන් එක දිහාවලු.

එදා ඉදන් අපේ වෑන් අන්කල් මැච් එක තියෙන දවස් වලට රේඩියෝ එක දැම්මේ නෑ ............

ඔන්න ඒ කාලේ ඒ  මොකක්ද රේඩියෝ චැනල් එකක ගිනි මද්දහනේ වැලපෙන අඩන හොටු පෙරාගෙන අඩන ගුවන් විදුලි නාට්ටියක් යනවා. දන්නවනේ ඉතින් කොහොමද නාට්ටිය යන්නේ කියල. නාට්ටිය යනවා ඊට පස්සේ සින්දුවක් දෙනවා , ආයේ නාට්ටිය ආයේ සින්දුවක්, ඔය අතරේ ඉතින් සින්දුවක් ගියාට පස්සේ නාට්ටිය පටන් ගන්නකොට හිතට මොකක්ද වෙලා යන මියුසික් එකක් එක්ක නාට්ටියේ නම කියනවා. ඔන්න එතැනදී තමයි මෙහෙම වෙන්නේ.

හඳයා සහ කියාස් අතින් මේ නාට්ටියේ නම සංස්කරණයට ලක් වෙලා අර හිතට මොකක්ද වෙලා යන මියුසික් එකත් එක්කම නාට්ටියේ නම කියවෙන හැම වෙලාවේම සංස්කරණයට ලක් වෙච්ච නම කියවෙනවලු.

“කුණුගොඩක් සේ ආදරේ.....”

ටික කාලයක් යනකොට මේ නම අහගෙන ඉන්න බැරිකමටද කොහෙද අපේ වෑන් අංකල් විසින් තමන්ගේ ප්‍රියතම ගුවන්විදුලි නාට්ටිය රසවිදීම සම්පුර්ණයෙන්ම අත්හිටවන ලදී ලු.

ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට වෑන් එකේ අපේ වයසේ කට්ටිය ටිකක් වැඩි උනා. එතකොට ඉතින් වෙලාවකට මරාගන්නවා සමහරක් දේවල් වලට ( දන්නැද්ද ඉතින් හැටිනේ) ආයෙත් නෑ වෙලාවකට හුස්ම හිරවෙන්නම බෙල්ල මිරිකනවා. අපේ හඳයාට කාලයක් සීනා ගේ පිස්සුව හොඳටම තිබ්බ කාලෙක අපේ තව එක්කෙනෙක් කියපි

“ අපෝ මොකාද ඒ නිකම් වැරදිලා හදපු පාන් ගෙඩියක් වගේනේ .......”

ඔන්න ඉතින් හරිනේ

“මොකාද එහෙම කිව්ව පණුවා ....”

දඩාන් බඩාන් ......... ඉස්කූල් බෑග් උඩින් පා වෙනවා

ඔන්න එක පාරටම අපේ වෑන් අන්කලුත් කෑගහනවා බොලේ ! අපි හිතුවේ වෑන් අන්කලුත් සීනාගේ රසිකයෙක් වෙන්ට ඇති කියල හුරේ ජය වේවා කියන්න හිතුවා විතරයි වෙලා තියෙන්නේ වෙන දෙයක්

“ ළමයි වැඩිය දගලන්නේ නැතුව ඉන්නකෝ....”

ඔන්න ඕක තමයි අන්කල් කිව්වේ



තව කොච්චර දේවල් ද ඉතින් කියනවනම්....

විශේෂ දවස් තමයි ඉස්කෝලේ නිවාඩු දෙන දවසට වෑන් එකේ පොඩි පාටිය... කට්ටියගෙන් සල්ලි එකතු කරනව වගේම අංකල්ගෙනුත් කීයක් හරි අනිවා ඉල්ලගන්නවා දවසක් ඔන්න අයිස්ක්‍රීම් ගත්තා. අපේ හඳයාට අමුතුම ආසාවක් ඇවිත් අපි දෙන්නට කියල ගත්තේ අයිස්ක්‍රීම් ලීටර් බාගයක්! හරි ඉතින් ගත්තා කියමුකෝ ඇයි දෙයියනේ මොකෙන්ද කන්නේ? කඩේ අංකල්ගෙන් ඉල්ලගත්තා කියමුකෝ යෝගට් හැදී දෙකක්. එදා නම් ඇති වෙන්නම කෑවා අන්තිමට දියකරලා බිව්වා. 



අපේ හඳයා ගේ පොඩි අවුලක් තියෙනවා මොකක්ද දන්නවද? අපේ හඳයා පොඩ්ඩා කාලේ ඉදන්ම ගණන්කාරයා ඒ කිව්වේ වෙන එකක් නෙමෙයි ටර්ම් ටෙස්ට් එකක් තිබ්බොත් එහෙම සෙක්ෂන් එකෙන්ම වැඩිම ලකුණු ගන්නේ අපේ හඳයා. ඉතින් දෙයියනේ කොච්චර හොඳයි ද මොකක්ද ඒකෙ තියෙන අවුල? අවුල ඉතින් මෙන්න මේකයි අපේ හඳයා ටර්ම් ටෙස්ට් එකේ ගණන් තියෙන දවසට පේපර් එකට ලියලා පේපර් එක ගත්තාම අනිවා අඬනවා මොකද කියනවනම් වෙලාව මදි කියල. ඇයි හත්තිලව්වේ ගණන් හදලම  මොලේ අවුල් වෙලාද කොහෙද ලකුණු දුන්නම හඳයාට 100න් 100යි ආයේ මොනවද.

ඔන්න තව දවසක ඉස්කෝලේ නිවාඩු කාලෙක හඳයා අපේ ගෙදර ආවා දුරු කතර ගෙවාගෙන.( වැඩිම උනොත් ගෙවල් 6ක් පහු කරගෙන එන්න ඇති) ඉතින් අපි දෙන්නා පල්ලෙහා තියෙන වැව පැත්තේ පොඩි රවුමක් ගහන්න කියල ආවා කියමුකෝ මගේ කකුලට මොකක්ද ප්ලාස්ටික් කෑල්ලක් පෑගුනා මොකක්ද මේ කියල  හඳයා ගෙන් අහලා විසිකරන්න හැදුවා විතරයි ඒ මගේ අඩිය කියල හඳයා කෑගහගෙන පැන්නේ නැද්ද දෙන්නම ගිහින් නතර උනේ දොළ පාරට නුලයි දශම පහයි බිංදුවෙන්. බලනකොට හඳයාගේ සෙරෙප්පුවේ අඩිය. 



කොච්චර දේවල් කියල කියන්නද ඉතින් අපේ හඳයා ගැන.... ඔන්න කියාස් එක්ක හඳයා ඕ ලෙවල් පංතියට වැටුනා කියමුකෝ එතකොට ඉතින් ඒ කාලේ පන්තියේ නටපු හැම පිස්සු වැඩකටම ඒ නම ගෑවිලා තිබුනා. ඉංග්‍රීසි භාෂා දිනේට කරපු ෆැෂන් ෂෝ එකනම් ආයේ ඉතින් කියන්න පටන් ගත්තොත් ඉවර කරන්න වෙන්නේ නෑ. තව ඉතින් එක එක වලි තිබුනේ නැතුවමත් නෙමෙයි. ඒ එක්කම කොත්තු එක්ක ජින්ජර්බියර් පාටියක් දාලා කාලා කාලා නැගිටගන්න බැරුව හිටපු වෙලාවල් එහෙම තාමත් මතකයි.

දවසක් ආෆ්ටර් ඉස්කූල් හිටපු දවසක කට්ටිය එක්ක ගියා අයිස්ක්‍රීම් කන්න අපේ හඳයා අයිස්ක්‍රීම් එක කනවා නෙමෙයි නානවා අන්තිමට ඒකෙ ඉතුරු ටිකට වග කියන්න උනේ අහිංසක කියාස් වෙච්ච මට. කමක් නෑ ඉතින් ඊට පස්සේ එතනින් එනකොට එතන තිබ්බ මොකක්ද වයර් එකක් කකුලේ පටලවගෙන කෑලි දෙකටම කඩාගෙන තමයි අපේ හඳයා එතනින් එලියට ආවේ. අපිත් ඉතින් පස්ස නොබලා එන්න ආවේ අලාබ ගෙවන්න අතේ වැඩිපුර සතයක් ඉතුරු වෙලා තිබුනේ නෑ ගානට බස් එකේ යන්න විතරක් සල්ලි තිබුන නිසා.

ඉතින් ඔහොම තමයි ඒ ලෙවල් කරනම්ම යාළුකම තිබුනා කියන්නත් සතුටුයි අපේ හඳයා මෙඩිසින් වලට සිලෙක්ට් උනා. දැන් නම් ඉතින් හම්බවෙන්නේවත් නෑ අප්පා. ඒ උනාට ඉස්සර ඒ මතක හරිම සුන්දරයි...............  



17 comments:

  1. ඉස්සර ඉස්කෝලෙ මතකයන් කවමදාවත් අමතක කරන්න බෑ... කිකාස්... ඒව හැමදාමත් හදවතේ රැදී තියෙනව....මතක් වෙනකොට ඇඩෙනව....

    ReplyDelete
    Replies
    1. කිකාස් කිව්වේ ඒ හිනා උනාද?

      අනේ ඔව් ඇත්තටම ඉස්කෝලේ කාලේ තරම් මතකේ ලොකු ඉඩක් ගන්න වෙන කාලයක් නැති තරම්

      Delete
  2. ආයේ ලියන්න පටන් ගත්තද?? හොදා හොදා/ හැබැයි අනිත් අයගේ ඒවත් බලල “සහජීවනෙන්“ මේ වැඩේ කරගෙන යන්න ඕන. (ඔය සහජීවනය කියන වචනේ මේකට ඈදල දුන්නේ අපේ මාතලං අංකල්)

    ReplyDelete
    Replies
    1. ඔව් ආයෙත් ලියන්න පටන් ගත්තා :)

      "සහජීවනේ" මේ කිව්ව දේ නම් ටිකක් විතර පැහැදිලි උනේ නෑ

      Delete
    2. මේ දේශ් කියන්නේ වටිනා කතාවක් කියාස්. අපි අල්ලපු ගෙදරට ගියොත් තමයි එයාලත් අපේ ගෙදර එන්නේ. එහෙම නැතිව අපි එයාලා එයි කියලා බලාපොරොත්තු වුනොත් වෙන්නේ ටිකෙන් ටික අපි තනි වෙන එකයි.
      අනුන්ගේ කමෙන්ට් එකක් අපේ බ්ලොග් එකේ තියෙනවා දකින්න තියෙන ආසාවම අනිකාටත් තියෙනවා අපේ කමෙන්ට් එකක් එයාලගේ බ්ලොග් එකේ තියෙනවා දකින්න.

      Delete
    3. ඔව් ඔව් ඇත්ත සම්පුර්ණ ඇත්ත... හැබැයි ඉතින් ඉස්සර වගේ බ්ලොග් අවකාශේ රවුම් ගහන්න පුළුවන් කමක් හම්බවෙන්නේ නෑ ආපු ගමන් කරන්නේ මගඇරුණු හිතට අල්ලන බ්ලොග් පෝස්ට් ටික හොය හොයා කියවන එකයි කමෙන්ට් කරන ඒකයි. සහජීවනෙන් ඉන්න ආස කෙනෙක් තමයි මේ මමත් ඒ උනාට සමහර දේවල් නිසා පොඩි පොඩි බාධකත් තියෙනවා.

      Delete
  3. කියාස්.... නියමයි නියමයි මම මුල ඉඳන්ම කිවේ ඔය දේ තමයි, අලුත් නම මරු.

    ReplyDelete
    Replies
    1. හිකිස් ඔය නම ඔලුවට ආපු වෙලාව තමයි මරු

      Delete
    2. එකත් කියන්න බලන්න.

      Delete
    3. මෙහෙමයි උනේ කියාගන්න බෑ ට හෙම්බිරිස්සාවකුයි කැස්සකුයි එක පාර හැදිලා ඉන්න වෙලාවේ කාමරේ දොර අරින්න ගිය වෙලාවක හච්චිමත් එක්ක කැස්සක් ආව කොහොම හරි කියවුනේ "කියාස්" කියල දඩාන් ගාලා දොරේ ඔලුවත් හැප්පුනා.

      Delete
  4. "හඳයා ගේ කතා වස්තුව මෙතෙකින් නිමියේය" ද කියාස්.. :)

    ReplyDelete
    Replies
    1. මන් හිතුවේ මෙතකින් හඳයා ගැන නිමි කරන්න තමයි ඉතින් ^_^

      Delete
  5. 'කියාස් ' හරි නෑ අෆ්ෆා... ඒක නිකං 'හොකෑස් ' වගේනේ....

    මං මේක අන්තිම වෙනකම්ම දැක්කෙ ගඳයා වගේ...කොමෙන්ටු කියෙව්වම තමයි හඳයා දැක්කෙ... වෑන් පාටි නම් අපිත් දානව ඉස්සර.. බීම නානවා...
    කෝ දැං හඳයා ??

    ReplyDelete
    Replies
    1. කි.. බෑ... කියන නම කොහොමද ?

      Delete
    2. එහෙනම් ඉතින් මොකක්ද කියන්නේ?
      හපෝ කණ්නාඩි දාලත් පේන්නේනැද්ද අප්පා?
      හඳයා ඉන්නවා ගෙවල් ළඟ උනාට හම්බවෙන්නේ නම් නෑ එයා තාම කැම්පස් යනෝ
      ආ මේ ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් කොරන්න බෑ නේ මට මොකද ඒ?
      අද යනකොට ඔයාගේ බ්ලොග් එකට යන්නවත් බෑ ඒ මොකද ඒ?

      කි... බෑ කියනකොට නිකම් ඒක උම්බෑ කියනවා වගේනේ :P

      Delete